කාන්තා පිරිමි හැමෝම මුහුණේ සිදුරු බාහිරට පෙනෙන්නට තියෙන නිසා බොහෝ කලකිරීමට පත්වෙලා ඉන්නවා. නමුත් ඔබ දැනගත යුතු කාරණාව තමයි අපේ මුහුණේ අපේ ඇසට පෙනෙන්නේ නැතිව බොහෝ සිදුරු තිබෙන බව. යම් ආකාරයකට මුහුණේ සිදූරු දකින්නට තියෙනවා නම් එයින් අදහස් වෙන්නේ ඒවායේ අපද්‍රව්‍ය තැන්පත් වෙලා ඇති බව. ඒ වගේම තමයි මේ සිදුරුවල අපද්‍රව්‍ය සිරවීම නිසා ඔබට වඩාත්ම කරදරකාරී ගැටලුවක් වන බ්ලැක් හෙඩ්ස් ඇතිවෙන්නටත් පුළුවන්.
කොහොමවුණත් අපේ මුහුණේ තියෙන සිදුරුවල ප්‍රමාණය තීරණය වෙන්නේ ජාන මත. ඒ හැරුණාම මුහුණේ සිදුරු ඇතිවෙන්නට අපේ යම් යම් වැරදි අඩුපාඩුත් හේතු වෙනවා. අපි අද ඔබට කියන්නට යන්නේ මේ මුහුණේ කරදරකාරී සිදුරු වසා ගන්නට ඔබේ මුහුණේ සුන්දරත්වය වඩාත් වර්ධනය කරගන්නට උදව්වෙන කාරණා කිහිපයක් පිළිබඳව.
මුහුණේ සිදුරු අවහිර කරන කරගන්නට දිනපතාම අනුගමනය කළ යුතු දේවල්

දුරකථනය මුහුණට සමීපව තබා නොගැනීම අද වෙද්දි ජංගම දුරකථනය වැසිකිලියට ගියත් නාන කාමරයට ගියත් වෙනත් ගමනක් බිමනක් ගියත් රැගෙන යන අපේ අතින් ගිලිහෙන්නේම නැති අත්‍යවශ්‍ය මෙවලමක් වෙලා නේ. නමුත් අපි ජංගම දුරකතනය වැසිකිළිය නාන කාමරය ආදී ස්ථානවලට රැගෙන යාමේන් ඒවායේ ඇති ඇසට නොපෙනෙන බැක්ටීරියා ඉතා ඉක්මනින්ම දුරකථනය වෙත ඇදී එනවා. දුරකථනය නිසි ලෙස පිරිසිදු කිරීමකින් තොරව අපි අපේ මුහුණ ආසන්නයේ තබා ගැනීමෙන් ඒ විෂබීජය මුහුණට එනවා. එය මුහුණේ සිදුරු තවදුරටත් විශාල වෙන්නට හේතුවක් වෙනවා.
සූර්යයාට නිරාවරණය වීම හැකිතාක් අඩුකිරීම හිරු එළියට නිරාවරණය වීම මගින් සම විජලනයට පත්වීම සිදු වෙනවා. එය සමේ තෙල් ග්‍රන්ථි කාර්යක්ශම කරන්නට හේතුවක් වෙනවා. එමඟින් සමේ සිදුරු විශාල වීමක් සිදු වෙනවා. නිතර නිතර ඔබ මෙසේ හිරු එළියට නිරාවරණය වුනොත් මුහුණේ සිදුරු බොහෝ විශාල වෙන්න පුළුවන්. ඒ නිසා හැකිතාක් හිරු එළියට නිරාවරණය වීමෙන් වැලකී ඉන්න එක හොඳයි.
මේකප් නිසි ලෙස ඉවත් කර නොගැනීම ඔබ මුහුණට දාන මේකප් එක නිසි පරිදි ඉවත් කරන්නේ නැත්නම් හෝ මේකප් උපකරණ නිසි පරිදි පිරිසිදු කරන්නේ නැත්නම් එමගින් ඔබේ මුහුණේ ඇති සිදුරු විශාල වෙන්නට පුළුවන්. නිසි පරිදි මේකක් ඉවත් නොකිරීම අක්ෂි සෞඛ්‍යයටත් අහිතකර ලෙස බලපාන්නට පුළුවන්.
ටෝනර් භාවිතා කිරීම මුහුණේ සිදුරුවල දිගු කාලීනව යම් යම් අපද්‍රව්‍ය රැඳීම ඒ සිදුරු විශාල වෙන්නට වගේම සිදුරු බිත්තිවලට ස්ථිරවම හානි සිදු කරන්නටත් හේතුවක් වෙනවා. ඒ වගේම තමයි ලප කැලැල් පවා මේ නිසා ඇති වෙනවා. නමුත් දිනපතාම මුහුණ හොඳින් පිරිසිදු කර ගන්නට අපද්‍රව්‍ය ඉවත් කරගන්නට ටෝනර් එකක් භාවිතා කරනවා නම් එය ඔබේ මුහුණේ සිදුරු විෂබීජවලින් තොර කරගන්නට විශාල උදව්වක් වෙනවා..
දවසට කිහිපවරක් ස්ක්‍රබ් නොකිරීම ස්ක්‍රබ් කිරීමෙන් සමේ සිදුරු අවහිර කරන අපිරිසිදු මියගිය සෛල වගේම වැඩි වශයෙන් ඇති තෙල් ඉවත් කරනු ලබනවා. එයින් සැබැවින්ම මුහුණේ සිදුරු වුණත් කුඩා වී යනවා. නමුත් මෙය උදෑසන වගේම සවස කාලයේදීත් සිදු කිරීමෙන් ඇතිවන්නේ අහිතකර තත්ත්වයක්. මොකද සාමාන්‍යයෙන් ස්ක්‍රබ් කළ යුත්තේ සතියට 1-2 පමණයි. අධික ලෙස ස්ක්‍රබ් කිරීම සම වියලිවීමට ස්වාභාවික තෙල් තට්ටුව විනාශ වීමට වගේම වටපිටාවේ දූවිලි පවා උරා ගන්නට හේතු වෙනවා.
අඩු කාලයක් තුළ නැවත නැවත මේකප් නොයෙදීම ඇතැම් අය මේ මේකප් එක පැය දෙක තුනකට පසුව නැවත නැවත අලුත් කරනවා. නමුත් එයින් සම ස්වාභාවිකව තෙල් නිපදවන නිසා නිතර නිතර මේකප් තවරා ගැනීමෙන් තෙල් වගේම මේකප් යන දෙකම එකතු වෙලා අපිරිසිදු කුණු තට්ටුවක් හැදිලා සම මත කුරුලෑ ඇති වෙනවා. මේ නිසා මුහුණේ සිදුරු ඇතිවෙන්නටත් ඍජුව බලපැම් කරනවා.
රෙටිනෝල් අඩංගු රූපලාවණ්‍ය නිෂ්පාදන භාවිත කිරීම සමේ ඇතිවන සිදුරු ඉතා පහසුවෙන් වසාගන්නට කුඩා කරගන්නට අපහසු නමුත් එය බාහිරට පෙනෙන්නට තියෙන හැකියාව අඩුකර ගන්නට කුඩාවට පෙනීමට සකසන්නට හැකියාවක් තියෙනවා. මේ සඳහා රෙටිනෝල් භාවිතා කිරීමට අපිට සිදු වෙනවා. මේ රෙටිනෝල්සමේ සෛල පිරිවැටුම වැඩි කළ හැකි සහ සමේ ඝනත්වය වැඩි කළ හැකි විටමින් A අන්තර්ගතයක් විදිහට සලකනු ලබන්නවා. ඒ වගේම මේ රෙටිනෝල් භාවිතයෙන් මුහුණේ සිදුරුවල සිරවී ඇති කුණු දූවිලි පවා ඉවත් කර ගන්නට හැකියාව පවතිනවා.
තෙල් අඩංගු හිසකෙස් නිෂ්පාදන භාවිතා කිරීම හිසේ ගල්වන වන සෑම දෙයක්ම අපේ මුහුණේ සමට බලපානවා. විශේෂයෙන්ම හිස්කෙස් සත්කාරක නිෂ්පාදනවල අඩංගු වෙන තෙල් ඔබේ සමට ගමන් කරන්නට හැකියාව තියෙනවා. එය මුහුණේ සිදුරු අවහිර කරන්නට සමත් වෙනවා. නළල, මුහුණේ පැති සහ බෙල්ල වගේ ස්ථාන සමඟ ස්පර්ශ වන වීමෙන් මෙය සිදුවෙනවා. නමුත් ඇතැම්විට මෙය ඔබේ මුහුණේ කුරුලෑ ඇති කරන්නට හේතු වෙන්නට හැකියාවක් තියෙන නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න.

කුරුලෑ කැඩීමෙන් වැළකීම අද බොහෝදෙනෙක් තුළ තියෙන නරක පුරුද්දක් තමයි කුරුලෑ අතින් කඩන එක. කුරුලෑ විතරක් නෙවෙයි බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් ආදිය කැඩීමෙන් වුණත් මේ කියන මුහුණේ වළවල් ඇති වෙන්නට හේතුවෙනවා. මොකද කුරුලෑවක් කැඩීමෙන් ඒ ස්ථානයේ තුවාල වී බැක්ටීරියාවලට නිරාවරණය වෙනවා.ඒ වගේම නිස්සාරණයට සූදනම් නැති කුරුලෑ කැඩීමෙන් සමේ අභ්‍යන්තර ස්ථරවලට පවා බැක්ටිරියා ඇතුළු වෙන්නට පුළුවන්.ඒ නිසා සමේ සිදුරු විශාල වී කැලැල් ඇතිවීමෙන් සමේ පෙනුම නැතිව යනවා.
සමේ තෙල් ඉවත් කරන කඩදාසි නිතර භාවිතා නොකිරීම අධික උණුසුම් කාලගුණ තත්ත්වයකදී අධික ලෙස දහදිය දැමීම සහ තෙල් තැන්පත්වීම නිසා තෙල් ඉවත් කරන කඩදාසි භාවිතා කිරීම වරදක් නැහැ. නමුත් එය පමණ ඉක්මවා නිතර නිතර භාවිතා කිරීම සමට හානිදායකයි. සම මත නිතරම තුනී තෙල් තට්ටුවක් තිබීම අවශ්‍ය කාරණයක් නමුත් මේවා නිතරම ඉවත් කරන විට සමට තෙල් නිපදවීමට බල කෙරෙනවා. ඒ විතරක් නෙවෙයි කුඩා සිදුරු විශාල වෙන්නටත් එය හේතු වෙනවා.
හානිකර ආහාරවලින් වැළකීම විශේෂයෙන්ම මධ්‍යසාර කිරි ආශ්‍රිත නිෂ්පාදන, පිරිපහදු කළ සීනි, අධික කුළු බඩු සහිත ආහාර සමේ කුරුලෑ ඇති කරන්නට හේතු වෙනවා.කුරුලෑ sebaceous ග්‍රන්ථි සහ කෙස්වල ඇති විවරයන් දුර්වල කරනවා. එමගින් සමේ සිදුරු විශාල වී පෙනීම සිදු වෙනවා.
සමේ සිදුරුවල ප්‍රමාණය අඩුකර ගන්නට ඒවා බාහිරට පෙනීම අවම කර ගන්නට ඔබ ඒ කාරණා පිළිබඳව අවබෝධයෙන් යුක්තව කටයුතු කිරීම වැදගත්.