වර්තමානයේ දී හඳුනාගෙන තිබෙන බෝ නොවන රෝග අතර හෘදයාබාධ ප්‍රධාන තැනක් ගනී. ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව මෙම රෝග තත්ත්වය ඇති වන අතර හෘද රෝගය පිළිබඳව සැලකිලිමත් නොවී කටයුතු කිරීමෙන් වර්තමානයේ මිය යන පුද්ගලයින්ගේ ප්‍රතිශතයද ඉහළ ගොස් තිබේ.
එනම් හෘදයෙහි යම් ගැටලුකාරී තත්ත්වයක් පවතින්නේ නම් එය පෙන්නුම් කරනු ලබන පූර්ව රෝග ලක්ෂණ පවතී. එම ලක්ෂණ පිළිබඳව අවධානයෙන් සිටීමෙන් හෘදයාබාධ ඇතිවීම පාලනය කරගත හැකිය. ඒ අනුව හෘදයාබාධයක් ඇති වීමේ පුර්ව ලක්ෂණ කීපයක්ම පවතී.

කල් පවතින කැස්ස දිගු කලක් තිස්සේ සුව නොවී එක දිගට කැස්ස පවතින්නේ නම් එය හෘදයාබාධයක පූර්ව ලක්ෂණයක් විය හැකිය. සෙම් රෝග උත්සන්න වීම නිසා වුවද කැස්ස ඇතිවිය හැකි වුවත් දිගු කල් පවතින කැස්ස හදවත් රෝගයක මූල ආරම්භයක් විය හැකිය. රුධිරයේ ඇතිවන රෝස පැහැති ද්‍රාවණයක් හේතුකොටගෙන මෙම දිගු කල් පවතින කැස්ස ඇතිවේ.
වම් අතේ ඇතිවන අධික වේදනාව බොහෝවිට පුරුෂයන් තුළ මෙම වම් අතෙහි වේදනාව පවතින අතර කාන්තාවන්ට ද මෙම වේදනාව ඇතිවේ. මෙය වැලමිට ප්‍රදේශයෙන් ඇතිවන බව දැනුනා වුවද සැබවින්ම එය එසේ නොවේ. හදවතෙහි වේදනාවක් ඇති වූ විට එය සුසුම්නාවට දැනෙන අතර එය හා සම්බන්ධ වන ස්නායු මොළය හා සම්බන්ධ වීමේදී මොළය තුළ ව්‍යාකූල බවක් ඇතිවේ. මෙසේ ඇතිවන වේදනාව අතෙහි ඇතිවන වේදනාවක් ලෙස රෝගියාට දැනෙනු ඇත. ඒ අනුව හදවත් රෝගයක මූලික ලක්ෂණයක් ලෙස වම් අතෙහි ඇති වන වේදනාව පෙන්වා දිය හැකිය.
පාදවල අධික වේදනාවක් දැනීම. විශේෂයෙන් මෙහිදී කකුලේ වළලූකර සමග සමස්ත පාදය පුරාම අධික වේදනාවක් ඇති වේ. හදවතේ ආබාධයක් ඇති විට නිසි පරිදි ශරීරය තුළ රුධිරය පොම්ප කිරීමක් සිදුනොවන අතර එම නිසාවෙන් පාද වල අධික වේදනාවක් ඇති වේ. මෙම වේදනාව ඇවිදින විට දී වුව ද ඇතිවිය හැකිය.
ආහාර අරුචිය හෘදයාබාධයක් පවතින පුද්ගලයකුගේ දැකගත හැකි පූර්ව ලක්ෂණයක් වන්නේ ආහාර පිළිබඳ රුචියක් නොමැතිකමයි. මෙහිදී ආහාර පිළිබඳ අවශ්‍යතාවයක් ඇති වූ අවස්ථාවකදී වුවද අක්මාව වටා බැඳී පවතින තරලය හේතුකොටගෙන ආහාර රුචිය නැති කරයි. එනම් හදවතේ පවතින ගැටලුකාරී තත්ත්වයක් නිසාවෙන් අක්මාව අවට ඇතිවන මෙම තරලය සුපුරුදු ආහාර ජීර්ණ ක්‍රියාවලියට බාධා පමුණුවයි. මේ නිසා ආහාර අරුචිය ඇතිවේ.
මානසික ව්‍යාකූලතාවයන්ගෙන් පෙළීම හෘදයාබාදයක පූර්ව ලක්ෂණයක් ලෙස මානසික ව්‍යාකූලතාවයන් පෙන්වා දිය හැකිය, මෙහිදී කාංසාව, මානසික පීඩනය, මානසික භීතිකාවන් ආදිය ඇතිවන අතර එමඟින් හෘද ස්පන්දන වේගය අවප්‍රමාණය කරයි. මෙම ගැටලුව හෘදයාබාධයක් ඇතිවීමේ පූර්ව ලක්ෂණයක් වේ.
නිරන්තරයෙන් ඇතිවන කලන්ත ගතිය හදවත් රෝගීන්ට නිතර නිතර කලන්තය ඇති වීම සිදුවේ. හදවත මගින් රුධිරය පොම්ප කිරීමෙන් අනතුරුව ශරීරය පුරා රුධිර සංසරණයට බාධාවක් ඇති වන්නේ නම් එහිදී හුස්ම ගැනීමේ අපහසුතාවක් හෝ සුළු කලන්ත ගතියක් ඇතිවීම සිදුවේ. මෙම තත්ත්වය හෘදයාබාධයක මූලික ලක්ෂණයක් වේ.
ශරීරයේ ඇතිවන අධික විඩාව සහ මහන්සිය ශරීරයේ ඇතිවන මෙම අධික විඩාව සහ මහන්සිය හෘදයාබාදයක මූලික ලක්ෂණයකි. මෙම තත්ත්වය පුරුෂයන්ට සාපේක්ෂව කාන්තාවන් තුළින් දැකගත හැකි අතර දෛනික ක්‍රියාකාරකම් සිදු කිරීමේදී වුවද මෙම වෙහෙස මහන්සිය ඇති විය හැකිය. එය දිනෙන් දින උත්සන්න වන්නේ නම් හදවත් රෝගයක මූලාරම්භයක් විය හැකිය.

ආමාශයේ ඇතිවන අධික වේදනාව බඩේ කැක්කුම, හිස්බඩ ඇතිවන ඔක්කාරය, උදරයේ ඉදිමුම ආදිය නිසාවෙන් ආමාශයේ අධික වේදනාවක් ඇති වේ. මෙය වරින් වර ඇතිවන අතර නැවත කෙටි කාලයක් තුළදී ඇති වේ. මෙසේ වේදනාවක් පවතින්නේ නම් එය හදවත් රෝගයක පූර්ව ලක්ෂණයක් විය හැකිය.
හුස්ම ගැනීම කෙටි වීම එනම් මෙහිදී හුස්ම ගැනීම කෙටි වන අතර දිගු හුස්ම ගැනීමේදී අපහසුතාවයක් ඇති වේ. හදවතෙ ගැටලුවක් පවතින විට ප්‍රමාණවත් තරම් වාතය ලබා ගැනීමට නොහැකි වන අතර එහිදී හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇතිවීම මෙන්ම හුස්ම ගැනීම කෙටි වීම සිදුවිය හැකිය. මෙවැනි ලක්ෂණ පවතින්නේ නම් වෛද්‍යවරයෙකු මුණ ගැසීම අනිවාර්‍ය වේ. මීට අමතරව හෘදයාබාධ ඇතිවීමේ තවත් පූර්ව ලක්ෂණ ලෙස
- නින්ද නොයෑමේ අපහසුතාව
- හිසකෙස් ගැලවී යාම
- සිරුරේ තද පැහැති බවක් හෝ නිල් පැහැති බවක් දැකගත හැකිවීම
- හෘද ස්පන්දන රටාව අවිධිමත් වීම
- පපු ප්‍රදේශයේ ඇතිවන අධික වේදනාව
- ඇසිපියන් ඇතුළත කොනේ කහ පැහැති පැල්ලම් දැකගත හැකිවීම
- ඇවිදීමේදී බත් කෙන්ඩේ ඇතිවන අධික වේදනාව
- පිරිමි පුද්ගලයින්ගේ හිසකෙස් ඉක්මනින් සුදු පැහැති වීම.
- පුරුෂයන්ගේ කන් ඇල මාර්ගයේ කෙස් පිහිටීම
ආදී ලක්ෂණ පවතින්නේ නම් ද හදවත් රෝගයක් පැවතීමේ සම්භාවිතාවයක් පවතී. එබැවින් ඉහත රෝග ලක්ෂණ එකක් හෝ කීපයක් පවතින්නේ නම් වෛද්‍යවරයකු මුණගැසී සුදුසු පරීක්ෂණ වෙත එළඹ ඖෂධ ලබා ගැනීම යහපත් වේ. තවද අධික තරබාරු බව පාලනය කරගනිමින් නිසි ව්‍යායාම වල යෙදීම ද හදවත් රෝග පාලනය කර ගැනීම සඳහා අතිශය වැදගත් වේ.