උණු වතුර සමඟ ඇල් වතුර මිශ්‍ර කර පානය කිරීමෙන් සිදුවිය හැකි අහිතකර බලපෑම් 13 ක්

health tips

වර්තමානය වන විට බොහෝ දෙනෙකු උණුවතුර මිශ්‍ර ඇල් වතුර පානය කිරීම පුරුද්දක් කර ගෙන ඇති අතර එය මිනිස් සිරුරට අහිතකර වන බව කරන ලද පරීක්ෂණ වලින් තහවුරු වී තිබේ. එනම් උතුරවා නිවාගත් ජලය තුළ විෂබීජ අඩංගු නොවේ. නමුත් ඊට මිශ්‍ර කරන ඇල් ජලය තුළ විෂ රසායන  ද්‍රව්‍ය බොහෝ ප්‍රමාණයක් අඩංගු වේ. මේ නිසා ජලය පානය කිරීමෙන් ලබාගත හැකි සෞඛ්‍ය ප්‍රතිලාභ ඇල් ජලය සහ උණු ජලය පානය කිරීමෙන් ලබාගත නොහැකිය. එනම් ඒ වෙනුවට විෂ ද්‍රව්‍ය ශරීරය තුළ තැන්පත් වී විවිධ රෝග තත්ත්වයන් වුව ද ඇති විය හැකිය. 

මේ නිසා සෑම දෙනාම පාහේ නිරෝගී ජීවිතයක් ගත කිරීමට උණුකර නිවා ගත් ජලය පමණක් භාවිතා කිරීම වඩාත් යෝග්‍යය. එමෙන්ම කුඩා දරුවන්ට සකස් කරන කිරි පානය මෙන්ම ජලය යොදා සකස් කරන වෙනත් ඕනෑම ආහාරයක් සඳහා හොඳින් උණු කර ගත් ජලය මදක් නිවුණු පසු භාවිතා කිරීම වඩාත් සුදුසුවේ. 

එමෙන්ම ඇල් ජලය සහ උණු ජලය මිශ්‍ර කර පානය කිරීම සුදුසු නොවන බව ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ ද පෙන්වා දී තිබේ. එනම් ආයුර්වේදය තුළ වැඩි දුරටත් පෙන්වා දී ඇත්තේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ ආකාරයේ දෙවර්ගයක් එකට මිශ්‍රකර භාවිතා කිරීම සුදුසු නොවන බවයි. එනම් ආයුර්වේදය තුළ ද සඳහන් කරන්නේ උතුරවා නිවාගත් ජලය පානය කිරීම වඩාත් සුදුසු බවයි. 

එනම් ඇල් ජලයේ බැක්ටීරියාවන් බොහෝ ප්‍රමාණයක් ජීවත් වන සිටී. එම ජලයට උණුසුම් ජලය මිශ්‍ර කිරීමෙන් සිදු වන්නේ ඔවුන්ගේ වර්ගයා බෝ කිරීමට සුදුසු හිතකර පරිසරයක් නිර්මාණය වීමයි. එමෙන්ම ඇල් ජලයේ ජීවත් වන බොහෝ බැක්ටීරියාවන් උණුසුම් ජලය කලවම් කරන විට ඉන් ආරක්ෂා වීම සඳහා සෛල බිත්තියක් නිර්මාණය කරගනී. එනම් එය ශරීරය තුළ වුවද වඩා හොඳින් වර්ධනය විය හැකිය. මේ නිසා බොහෝ දෙනෙකුට උදරාබාධ ඇති වීම සාමාන්‍ය වී තිබේ. එනම් ඊට අමතරව ඇල් ජලය මිශ්‍ර උණු ජලය පානය බොහෝ රෝග ඇති කිරීමට හේතු වේ.

  • ශරීර උෂ්ණත්වය ඉහළ යාමට 
  • ආහාර මාර්ගයේ ආම්ලිකතාවය වැඩි වීමට 
  • ගැස්ට්‍රයිටිස් රෝගය ඇති වීමට. 
  • හන්දි වේදනාවන් ඇති වීමට 
  • මුත්‍රා රෝග ඇතිවීමට 
  • සමේ රෝග ඇතිවීමට 
  • ආහාර ජීර්ණය පමාවීම හෝ ඉක්මන් වීමට 
  • රුධිරයේ සීනි මට්ටම ඉහළ යාමට 
  • අක්මාවේ තෙල් තැන්පත් වීමට 
  • ආහාර ජීරණ පද්ධතිය තුළ විෂ තත්ත්වයන් ඇති වීමට 
  • අහිතකර කොලෙස්ට්‍රෝල් වර්ධනය වීමට 
  • වැනි රෝග රැසක් ඇති වීමට උණුසුම් ජලය මිශ්‍ර ඇල් ජලය එක් කර පානය කිරීම හේතුවේ. 

උණු ජලය පානය කිරීමට සුදුසු වන තෙක් නිවා පානය කිරීම මගින් සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් අත් කර ගත හැකිය. එනම් 

මානසික ආතතිය සමනය කිරීමට මානසික ආතතිය ඇති අවස්ථාවක එම රෝග තත්ත්වයෙන් මිදීම සඳහා හොඳින් උතුරුවා නිවුණු පසු එම ජලය පානය යෝග්‍ය වේ. එනම් ඉන් මධ්‍ය ස්නායු පද්ධතිය හොඳින් ක්‍රියාත්මක වී මානසික ආතතිය කාංසාව වැනි රෝග සමනය කිරීම සිදුකරනු ලැබේ.

රුධිර සංසරණය ක්‍රමවත් කිරීමට රුධිර සංසරණය හොඳින් ක්‍රියාත්මක කරගැනීමට උතුරවා මදක්  නිවුණු ජලය පානය කිරීම යෝග්‍ය වේ. එනම් ඉන් රුධිර ධමනි හරහා රුධිරය මැනවින් පරිවහනය වීම සිදුවේ.

මල බද්ධය සමනය කිරීමට බොහෝ දෙනෙකුට පවතින පීඩාකාරී මල බද්ධය හෙවත් මළ පිට කිරීමට අපහසු වීමේ රෝගය සුවකර ගැනීම සඳහා හොඳින් උතුරවා නිවාගත් මද උණුසුම් ජලය පානය කිරීම යෝග්‍ය වේ. එනම් පෙර සඳහන් කළ පරිදි බොහෝ අජීර්ණ තත්ත්වයන් හා ආහාර ජීර්ණය ක්‍රමවත්ව සිදු නොවීමට ඇල් වතුරෙ සහ උණු වතුර මිශ්‍රකර පානය කිරීම හේතුවේ. නමුත් හොඳින් උතුරුවා ගත් මඳ උණුසුම් ජලය පානය කිරීමෙන් හොඳින් ආහාර ජීර්ණ සිදුකරගත හැකිය. එමෙන්ම ආමාශය තුල වැඩෙන බැක්ටීරියාවන් විනාශ කර මල බද්ධය වැනි රෝග ඇති වීම වළක්වා ගත හැකිය.

නාසයේ ඇතිවන අවහිරතා සමනයට බොහෝවිට නාසය තුළ ඇතිවන අවහිරතා එනම් හුස්ම ගැනීමට අපහසු වීම වැනි තත්ත්වයන් සුව කර ගැනීමට හොඳින් උතුරුවා ගත් ජලය  මදක් නිවුණු පසු  පානය කිරීම වඩාත් සුදුසුවේ. එනම් ඉන් හුස්ම ගැනීම පහසු කරවනු ලබයි. එපමණක් නොව උගුර ආශ්‍රිතව ඇති ස්ලේෂ්මල නිරෝගීව පවත්වා ගැනීමට ද හොඳින් උතුරවා ගෙන මඳක් උණුසුම් සහිත ජලය පානය කිරීම වඩාත් සුදුසු වේ.

ශරීර විජලනය වැළැක්වීමට බොහෝ දෙනෙකුට පවතින ශරීරය විජලනය වළක්වා ගෙන ශරීර සජලනය පවත්වා ගැනීමට හොඳින් උතුරවා නිවාගත් ජලය පානය කිරීම වඩාත් සුදුසු වේ. එනම් බොහෝ විට මහන්සි වී වැඩ කරන පුද්ගලයින්ට හොඳින් උතුරවා ගත් ජලය නිවුණු පසු පානය කිරීමෙන් ශරීර සජලනය මැනවින් පවත්වා ගත හැකිය. 

ශීත දේශගුණයක් පවතින විට භාවිතා කිරීම යෝග්‍ය වේ.බොහෝ විට ශීත දේශගුණයක ජීවත්වන පුද්ගලයන්ට ඇතිවන සීතල හා වෙව්ලීම මෙන්ම වෙනත් රෝග ඇති වීමේ අවදානමෙන් මිදීම සඳහා උණුසුම් වතුර පානය කිරීම යෝග්‍ය වේ. එනම් ඉන් ශරීරය උණුසුම් කර ගත හැකිය. 

මේ ආදී සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් අත්කර ගැනීමට උණුසුම් ජලය සහ ඇල් ජලය මිශ්‍ර නොකර හොඳින් උතුරවා මදක් නිවුනු පසු එම ජලය පානය කිරීම යෝග්‍ය වේ.