හිටි හැටියේ එකපාර ඇග පුරා දහඩිය දැමීමට හේතු 9 ක්

health tips

පැහැදිලි හේතු ඇතිවිට අධිකව සිරුරට දහඩිය දැමීම කිසිසේත්ම හානිකර දෙයක් නොවේ. උදාහරණයක් ලෙස උණුසුම් කාලගුණයක් ඇතිවිට හෝ ව්‍යායාම කිරීම නිසා හෝ වෙනත් කය වෙහෙසවන සිදුකරන වැඩකටයුතු නිසා සිරුරට අධිකව දහඩිය දැමීම සාමාන්‍යය. දහඩිය දැමීම හරහා සිදුවන්නේ සිරුරේ ස්වභාවික තාපනියාමන ක්‍රියාවලියයි. නමුත්, අසාමාන්‍ය ලෙස පැහැදිලි හේතුවක් නැතිවම ඔබේ සිරුරට නිතරම අධික ලෙස දහඩිය දමයි නම් , එය බලාසිටිය යුතු තත්වයක් නම් නොවේ. බොහෝ විට ඊට හේතුව යම් බරපතල සෞඛ්‍යය ගැටලුවක් හටගෙන තිබීම විය හැකියි. මෙසේ සිරුරට දහඩිය දැමීමට බලපෑ හැකි සැඟවුණු හේතු කිහිපයක්ම තිබිය හැකියි. මෙවැනි ලක්ෂණයක් ඔබ කෙරෙන් ද හඳුනාගත හැකි නම් වහාම වෛද්‍යවරයෙකු හමුවී ඔබේ තත්වය පරික්ෂාකරගැනීමට කටයුතු කිරීම නුවණට හුරුය.

හෘදයාබාධ-හෘදයාබාධ තත්වයකදී පූර්ව රෝග ලක්ෂණයක් ලෙස සිරුරට අධිකව දහඩිය දැමීම සිදුවිය හැකියි. සීතල දහඩිය දැමීමත් සමඟ පපුවේ වේදනාව, කරකැවිල්ල, සහ සිරුරේ වම් පැත්තේ ඇතිවන දැඩි අපහසුකාරී බව ඔබට හෘදයාබාධයක් ඇත්වීමට ආසන්න බව සංඥා කරයි.

දියවැඩියාව-දියවැඩියා රෝගීන් හට සාමාන්‍ය පුද්ගලයින්ට වඩා අධික දහඩිය දැමිමක් ඇතිවිය හැකියි. එසේ වන්නේ අඩු රුධිර සීනි මට්ටම (hypoglycemia) , දියවැඩියාව ආශ්‍රිතව ස්නායු පද්ධතියට සිදුවූ හානි හෝ නියුරෝපති ආදි අනවශ්‍ය ලෙස ස්වේද ග්‍රන්ථි උත්තේජනය වීම සිදුවන තත්වයන් හි බලපෑම නිසා විය හැක.

කාංසාව-ආතතියකට මුහුණ දෙන විට දඩිය දැමීම සිදුවන්නේ ඊට සිරුර දක්වන ප්‍රතිචාරයක් ලෙසයි. සිරුර විසින් කාංසාව (නොසන්සුන්කාරිබව) අනාගතයේ යම් තර්ජනයක් ඇතිවිය හැකි බව පෙන්නුම් කරන තත්වයන් සේ වයහාගනියි. එහිදී සිරුර වකුගඩු හරහා නොව සිරුරේ අතිරික්ත ජලය සම හරහා නිකුත් කිරීමට පටන්ගනියි. මෙය අවදානමක්දී මූත්‍රා කිරීමට අවශ්‍ය නොවන සේ සිරුර සූදානම් කරවීමක් ලෙසද හැඳින්විය හැකියි.තවත් හේතුවක් ලෙස රුධිර සංසරණය ඉහළ යාම නිසා සිරුරේ උෂ්ණත්වය ඉහළ යාම ද මීට බලපායි. දහඩිය දැමීම යනු සිරුර ‘කූල් ඩවුන්’ කිරීම සිදුකරන යාන්ත්‍රණයයි.

ගර්භණීබව -ගර්භණීබව අධික ලෙස දහඩිය දැමීම කෙරෙහි බලපා ඇති තවත් සැඟවුණු හේතුවකි. දරුවෙකු බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවකට මෙවැනි තත්වයක් ඇතිවීම සාමාන්‍යය. එම සමයේදි මවගේ සිරුරේ උෂ්ණත්වය ඉහළ යාම සහ සිරුරේ රුධිර සංසරණය වැඩිවීම නිසා වෙනදාට වඩා වැඩි උණුසුමක් සිරුරට ඇතිවේ.පරිවෘත්තිය ඉහළයාම සහ හෝර්මෝන වෙනස්කම් ඇතිවීම අධිකව දහඩිය දැමිම කෙරෙහි බලපාන තවත් හේතු දෙකකි.

හෝර්මෝන වෙනස්කම් ගර්භණී කාලයේ, ඔස්ඩප් සමයේදී, මල්වරවීමේදී හෝ ආර්තවහරණ සමයේදී සිරුරේ හෝර්මෝන මට්ටම් වල සිදුවන උච්ඡාවචනය වීම් නිසා අධිකව දහඩිය දැමීම සිදුවිය හැක. ඉහළ ගිය ශරීර උෂ්ණත්වය සහ නිසි නියාමනයක් නොමැති ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝන මට්ටම් සහිත වීම ඊට බලපායි.

අධික්‍රියාකාරී තයිරොයිඩ් ග්‍රන්ථිය (Hyperactive thayiroid) හයිප‍රැක්ටිව් තයිරොයිඩ් තත්වයේදී ඔබේ තයිරොයිඩ් ග්‍රන්ථිය අධි ක්‍රියාකාරීත්වයකට පත්ව ඇති අතර එය විසින් නිපදවිය යුතු ප්‍රමාණයට වඩා අධිකව තයිරොක්සින් (T4- Thyroxin) සහ ට්‍රයිඅයඩොතයිරොනයින් (T3-Tryiodothyronine) වැනි පරිවෘත්තීය හෝර්මෝන නිපදවීම සිදුවේ. මෙවා ඔබේ සිරුරේ පද්ධති ක්‍රියාකාරීත්වයන් නිසි කලට නිසි පරිදි ක්‍රියාත්මක කරවීමට වගකියනු ලබන රසායනයන් වේ.මේවා අධික වන විට පරිවෘත්තිය වේගවත් වීමට පටන්ගනියි, එහි ප්‍රතිඵ්ලායක් ලෙස අධිකව දහඩිය දැමීම, හෘදස්පන්දනය අක්‍රමවත් වීයාම, සීඝ්‍රයෙන් සිරුරේ බර අඩුවීම සහ වෙවුලීම වැනි තත්වයන් හටගත හැකිය.

නාභීය හයිපර්හිඩ්‍රෝසිස් තත්වය (Focal hyperhidrosis) අල්ල, දෙපා වල යටිපතුල් වලට, කිහිළි වලට , මුහුණට ආදී සිරුරේ ඇතැම් ස්ථාන වලට පමණක් නිතර නිතර දහඩිය දැමීමේ තත්වයයි. මෙම ප්‍රදේශ වලට දහඩිය දැමීම සාමාන්‍ය තත්වයන් වුවත් කිසිඳු පැහැදිලි හේතුවක් නොමැතිවම මෙම තැන් නිතර තෙත් වී තිබීම ගැටලුසහගතය. මෙම නාභීය හයිපර්හිඩ්‍රෝසිස් තත්වයේ ස්වභාවය අපැහැදිලිය. අධ්‍යයන වලින් පෙන්වාදෙන්නේ මෙම තත්වයෙන් පෙළෙන්නන් ගේ ස්වේද ග්‍රන්ථි (දහඩිය ග්‍රන්ථි) වල හා පිටවන දහඩිය ප්‍රමාණයේ කිසිඳු වෙනස්කමක් දැකිය නොහැකි බවයි. මෙම තත්වය අත්‍යවශ්‍ය නොවන අවස්ථාවල පවා දහඩිය ප්‍රතික්‍රියාවක් ඇතිකිරීම සිදුවන ස්නායු පද්ධතියේ ඇති ජානමය අක්‍රීයතාවයක ප්‍රතිඵලයක් ලෙසයි අනුමාන කෙරෙන්නේ.මෙම තත්වයට විද්‍යුතු උත්තේජනය (electric stimulation), ඖෂධ වර්ගම් බොටොක්ස් එන්නත් (Botox injections) හෝ සැත්කම් ඇතුලු ප්‍රතිකාර සිදුකෙරේ.

ඇතැම් ආහාර වර්ග ඇතැම් ආහාර වල ඇති තාප වෘද්ධි බලපෑම නිසා සිරුරට අධිකව දහඩිය දමයි. මෙය හඳුන්වන්නේ රසේන්ද්‍රිය දහඩිය කියායි(gustatory sweat).උදාහරණ ලෙස කුළුබඩු අදික ආහාර, සැර අධික ආහාර, කැෆේන් හෝ මධ්‍යසාර පරිභෝජනය මීට හේතුවිය හැකියි. සැර අධික වෑංජන වල කැප්සයිසින් නම් රසායනික සංඝටක අඩංගු වන අතර ඒවා සිරුරේ උෂ්ණත්වය ඉහළ යාමක් ඇතිවන බව මොළයට වැරදි සංඥා ලබාදේ.කැෆේන් හා මධ්‍යසාර වලින් ස්නායු පද්ධතිය උත්තේජනය වීම සිදුවී රුධිර පීඩනය ඉහළ යාම වැනි තත්වයන් උද්ගත වේ.

ඖෂධ වර්ග ඇතැම් ඖෂධ භාවිතා කිරීමේ අතුරු ප්‍රතිඵලයක් ලෙස සිරුරට අධිකව දහඩිය දැමීම වැනි තත්වයන් ඇතිවන්නේ 1% වඩා අඩුවෙනි. වේදනානාශක, ප්‍රතිජීවක ඖෂධ, හෝර්මෝන සහ ස්නායුමනෝච්කිත්සක ඖෂධ භාවිතය නිසා ඇතැම් අයට මෙවැනි තත්වයක් ඇතිවිය හැකි බව පෙන්වාදේ.