Eleusine coracana නම් විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන Poaceae කුලයට අයත් කුරක්කන් යනු ඈත අතීතයේ සිටම පැවත එන ගුණයෙන් මෙන්ම රසයෙන් ද අනූන ප්‍රචලිත ධාන්‍ය වර්ගයකි. එනම් දේශීය වශයෙන් ශ්‍රී ලංකාවේ ඕනෑම පළාතක හේන් ගොවිතැන් කිරීමේදී බහුලව වගා කරන කුරක්කන් විදේශීය වශයෙන් දකුණු අප්‍රිකාව, ඉන්දුනීසියාව, ඉන්දියාව වැනි රටවලද බහුලව වගා කරනු ලැබේ. බාල මහළු සෑම දෙනාටම පාහේ ගුණදෙන කුරක්කන් බොහෝ දෙනෙකු විවිධාකාරයට ආහාර සඳහා එක් කර ගනී. එනම් කුරක්කන් පිට්ටු,කුරක්කන් තලප කුරක්කන් කැඳ, කුරක්කන් රොටී ….ආදී වශයෙන් කුරක්කන් ආහාරයට එකතු කර ගත හැකිය.
රසවත් ගුණවත් කුරක්කන් කැඳ සකස් කර ගන්නා ආකාරය.
අවශ්‍ය ද්‍රව්‍ය.

- කුරක්කන් පිටි මේස හැඳි තුනක්
- වතුර කෝප්ප එකක්
- පොල් කිරි කෝප්පයක්
- තලාගත් ඉඟුරු කැබැල්ලක්
- ගම්මිරිස් ස්වල්පයක්
- ලුණු ස්වල්පයක්
කුරක්කන් පිටි අවශ්‍ය ප්‍රමාණයට ගෙන මැටි බඳුනකට දමා වතුර කෝප්ප එකක් මිශ්‍ර කර මද ගින්දරේ හැඳි ගාගන්න. පසුව ඊට ගම්මිරිස් කුඩු තේ හැන්දක් තලා ගත් ඉඟුරු කැබැල්ලක්, එකතු කර තැම්බෙන තුරු හොදින් හැඳි ගා ගන්න. තැම්බුණු පසු පොල් කිරි සහ රස පදමට ලුණු එකතු කර උතුරන තුරු හැඳි ගා ලිපෙන් බා කිතුල් හකුරු කැබැල්ලක් සමග පානය කරන්න.
මෙසේ කැඳ සකස් කර පානය කිරීමෙන් ශරීරගත බොහෝ රෝග සමනය කර ගත හැකිය. ඊට හේතුව කුරක්කන් වල මිනිස් සිරුරට හිතකර බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගු වීමයි. එනම් යකඩ,ප්‍රෝටීන්, මේදය,කැලරි ,තයමින්, කැල්සියම්,පොස්පරස්, කාබෝහයිඩ්‍රේට්, කැරොටීන්, රයිබොප්ලෙවින්, නියසීන්… ආදී පෝෂ්‍ය පදාර්ථ ඒ අතර ප්‍රධානවේ.
කුරක්කන් කැඳ පානයේ ඖෂධීය ගුණ
දියවැඩියාව ඇතිවීම පාලනය කරයි. කුරක්කන් කැඳ පානය භාවිතා කිරීම දියවැඩියා රෝගීන්ට ගුණදායකය. එනම් කුරක්කන් භාවිතා කිරීම මගින් එහි අඩංගු තන්තු රුධිරගත සීනි මට්ටම පාලනය කිරීම සිදු කරනු ලැබේ. එම නිසා බියෙන් සැකෙන් තොරව කුරක්කන් ආහාරයට ගැනීම දියවැඩියා රෝගීන්ට යෝග්‍යවේ.

ශරීරයේ බර පාලනය කරයි.බොහෝ දෙනෙකු අධික ස්ථුලතාවය නිසා පීඩාවට පත්ව තිබේ. එවැනි පුද්ගලයින්ට ශරීරයේ බර පාලනය කර ගැනීමට ආහාරයට එකතු කරගත හැකි ධාන්‍ය විශේෂයක් ලෙස කුරක්කන් හැඳින්විය හැකිය. එනම් කුරක්කන් ආහාරයට ගැනීමෙන් එහි අඩංගු තන්තු ඉක්මනින් කුස පුරවා බඩගිනි ඇතිවීම වළක්වනු ලැබේ.මේ නිසා නිතර නිතර ආහාර ගැනීම අවම වී ශරීරයේ බර පාලනය වීම සිදුවේ.
මලබද්දය අර්ශස් සමනය කරයි. කුරක්කන් කැඳ පානයක් ලෙස හෝ වෙනත් ආහාරයක් ලෙස පිළියෙල කර ආහාරයට ගැනීමෙන් මළ බද්ධය හෙවත් මලපිට කිරීමට අපහසු වීමේ රෝග තත්ත්වය සමනය කරගත හැකිය. එනම් කුරක්කන්වල අඩංගු තන්තු ආහාර ජීර්ණය පහසු කර මල බද්ධය සමනය කිරීම සිදුකරයි. මේ නිසා මලබද්ධය ඇති අවස්ථාවක වයස් භේදයකින් තොරව එම රෝගය සමනය කර ගැනීමට කුරක්කන් ආහාරයට එකතු කර ගැනීම යෝග්‍යවේ.
තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන රෝග සමනය කරයි. තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්වයන් සමනය කිරීම සඳහා කුරක්කන් කැඳ පානය කිරීම ගුණදායකය. එනම් කුරක්කන් වල අඩංගු ඖෂධීය ගුණයන් තයිරොයිඩ් හෝමෝන වර්ධනය කර එවැනි රෝග ඇතිවීමෙන් ආරක්ෂා කරනු ලබයි. ඒ නිසා තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත රෝග තත්ත්වයන් ඇති විටෙක කුරහන් ආහාරයට එක්කර ගැනීම වඩාත් ගුණදායකය.
මාංශපේශී වර්ධනය කරයි.වයස්ගතවීමත් සමඟ හෝ විටමින් ඌනතා මත ඇතිවන මාංශපේෂි දුර්වලතා සමනය කරගැනීමට කුරක්කන් ආහාරයට ගැනීම ගුණදායකය. එනම් කුරක්කන්වල අඩංගු විටමින්,ප්‍රෝටීන්,යකඩ… ආදී පෝෂ්‍ය පදාර්ථ මාංශපේෂි ශක්තිමත් කර මාංශපේෂි දුර්වල වීම වළක්වනු ලබයි.
අස්ථි ශක්තිමත් කරයි.වර්තමානය වන විට බොහෝ දෙනෙකුට පවතින අස්ථි සම්බන්ධ රෝග සමනය කිරීමට කුරක්කන් ආහාරයට ගැනීම යෝග්‍යය වේ. එනම් කුරක්කන් ආහාරයට ගැනීමෙන් කුරක්කන්වල අඩංගු කැල්සියම් වයස්ගත වීමත් සමඟ හෝ විටමින් ඌනතාවයක් නිසා ඇති වූ අස්ථි දුර්වල තාවයන් මගහරවා අස්ථි ශක්තිමත් කර ඔස්ටියෝපොරෝසිස් ආතරයිටීස් වැනි රෝග තත්ත්වයන් ඇති වීම වළක්වනු ලබයි.

රක්තහීනතාවය සමනය කරයි.රුධිරගත හිමොග්ලොබින් නිෂ්පාදනය අවම වීම හේතුවෙන් රක්තහීනතාවය නම් රෝග තත්ත්වය ඇති වනු ලැබේ. එනම් මෙම රෝග තත්ත්වය ඇතිවීමට මූලික වන්නේ ශරීරයේ ඇතිවන යකඩ ඌණතාවයි. මෙය සමනය කර ගැනීමට නිතර යකඩ අඩංගු ආහාර භාවිතා කිරීම යෝග්‍යවේ. එනම් එවැනි ධාන්‍ය වර්ගයක් ලෙස කුරක්කන් හැඳින්විය හැකිය. කුරක්කන් නිතර ආහාරයට ගන්නේ නම් එහි අඩංගු යකඩ රුධිරගත හිමොග්ලොබින් නිෂ්පාදනය වැඩිකර රක්තහීනතාවය සමනය කිරීම සිදුකරයි. මේ නිසා එවැනි රෝගීන්ට කුරක්කන් කැඳ පානය, කුරක්කන් තලප, කුරක්කන් පිට්ටු ,කුරක්කන් රොටී ආදී ආහාර සකස් කර භාවිතා කිරීම වඩාත් සුදුසුවේ.
මීට අමතරව
- මානසික පීඩනය සමනය කිරීමට
- සම පෝෂණය කිරීමට
- ගර්භණී මව්වරුන්ට
මේ ආදී වූ බොහෝ රෝග සමනය කිරීමට කුරක්කන් යනු ගුණදායක ධාන්‍ය වර්ගයකි. නමුදු දියවැඩියා රෝගීන් ඖෂධ භාවිතා කරන්නේ නම් කුරක්කන් ආහාරයට ගැනීමට ප්‍රථම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසුවේ.