වයසට යන විට සම රැළි වැටීම සාමාන්‍ය වුවත් තරුණ කාලයේදීම එවැනි ලක්ෂණ මුහුණේ මතුවීමට පටන්ගැනීම ඔබේ සුන්දරත්වයට හානි කළ හැකියි.අකලට සම වියපත් වීමට නොයෙකුත් හේතුසාධක බලපෑ හැකියි.සමට හොඳ තෙතමනයක් හා පෝෂණයක් නොලැබීම මෙන්ම සමට හොඳින් සත්කාර නොකිරීම ඒ අතරින් ප්‍රධානයි.ඊට අමතරව නොයෙකුත් සෞඛ්‍යමය හේතු ද මේ තත්වයට බලපෑ හැකියි.
සම රැළි වැටීම වළක්වමින් සමේ තරුණ ප්‍රබාව වැඩිදියුණු කරවන ආයුර්වේද උපදෙස් කිහිපයක් ගැනයි අද අප ඔබව දැනුවත් කරන්නේ.
හොඳින් වතුර පානය කරන්න වතුර ඔබේ සමේ නීරෝගී හා තරුණ පෙනුම ආරක්ෂා කරගැනීමට අතිශයින්ම වැදගත් වන දෙයකි.සිරුරේ 70%කට වඩා සමන්විත වන්නේ වතුර වලින්ය. වතුර ඔබේ සමේ තෙතමනය ඇතිකර වියළීම, රැළි වැටීම, ඉරි තැලීමෙන් ආරක්ෂා කරයි.සමේ මෘදු සුමුදු බව වැඩිකරයි. සමට හානිකර බලපෑම් ඇතිකළ හැකි වස විස අපද්‍රව්‍ය සිරුරෙන් ඉවත් කර සිරුර විෂහරණය කරයි.දිනකට වතුර ලීටර් 2-3ක් පමණ පානය කිරීම ඔබේ පුරුද්දක් කරගන්න. වතුර අන්තර්ගතය වැඩි පැණි කොමඩු, පිපිඤ්ඤා, කෙසෙල්,තක්කාලි,බෙරි වර්ග, සලාද කොළ,පැඟිරි පලතුරු,සැල්දිරි ආදී පලතුරු එළවළු වර්ග පරිභෝජනයට එක්කරගන්න. සිසිල් බීම, ශක්තිජනක බීම වැනි සීනි අධික අන්තර්ගතයක් ඇති පාන වලින් වළකින්න. අධික සීනි සමට ඉතා හානිකරයි.

මුහුණ තදින් අතුල්ලමින් පිසදැමීම නොකළ යුතුයි.මුහුණ පිසදමන විට තුවායෙන් සම ඇදී යන සේ අතුල්ලමින් පිසදැමීම නොකර මෘදුව සම තෙත මාත්තු කිරීම පමණක් සිදුකරන්න. තුවාය සම මත යළි යළි තබමින් ඊට තෙත උරාගැනීමට සලස්වන්න.මෙය සමට මෘදුය. තුවාය මුහුණේ අතුල්ලමින් පිසදමන විට සම ඇදීයාම, සුළු සීරීම් හා හමයාම් ඇතිවීම, අධිකව වියළීම වැනි ගැටලු ඇතිවිය හැකියි.දහඩිය පිසදමන විට පවා මුහුණ තදින් පිසදැමීම නොකරන්න.
උණු වතුරින් ස්නානය කිරීමෙන් වළකින්න උණු වතුරින් නිතිපතා ස්නානය කිරීම සමට අහිතකරව බලපෑ හැකියි. මද උණුසුම් වතුර හෝ කාමර උෂ්ණත්වයේ වතුර මුහුණ හා ඇඟ සේදීම සඳහා වඩාත් යෝග්‍යයයි.නිතර නිතර මුහුණ සේදීමෙන් වළකින්න.සමට මෘදු සබන් හෝ ක්ලෙන්සර් වර්ගයක් භාවිත කරන්න.
පෝෂ්‍යදායි ආහාර පාන ලබාගන්න-විටමින්, ඛනිජ ලවණ,ප්‍රෝටීන්,තන්තු, හිතකර මේද ඇතුළු සමට හා සිරුරේ නීරෝගී ක්‍රියාකාරීත්වයට අතිශයින්ම වැදගත් පෝෂක වලින් අනූන එළවළු ,පලතුරු, ධාන්‍ය වර්ග පරිභෝජනය කරන්න. විශේෂයෙන්ම විටමින් C හා E අඩංගු ආහාර පාන ආහාරයට එක්කරගන්න. සූර්යකාන්ත ඇට හා ආමන්ඩ් වැනි ඇට වර්ග ද සමට ඉතා ගුණදායීය. සීනි හා පිෂ්ටය අධික රසකැවිලි ,බේකරි ආහාර, සැකසුම් ක්‍රියාවලියට ලක්කළ මාංශ ආහාර, ගැඹුරු තෙලේ බදින ලද ආහාර, මේද අධික ආහාර,ලුණු බහුල ආහාර පරිභෝජනය හැකිතාක් සීමා කරන්න.
සමට ස්වභාවික සත්කාර ලබාදෙන්න-ස්වභාවික අමුද්‍රව්‍ය වලින් සකසන මෙම සත්කාර ක්‍රම මඟින් සමේ මෘදු මොළොක් බව වැඩිකර, සමේ රැළි වැටුණු ස්වභාවය අඩුකර සමේ ඔපය වැඩිකරයි.
පළමු ක්‍රමය-කිරි යොදය (මිල්ක් ක්‍රීම්) මේස හැඳි 1ක් හා කහ කුඩු තේ හැඳි 1/2ක් බඳුනකට දමා හොඳින් මිශ්‍ර කරන්න.පිරිසිදු කරගත් මුහුණේ හා බෙල්ල ප්‍රදේශයේ මෙය ආලේප කරන්න.මිනිත්තු 20-30කට පසු මද උණුසුම් වතුරෙන් මුහුණ සෝදාහරින්න.
දෙවන ක්‍රමය-හැන්දකින් පොඩිකරගත් ඉදුණු අලිගැට පේර මද මේස හැඳි 1/2ක් ඔලිව් තෙල් හෝ පොල් තෙල් මේස හැඳි 1/2 ක් සමඟ මිශ්‍ර කරන්න.පිරිසිදු කරගත් මුහුණේ හා බෙල්ල ප්‍රදේශයේ මෙම මිශ්‍රණය ඇඟිලි තුඬු වලින් හොඳින් ආලේප කර මිනිත්තු 20-30ක් පමණ තබන්න.තෙත ටිෂු හෝ තෙත රෙදි කැබැල්ලකින් මෘදුව ආලේපනය පිසදමා ඉවත්කරගන්න.
පිරිසිදු මතුපිට වල සෙරෙප්පු රහිතව ඇවිදින්න.මෙය විශ්වශක්තිය සිරුරට උරාගැනීමට සලස්වන ක්‍රමයක් බව මතයක් පවතියි.මෙය ඔබේ සිරුර තවත් ශක්තිමත් කරවන බව අදහසයි.
නිවස තුළම නොසිට එලිමහනේ ද කාලය ගත කරන්න-උදෑසන කාලයේ මිනිත්තු 7-8ක් පමණ හිරු එළියට නිරාවරණය වීමෙන් ඔබේ සිරුරේ විටමින් D සංස්ලේෂණයට හොඳ සහයක් ලැබේ. විටමින් D ඔබේ සම ප්‍රාණවත් කරයි.එලිමහනේ නිදහසේ ගත කළ හැකි තැන් වලට යාමෙන් ඔබේ සිරුරේ ආතතිය පීඩනය අඩුකරගනිමින් හොඳ සැහැල්ලුවක් අත්විඳගැනීමට ඔබට හැකිවේවි.ආතතිය සම අකලට වියපත් වීම වේගවත් කරන අවදානම් සාධක වලින් එකක් බව වෛද්‍ය විද්‍යාත්මකව ද සොයාගෙන තිබෙයි.
භාවනා කරන්න-මනස් එක්තැන්කරගෙන භාවනානුයෝගී වීම ඔබේ මනසට මෙන්ම කායික යහපැවැත්මට ද ඉහළ මට්ටමේ ප්‍රතිලාභ ලබාදෙයි. මනස සැහැල්ලු හා සන්සුන් කර සිරුරේ තෘප්තිය ඇතිකරවන හෝර්මෝන ස්‍රාවයන් ඉහළ දමයි.ආතතිය දුරුකරයි.දිනකට මිනිත්තු 5-10ක් පමණ භාවනා වල යෙදීම ඔබේ පුරුද්දක් කරගන්න.
සිරුර විෂහරණය කරවන ‘කපාලභාති’ හා ශරීර පද්ධති නීරෝගී හා ලිහිල්කරවන ‘සිවුවන යෝගේන්ද්‍ර ප්‍රනායම’ වැනි ප්‍රනායම ඉරියව් පුහුණුවන්න.මෙම ඉරියව් මඟින් නැවුම් වාතාශ්‍රය සිරුර තුළට ගමන් කිරීම වැඩිවේ. සිරුරට හොඳින් ඔක්සිජන් ලැබීමෙන් සමේ නීරෝගි බව දවැඩිවෙයි.

දුම්බීම වැනි පුරුදු අත්හරින්න.දුම්බොන අය ගැවසෙන ස්ථාන වලින් ඈත්ව සිටින්න. මෙසේ ද්විතියිකව සිගරට් දුමට නිරාවරණය වීම පවා අපේ ශරීර සෞඛ්‍යයට හානිකර බව සොයාගෙන තිබෙයි. සිගරට් වල අඩංගු නිකටින් වැනි ද්‍රව්‍ය සිරුරේ ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වයට බරපතල හානි ඇතිකරවයි.
දිනපතා ව්‍යායාම වල යෙදෙන්න-මින් සිරුරේ අනවශ්‍ය මේද දහනය වී මූර්තිමත් බවක් සිරුරට ලැබේ. වස විස ද්‍රව්‍ය දහඩිය සමඟ ඉවත් වීම වේගවත් වන නිසා සමේ කාන්තිමත් බව වර්ධනය වේ.
- ‘සිංහාසනය’ වැනි යෝගා ඉරියව් වල යෙදීම මුහුණේ රුධිර සංසරණය වැඩිකරවයි.එමෙන්ම මුහුණේ ස්නායු උත්තේජනය කරවමින් එහි මෘදු මොළොක් බව රකියි.
පළමුව වජිරාසනය හෙවත් දණහිස් පිටුපසට නවා බිම වාඩි වෙන්න. දණහිස් පළල් කර දෙපසට විහිදුවන්න. ඔබේ අත් දෙක බිම තබා සිරුර මදක් ඉදිරියට බර කරන්න.ඇඟිලි ඔබේ සිරුර දෙසට විහිදී තිබිය යුතුයි.හැකිතාක් කට විවෘත කර දිව එලියට දිගු කරන්න.ඇස් හොඳින් විවෘත කර ඉහළ බලන්න.තත්පර 30ක් පමණ සාමාන්‍ය පරිදි හුස්ම ගනිමින් මෙම ඉරියව්වෙන් රැඳෙන්න. නැවත ආරම්භක ඉරියව්වට පැමිණෙන්න.සැහැල්ලු වන්න.
දෙවන ක්‍රමය-මුහුණ ඉලක්ක කරමින් සිදුකරන යෝගා ක්‍රම යටතේ එන මෙම ක්‍රමයේදී 10ට ගණින තුරු හැකි උපරිමයෙන් කට දෙපසට විහිදා සිනාවක් මුහුණට නගාගත යුතුයි.ඇස් වසාගෙන තත්පර 30ක් පමණ මෙසේ කර පසුව සැහැල්ලු වෙන්න.මෙය දිනකට වාර 5ක් පමණ කරන්න.