නිකන් හැදෙන්න ඇති කියලා හිතන නමුත් ගර්භාෂයේ පිළිකාවක් නිසා ඇතිවෙන රෝග 5 ක්

health tips

වර්තමානය වන විට බොහෝ කාන්තාවන් ගර්භාෂ පිළිකාවට ගොදුරු වී තිබේ. එනම් ගර්භාෂය යනු මුත්රාශයේ සහ ගුද මාර්ගයේ ශ්‍රෝණිය මැද මැද පිහිටා ඇති මුතු හැඩැති කුහර සහිත මාංශ පේශි අවයවයයි. එහි පහළ කොටස ගැබ්ගෙල ලෙස හදුන්වන අතර ඉහළ කොටසට දෙපසින් පැලෝපීය නාල සම්බන්ධ වී තිබේ. 

එන්ඩොමෙට්‍රියම් (Endometrium) නමින් ගර්භාෂයේ ඇතුළත ස්තරය හඳුන්වන අතර පිළිකා ඇතිවන්නේ එම කොටසෙහිය. ඊට පිටතින් ඇති පේශිමය කොටස මයෝමෙට්‍රියම් (Myometrium) ලෙස හඳුන්වයි. ගර්භාෂ පිළිකා ඇතිවීමට බොහෝ හේතු බලපානු ලබයි. එනම් ගර්භාෂ පිළිකා ඇති වීමට නිශ්චිත එක හේතුවක් වර්තමානය වන විට ද සොයාගෙන නොමැත.  නමුත් ගර්භාෂ පිළිකා ඇතිවීමට තුඩු දෙන හේතු කීපයක්ම තිබේ. 

  • දරුවන් බිහි නොකර තිබීම සහ වඳ බව. 
  • කුඩා කලදීම වැඩිවියට පත්වීම. 
  • නොයෙක් රෝග  සඳහා Progesterone  නම් හෝමෝනය නොමැතිව Oestrogen නැමැති හෝමෝනය පමණක් භාවිතා කර තිබීම. 
  • වයස අවුරුදු 50 ඉක්මවූ  කාන්තාවක් වීම. 
  • ආර්ථව චක්‍රයේ දෝෂ පැවතීම එනම් විශේෂයෙන්ම ආර්තවහරණය පමාවීම. 
  • ඩිම්බ කෝෂවල ඇතිවන සමහර වර්ධක සහ Polycystic Ovary Syndrome නැමැති රෝගයට ගොදුරු වී සිටීම. 
  • වෙනත් පිළිකාවන්ට හේතුවෙන්උදර ප්‍රදේශයට විකිරණ ප්‍රතිකාර ලබා ගෙන තිබීම. 
  • Tamoxifen ඖෂධය ලබා ගෙන තිබීම. 

එනම් පියයුරු පිළිකා රෝගීන් සඳහා ලබා දෙන Tamoxifen නම් ඖෂධය දීර්ඝ කාලීනව භාවිතා කිරීම මඟින් ද ගර්භාෂ පිළිකා ඇතිවිය හැකිය. නමුත් එය එසේ වන්නේ අඩු පිරිසකට පමණි. එනම් එහි අවධානමක් පැවතුන ද භාවිතා කිරීමට අනුමැතිය ලබා දී ඇත්නම් එය ලබා ගැනීම වඩාත් වාසිදායක වේ.  

ගර්භාෂ පිළිකා හඳුනාගන්නේ කෙසේද? 

ගර්භාෂ පිළිකාවක් පැප් පරීක්ෂණයකින්  හඳුනාගත නොහැකිය. එනම් ඊට හේතුව ගර්භාෂ පිළිකා ඇතිවන්නේ ගර්භාෂයේ ඇතුල් පැත්තේය. මේ නිසා පැප් පරීක්ෂණයකින් එය හඳුනාගත නොහැකිය. 

එමෙන්ම ස්කෑන් පරීක්ෂණය හෝ ගර්භාෂ පිළිකාව සාමාන්‍යයෙන් වර්ධනය වන්නේ ගර්භාෂයේ ඇතුළු පැත්තට වන නිසා පැප් පරීක්ෂණය මඟින් මෙය හඳුනාගත නොහැකිය. රෝගියා පරීක්ෂා කිරිමේදී සහ ස්කෑන් පරීක්ෂණයක් සිදු කිරීමේ ගර්භාෂය යම් වෙනසකට ලක්වී ඇති බව පෙන්නුම් කළ ද  එය පිළිකාවක් ද යන්න නිශ්චිතවම හඳුනා ගැනීමට පටන් කොටස් ගෙන පරීක්ෂණ සිදු කළ යුතුය. එහිදී ක්‍රම කිහිපයක් අනුගමනය කරමින් පරික්ෂාව සිදුකරනු ලැබේ. 

Pipelle Sampling මෙය ඉතා සරල පරීක්ෂණයක් වන අතර ගර්භාෂය තුළට සිරිංජයක් වැනි සියුම්  උපකරණයක් ඇතුළු කර පටක කොටස් ලබා ගෙන එය පරීක්ෂණයට යොමු කිරීමෙන් හඳුනා ගැනීම. 

Hysteroscopy එනම්  රූපවාහිනී තිරයක් ආධාරයෙන් ගර්භාෂයේ ඇතුළත පැවැත්ම හා වෙනස් කම් සොයා බැලීම එනම් ඉන් ඇතුලත හොඳින් පරික්ෂා කර ගත හැකිය. එමෙන්ම පටක කොටස් ද මෙමගින් ලබා ගත හැකිය. 

D and C පරික්ෂණය එනම් සියුම් උපකරණයක් මගින් ගර්භාෂය තුළ ඇති පටක කොටස් ගෙන අන්වීක්ෂයකින් පරික්ෂා කර පිළිකාවක් ඇත්නම් එය කුමන අවධියක පවතීද යන්න හඳුනා ගැනීමට රුධිර පරීක්ෂණ, X  කිරණ, ස්කෑන් වැනි පරික්ෂණ වැඩි දුරටත් සිදුකරයි.

ගර්භාෂ පිළිකාවක් ඇති වූ විට හඳුනාගත හැකි රෝග ලක්ෂණ 

  • අනෙකුත් පිළිකා ඇති වූ විට මෙන්ම  ගර්භාෂ පිළිකාවක් ඇති වූ විට ද එය හඳුනා ගත හැකි රෝග ලක්ෂණ කිහිපයක් පවතී. 
  • ආර්තවහරණය අවසන් වූ පසු යෝනි මාර්ගයෙන් ලේ පිටවීම. 
  • ආර්තවහරණය සම්බන්ධ නොමැතිව යෝනි මාර්ගයෙන් රුධිරය හෝ ශ්‍රාවයක් පිටවීම. 
  • මුත්‍රා පිට කිරීමට අපහසු වීම හා වේදනාවක් ඇතිවීම. 
  • ලිංගික සංසර්ගය යෙදෙන විට වේදනාවක් ඇතිවීම. 
  • යටි බඩ හා උකුල ප්‍රදේශයේ වේදනාවන් ඇති වීම. ආදී වශයෙන් විවිධ රෝග සංකූලතා ඇති වනු ලැබේ. 

මෙවැනි රෝග ලක්ෂණ එකක් හෝ කීපයක් ඇත්නම් සැණින් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වඩාත් සුදුසුවේ. එනම් මුල් අවධියේ දී ගර්භාෂ පිළිකාවක් හඳුනා ගන්නේ නම් ඊට සාර්ථකව ප්‍රතිකාර කළ හැකිය. එනම් මේ සඳහා ශල්‍යකර්ම සිදු කිරිම වඩාත් සුදුසුවේ. 

එනම් මෙහිදී ගර්භාෂය, පැලෝපීය නාල, ඩිම්බකෝෂ, කුද්දැටිඉවත් කිරීම සිදුකරයි. එනම් ගර්භාෂයේ ඇතුළු ස්තරය තුල ව්‍යාප්ත වී ඇත්නම් එය සුව කිරීමට සෛල කර්ම සිදු කිරීම අත්‍යවශ්‍ය වේ. මීට අමතරව පිළිකාව යම්තාක් දුරට ව්‍යාප්ත වී ඇත්නම්  විකිරණය ද ප්‍රතිකාරයන්  යොදා ගනු ලැබේ. එමෙන්ම එය වැඩි වශයෙන් ව්‍යාප්ත වී ඇත්නම් පිළිකා නාශක ඖෂධ අනුමත කරනු ලැබේ. එනම් ගර්භාෂ පිළිකා ඇත්නම් වෛද්‍යවරයා ලබාදෙන උපදෙස් මෙන්ම ඖෂධ ලබා ගැනීම මෙම රෝගය සුව වීමට බෙහෙවින් ඉවහල් වේ.