දේහ ලක්ෂණ විද්‍යාව හෙවත් පුද්ගලයෙකුගේ ශරීරයේ ලක්ෂණ පිහිටා ඇති ආකාරය අනුව එම පුද්ගලයාගේ පෞරුෂත්වය පිළිබඳ අනාවැකි පළ කිරීම විවිධාකාරයේ ස්වරූප වලින් ලොව ප්‍රචලිත වි තිබෙනවා. පුද්ගලයෙකුගේ මුහුණේ ලක්ෂණ සහ ඔහුගේ/ඇයගේ පෞරුෂත්ව ගති ස්වභාවයන් අතර සම්බන්ධතාවයක් ඇති බව සඳහන් වන විද්‍යාත්මක පරියේෂණ හා අධ්‍යයන ඇසුරින් පවා පෙන්වා දෙනවා. පර්යේෂකයින් විසින් එසේ එලඹෙන ලද පෞරුෂත්වය ගැන කියවෙන අපූරු නිගමනයක් කිහිපයක් ගැනයි මේ .
- දිගු නාසය දිගු නාසයක් පිහිටා ඇති පුද්ගලයින් ඉතා අධිෂ්ඨානශීලීව බලාපොරොත්තු සහගතව ජීවත්වන, යහපත් සහජ ලක්ෂණ වලින් යුත් නායකයින් ලෙස කැපීපෙනීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන අය වන බවයි. තවත් කෙනෙකු යටතේ වැඩ කිරීමට අකමැතිය.තමන්ටම ආවේණික වූ ආකාරයකින් තීරණ ගනියි. හොඳ ඉවක් තිබෙයි.
- මුහුණේ රැළි මුහුණේ රැළි මතුවී තිබීම කෙනෙකුගේ වයස ගැන යම් අදහසක් ලබාදෙයි.ඊට අමතරව මේවා කෙනෙකුගේ චරිත ලක්ෂණ ගැන යම් නිහඬ ඉඟි ලබාදෙයි.හැඬීම,සිනාසීම,රැවීම වගේ විවිධ චිත්තාවේග ප්‍රකාශ කිරීමේදි මුහුණේ විවිධ මාංශ පේශීන් ඊට යොදාගැනෙන විට මුහුණේ රැළි පෑදෙයි.උදාහරණයක් ලෙස කෙනෙකුගේ ඇස් සහ තොල් කොන් රැළි ගැසෙනවා නම් ඉන් බොහෝ විට පෙන්නුම් කරන්නේ ඔහු/ඇය ඉතා ප්‍රීති ප්‍රමෝදයෙන් ඉන්න පුද්ගලයෙකු බවයි.
- වක්‍ර ඇහිබැමි ඉහළට උල් වී නොමැතිව ඇස් වල ස්වභාවික වක්‍රයට සමානව ඇහි බැමි පිහිටා තිබීම එම පුද්ගලයා කරුණාවන්ත,පරිත්‍යාගශීලී සහ සැමවිටම අන් අයගේ ජීවිතයට සතුට ගෙන එන ආකාරයක් ගැන සිතීමට වෙහෙසන කෙනෙකු බවට සංඥා කරයි.එවැනි පුද්ගලයින් තමන් මෙන්ම අන් අයගේ අවශ්‍යතා වලට ප්‍රමුඛස්ථානය ලබාදෙයි.සහකම්පන ගුණාංගය නිසා ඔවුන්ට අන් අය සමඟ හොඳින් සන්නිවේදනය කිරීමේ හැකියාව තිබෙයි.අන් අයගේ පිළිගැනීමට ලක්වෙයි.මිත්‍රශීලී ගතිගුණ සතුවෙයි.
- වකුටු නාසය කුරුළු හොටක් මෙන් වකුටු නාසයක් පිහිටා තිබීම එම පුද්ගලයා තරමක් අහංකාර සහ සෘජුව කතා කරන කෙනෙකු බව පෙන්නුම් කරයි.තම මත නොබියව ප්‍රකාශ කරයි.අවදානම් ගැනීමට බිය නොවෙයි.පිරිසක් අතර සිටියදී පවා කැපීපෙනෙයි.තමන්ට ආවේණික නීති රීති සහ ආකල්ප සමූහයක් අනුගමනය කරයි.ඉක්මනින් මිතුරන් ඇතිකරගැනීමට ඔවුන්ට හැකියි.ඔවුන්ගේ සෘජු ගුණය නිසා ඇතැම් අය ඔවුන් ආත්මාර්ථකාමී අය ලෙස සිතයි.
- මහත යටි තොළ මෙවැනි ලක්ෂණ පිහිටීමක් ඇති අය එක තැනකට කොටු වී වැඩ කිරීමට අකමැතිය.විනෝදකාමී ජීවිත ගත කරයි. ලෝකය දැකීමට ප්‍රිය කරයි. ජවසම්පන්නය.දැඩි කුතුහලයකින් පෙළෙන අතර ගවේෂණයට දැඩි කැමැත්තක් දක්වයි.නව අත්දැකීම් ලැබීම සතුටක් ලෙස දකියි.අන් අයගේ ආකර්ෂණය දිනාගනියි.
- උල් වූ නිකට අධිෂ්ඨානශීලී වගේම මුරණ්ඩු ගති පැවතුම් ඇති බවට ලක්ෂණයක් ලෙස සැලකේ.අසීරු කාලයන්ට හොඳින් මුහුණ දෙයි.උල් වූ නිකට, නාසය හා තොල් ඇති පුද්ගලයින් ඉතා සමාජශීලීය.අන් අය සමඟ පහසුවෙන් කතාවට වැටීමට ඔවුන්ට හැකිය.අරමුණක් වෙනුවෙන් කැප වි වැඩ කිරීම මොවුන්ගේ ලක්ෂණයකි.හොඳ නායකත්ව ලක්ෂණ පෙන්නුම් කරයි.
- පළල් කම්මුල් කම්මුල් මූර්තිමත්ව පිහිටීම පුද්ගලයාගේ තරුණබව පෙන්නුම් කරන ලක්ෂණයක්. මුහුණ පළලින් වැඩි අයගේ සිරුරේ ටෙස්ටෙස්ටරෝන් මට්ටම වැඩිය.කොපුල් අස්ථි වඩාත් පළල්ව පිහිටා ඇති පුද්ගලයින් බලපෑම් ඇතිකරවන, කලහකාරී ආක්‍රමණශීලි පුද්ගලයින් බව විද්‍යාත්මක පැහැදිලි කිරීමකි. මින් අදහස් කරන්නේ එවැනි පුද්ගලයින් භයානක බව නොවේ. ඔවුන් ගැටුමක් වැනි අවස්ථාවක එය මගහැර නොයා ඊට ආවේගශිලීව ප්‍රතිචාර දැක්වීමේ ප්‍රවණතාව වැඩි බව ඉන් කියවේ. තමන් සිතන දේ හරි බව නිතර සිතයි.
- මූර්තිමත් හණු කැපී පෙනෙන හණු/හකු ප්‍රදේශයක් තිබීම ප්‍රබල පෞරුෂත්වයක් ඇති අයෙකු බව පෙන්නුම් කරන ලක්ෂණයක් ලෙස සැලකේ.මොවුන් සතුව ඉහළ කායික ශක්තියක් ඇත.දේවල් කිරීමට පෙර හොඳින් සැලසුම් කිරිම මොවුන්ගේ ක්‍රමයයි.ඔවුන් තම හැඟීම් ගැන කතා කරන්නේ ඉතා අඩුවෙනි. මූර්තිමත් හණු නීරෝගී සෞඛ්‍ය සම්පන්න බව පෙන්නුම් කරන ලක්ෂණයක් ලෙස ද හඳුන්වයි.
- රවුම් කම්මුල් මුහුණේ රවුම් හැඩය (නළල,කම්මුල් හා නිකට රවුම්බව) පුද්ගලයෙකුගේ කරුණාවන්තබව සහ පරිත්‍යාගශීලී ගුණය විදහා පාන ලක්ෂණයක් ලෙස සැලකේ.අන් අයගේ ආදර ගෞරවයට පාත්‍රවෙයි.අන් අයගේ අවශ්‍යතා වලට ප්‍රමුඛස්ථානය දේ.සැබෑ මිතුරෙක් ලෙස ලඟින් සිටියි.පරාර්ථකාමී ගුණය කැපී පෙනෙයි.අන් අය වෙත වැඩි අවධානයක් දෙන නිසා තමන්ගේ සිතැඟි අවශ්‍යතා හඳුනාගැනීමට බොහෝ විට මොවුන් අපොහොසත්වේ.මෙහි හොඳට මෙන්ම නරකට ද බලපෑ හැකියි.
- නිතර මුහුණලා සිටින පැත්ත ඡායාරූපයක් ගනිද්දී ඔබ ලස්සනයි කියා සිතෙන නිතර මුහුණලා සිටින පැත්ත කුමක්ද? චිත්තාවේගී (සංවේදී) සහ භාවප්‍රකාශිත (දැනෙන හැඟෙන දේ පවසන) ගුණාංග ඇති අය නිතර වම් කම්මුල ඉදිරියට හරවමින් ඡායාරූප වලට පෙනී සිටීමේ ප්‍රවණතාව වැඩි බව පෙන්වාදෙනවා.මුහුණේ දකුණු පස හරවා සිටින අය බොහෝ විට විද්‍යාත්මකව සිතන පතන අය වීමේ ප්‍රවණතාව වැඩි බව ද සඳහන් වෙනවා.
- කුඩා කටක් පිහිටීම සම්බන්ධතාවකදී තමන් ගැන පමණක් වැඩි අවදානයක් යොමුකිරීම මෙවැනි අයගේ ලක්ෂණයක් බව සඳහන්.එහෙත් සබඳතාව තුළ තමා අනාරක්ෂිත නොමැති බව තහවුරු වූ පසු අනෙකා වෙනුවෙන් සමාන අවධානයක් හා කැපකිරීමක් කිරීමට මොවුන් පසුබට නොවේ.ප්‍රබල හේතුවක් නොමැතිනම් ත්‍යාගශීලීවීම මොවුන්ට ඉතා අසීරුය.
මුහුණේ ඇතැම් ලක්ෂණ ඔබේ සෞඛ්‍ය පිළිබඳව ඉඟි ලබාදෙයි
සම සහ තොල් වල අධික වියළිබව- මෙය විජලනය නිසා ඇතිවිය හැකියි.මන්දතයිරොයිඩතාව (තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරීත්වය අඩුකම) නිසා ද මෙම රෝග ලක්ෂණ ඇතිවෙයි.සීතල හෝ අධික තෙහෙට්‍ටුව ද බලපෑ හැකියි.දියවැඩියා රෝග ලක්ෂණයක් විමට ද පුළුවන.
අධික රෝම වර්ධනය-පුරුෂ හෝර්මෝන මට්ටම් අසමතුලිතතාවක ලක්ෂණයක් විය හැකියි.නමුත් කලබල විය යුතු නැහැ. ඇතැම් අයට මෙම ලක්ෂණය ජාන වලින් ද පැමිණිය හැකියි.
ඇස් වල ඉදිමුම-ඇස් වල විඩාබර බව ප්‍රධාන හේතුවකි.මන්දතයිරොයිඩතාව, නිද්‍රා ඇප්නියාව, නින්ද නොමැතිකම වැනි ලෙඩ රෝග නිසා ද මෙම ලක්ෂණය මතුවිය හැකියි.
සම දුර්වර්ණ වීම-සමේ පැහැය වෙනස්කම් වලට ලක්වීම සෞඛ්‍ය ගැටලු පිළිබඳ සංඥා කරනවා විය හැකියි. සුදු මැලි සම රක්තහීනතාවේ ලක්ෂණයකි.සම කහ වීම අක්මාව ලෙඩකරවන ජෝන්ඩිස් තත්වය නිසා විය හැකියි.තොල් සහ නිය තැටි අවපැහැ වීම හෘදය හා පෙනහළු ආශ්‍රිත ගැටලු නිසා විය හැකියි.මෙලනින් මට්ටම් වෙනස්විම නිසා ද සමේ තැනින් තැන අඳුරු විය හැකියි.බොහෝ විට මීට හේතුව හිරු එළියට නිරාවරණය වීම හෝ ඇතැම් ආලේපන ඖෂධ භාවිතයයි.