99%ක් දෙනාගේ කොන්ඩේ අකලට සුදුවීමට බලපාන පීනස නිට්ටාවට සුව කරන පිටවක්කා පානය

health tips

ආයුර්වේදය තුළ නොයෙක් රෝගයන්ට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන ඖෂධීය පැළෑටි වර්ග අතර  “බිං නෙල්ලි” හෙවත් පිටවක්කා යනු  තවත් එක් ඖෂධීය ශාකයක්වේ. එනම් සෙන්ටිමීටර් 60 ක් පමණ උසට වැඩෙන මෙම ශාකය වාර්ෂික ශාකයක් වේ. පත්‍ර පක්ෂවත් සංයුක්ත පත්‍ර වන අතර පත්‍රවල යටි පැත්තෙහි කුඩා පුෂ්ප සහ පල දැකගත හැකිය. එනම් ශාක පත්‍ර නෙල්ලි ශාකයේ පත්‍රවලට වැඩි සමානකමක් දක්වන හෙයින්  බිං නෙල්ලි යනුවෙන් ද මෙම ශාකය හඳුන්වනු ලබයි. එනම් ඵලයෙහි පවතින බීජ මගින් ශාක ව්‍යාප්තිය සිදුවේ. 

Euphorbiaceae  උද්භිද කුලයට අයත්  පිටවක්කා ශාකය පළා වර්ගයක් , කොළ කැඳ පානයක් , වියලා කුඩු කර තේ පානයක් ලෙසද භාවිතා කළ හැකිය.  ඊට අමතරව ආයුර්වේදය තුළ නොයෙක් රෝගයන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඖෂධයක් ලෙස බිං නෙල්ලි නොහොත් පිටවක්කා භාවිතා කරයි.  

පිටවක්කා ශාකයේ ඖෂධීය ගුණ 

  • සෙංගමාලය සමනය කිරීමට 
  • කෂ්ය රෝගය සමනය කිරීමට 
  • රුධිරය පිරිසිදු කිරීමට 
  • පිළිකා ඇතිවීම වැළැක්වීමට 
  • මළබද්ධය සමනය කිරීමට 
  • පීනස,ඇදුම,කැස්ස වැනි රෝග සමනයට 
  • සෙම් රෝග සමනය කිරීමට 
  • අධි රුධිර පීඩනය පාලනය කිරීමට 
  • වකුගඩු ආශ්‍රිත ගල් ඉවත් කිරීමට 
  • මුත්‍රා ගල් ඉවත් කිරීමට 
  • පණු රෝග සමනයට 
  • වෛරස් ආසාදනවලට 
  • අම්ලපිත්තයට 
  • දියවැඩියාව පාලනය කිරීමට 
  • අක්මා රෝගයන්ට 
  • ශරීරය මහත් කර ගැනීමට මේ ආදී වූ බොහෝ රෝග සමනය කිරීමට ඖෂධයක් ලෙස පිටවක්කා ශාකය භාවිතා කළ හැකිය. 

පිටවක්කා ශාකයේ ඖෂධීය භාවිතය 

පීනස සමනයට උපකාරීවේ.පීනස රෝගය ඇතිවීම වළක්වා ගැනීමට පිටවක්කා කොල කැඳ  පානය මෙන්ම පිටවක්කා මුල් ගෙන තම්බා මී පැණි මිශ්‍ර කර පානය කිරීම  ගුණදායකය. මීට අමතරව පිටවක්කා කොල තේ පානය ද මේ සඳහා වඩාත් සුදුසුවේ. එනම් පිටවක්කා කොළ මද පවනේ වේළා හොඳින් කුඩු කර ඉන් හැන්දක් පමණඋණුවතුර වීදුරුවකට දමා ඊට කහ කුඩු ස්වල්පයක් හා නිවුණු පසු මී පැණි ස්වල්පයක් දමා මිශ්‍රකර පානය කිරීම වඩාත් සුදුසුවේ. 

වකුගඩු සහ මුත්‍ර ගල් දියකර හැරීම සඳහා යෝග්‍ය වේ. බොහෝ දෙනෙකු වේදනාවට පත් කරන මුත්‍ර ගල් දියකර හැරීම  සඳහා පිටවක්කාශාකයේ කැඳ ,කලවම් පළා මැල්ලුම, පිටවක්කා තේ පානය භාවිතය වඩාත් යෝග්‍ය වේ.

අම්ල පිත්තය සඳහා ඔසුවක් වේ.වයස් භේදයකින් තොරව ලොකු කුඩා සෑම දෙනාටම පාහේ පවතින අම්ලපිත්තය හෙවත් ගැස්ට්‍රයිටීස් රෝගය ඇතිවීම පාලනය කර ගැනීමට පිටවක්කා කැඳ හෝ පිටවක්කා තම්බා පානය කිරීම ගුණදායකය. 

දියවැඩියාව සඳහා දියවැඩියාව පවතින රෝගීන් සඳහා පිටවක්කා ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් පිටවක්කා කොළ වියළා කුඩුකර උණුවතුරට දමා පානයක් ලෙස භාවිතා කිරීමෙන් රුධිරගත සීනි මට්ටම පාලනයවේ. එනම් බොහෝ විට පැණි රස කෑම ආහාරයට ගන්නා විට පිටවක්කා තේ පානය භාවිතා කරන්නේ නම් ඉන් දියවැඩියාව ඇතිවීම වළක්වාගත හැකිය.

අක්මාගත රෝග සමනයට උපකාරීවේ.පිටවක්කා කැඳ සකස් කර පානය කිරීම හෝ පිටවක්කා තේ පානයක් ලෙස සකස් කර භාවිතා කිරීම මගින් අක්මාවේ විෂ  ඉවත් කරගත හැකිය. එමෙන්ම අක්මාවේ ඉදමුම් සමනය කර ගැනීමට ද මෙම ප්‍රතිකාර භාවිතා කිරීම යෝග්‍ය වේ.

චර්ම රෝග සමනය කිරීමට උපකාරී වේ.ගෙඩි සහ විසප්පු වැනි චර්ම රෝග සුව කර ගැනීම සඳහා ඖෂධයක් ලෙස පිටවක්කා කොළ ,කැකුළු සහල් සමඟ ඇල්දියෙන් අඹරා එම විසප්පු, ගෙඩි ඇති ස්ථාන වල බැඳීමෙන් සුවය ලබා ගත හැකිය. 

ශරීරය පෘෂ්ටිමත් කරනු ලැබේ. කෘශ වූ ශරීරය පෘෂ්ටිමත් කර ගැනීම සඳහා පිටවක්කා ඖෂධයක් ලෙස යොදා ගත හැකිය. එනම් මේ සඳහා පිටවක්කා කැඳ සකස් කර භාවිතා කිරීම යෝග්‍ය වේ. එනම් පිටවක්කා වල අඩංගු පෝෂ්‍ය පදාර්ථ ශරීරය පෘෂ්ටිමත් කරනු ලැබේ. 

අධි රුධිර පීඩනය පාලනය කිරීමට උපකාරී වේ. නිහඬ මාරයා ලෙස සලකන අධි රුධිර පීඩනය පාලනය කිරීමට පිටවක්කා කැඳ සකස් කර භාවිතා කිරීම යෝග්‍ය වේ. එනම් පිටවක්කා කැඳ පානය දේහගත කොලෙස්ටරෝල් පාලනය කිරීම සිදුකර රුධිර සංසරණය ක්‍රමවත් කිරීම සිදුකරයි. මේ නිසා අධිරුධිර පීඩනය ඇතිවීම පාලනය වේ. 

මෙවැනි රෝග ගණනාවක් සුව කර ගැනීමට පිටවක්කා ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. නමුදු නිදන්ගත රෝග ඇත්නම් භාවිතා කිරීමට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කිරීම වඩාත් සුදුසුවේ.