බොඳව ගිය ඇස් පෙනීම නැවත ලබාදෙන නෙල්ලි පානය සතු ගුණ 16 ක්

health tips

පෝෂණීය ගුණයෙන් අනූන පළතුරක් වන නෙල්ලි යනු ආයුර්වේදය තුල භාවිතා කරන වටිනා ඖෂධයකි. එනම් දිනපතා නෙල්ලි ගෙඩියක් ආහාරයට ගන්නේ නම් ඉන් ශරීරගත රෝග ගණනාවක් සුව කරගත හැකිය. 

විටමින් A, C, කැල්සියම්, ජලය ,කැලරි, ශක්තිය, පොස්පරස්, යකඩ, රයිබොප්ලෙවින්, නියසින්, තයමින්…. යන ආදී පෝෂ්‍ය පදාර්ථ රැසක් නෙල්ලි වල  අඩංගු වන අතර ආයුර්වේදයට අනුව නෙල්ලි ත්‍රිදෝෂ හර වේ.  නෙල්ලි පලතුරක් ලෙස ආහාරයට ගැනීමෙන් බොහෝ රෝග සමනය වන්නා සේම ඖෂධයක් ලෙස භාවිතා කරන අවස්ථා ද බොහොමයක් පවතී. 

බොහෝ දෙනෙකු නෙල්ලි පලතුරක් ලෙස ආහාරයට ගන්නා අතර නෙල්ලි ව්‍යංජනයක්,චට්නියක් ලෙසද ආහාරයට ගනී. එමෙන්ම නෙල්ලි යුෂ පානය ද  බොහෝ දෙනෙකු අතර ප්‍රසිද්ධ වේ. මෙසේ නෙල්ලි දිනපතා ආහාරයට ගන්නේ නම් එමගින් බොහෝ රෝග සමනය කර ගත හැකිය. 

තරුණ පෙනුම රැක ගැනීම සඳහා දිනපතා නෙල්ලි යුෂ පානයක් ලෙස සකස් කර භාවිතා කරන්නේ නම් එමගින් වයස්ගත වීමත් සමඟ සමෙහි ඇතිවන රැළි වැටීම, අඳුරු වීම සමනය කර සම පැහැපත් කර ගත හැකිය. එනම් නෙල්ලි වල අඩංගු විටමින් A,C පෝෂ්‍ය පදාර්ථ සමග පෝෂණය කර සම පැහැපත් කරයි. 

හිසකෙස් වර්ධනය කරයි.හිසකෙස් වර්ධනය කිරීම සඳහා වැඩි දායකත්වයක් සපයන පලතුරු අතර නෙල්ලි ප්‍රමුඛ වේ. නෙල්ලි ආහාරයට ගැනීමෙන් හෝ නෙල්ලි යුෂ හිස මතට දමා සම්බාහනය කිරීමෙන් අකලට හිසකෙස් වැටීම,පැසීම වලක්වා ගෙන හිසකෙස් වර්ධනය කර ගත හැකිය. එමෙන්ම මෙය  බොහෝ දෙනෙකුට පවතින උකුණු කරදරයෙන් මිදීමට උපකාරී වන  ගුණදායක ප්‍රතිකර්මයකි.

සම පැහැපත් කරයි.සම පැහැපත් කර ගැනීම සඳහා දිනපතා නෙල්ලි යුෂ පානය කිරීම හෝ මද උණුසුම් ජලයට නෙල්ලි ගෙඩි කිහිපයක් තලා දමා එක් කිරීමෙන් සම පැහැපත් කර ගත හැකිය. එනම්

නෙල්ලි වල අඩංගු විටමින් A,C සමෙහි කොලජන් නිෂ්පාදනය වැඩි කර සම පැහැපත් කරයි. 

ඉස්සොරි සමනය කිරීම සඳහා-කීකිරිදිය, මුංඇට, නෙල්ලී, සුදු හදුන්, එළකිරෙන් හෝ තැඹිලි වතුරෙන් අඹරා හිස ගල්වා සම්බාහනය කර සෝදා හැරීමෙන් හිස්සොරි සමනය කර හිස කෙස් වර්ධනය කරගත හැකිය. 

අක්ෂි රොග සමනය කරයි.ඇස් පෙනීම දුර්වල වූ පුද්ගලයින්ට දිනපතා නෙල්ලි යුෂ පානයක් ලෙස සකස් කර භාවිතා කරන්නේ නම් එමගින් ඇස් පෙනීම වැඩි දියුණු කරගත හැකිය. එනම් නෙල්ලි වල අඩංගු විටමින් A ඇස් පෙනීමේ දුර්වලතා සමනය කර බොඳව ගිය පෙනීම නැවත වැඩිදියුණු කරයි.

දන්ත රෝග සඳහා-දත් ආශ්‍රිතව ඇතිවන රෝග මෙන්ම ,විදුරු මස් ආශ්‍රිත රෝග සමනය කර ගැනීම නෙල්ලි තැම්බූ වතුරෙන් කට සේදීම යෝග්‍ය වේ. 

හෘද රෝග පාලනය කරයි.හෘද රෝග ඇති වීම පාලනය කිරීම සඳහා නෙල්ලි පානයක් ලෙස හෝ පලතුරක් ලෙස ආහාරයට ගැනීම යෝග්‍ය වේ. නෙල්ලි ආහාරයට ගැනීමෙන් හෘදරෝග ඇතිවීමට හේතුවන  කොලෙස්ටරෝල් පාලනය කරයි. එනම් එමගින් හෘද රෝග ඇති වීම පාලනය කර ගත හැකිය. 

දද කුෂ්ට ආදී චර්ම රෝග සඳහා-නෙල්ලි, කොහොඹ පොතු වේලා කුඩු කර එම ස්ථානයේ ආලේප කිරීමෙන් එම රෝග සමනය වේ. 

ආහාර ජීර්ණය කිරීම සඳහා-නෙල්ලි යුෂ පානයක් ලෙස හෝ පළතුරක් ලෙස ආහාරයට ගැනීමෙන් ජීර්ණය ක්‍රමවත් කර ගත හැකිය. එනම් නෙල්ලි වල අඩංගු තන්තු ආහාර ජීර්ණය ක්‍රමවත් කරයි. 

සමේ ඇතිවන දහඩිය බිබිලි සඳහා නෙල්ලි, රසකිඳ, තැම්බූ ජලය රාත්‍රියේ පානය කිරීම යෝග්‍ය වේ.

දියවැඩියාව පාලනය කරයි.බොහෝ දෙනෙකුට පවතින නිදන්ගත රෝගයක් වන දියවැඩියාව පාලනය කර ගැනීම සඳහා නෙල්ලි ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එනම් නෙල්ලි වල අඩංගු තන්තු රුධිර ගත සීනි මට්ටම පාලනය කර දියවැඩියාව ඇති වීම වලක්වනු ලැබේ. මීට අමතරව 

  • කොලෙස්ට්‍රොල් පාලනය කිරීම සඳහා 
  • ශරීරයේ බර අඩු කිරීම සඳහා 
  • බඩ දැවිල්ල සමනය කිරීම සඳහා 
  • මුත්‍රා දැවිල්ල සඳහා 
  • අක්මාවේ ක්‍රියාකාරීත්වය සඳහා 
  • මල බද්ධය සඳහා

මෙවැනි රෝග ගණනාවක් සුව කර ගැනීම සඳහා නෙල්ලි පලතුරක් ලෙස යුෂ පානයක් ලෙස සකස් කර භාවිතා කිරීම යෝග්‍ය වේ.