බලන් ඉද්දි කොන්ඩෙ වවා ගන්න පුළුවන් එළු කිරි වීදුරුවක ඇති  ඖෂධීය ගුණ සමුදාය 

health tips

ස්වභාවිකව භාවිතයට ගනු ලබන කිරි වර්ග පිළිබඳව විමසා බලන විට එළ කිරි වලට මෙන්ම එළු කිරි වලට ද විශේෂ තැනක් හිමිවේ. එනම් එළුකිරි බාල මහළු සෑම දෙනාටම පාහේ භාවිතා කළ හැකි අතර එළු කිරි වල මිනිස් සිරුරට හිතකර පෝෂපදාර්ථ රැසක් අඩංගු වේ.

විටමින් A,D,B1,B12

කැල්සියම්

සෙලනියම්

පොටෑසියම්

කොපර්

ඇන්ටිඔක්සිඩන්ට්

ඇමයිනෝ අම්ල 

වැනි පෝෂ්‍ය පදාර්ථ රාශියක් අඩංගු වේ. 

මේ නිසා එළු කිරි පානය කිරීමෙන් ශරීරයට බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ අත්කර ගත හැකිය.

පිළිකා ඇති වීම වළක්වයි.

එළු කිරිවල අඩංගු විටමින්, ප්‍රෝටීන් ශරීරගත ප්‍රෝටීන්, විටමින් ඌනතාවයන් සම්පූර්ණ කරයි. මේ නිසා පිළිකා ඇතිවීම බොහෝ දුරට පාලනය වන අතර එළුකිරිවල අඩංගු ප්‍රතිඔක්සිකාරක පිළිකා සෛල මර්දනය කරයි. මේ නිසා පිළිකා ඇතිවීම බොහෝ දුරට පාලනය වේ. 

අක්ෂි දුර්වලතා ඇති වීම වලක්වයි.

ප්‍රෝටීන්, විටමින් ඌනතාවයන් නිසා හෝ වයස්ගත වීම නිසා ඇතිවන අක්ෂි දුර්වලතාවයන් සමනය කර ගැනීමට දිනපතා එළු කිරි වීදුරුවක් පානය කිරීම යෝග්‍ය වේ. එළු කිරි වල අඩංගු විටමින්  A ඇස් පෙනීම වැඩි කරයි.

අධි රුධිර පීඩනය පාලනය කරයි

තවත් බොහෝ රෝග වලට අත වනන අධි රුධිර පීඩනය පාලනය කර ගැනීම සඳහා එළු කිරි පානය කිරීම යෝග්‍ය වේ. දිනපතා එළු කිරි වීදුරුව බැගින් පානය කිරීමෙන් එළු කිරි වල අඩංගු පොටෑසියම් රුධිර නාල විස්තාරණය කර රුධිරය ක්‍රමවත්ව පරිවහනය කිරීම සිදුකරයි. මේ නිසා අධිරුධිර පීඩනය ඇතිවීම පාලනයවේ. 

අස්ථි සහ දත් ශක්තිමත් කරයි.

කැල්සියම් වලින් පොහොසත් එළු කිරි පානය කිරීමෙන් අස්ථි සහ දත් ශක්තිමත් කරගත හැකිය. එමෙන්ම එළු කිරි වල අඩංගු යකඩ අස්ථි දුර්වල වීම වළක්වා ඔස්ටියෝපොරෝසිස් ආතරයිටීස් වැනි රෝග ඇති වීම ද වලක්වනු ලබයි. ඊට අමතරව දත් දිරා යෑම වලක්වා දත් ශක්තිමත් කිරීමට  එළු කිරි වල අඩංගු කැල්සියම්,යකඩ පෝෂ්‍ය පදාර්ථ වැඩි දායකත්වයක් සපයනු ලබයි.

ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත්  කරයි.

ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර ගැනීම සඳහා දිනපතා එළු කිරි වීදුරුවක් පානය කිරීම යෝග්‍ය වේ. එළු කිරිවල  ප්‍රෝටීන් ,සෙලෙනියම්, විටමින් වැනි පෝෂ්‍ය පදාර්ථ වැඩි ප්‍රමාණයක් අඩංගු වන අතර මෙම පෝෂ්‍ය පදාර්ථ  ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර ප්‍රතිශක්තිකරණය දුර්වල වීමෙන් ඇතිවන සෙම්ප්‍රතිශ්‍යාව,උණ, වසංගත රෝග වලින් ද ආරක්ෂාව සලසනු ලබයි. 

හෘද රෝග ඇතිවීම වළක්වයි.

එළු කිරි වීදුරුවක් දිනපතා පානය කරන්නේ නම් එමගින් හෘද රෝග ඇති වීම පාලනය කරගත හැකිය. එළු කිරි වල අඩංගු මේද අම්ල කොලොස්ට්‍රෝල් පාලනය කර හෘද රෝග ඇති වීම වළක්වනු ලබයි. 

හිසකෙස් වර්ධනය කරයි. 

එළු කිරි පානය කිරීමෙන් හිසකෙස් වර්ධනය කරගත හැකිය. එළු කිරිවල අඩංගු කැල්සියම්, ප්‍රෝටීන්, පොස්පරස් ,විටමින් බී 12, පොටෑසියම් වැනි පෝෂ්‍ය පදාර්ථ හිසකෙස්  කැඩීයාම ගැලවී යාම වලක්වා හිසකෙස් වර්ධනය කරයි. මේ සඳහා දිනපතා එළු කිරි වීදුරුවක් පානය කිරීම යෝග්‍ය වේ.

 

රක්තහීනතාවය සමනය කරයි.

ශරීරයට අත්‍යවශ්‍ය යකඩ ඌන වීමෙන් රුධිරගත හිමොග්ලොබින් නිෂ්පාදනය අවම වීම සිදුවේ. මෙම රෝග තත්ත්වය සමනය කිරීමට එළු කිරි වීදුරුවක් පානය කිරීම වඩාත් සුදුසු වේ. එනම් එළු කිරි වල අඩංගු යකඩ 

රුධිර ගත හිමොග්ලොබින් නිෂ්පාදනය වැඩිකර රක්තහිනතාවය සමනය කිරීම සිදුකරනු ලැබේ. 

ශරීර බර පාලනය කරයි.

බොහෝ රෝග වලට අත වනන අධික ස්ථුලභාවය පාලනය කර ගැනීම සඳහා එළු කිරි පානය කිරීම යෝග්‍ය වේ. එළු කිරිවල අඩංගු 

මේද අම්ල ශරීරගත මේදය පාලනය කර කරන අතර මේ  නිසා ශරීර බර බර පාලනය වීම සිදුවේ. 

මේ හැරුණු කොට 

ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග සඳහා 

උණ රෝගීන් සඳහා 

ඩෙංගු රෝගීන් සඳහා 

ගැබිනි මව්වරුන් සඳහා 

අස්ථි පටක වර්ධනය කිරීම සඳහා 

එළු කිරි වීදුරුවක් දිනපතා පානය කිරීම යෝග්‍ය වේ.