කාන්තා පිරිමි භේදයක් නැතිව හැමෝම තරබාරුව නිසා පීඩාවට පත්වෙලා ඉන්නවා. එයින් මිදෙන්නට විවිධ ක්‍රම ඔබ අනුගමනය කරනවා ඇති. මේ ස්ථුලභාවය අපේ රූපය අවලස්සන කරනවා විතරක් නෙවෙයි නොයෙකුත් බෝ නොවන රෝග ඇති කරන්නටත් හේතු වෙනවා. මොකද අපි බොහෝ දෙනෙක් කතා කරන බොහෝ දෙනෙක් පීඩා විඳින දියවැඩියාව, අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, හෘදයාබාධ ඇතුළු මෙකී නොකී බෝ නොවන රෝග රාශියක් මේ තරබාරුව හේතුකරගෙන ඇතිවෙනවා.
තරබාරුව ඇති වෙන්නේ බොහෝ වෙලාවට අපේම වැරදි නිසා.කට පරිස්සම් නැතිකම නිසාම ගුණයට වඩා රසය ගැන හිතලා විවිධ වූ ක්ෂණික ආහාර වර්ග අපි ආහාරයට ගන්නවා. ඒ විතරක් නෙවෙයි හැදෙන වැඩෙන දරුවන්ට පවා මේ ෆාස්ට් ෆුඩ් තමයි දෙමව්පියන් විසින් ලබා දෙන්නේ. ඉතින් මේ නිසා අනාගත පරපුරට මුහුණ දෙන්නට සිදුවන තත්ත්වය හරිම ඛේදනීයයි. කොහොම වුණත් අධික සීනි, පිටි, තෙල් සහිත කෘතීම ආහාරපාන ගැනීම තන්තු බහුල එළවළු පලා වර්ගව අඩුවෙන් ගැනීම වගේම ශාරීරික ක්‍රියාකාරකම්වලින් තොර අලස ජීවන රටාවත් මේ කියන රෝග තත්වයන් ඇතිවෙන්නට මූලික වෙනවා.
ඔබ තරබාරුවට පත්වෙච්ච කෙනෙක් නම් ඔබට හදවත් රෝග ඇති වීමේ අවදානම වැඩියි. අපේ හුස්ම රකින හදවත රැක ගන්න නම් මේ තරබාරුවෙන් මිදෙන්නම වෙනවා. කොලෙස්ටරෝල්වලින් මිදෙන්නම වෙනවා . ඉතින් මේ රෝග ඇති නොවෙන්නට සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් සමබල ආහාර රටාවක් ඇති කර ගන්න එක හරිම වැදගත්. ඒ වගේම ශාරීරික ක්‍රියාකාරකම් ගැනත් සැලකිය යුතු අවධානයක් ලබා දෙන්නත් අමතක කරන්න එපා.
අපි අද ඔයාට කියන්න යන්නේ තරබාරුවෙන් පීඩා විඳින කොලෙස්ටරෝල් නිසා පීඩා විඳින ඔබට ඒ ගැටළුවලින් මිදෙන්නට සාර්ථක අත් බෙහෙතක් ගැන.
අවශ්‍ය ද්‍රව්‍ය

- ගොරකා 50 g මුළුතැන්ගෙට නැතුවම බැරි ගොරකා අපේ ශරීරයට ලබාදෙන ප්‍රතිලාභ බොහොමයි. තරබාරුව අඩු කිරීම, මේදය දියකර හැරීමට උදව් වීම, දියවැඩියාව පාලනය, ආසාත්මිකතාවයන්ගෙන් ආරක්ෂා කිරීම වගේම හොඳ විෂබීජ නාශකයක් ලෙස ක්‍රියා කිරීමත් ඒ ප්‍රතිලාභ අතරින් මූලික වෙනවා. ඒ වගේම ආහාර ජීර්ණය ක්‍රමවත් කරමින් අපේ තරුණ බව ආරක්ෂා කරන්නටත් ගොරකා අපිට උදව් වෙනවා.
- උළුහාල් 10 g මේස හැන්දක පමණ ප්‍රමාණයක් )ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණ සහිත උළුහාල් දියවැඩියා රෝගීන්ට වඩාත් ගුණදායක ඔසුවක්. ඒ විතරක් නෙවෙයි අපේ ශරීරයේ බර පාලනය කරන්නටත්, කොලෙස්ටරෝල් මට්ටම යාමනය කරන්නටත් මේ උළුහාල් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරනවා .
- ගම්මිරිස් 10 g ගම්මිරිස් ආහාර ජීර්ණය ක්‍රමවත් කරන, රුධිර ගමනය ක්‍රමවත් කරන ,උදරය පුරවා දැමීම් වළක්වන සුවිශේෂී කුළුබඩුවක්. ඒ හැරුනහම සෙමට, ඇදුමට, කැස්සට ආදී රෝග තත්ත්වයන්වලින් සහනය ලබා ගන්නත් අපිට මේ ගම්මිරිස් උදව් වෙනවා.
- කරපිංචා කොළ 10 g ශරීරයේ අනවශ්‍ය මේදය දහනය කරමින් කොලෙස්ටරෝල් පාලනය කරන්න සුවිශේෂී හැකියාවක් මේ කරපිංචාවලට තියෙනවා. එනිසා ශරීරයේ බර අඩු කර ගන්නටත් ශරීරයේ විෂ ඉවත් කරගන්නත් වඩාත් ගුණදායක ඔසුවක් විදිහට මෙය සඳහන් කරන්න පුළුවන්.
- කුරුදු පොතු 10 g වඩාත් ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණ සහිත කුරුදු තුන් දොස් සමනය කරන්නට උදව් වෙනවා. ස්වසන පද්ධතිය ආශ්‍රිත අපහසුතා දුරු කරමින් රුධිර නාළවල ඇති මේදය අඩු කරනවා. අධික රුධිර පීඩනයට සහ දියවැඩියාවට වඩාත්ම ගුණදායකයි . ඒ වගේම වයස්ගතවීම පාලනයටත් පිළිකාවලින් ආරක්ෂාව සලසන්නත් කුරුදු අපිට උදව් වෙනවා .
- ඉඟුරු කැබැල්ලක් සෙමට කැස්සට දණදායක ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණ සහිත වටිනා කුළු බඩුවක් තමයි ඉඟුරු. ඉඟුරු අපේ ශරීරයට ලබාදෙන ප්‍රතිලාභ අතරේ හදවත් සෞඛ්‍යයට ගුණදායක වීම, කොලෙස්ටරෝල් පාලනය, දේහ බර අඩු කර ගැනීම සඳහා දායක වීමත් වයසට යාම පාලනය කිරීමත් සුවිශේෂීයි.
- සුදු ළූණු බික් තුනක් සුදු ලූණුවල ඇති සුවිශේෂී ගුණ ගැන නම් නොදන්නා කෙනෙක් නැහැ. ඒ ගුණ අතුරින් ශරීරයේ අනවශ්‍ය මේදය දහනය කරමින් බර අඩු කිරීම, හෘදයාබාධවලින් ආරක්ෂාව සැලසීම, රුධිර කැටි දියකර හැරීම, කොලෙස්ටරෝල් පාලනය, ආහාර ජීර්ණය වැඩිදියුණු කිරීම වගේම මානසික ආතතිය දුරු කිරීමේ හැකියාවත් විශේෂ වෙනවා.
සාදා ගන්නා ආකාරය

හොඳින් සෝදා පිරිසිදු කර ගත් ගොරකා විනාඩි විස්සක පමණ කාලයක් හොඳින් තම්බා ගන්න.
උළුහාල් පෙරදින රාත්‍රියේ පෙගෙන්නට තබා අරගන්න.
ඉන්පසුව අඹරා ගැනීමේ පහසුව සඳහා කරපිංචා, ගම්මිරිස් සහ කුරුඳු මදක් කබලේ බැදගන්න. වැඩි වෙලාවක් රත් කර නොගෙන පෝෂණ ගුණය රැකෙන පරිදි මෙය සිදු කරන්න.මේවා හොඳින් කුඩුකර ගන්න.
ඒ අඹරාගත් පවුඩර් එකට අනෙකුත් දේවල් දමා බ්ලෙන්ඩරයක් හෝ වංගෙඩියක් ආධාරයෙන් අඹරා ගන්න. මේ සියල්ල එක්වර අඹරා ගන්නඅපහසු නම් .වෙන වෙනම අඹරාගෙන මෙය සකස්කර කරගන්නත් පුළුවන්.
මේ සකසා ගත් පේස්ට් එකෙන් .ග්‍රෑම් පහක පමණ ප්‍රමාණයකින් යුත් කුඩා ගුළි සාදා ගන්න. සුළං නොවදින පරිදි පිරිසිදු බදුනක ගබඩා කරන්න .
උදෑසන හිස් බඩ මද උණුසුම් ජලය වීදුරුවක් සමඟ මෙයින් එක් ගුලියක් පානයට ගන්න. ඒ වගේම රාත්‍රී ආහාරයට පෙර තවත් ගුලියක් පානයට ගන්න.
මෙය කොලොස්ටරෝල්වලින් මිදෙන්න තරබාරුවෙන් මිදෙන්න විතරක් නෙවෙයි වෙනත් බෝ නොවන රෝගවලින් ආරක්ෂා වෙලා ඉන්නත් උදව් වෙන බව අමතක නොකරන්න .