අක්මාවේ මේද තැන්පත් වීම නොහොත් fatty liver රෝගය ඇතිවීම සම්බන්ධව කතා කිරීමේදී ඒ සඳහා සෘජුවම බලපානු ලබන්නේ අපගේ වැරදි ජීවන පුරුදු සහ ආහාර පරිභෝජන රටාවන් ය. ඊට අමතරව ඉතා අධික ලෙස මත්පැන් පානයට හුරු වූ පුද්ගලයින් තුළ ද මෙම රෝගය වැඩි වශයෙන් ව්‍යාප්ත වීමේ ප්‍රවනතාවයක් පවතී. ඒ අනුව වර්තමානයේ පවතින ප්‍රධාන මෙන්ම භයානක සෞඛ්‍ය ගැටලුවක් ලෙස fatty liver රෝගය පෙන්වා දිය හැකිය.
මිනිස් ශරීරය තුළ පවත්නා අවයව හා ඉන්ද්‍රියන් අතුරින් විශාලතම ඉන්ද්‍රියක් වන්නේ අක්මාවයි. ඒ අනුව අක්මාව මගින් මිනිස් සිරුරට ලබා දෙනු ලබන ප්‍රයෝජන රැසකි.
විශේෂයෙන් අක්මාව මගින් සිදු කරනු ලබන්නේ අප එදිනෙදා ගනු ලබන ආහාර ජීර්ණය වීම සඳහා අවශ්‍ය කරන එන්සයිම නිපදවීමයි. නිදසුනක් ලෙස පිත නිෂ්පාදනය කිරීම සිදු කරනු ලබන්නේ අක්මාව මගින් වේ.
එමෙන්ම අපගේ ශරීරය තුළට ඇතුළු වන විෂ රසායන වර්ග නසා විස හරණය කිරීමේ සුවිශේෂී හැකියාවක්ද අක්මාවට පවතී.
ඇතැම්විට රුධිර බිඳ වැටීම් මෙන්ම රුධිරය නිෂ්පාදනය කිරීම ද අක්මාව මගින් සිදු කරයි.
මේ අනුව පැහැදිලි වන්නේ අපගේ ශරීර සෞඛ්‍යය නිරෝගිමත් කර ගැනීම සඳහා අක්මාව මගින් ලබාදෙන දායකත්වය සුළුපටු නොවන බවයි. කෙසේ නමුත් යම් හෙයකින් අක්මාව රෝගී වුවහොත් ඉහත සියලු කාර්යයන් අඩාල වන අතර එය අපගේ ශරීරය රෝගී කිරීමට හේතු වේ.
එසේ අක්මාවට ඇතිවන්නා වූ රෝගී තත්ත්වයක් ලෙස ෆැටී ලිවර් රෝගය හඳුනා ගත හැකි අතර එය බොහෝ දෙනෙකුට වැළඳෙන සාමාන්‍ය රෝගී තත්ත්වයක් බවට අද වන විට පත්ව තිබේ. අක්මාවේ ද මේදය පවතී. එය සාමාන්‍යය අගය සියයට 5ක් වන අතර එය රෝගයක් දක්වා උත්සන්න වූ විට සියයට හතළිහක් පමණ දක්වා දිවෙනු ඇත. මේ ආකාරයට අක්මාවේ පැවතිය යුතු යැයි නිර්දේශිත මේද ප්‍රමාණය ඉක්මවා මේදය වර්ධනය වීමේ දී එය ෆැට්ලීවර් තත්ත්වය ලෙස හඳුන්වයි.
වර්තමානය වන විට වයස් භේදයකින් තොරව මෙම රෝගය වැළඳුණ ද වයස අවුරුදු 40 – 65 ත් අතර මැදි වයසේ පුද්ගලයින්ට මෙම රෝගය වැළදීමේ වැඩි ප්‍රවණතාවයක් පවතී. එමෙන්ම කාන්තාවන්ට සාපේක්ෂව පුරුෂයන්ට මෙම රෝගය වැලඳීමේ වැඩි ඉඩකඩක් පවතී.
ෆැට්ලීවර් තත්ත්වය ඇති වීම සඳහා බලපාන හේතු සාධක අතර පහත ඒවා ප්‍රධාන වේ.

- ව්‍යායාමවලින් තොර වීම
- වැරදි ආහාර පරිභෝජන රටා
- වැරදි ජිවන රටා
- අධික ස්ථුලභාවය
- ජලය අඩුවෙන් පානය කිරීම
- අධික ලෙස මත්පැන් පානයට යොමු වී තිබීම
- දියවැඩියාව, කොලෙස්ට්‍රරෝල් සහ අධිරුධිර පීඩනය වැනි බෝ නොවන රෝගවලින් පීඩා විඳීම
- ප්‍රවේණිගත සාධක
- ඇතැම් ඖෂධ වර්ග දීර්ඝකාලීනව භාවිතා කිරීම
වැනි හේතු සාධක මෙම රෝගය ඇතිවීම සඳහා සෘජුවම බලපානු ලබයි. මෙම සෑම හේතුවකින් ම අක්මාවෙ සෛලවලට හානි සිදුවන අතර එමගින් අක්මාවේ මේද දහනය වීම හොඳින් සිදු නොවනු ඇත.
fatty liver රෝගය හඳුනාගත හැකි රෝග ලක්ෂණ කිහිපයක්ම පවතී. ඒවා පිළිබඳ අවධානයෙන් සිටිමින් වෛද්‍ය උපදෙස් වෙත යොමුවීම මෙම රෝගය සුව කර ගැනීම සඳහා අතිශයින්ම වැදගත් වේ. මෙම රෝග ලක්ෂණ රෝගය වැළඳුණු මුල් අවධියේ දී පෙන්නුම් නොකරන අතර අක්මාවේ මේදය සියයට 40 ඉක්මවූ පසු රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට පටන් ගනී.
- මූලිකවම මෙහිදී සිදුවන්නේ රෝගියාගේ ශරීරය දුර්වල වීමට පටන් ගැනීමයි. ඒ අනුව
- ශරීරය කෘෂ වීම
- සිරුරේ අප්‍රාණික බව ඇතිවීම
- සිරුරේ බර අඩු වීම
- ආහාර පිළිබඳව රුචිය අඩුවීම
- තෙල් ආහාර පිළිබඳ රුචියක් නොමැතිවීම
- උදරයේ දැඩි වේදනාවක් ඇතිවීම
- මලබද්ධය වැනි තත්ත්වයට පත්වීම
- අක්මාවෙි ඉදිමීමට සාපේක්ෂව උදරය ඉදිමීම ආදී රෝග ලක්ෂණ මෙම රෝගය වැළඳුණු පුද්ගලයකු තුළින් දෘශ්‍යමාන වෙයි.
මෙම රෝගී තත්ත්වය වැළඳුණු පුද්ගලයකුට ඉන් අත්මිදීම සඳහා ඖෂධමය ප්‍රතිකාර වලට සීමා නොවී සිදුකළ හැකි ක්‍රියාමාර්ග ද පවතී. අධික ලෙස මත්පැන් පානය මෙම රෝගයට අත වැනීමක් වන නිසාවෙන් මත්පැන් පානයට යොමු වූ පුද්ගලයින් එයින් මිදීම මෙම රෝගය පාලනය කර ගැනීම සඳහා කදිම විසඳුමකි.
- රුධිරයේ අහිතකර කොලෙස්ට්‍රෝල් සහ සීනි මට්ටම පාලනය කර ගැනීම.
- අධික ස්ථුලභාවය පවතින පුද්ගලයින් සිරුරේ බර අඩු කර ගැනීම.
- සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු සහ ජීවන පුරුදු පවත්වාගෙන යාම.
- නිසි පරිදි ව්‍යායාම වල නිරත වීම.
- එළවළු හා පලතුරු බහුලව ආහාරයට ගැනීම.
- කොළ වර්ග හා ධාන්‍ය වර්ග ආහාරයට එක්කර ගැනීම.
- කුඩා මාලු හා මේදය රහිත මස් වර්ග ආහාරයට ගැනීම
- වැඩිපුර ජලය පානය කිරීම.
- අධික ලෙස තෙල්, සීනි, පිටි, ලුණු, මිරිස් හා කුළුබඩු භාවිතය අවම කිරීම.
- දවල් කාලයේ නිදා ගැනීමෙන් මෙන්ම රාත්‍රී කාලයේ නිදි වැරීමෙන් වැළකීම.
- ආදී ලෙස කටයුතු කිරීමෙන් මෙම රෝගය ඇතිවීම පාලනය කරගත හැකිය.

අක්මාවේ මේදය තැන්පත් වීම මූලික කරගනිමින් සිරෝසිස් රෝගය වැළඳෙන අතර ඒ සඳහා අධික මත්පැන් පානය කිරීම ද බලපානු ලබයි. අක්මාවේ සෛල වලට හානි ඇතිවීමේදී එය විශේෂයෙන් පෙන්නුම් කිරීමක් සිදු නොවනු ඇත. එයට හේතුව එම සෛලවලට බලපෑමක් ඇති වූවොත් එම බලපෑමෙන් මිදී අක්‍රිය වූ සෛල නැවත යථා තත්ත්වයට පත්කර ගැනීමේ හැකියාව ඊට පවතින නිසාවෙනි. එනමුත් දීර්ඝකාලීනව අක්මාවට බලපාන ලෙස රෝගී තත්ත්වයක් පැවතුණ හොත් එය රෝග ලක්ෂණ පෙන්නුම් කරනු ලබයි. සිරෝසිස් රෝගය වැලඳුණු විට ද මෙසේ අක්මාව රෝගී බව පෙන්නුම් කරයි.
ආයුර්වේදීය ක්‍රම ඔස්සේ ද ෆැටී ලිවර් රෝගය සදහා ප්‍රතිකාර කරනු ලබයි. විශේෂයෙන් සුදුසුකම්ලත් ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ උපදෙස් පරිදි ලබා දෙන කසාය වැනි ඖෂධ පානය කිරීම වැදගත් වේ. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ පෙන්වා දෙන ආකාරයට කෝමාරිකා මෙම රෝගය රෝගය සුව කිරීම සඳහා ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. ඒ අනුව කෝමාරිකා මදය එළවළුවක් ලෙස පිස ආහාරයට ගැනීම මඟින් හෝ යුෂ පානය කිරීම මගින් රෝගයට සුවයක් ලබාගත හැකිය.
මෙම රෝගය මුල් අවධියේදී ම හඳුනාගතහොත් පූර්ණ වශයෙන්ම සුව කල හැකි අතර සිරෝසීස් තත්ත්වයට පැමිණ අක්මාව රෝගී වූ විට නිට්ටාවට සුව කර ගැනීම අපහසු ය. ඒ අනුව අප සිදුකළ යුත්තේ රෝගය වළක්වා ගැනීමට කළ හැකි ප්‍රතිකර්ම පිළිබඳ අවධානයෙන් සිටිමින් රෝගය වළක්වා ගැනීමයි.
කෝමාරිකා ගුණයි ෆැටී ලිවර් රෝගයට හොඳ ඔසුවක් කෝමාරිකා. කෝමාරිකා මදය ව්‍යංජනයක් ලෙසද, කැඳ ලෙසද සකස් කර ආහාරයට ගැනීම වඩාත් ගුණදායකය. ඊට අමතරව හීන් බෝවිටියා කොළ කැඳ ලෙස සකස් කර පානය කළ හැක. මේ අතරේම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම අනිවාර්යයෙන්ම කළ යුත්තකි.
මුලින් හඳුනාගත්තොත් සුව කළ හැකියි මූලිකව හඳුනාගැනීම මගින් මෙම රෝගය නිට්ඨාවටම සුවකර ගැනීමේ හැකියාව පවතින හෙයින් තමන් මෙවැනි රෝගියකුදැයි කළින් හඳුනාගැනීම වැදගත්ය. රෝගය සඳහා මූලිකම රෝග ලක්ෂණ නොපෙන්වුවද හේතුවක් නොමැතිව ආහාර දිරවීමේ ගැටලු ඇත්නම්, අජීර්ණ ගතිය නිතරම සෑදේ නම්, නිතරම සිරුරේ වෙහෙසකර බවක් දැනෙන්නේ නම් හා උදරය මහත් වීම වැනි ලක්ෂණ ඇත්නම් පරීක්ෂණයක් සිදුකර රෝගය ඇති හෝ නැති බවට තහවුරු කරගැනීමේ හැකියාව ඇත. එහිදී අනතුරුදායක තත්ත්ව වලින් මිදිය හැකිය.