නින්ද නොයාම කියන්නේ වර්තමානයේ බොහෝ දෙනෙක්ට තිබෙන ගැටළුවක්. ඇතැම් අයට නින්ද නොයන්නේ ඉන්සොම්නියා කියන නින්ද නොයාමේ රෝග තත්ත්වය නිසයි. ඒ වගේම ඇතැම් අයට නින්ද නොයන්නෙ දහවල් කාලයේ වැඩිපුර නිදා ගැනීම නිසා හෝ රෑටත් එක දිගට ජංගම දුරකතනය පාවිච්චි කරමින් සිටින නිසයි. මේ කොහොම වුණත් ඇතැම් විට කාංසාව නිසා හෝ ඊළඟ දිනයේ විශේෂ වැඩ කටයුත්තකට සහභාගි වීමට නියමිතව තිබියදී ඒ පිළිබඳව ඇතිවන නොඉවසිල්ල, කනස්සල්ල සහ කලබලකාරී ගතිය නිසාත් නින්ද නොයන අවස්ථාවන් තිබෙනවා. ඉතින් මේ වගේ ඊළඟ දිනයේදී විශේෂ වැඩ කටයුත්තකට සහභාගි වීමට තිබියදී පෙරදා රාත්‍රියේ හොඳ නින්දක් ලබා නැත්නම්, එය ප්‍රබෝධමත්ව සාර්ථකව කරගන්න වෙන්නේ නැහැ. මේ නිසා අපි මේ ලිපියෙන් ඔබට විද්‍යාත්මකව තහවුරු කළ ඉතාම පහසු, ඉක්මනින්ම නින්දට වැටීමේ ක්‍රමයක් ගැන කියලා දෙනවා.
මේක ඉතාම පහසුයි මෙය හඳුන්වන්නේ “4 – 7 – 8 ක්‍රමවේදය” කියලයි. එහි පියවර තුනක් තිබෙනවා.

- තප්පර 4ක් පුරාවට සිත එකඟ කරගෙන, ඉතාම සන්සුන්ව, ඔබගේ නාසයෙන් හුස්ම ගන්න.
- ඉන්පසු තප්පර 7ක් හුස්ම අල්ලාගෙන සිටින්න.
- මීළඟට එම අල්ලාගත් හුස්ම තත්පර 8ක් පුරාවට ඉතා සෙමින් ක්‍රමානුකූලව කටින් පිට කරන්න.
වරද්දගන්න එපා. ආශ්වාස කිරීම නාසයෙනුත්, ප්‍රශ්වාස කිරීම කටිනුත් තමයි සිදු කරන්න ඕනේ. ඔබත් නින්ද නොයන කෙනෙක් නම් අත්හදා බලන්න. විශ්වාස කරන්න අමාරුයි වගේ පෙනුනත් මෙය ඇත්තෙන්ම වැඩ කරනවා.
මෙය ඇත්තෙන්ම ක්‍රියාත්මක වන්නේ කොහොමද? විද්‍යාඥයන්ට අනුව මෙම “4-7-8 ක්‍රමවේදය” ක්‍රියාත්මක වන්නේ මේ ආකාරයෙන්. ඔබ කාංසාවට හෝ ආතතියට පත්ව සිටින විට රුධිරයේ ඇඩ්‍රිනලින් මට්ටම ඉහළ යන නිසා, ඔබ ගන්නා හුස්ම වල ගැඹුර අඩු වී වේගය වැඩි වෙනවා. ඒ නිසයි ඔබට නිදාගත නොහැකි වන්නේ. මෙම ව්‍යායාමය එහිදී නිද්‍රා ඖශධයක් මෙන් ක්‍රියා කරනවා. එනම්, සරල කායික විද්‍යාවට අනුව, සිතාමතාම සෙමින් හුස්ම ඉහළ පහළ ගන්නා විට, බලහත්කාරයෙන් හදවතේ රිද්මය යථා තත්ත්වයට පත් කරමින් එහි වේගය අඩාල කරන අතර, ඔබව සන්සුන් හා සාමකාමී තත්ත්වයකට ගෙන එනවා.
මෙමගින් ඔබේ හදවතේ රිද්මය පමණක් නොවෙයි මනසද සන්සුන් වෙනවා. ඔබේ මනස සම්පූර්ණයෙන්ම ඔබගේ හුස්ම ගැනීමේ ක්‍රියාවලිය වෙත අවධානය යොමු කරන විට, සිරුරේ මධ්‍ය ස්නායු පද්ධතිය ක්‍රමයෙන් එහි ක්‍රියාකාරීත්වය අඩු කර ගන්නවා. ඒ සමගම ඔබ මෙතෙක් වේලා පෙළෙමින් සිටි ආතති තත්ත්වයන්ද පහව යනවා. ඔබට අවශ්‍ය නම් ස්නායු විද්‍යාඥයකුගෙන් මේ ගැන අසා සැකහැර දැන ගන්න පුළුවන්.
ඒ අනුව ඔබගේ සම්පූර්ණ සිරුරම, ඒ කියන්නේ කය සහ මනස යන දෙකම විවේකී තත්ත්වයකට පත්වෙනවා. මෙම ව්‍යායාමය විසින් සිරුරට කරන බලපෑම සහ එම බලපෑමේ ඇති ඉක්මන් ස්වභාවය නිසා එය නිර්වින්දකයකටත් සමාන වෙනවා.මෙම ක්‍රමවේදය මුලින්ම සොයා ගත්තේ හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍යවරයකු වන ඇන්ඩ්රූ වේල් විසින්. මෙම ක්‍රමවේදය කියවාගෙන යන විට එය හරියටම භාවනාවකට සමාන බව ඔබට වැටහෙන්න ඇති. ඇත්තෙන්ම මෙම ක්‍රමවේදය බටහිර රටවල් වල ප්‍රසිද්ධ වුනේ මෑත කාලයේදී වුණත්, බෞද්ධ භාවනාවන් සහ ඉන්දියානු යෝග ව්‍යායාම වල මෙම ක්‍රමවේදය ශතවර්ෂ ගණනාවක සිට පුහුණු කර තිබෙනවා. ඉන්දියානු යෝගීන් විසින් මෙය සැබැවින්ම භාවනාවකට වඩා, භාවනාවක් ආරම්භ කිරීමට පෙර මනස සහ කය සන්සුන් කර ගැනීමේ ව්‍යායාමයක් ලෙසයි භාවිතා කර තිබෙන්නේ. ඒ අනුව මෙය ඔබගේ නින්ද නොයාමේ ගැටලුවට යොදා ගැනීමෙහි කිසිදු අනතුරක් නැහැ.
එය ඔබට ප්‍රයෝජනවත් වන්නේ කෙසේද? ඔබ නරක සිහිනයක් දැකීමෙන් හෝ වෙනත් හේතුවක් නිසා රාත්‍රියේදී හදිසියේ අවදි වුනොත් නැවතත් ගැඹුරු නින්දකට පිවිසීම සඳහා තරමක් වේලා ගත වෙනවා. මෙම ව්‍යායාමය එවන් අවස්ථාවකදී ඔබට තප්පර ගණනකින් නින්දට වැටීම සඳහා ප්‍රයෝජනවත් වේවි. ඒ වගේම අප කලින් කියූ පරිදි පසුදින විශේෂ අවස්ථාවක් සඳහා සහභාගිවීමට නියමිතව තිබියදී කලින්දා රාත්‍රියේ ඇති ආතතිය දුරු කර විවේකයක් ලබා ගැනීමටත් මෙම ව්‍යායාමය ඔබට අවශ්‍ය වනවා නිසැකයි.
එහි බලපෑම වැඩි කරගැනීමට ක්‍රමයක්?

මෙම ව්‍යායාමයේ බලපෑම වැඩි කර ගැනීමට සහ වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට තවත් රහස් වට්ටෝරුවක් තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය තමයි මේ.
- මී පැණි මේස හැඳි 1/4 ක්.
- මුහුඳු ලුණු මේස හැඳි 1/8 ක්.
- පොල්තෙල් මේස හැඳි 1 ක්.
මෙම අමුද්‍රව්‍ය 3 මිශ්‍ර කරලා ඔබට කෙලින්ම එය පානය කරන්න පුලුවන්. එහෙමත් නැත්නම් උණු වතුර වීදුරුවකට මෙම මිශ්‍රණය එකතු කරලා පානය කරන්න. දෙකෙන් මොන ක්‍රමය අනුගමනය කළත් වෙනසක් නැහැ.මෙම අමුද්‍රව්‍ය තුන ඔබගේ සෞඛ්‍යයට ඉතාම හිතකරයි වගේම රාත්‍රියේදී ඔබව අවදිව තබමින් නිදා ගැනීමේ හැකියාව අඩු කරන කෝටිසෝල් ශ්‍රාවයත් අඩු කරනවා. මෙම රහස් වට්ටෝරුව පානය කරලා ඉවරවෙලා, 4-7-8 ක්‍රමවේදය අනුගමනය කළොත් ඔබට උදෑසන වනතෙක් ඉතාම සුවපහසු තද නින්දක් ලැබෙන බව අපිට 100%ක් විශ්වාසයි.