දූෂිත පරිසරය හා කුණුදුහුවිලි අංශු නිසා වර්තමානයේ බොහෝ අය ඇස් ආසාත්මිකතාවලින් පෙළෙනවා.ඇස් ආසාත්මිකත ඇති අයට ඇස් රතුවීම,ඇස් වල කැසිල්ල,කඳුළු පිරීම,ඇහිපිය ඉදිමීම ආදි රෝග ලක්ෂණ මතුකරයි.
ඇස් වල ආසාත්මිකතා ඇතිවන්නේ ඇයි?අවට පරිසරයේ ඇති කුණුදුහුවිලි අංශු ඇතුල්වීමෙන් අපේ ඇස් තුළ ආසාත්මිකතා වර්ධනය විය හැකියි.ඒ හැර ආසාත්මිකතාවලට බලපාන හේතු කිහිපයක්:
- ඇතැම් ගස් හා පැළෑටි වලට ආසාත්මිකතා පෙන්වීම
- සුරතලුන්ගේ ලොම් (බල්ලන්ගේ හා පූසන්ගේ) වලට ආසාත්මික වීම
- දිලීර හේතුවෙන්
- අයි මේක්-අප් භාවිතය හෝ නිතර නිතර අපිරිසිදු දෑතින් ඇස් ඇතිලීම නිසා ද ඇස් වල ආසාත්මිකතා ඇතිවිය හැකියි.
ඇස් වල ආසාත්මිකතා දුරුකරන පිළියම් කිහිපයක්

සීතලෙන් තැවීම (සිසිල් සම්පීඩනය)ආසාත්මිකතාව නිසා ඇස් වල ඇතිවී ඇති ඉදිමුම, රතුගතිය හා කැසිල්ල සමනය කිරීමට මෙය උපකාරී වේ.අයිස් වතුර බඳුනක් ගෙන කපු රෙදි කැබැල්ලක් එහි පොඟවා (අතිරික්තය මිරිකා), ඇස් මත තබාගෙන ඉන්න.
මුහුණ හොඳින් සේදීම කැසිල්ල හා ඉදිමුම අඩුකරගැනීමට මුළින්ම හොඳින් මුහුණ සෝදා පිරිසිදු කරගන්න.ක්ෂණික සහනයක් නොලැබුණත් සුවවීමට දිගුකලක් ගත වීම වළක්වාගන්නට බොහෝදුරට මෙය උපකාරි වේ.
අමු මී පැණි අමු මී පැණි වල යම් ප්‍රමාණයක පරාග අඩංගුව තිබෙයි.මී පැණි පරිභෝජනය කිරීමෙන් ආසාත්මිකතාවලට එරෙහිව ප්‍රතිරෝධය ගොඩනැංවීමේ ප්‍රතිලාභය සිරුරට ලබාදෙන්නට ඒවාට හැකියි.ඇස් වල ගැල්වීම නොකළ යුතුයි.

තේ බෑග් ඇස් වල කැසිල්ල අඩුකරගැනීමට තේ බෑග් පිළියම උපකාරී වේ.හරිත තේ හෝ කලු තේ බෑග් තෝරාගන්න. ඒවායේ එපිගැල්ලොකැටෂින් ගැලේට් (EGCG) නම් සංඝටක අඩංගුයි.ඇස් වල ප්‍රදාහය අඩුකිරීමට මේවා උපකාරී වේ.භාවිතා කළ තේ බෑග් ශීතකරණයේ හෝ බෑග් දෙකක් සීතල වතුරට දමා මිනිත්තු 20 ක් තිබෙන්නට හරින්න.ඉන්පසු, ඒවා ඇස් මත මිනිත්තු 30 ක් තබාගෙන ඉන්න.මෙය ඉතා ඵලදායි පිළියමකි.
රෝස වතුර රෝස වතුර ආසාත්මිකතා දුරුකරන ස්වභාවික කාරකයක් ලෙස ක්‍රියාකරයි.ඉදිමුම, රතුගතිය හා ඇස් වල වියළි බව දුරුකරයි.ඇස් වල ඕනෑම ගැටලුවක් ඇත්නම් රෝස වතුර බිංදු 2-3ක් ඇසට වත්කරන්න.මින් ඇස් වලට හොඳ සහනයක් සැලසේ.
පිපිඤ්ඤාඉදිමුම,කැසිල්ල හෝ රතුගතිය අඩුකරවන පිළියමකි. පිපිඤ්ඤා පෙති දෙකක් කපා ඇස් පියන් මත තබාගෙන ඉන්න.ඇස් යනු ඉතා සංවේදී ඉන්ද්‍රියන් වේ. එබැවින් ඇස් වල අපහසුතාවක් ඇතිවේ නම්,කිසිඳු පිළියමක් උත්සහ කිරීමට පෙර, වෛද්‍යවරයෙකු වෙත යොමුවීමට සැළකිලිමත්වන්න.