විටමින් A,E,K, ඔමේගා මේද අම්ල, ප්‍රෝටීන්… යන ආදී පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු එළඟිතෙල් යනු ඖෂධීය ගුණ රැසක් අඩංගු තෙල් වර්ගයකි.
එළඟිතෙල් ඉන්දියාවේ ගුණදායක ආහාරයක් වන අතර පූජනීයත්වයෙන් සලකයි. එනම් ඈත අතීතයේ සිටම යාගහෝම සිදු කිරීම සඳහා එළඟිතෙල් භාවිතා කර තිබේ. ඊට අමතරව වර්තමානයේ රූපලාවන්ය සත්කාරයක් ලෙස ද එළඟිතෙල් භාවිතා කර තිබේ. ආහාර පිසින විට හෝ ඖෂධ ලෙස එළඟිතෙල් භාවිතා කිරීමෙන් රෝග ගණනාවක් සමනය කර ගත හැකිය.

ශරීරය පෘෂ්ඨිමත් කිරීමට-එළඟිතෙල් දිනපතා ආහාරයට ගන්නේ නම් එමගින් ශරීරය පෘෂ්ටිමත් කරගත හැකිය. ඊට අමතරව ආයුර්වේදය තුල ශරීරය පෘෂ්ඨිමත් කිරීම සඳහා නිපදවන විවිධ ඖෂධ වර්ග වලද එළඟි තෙල් අඩංගු වේ.
මතක ශක්තිය වර්ධනයට කුඩා ළමුන්ට මෙන්ම තරුණ වැඩිහිටියන්ට මතක ශක්තිය වර්ධනය කර ගැනීම සඳහා එළඟි තෙල් ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එනම් මේ සඳහා කුඩා ළමුන්ට දිනකට එක් වතාව බැගින් එළඟිතෙල් තේ හැන්දක ප්‍රමාණයක් ලබාදීම යෝග්‍ය වේ. ඉන් මානසික ආතතිය සමනය කරගෙන මොළයේ ස්නායු පද්ධතිය ආරක්ෂා කර ගත හැකිය.
හෘද රෝග පාලනයට-හෘද රෝග ඇතිවීමට හේතුවන කොලෙස්ටරෝල් අධික වීම සහ අධිරුධිර පීඩන තත්වයන් ඇතිවීම පාලනය කිරීමට එළඟිතෙල් ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එනම් දිනපතා එළඟිතෙල් හැන්දක් පමණ පානය කිරීමෙන් හෘද රෝග ඇති වීම පාලනය කර ගත හැකිය.
කොලෙස්ටරෝල් පාලනයට වර්තමානය වන විට බොහෝ දෙනෙකුට පවතින කොලෙස්ට්‍රෝල් පාලනය කිරීම සඳහා එළගිතෙල් ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එනම්
එළඟිතෙල් ආහාරයට ගැනීමෙන් ශරීරයේ අඩංගු LDL සහ VLDL යන අහිතකර කොලෙස්ටරෝල් මටිටම අවම කිරීම සිදුකරයි. මේ නිසා කොලෙස්ටරෝල් අධික පුද්ගලයින් එළඟිතෙල් ආහාරයට ගැනීම යෝග්‍ය වේ.
ඔක්සිකාරක ආතතියට-එළගිතෙල් ආහාරයට ගැනීමෙන් ඔක්සිකාරක ආතතිය ඇතිවීම වළක්වාගත හැකිය. එනම් එළඟි තෙල් වල අඩංගු ප්‍රතිඔක්සිකාරක ආතතියට එරෙහිව කටයුතු කර ඔක්සිකාරක ආතතිය සමනය කරනු ලැබේ. මේ සඳහා එළඟිතෙල් හැන්දක් පමණ දිනපතා ආහාරයට ගැනීම යෝග්‍ය වේ.
දෙතොල් වියළී යන විටක-අව්වට තොල් වියලුනු විටක ,තොල් පැලුණු විටක මෙන්ම තොල්වල අඳුරු පැහැය සමනය කර ගැනීමටද එළඟිතෙල් භාවිතා කළ හැකිය. එනම් රාත්‍රියේ නින්දට පෙර එළඟිතෙල් ස්වල්පයක් ගෙන තොල් සම්බාහනය කිරීම මගින් මෙම ගැටලු සමනය කර ගත හැකිය.
මී පැණි, එළඟිතෙල්, උක් හකුරු යන සියල්ල අනා ආහාරයට ගැනීම මගින් ශරීරය මහත් කර ගත හැකිය. රට ඉදි වල ඇට ඉවත් කර ඊට එළඟිතෙල් පුරවා මී පැණි මිශ්‍ර කර වීදුරු හෝ මැටි බඳුනකට දමා උදේ සවස එළකිරි සමඟ ආහාරයට ගැනීමෙන්ද ශරීරය මහත් කර ගත හැකිවේ.
එළඟිතෙල් සහ කිරි මිශ්‍ර කර ආහාරයට ගැනීමද ශරීරයේ පෘෂ්ඨිමත් බාවයට හේතුපාදකවේ.
නින්ද නොයෑම ,ආඝාතය,ඔස්ටියෝ පොරෝසිස් වැනි රෝග තත්ත්වයන් සමනය කිරීම සඳහා එළඟිතෙල් යොදා සම්බාහනය කිරීම සුදුසු වේ.
අක්ෂි රෝගයන්ට පරිගණක, ජංගම දුරකථන භාවිතා කරන පුද්ගලයින්ට පවතින ඇස් පෙනීමේ දුර්වලතා සමනය කරගෙන ඇස් පෙනිම වර්ධනය කරගැනීම සඳහා මෙන්ම බොහෝ දෙනෙකුට පවතින රාත්‍රී අන්ධතාවය වැනි රෝග සමනය කිරීමට ද දිනපතා එළඟි තෙල් තේ හැන්දක් පමණ ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එළඟිතෙල්වල අඩංගු විටමින් A ඇස් පෙනීම වැඩි දියුණු කිරීමට උපකාරී වේ. ඊට අමතරව ගිතෙල් ආහාරයට ගැනීමෙන් ඇස්වල වියළි බව දුරු කරගෙන ඇස් සජලීයව තබා ගත හැකිය.

හිසකෙස් වර්ධනය කිරීමටබොහෝ කාන්තාවන්ට පවතින හිසකෙස් පැලීම, හිසකෙස් වල වියළි ස්වභාවය වැනි හිසකෙස් ගැටලු සමනය කර ගැනීමට එළඟිතෙල් භාහිර සත්කාරයක් ලෙස භාවිතා කළ හැකිය. මේ සඳහා ස්නානය කිරීමට පෙර හෝ පෙරදා රාත්‍රියේ හිස කෙස් මත එළඟිතෙල් යොදා සම්බාහනය කර සෝදා හැරීම වඩාත් සුදුසු වේ.
මීට අමතරව එළඟිතෙල් , ඔලිව් තෙල් , තල තෙල් මිශ්‍ර කර මද වශයෙන් රත්කර හිස ගල්වා හොඳින් සම්බාහනය කර සෝදා හැරීම මගින් ද හිසකෙස් මෘදු කරගත හැකිය.
සම නීරෝගී කිරීමට වියළී ගිය සම සජලීයව තබා ගැනීම සඳහා එළඟි තෙල් භාවිතා කළ හැකිය. එනම් මේ සඳහා ස්නානය කිරීමට පැය භාගයකට ප්‍රථමව සම මත ගිතෙල් යොදා හොඳින් සම්බාහනය කිරීම යෝග්‍ය වේ.