සිරුරේ තැන්පත් වුණු මේදය දහනය කරගැනීම සඳහා ව්‍යායාම් සහා ආහාර පාලනය කිරීම බොහෝ දෙනා සිදුකරති. මෙම උත්සාහයන් සමඟම ඔබේ සිරුරේ මහත අඩු කරගැනීම වඩාත් කාර්යක්ෂම සහා ප්‍රතිඵලදායි කරගත හැකි උපක්‍රමයක් ගැනයි අද අපි ඔබට කියන්න සූදානම් වෙන්නේ. මෙය ආහාර රටාවටත් සෘජුවම සම්බන්ධ වන දෙයක්. සිරුරේ නීරෝගී බව වගේම ශක්තිමත් බව ආරක්ෂා කරගන්නා අතරේ ඇග හැඩකරගැනීමට ප්‍රයෝජනවත් වන , නිවසේදීම සකස් කර ගත හැකි පාන වර්ග කිහිපයක වට්ටෝරු පහත දැක්වේ. මේවා භාවිතයෙන් සිරුරේ අනවශ්‍ය මේද දහනය කරගැනීමට , බර අඩුකරගැනීමට හා සිරුරේ විෂහරණය කිරීමට පමණක් නොව සිරුර සැහැල්ලු වී සුවදායි නින්දක් ලබාගැනීමට ද ප්‍රතිලාභ ලැබෙයි.

ලෙමන් සහ ඉඟුරු මිශ්‍ර පානය වතුර ලීටර් 1ක් පමණ බඳුනක් ලිප තබා එයට පුරවන්න.ඊට ලෙමන් සහ දෙහි ගෙඩියක පොතු එක්කරන්න.අඟල් 1ක පමණ ඉඟුරු කැබැල්ලක් පොතු ඉවත් කර ග්‍රේට් කරගන්න. ඒවා ද මෙයට එක්කරන්න.අඟල් 2ක පමණ කුරුඳු කැබැල්ලක් ද එක්කරන්න.
ගම්මිරිස් තේ හැඳි 1/2ක් ද එක්කරන්න. මෙම මිශ්‍රණය හොඳින් මිනිත්තු 10ක් පමණ තම්බාගන්න.පසුව ලිප නිවා මදක් නිවෙන්නට හරින්න.වෙනත් ජොග්ගුවකට පෙරාගන්න. ඊට ලෙමන් හෝ දෙහි යුෂ එක්කරන්න. අවශ්‍ය නම් මී පැණි ස්වල්පයක් ද දමා කළවම් කරන්න.මෙය විෂහරණ පානයක් (detox drink) ලෙස පානයට එක්කරගන්න.
දෙහි /ලෙමන් සිරුරේ යකඩ අවශෝෂණයට සහය වෙයි. සම නීරෝගී කරවයි. මේද දහනක ගුණය නිසා හෘද රෝග අවදානම් ද අවම කරයි.නෙරා ආ උදරය අඩුකරයි. විටමින් C බහුල බැවින් ප්‍රතිශක්තිය වඩවයි.සිට්‍රික් අම්ල ඇති නිසා වකුගඩු වල ගල් ඇතිවීම වළකයි.අක්මාව හා වකුගඩු විෂහරණය කරයි.
ඉඟුරු වල ප්‍රතිප්‍රදාහක ගුණය බහුලයි. සිරුරේ වේදනා සමනය කරයි.ප්‍රතිශක්තිය වඩවයි.ජීර්ණය ක්‍රමවත් කර ආහාර රුචිය පාලනය කරයි. ඔක්කාරය, බඩපිපුම, අජීර්ණය වැනි තත්වයන් සමනය කරයි.කුරුඳු වල ප්‍රතිප්‍රදාහක හා බැක්ටිරියානාශක ගුණ බහුලයි. සීනි හා කොලෙස්ටරෝල් මට්ටම් පාලනය කරයි.ගම්මිරිස් සිරුරේ පරිවෘත්තිය වඩවයි. කැලරි දහනය වැඩිකරවයි.
සූදුරු සහ කුරුඳු මිශ්‍ර පානය වතුර ලීටර් 1ක් පමණ බඳුනක් ලිප තබා එයට එක්කරන්න.සූදුරු ඇට තේ හැඳි 3ක් එක්කරන්න.සූදුරු සිරුරේ පරිවෘත්තිය වැඩිදියුණු කරයි. කොලෙස්ටරෝල් සහ රුධිර සීනි මට්ටම් පාලනය කරයි. ආම්ලිකතාව,ඔක්කාරය හා අජීර්ණය දුරුකරයි
කුරුඳු කැබැල්ලක් එක්කරන්න. මෙය මිනිත්තු 8-10ක් පමණ තම්බාගන්න.ලිප නිවා අමුද්‍රව්‍ය වල සාරය වතුරට මිශ්‍ර වන තුරු මද වෙලාවක් තබන්න.උණුසුම් පිට වෙනත් ජොග්ගුවකට පෙරාගන්න.ලෙමන් යුෂ සහ කැමතිනම් මී පැණි ස්වල්පයක් දමා මින් වීදුරුවක් පානය කරන්න.
චියා ඇට සහ දෙහි මිශ්‍ර පානය චියා ඇට තේ හැඳි 2ක් බඳුනකට දමා වතුර කෝප්පයක් එක්කරන්න.චියා ඇට ආහාර රුචිය යටපත් කරයි. මේද රහිතයි.සිරුරේ බර අඩුකරවයි.කෙඳි ගුණය බහුලයි.මිනිත්තු 10ක් පමණ පෙඟෙන්නට තබන්න. ජෙලි ස්වභාවයකට පත් වූ පසු වීදුරුවකට වත්කරන්න. ඊට උණුසුම් වතුර පුරවන්න.දෙහි හෝ ලෙමන් යුෂ ස්වල්පයක් හා කැමති නම් මී පැණි ස්වල්පයක් ද එක්කර මෙය පානය කරන්න.
ආමන්ඩ් කිරි ආමන්ඩ් ඇට කෝප්ප බාගයක් බඳුනකට දමා එයට වතුර පුරවන්න.පැය 4ක් පමණ පෙඟෙන්නට හරින්න.පසුව වතුර බේරාගත් ඇට ටික බ්ලෙන්ඩර් කප් එකට දමන්න.රට ඉඳි 1-2ක් ද එයට දමන්න.වැනිලා තේ හැඳි 1ක් දමන්න.ලුණු ස්වල්පයක් ද එක්කරන්න.වතුර කෝප්ප 2ක් දමා බ්ලෙන්ඩර් කරගන්න.කෝප්පයකට මෙම කිරි මිශ්‍රණය පෙරාගන්න.ආමන්ඩ් කිරි පානයට ගන්න.
කෙසෙල් තේ වතුර කෝප්ප 3ක් ලිප තැබු බඳුනකට එක්කරන්න. දෙපත්ත කැපූ කෙසෙල් ගෙඩියක් පොත්ත සමඟ එයට එක්කරන්න.කුරුඳු කැබැල්ලක්,එනසල් ඇට 3ක් දමන්න.මිනිත්තු 5ක් පමණ තම්බාගන්න.කෙසෙල් ගෙඩිය ඉවත්කරන්න.කෝප්පයකට මෙම තේ මිශ්‍රණය පෙරා පානයට ගන්න.

කහ කිරි (ගෝල්ඩන් මිල්ක්) මෙය සිරුර සමනය කරන රසවත් හා ගුණවත් පානයකි. කිරි කෝප්ප 2ක් බඳුනක් ලිප තබා එයට එක්කරන්න.කහ කුඩු තේ හැඳි 1/4ක් සහ ගම්මිරිස් කුඩු තේ හැඳි 1/4ක් ද එයට එක්කරන්න.ග්‍රේට් කරගත් ඉඟුරු කැබැල්ලක් ද එක්කරන්න.අඟල් බාගයක පමණ කුරුඳු කැබැල්ලක් ද එයට දමන්න.මෙය හොඳින් කළවම් කරමින් උණු කරගන්න.ලිප නිවා මද වෙලාවක් නිවෙන්නට හරින්න. පොල් තෙල් තේ හැඳි 1/4ක් ද එක්කරන්න.හොඳින් කළවම් කර කෝප්පයකට පෙරා උණුසුම් පිට පානය කරන්න.
සාදික්කා තේ පානය මෙය සිරුරේ වේදනාවන්ට සහනය සලසමින් සුවදායි නින්දක් ලබාදෙන පානයකි.වතුර කෝප්ප 3ක් පමණ බඳුනක් ලිප තබා එයට එක්කරන්න.ග්‍රේට් කරගත් සාදික්කා තේ හැඳි බාගයක් දමන්න.අඟල් 2ක පමණ කුරුඳු කැබැල්ලක් ද එක්කරන්න.එනසල් ඇට 3ක් ද දමන්න.මිනිත්තු 5ක් පමණ හොඳින් තම්බාගන්න.මදක් නිවෙන්නට තබා කෝප්පයකට පෙරා මී පැණි තේ හැඳි 1ක් මිශ්‍ර කර පානය කරන්න.