Euphorbiaceae කුලයට අයත් කුප්පමේනියා ශාකය සෘජු කඳක් සහිත සෙන්ටි මීටර් 1-2 ක් පමණ උසට වැඩෙන ඖෂධීය ගුණයෙන් යුතු වාර්ෂික පැළෑටියකි. එනම් සරල ශාක පත්‍ර රොම්බසාකර ප්‍රත්‍යණ්ඩාකාරය හැඩයෙන් යුක්ත වන අතර ඒකාන්තරව පිහිටා තිබේ.
පත්‍ර වල ඉදිරිපස දාරය කරපත්‍රික වන අතර මද බූවක් දැක ගත හැකිය. මල් කොළ පැහැති ඒකලිංගික මල් වන අතර පුමාංගී හා ජායාංගී පුෂ්පය එකම ශාකයේ හටගනු ලැබේ.
මල් වසර පුරා පවතින අතර ඵලය කුඩා ස්ඵෝටිකාවකි. එය නිපත්‍රයකින් වැසී තිබේ.
එනම් බළල් කුලය බොහෝ ප්‍රියතාවයක් දක්වන කුප්පමෙනියා ශාකයෙහි මුලෙහි සුවඳ මීටර් පනහක් පමණ දුරකින් පැවතුණ ද ඔවුන්ට හඳුනාගත හැකිය. ආයුර්වේදය තුල රෝග රැසකට ඖෂධයක් ලෙස භාවිතා කරන කුප්පමේනියා ශාකය කොළ මැල්ලුමක් ලෙස ද සකස් කර ආහාරයට ගත හැකිය. එනම් කුප්පමේනියා ශාකයේ බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගුවේ. විටමින්, ප්‍රොටීන්, කැල්සියම්,යකඩ, කාබෝහයිඩ්ඩ්‍රේට්, තන්තු, මේදය, පොස්පරස් ආදීය ඒ අතර ප්‍රධාන වේ.
නමුත් කුප්පමේනියා කොළ ආහාරයට ගන්නා විට ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය. එනම් කුප්පමේනියා ආහාරයට ගැනීමෙන් බොහෝ දෙනෙකුට අසාත්මිකතා ඇතිවනු ලැබේ.
කුප්පමේනියා ශාකයේ ඖෂධීය ගුණ

- සන්ධි ඉදමුමට
- වාත රෝගයන්ට
- පිළිස්සුම් වලට
- සුවදායක නින්දකට
- ඇදුම, කැස්ස රෝගයන්ට
- කනේ කැක්කුමට
- පිළිස්සුමට
- පණු රෝගයට
- ශරීරය දාහය සමනය කිරීමට
- උණට
- ස්වාසනාලිකා ප්‍රදාහයට
- මුත්‍රාශ රෝගවලට
- ඉරුවාරදයට
- සෙම්ගෙඩිවලට
- මල බද්ධයට
මෙම රෝග සමනය කිරීම සඳහා කුප්පමේනියා ශාකයේ කොල ,මුල් යන පංචාංගයම ඖෂධ ලෙස යොදා ගත හැකිය.
කුප්පමේනියා ශාකයේ ඖෂධීය භාවිතය
මුත්‍රා අඩස්සිය සදහා පීඩාකාරී මුත්‍රා අඩස්සිය සමනය කිරීමට කුප්පමේනියා ශාකය ඖෂයක් ලෙස කුප්පමේනියා කොළ ඇල්දියෙන් අඹරා යටි බඩෙහි ආලේප කිරීම යෝග්‍යය වේ.
විරේචනය නැවැත්වීම සඳහා විරේචනය නතර කිරීමට කුප්පමේනියා මුල් ඇල්දියෙන් අඹරා යුෂ ගෙන පානය කිරීම සුදුසුවේ.
සර්ප විෂ සඳහා සර්ප විෂ ඉවත් කිරීම සඳහා කුප්පමේනියා ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් මේ සඳහා කුප්පමේනියා කොළ කැඳ පානය කිරීම යෝග්‍ය වේ.
පණු රෝග සමනය කිරීම සඳහා පණු රෝග,දද වලට ඖෂධයක් ලෙස කුප්පමේනියා ශාකය ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් මේ සඳහා කුප්පමේනියා කොළ අඹරා එම යුෂ සමඟ දෙහි යුෂ මිශ්‍රකර එම ස්ථානවල ආලේප කිරීම යෝග්‍යය වේ.
මල බද්ධය සඳහා මලපහ පිට කිරීමට අපහසු වීම හෙවත් බඩ වේලීමේ රෝගය සමනය කිරීම සඳහා

කුප්පමේනියා කොළ තලා එම ප්‍රලේපය ගුද මාර්ගයට ඇතුළු කිරීම මගින් මල පිට වීම සිදුවේ. එමෙන්ම මේ සඳහා කුප්පමේනියා කොළ මැල්ලුම ආහාරයට එක් කර ගැනීම ද යෝග්‍ය වේ.
අර්ශස් රෝගය සඳහා පීඩාකාරී රෝග තත්ත්වයක් වන අර්ශස් රෝගයට ඖෂධයක් ලෙස කුප්පමේනියා භාවිතා කළ හැකිය. එනම් මේ සඳහා කුප්පමේනියා සම්පූර්ණ ශාකයම ගෙන තලතෙලින් අඹරා ආහාරයට ගැනීම යෝග්‍ය වේ.
ඉදමුම් සඳහා වේදනා සහ ඉදමුම් සමනය කිරීම සඳහා කුප්පමේනියා කොළ යුෂ ,දෙහි යුෂ ,තල තෙල් ,ලුනු සමග මිශ්‍රකර ඉදමුණු ස්ථානවල ආලේප කිරීමෙන් වඩාත් සුදුසුවේ.
මෙවැනි රෝග ගණනාවක් සුව කර ගැනීමට ඖෂධයක් ලෙස කුප්පමේනියා ශාකය භාවිතා කළ හැකිය. නමුත් කුප්පමේනියා කොළ ආහාරයට ගන්නා විට විවිධ අසාත්මිකතා ඇති විය හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුය. එනම් ලේ වමනය,මුත්‍රා සමග ලේ පිටවීම වැනි රෝග ඇති විය හැකිය. එම නිසා පලා ආහාරයට ගැනීමට පෙර සැලකිලිමත් වීම වඩාත් වැදගත් වේ.