අපේ ශරීරයේ තවත් වැදගත් ඉන්ද්‍රියක් තමයි අක්මාව. අක්මාව ආශ්‍රිත විවිධ රෝග තත්ත්වයන් අද අපිට අසන්නට දකින්නට ලැබෙනවා. ඒ අතරින් වැඩි වශයෙන් බොහෝ දෙනෙක් පීඩා විඳින රෝගී තත්ත්වයක් තමයි අක්මාවේ තෙල් තැන්පත්වීම එහෙම නැත්නම් fatty liver තත්ත්වය.
අපේ ශරීරයේ වෙනත් ඕනෑම ස්ථානයක තෙල් තැන්පත් වෙන්නට හැකියාව තියෙනවා. නමුත් අක්මාවේ තෙල් තැන්පත් වීම ඊට වඩා වඩාත් බරපතළ තත්ත්වයක්. එය අක්මාව අක්‍රිය තත්ත්වයට පත් කරන්නට තරම් ප්‍රබලයි. අපේ ශරීරයේ විෂ ඉවත් කිරීමේ කර්තව්‍යය හැරුණාම ශරීරයට අවශ්‍ය හෝර්මෝන ශ්‍රාවය, ආහාර ජීර්ණයට අවශ්‍ය පිත නිෂ්පාදනය, කාබෝහයිඩ්‍රේට් පරිවෘත්තීය, ප්‍රෝටීන් ලිපිඩ වර්ග නිෂ්පාදනය ඇතුළු බොහොමයක් කර්තව්‍යයන් අක්මාව විසින් සිදුකරනවා.
ඉතින් අක්මාව තුළ අනවශ්‍ය විදිහට තෙල් තැන්පත් වුණොත් අක්මාවේ සාමාන්‍ය ක්‍රියාවලියට එය විශාල බාධාවක් වෙනවා. ඉතින් ඒ නිසා අක්මාවේ තෙල් නැති කරන්නට උපකාරී වන හෙළ ඔසු ගැන අපි දැනුවත් වෙලා ඉන්න එක හරිම වැදගත්. සාමාන්‍යයෙන් අක්මාවේ තෙල් 5% ක් පමණ තියෙනවා. එය ගැටලුවක් නොවුණත් ඊට වඩා වැඩි තෙල් ප්‍රමාණයක් අක්මාවේ තිබුණොත් එය රෝග තත්ත්වයක් විදිහට තමයි සැලකෙන්නේ.අක්මාවේ තෙල් තැන්පත් වී ඇති විට,

- උදරයේ දකුණු පස වේදනාව
- බඩ පුරවා දැමීම
- ආහාර අරුචිය
- ඔක්කාරය
- අධික තෙහෙට්ටුව කියන ලක්ෂණ ඔබටඅත්විඳින්නට සිද්ධ වෙන්න පුළුවන්.
මද්‍යසාර භාවිතා කිරීම හේතු කරගෙන සහ මද්‍යසාර භාවිතා කිරීමෙන් තොරව අක්මාවේ මේදය තැන්පත් වෙන්නටත් හැකියාව තියෙනවා. මධ්‍යසාර භාවිතය නිසා අක්මාවේ මේදය තැන්පත් වීම සිරෝසිස් රෝග තත්ත්වය දක්වාම වර්ධනය වෙනවා. නමුත් මේ රෝගය සුව කරගන්නට හැකියාව තියෙනවා කල්තියා හඳුනා හඳුනා ගැනීමේ හැකියාව මත .
එයට අමතරව අපි පරිභෝජනය කරන ආහාර මගින් ද අක්මාවේ මේදය තැන්පත් වෙනවා.
- අහිතකර රසායනික සංයෝග අඩංගු ආහාර වැඩි වශයෙන් භාවිතා කිරීම අක්මාව නිතර ක්‍රියාත්මක වීම නිසා fatty liver තත්ත්වය ඇතිවෙන්නත් පුළුවන්.
- කෘතීම රසකාරක, වර්ණකාරක සහ කල්තබා ගැනීමේ ද්‍රව්‍ය එකතු කරන ලද ආහාර වර්ග වැඩි වශයෙන් භාවිතයට ගැනීම.
- බිස්කට් කෝඩියල් සෝස් වර්ග පිටි සහිත ආහාර
- අසංතෘප්ත මේද අම්ල
සෝයා තෙල්, මාගරින්, ෆාම් තෙල් ආදී තෙල් වර්ග නිෂ්පාදනයේදී ඔමේගා අම්ල අනුපාතය වෙනස් වෙනවා .එයින් අක්මාවේ මේද තැන්පත් වීම සිද්ධ වෙනවා.
- ආහාරවල අඩංගු වෙන කෘෂි රසායන
- මස් වර්ග, පිටි සහිත ආහාර, කිරිපිටි වර්ග සහ ධාන්‍ය වර්ග වැඩි වශයෙන් ආහාරයට ගැනීම
- දියවැඩියාව, අධික ස්ථුලතාවය ආදී රෝග සඳහා භාවිතා කරන ඖෂධ
- ක්‍රියාශීලී නොවන ජීවන රටාව
- ඉස්සන්, දැල්ලන්, පොකිරිස්සන්, කකුළුවන්, හරක් මස්, ඌරු මස් ආදී උෂ්ණාධික ආහාර වර්ග නිතර පරිභෝජනය
- ගැඹුරු තෙලේ බදින ලද ආහාර
අක්මාවේ fatty liver රෝගය සඳහා දේශීය ඔසු
කැද වර්ග අක්මාවේ තෙල් තැන්පත් වීම මගින් අක්මාව දුර්වල වීම වළක්වා ගන්නට අක්මාව යථා තත්ත්වයට පත් කරගන්නට සුවිශේෂී හැකියාවක් දේශීය කැඳ වර්ගවලට තියෙනවා. ඒ සඳහා වඩාත් සුවිශේෂී වුණු කැඳ වර්ග කිහිපයක් තමයි මේ.
- හීන් බෝවිටියා කොළ කැඳ
- මොනරකුඩුම්බිය කොළ කැඳ
- යකිනාරං කොළ කැද
- කරපිංචා කොළ කැඳ
- ගොටුකොළ කැඳ
ඕලු සහල් කැද මේ කැඳ වර්ග පිසීමේදී හීනටි සහල් වැනි දේශීය සහල් වර්ගයක් භාවිතා කිරීම හරිම වැදගත්. ඒ වගේම මේ කැඳ පානය කිරීමේදී කිතුල් හකුරු සමග ගැනීමත් පානයට පෙර ගම්මිරිස් කුඩු ස්වල්පයක් එකතු කිරීමත් වඩාත් ගුණදායකයි. නමුත් ඔබ කොලෙස්ටරෝල් රෝගයෙන් පෙළෙන කෙනෙක් නම් මේ කැඳ සකස් කිරීමේ දී මිටිකිරි වෙනුවට දෙවන හෝ තෙවන කිරි දමා සකස්කර කර ගැනීම වඩාත් සුදුසුයි.අක්මාවේ හානි වූ සෛල නැවත වර්ධනය කරගන්නට මේ කැඳ මගින් හැකියාව ලැබෙනවා.
කැබැල්ල දළු මැල්ලුම කැබැල්ල ශාකයේ උද්භිද විද්‍යා විද්‍යාත්මක නාමය වෙන්නේ Aporusa lanceolate (Tul) Thus. හීන් කැබැල්ල ශ්‍රී ලංකාවට ආවේණික ශාකයක්. මේ කැබැල්ල කොළ පඳුරු වශයෙන් වැවෙන ශාකයක්. අඩි 10 කට වඩා උස නොවන මේ ශාකයේ බොහෝ ප්‍රයෝජන පවතිනවා.මේ කැබැල්ල දලු මැල්ලුම කොලෙස්ටරෝල් අවම කිරීමට වගේම අක්මාවේ තෙල් තැන්පත් වීම අඩු කරන්නටත් උපකාරී වෙනවා. ඒ නිසා සතියකට කීප වරක් කැබැල්ල දලු මාලුව හෝ මැල්ලුම ආහාරයට එකතු කර ගැනීම වැදගත්.
මැල්ල කොළ මැල්ලුම පිළිකා සෛල විනාශ කරන්නට සුවිශේෂී හැකියාවක් තියෙන මැල්ල කොළ ඉස්සර ධාන්‍ය වර්ග ගුල්ලන් ආදී සතුන්ගෙන් ආරක්ෂා කරගන්නට භාවිතා කර තියෙනවා. ඉතින් මේ ලපටි මැල්ල දළු සම්බෝලයක් විදිහට ආහාර ගන්නට පුළුවන්. තරමක් මෝරන ලද කොළ ලුණු වතුරෙන් පොඩ්ඩක් පෙඟෙන්නට තියල පපඩම් වගේ බැදලා ආහාරයට ගන්නටත් පුළුවන්. මේ කොහොම ආහාරයට ගත්තත් මේ මැල්ල කොළවලට සුවිශේෂී හැකියාවක් තියෙනවා fatty liver තත්ත්වය නිසා අඩපන වෙලා තියන අක්මාව නැවත ගොඩ ගන්නට. ඉතින් මැල්ල කොළ පිළිකා සෛල විනාශ කරන්නත් අක්මාව නිරෝගීව තියා ගන්නත් මහඟු ඔසුවක්.
කෝමාරිකා ව්‍යංජනය-පැහැපත් නිරෝගී සමකට, ඝන දිගු වරලසකට වගේම ලෙඩ රෝගවලින් තොර සුවපත් දිවියකටත් කෝමාරිකා කියන්නෙ දිව ඔසුවක් . කෝමාරිකා විවිධ ආකාරයට අපිට ආහාරයට එකතු කරගන්නට පුළුවන්. ඉතින් මේ ගුණදායක කෝමාරිකා සතියකට කිහිපවරක් ව්‍යංජනයක් ලෙස පිළියෙල කර ආහාරයට ගත්තොත් අක්මාවේ තෙල් දියකර හැර අක්මාව නිරෝගී කරගන්නා එක අපහසු නැහැ.
මුං ඇට තැම්බූ වතුර සහ තම්බා ගත් මුං ඇට ඇඟ සිසිල් කරන රෝග රැසකට ගුණ දෙන මුං ඇට කැඳ වර්ග පිසීමේදීත් එකතු කරගන්න පුලුවන්. ගොඩක් අය මුං ඇට තම්බා ගත් වතුර විසි කළත් අක්මාවේ තෙල් දියකර අක්මාව නිරෝගී කරන්නට මුං ඇට වතුරත් හරිම ගුණදායකයි . ඒ නිසා මුං ඇට නිතර ආහාරයට එකතු කර ගන්න අමතක කරන්න එපා.

මුස්සැන්ද ව්‍යන්ජනය -මුස්සැන්ද කියන්නේ ඉතා වටිනා ඔසු පැලයක්. ඒ වගේම රසවත් ගුණවත් පලාවක්. ඒ විතරක් නෙවෙයි මේ මුස්සැන්ද පැලය ගෙවත්තට අලංකාරයක් ද ගෙන දෙනවා.මේ මුස්සැන්ද ශාකය වෙල් බුත්සරණ යන නාමයෙන් ද හඳුන්වනවා. බහු වාර්ෂික ශාකයක් වන මේ ශාකය මීටර් 2 ක් පමණ උසකින් යුක්ත වෙනවා. පත්‍ර මදක් ඕවලාකාර හැඩයකින් සමන්විතයි. පත්‍ර මතුපිට වගේම කොළ පැහැයෙන් හට ගන්නා බීජවලත් සියුම් බූවක් දකින්නට පුළුවන්.
මේ ශාකයේ දීප්තිමත් තැඹිලි පැහැයෙන් යුත් මල් හටගන්නවා. මේ මුස්සැන්ද දළු සම්බෝලයක් විදියට, මැල්ලුමක් විදියට ඖෂධයක් විදියටත් භාවිතයට ගැනෙනවා. ඒ විතරක් නෙවෙයි කොළ කැඳ සකස් කර ගන්නත් තේ වෙලාවට කෙටි කෑම සකස් කර ගන්නත් මේ මුස්සැන්ද කොළ භාවිතා කරන්නට පුළුවන්. කැඳ පිස ගැනීමේදී මුස්සැන්ද කොළ සමඟ වෙනත් කොළ එකතු කර පිස ගන්නත් හැකියාව තියෙනවා. මේ ශාකයේ සුදු පැහැ මණිපත්‍ර පොල්කිරි මිශ්‍ර සහල් පිටිවල තවරා තෙලෙන් බැද පපඩම් ලෙස ආහාරයට ගන්නත් පුළුවන්. ඉතින් මේ කුමන ආකාරයට ආහාරයට එකතු කර ගත්තත් එයින් අපේ අක්මාවේ අනවශ්‍ය තෙල් දියකර අක්මාව නිරෝගී කරන්නට සුවිශේෂී කාර්‍යබාරයක් ඉටු කරනවා .ඒ හැරුණාම කරවිල කොළ
- ගැට තුඹ කොළ
- ගස් කරල් හැබ
- රසකිඳ කොළ
- සැවැන්දරා කොළ
- හාතවාරිය අල
- පිටවක්කා කොළ
ආදී හෙළ ඔසු සතියකට වරක් දෙවරක් තමන්ගේ ආහාර වේලට එකතු කර ගන්නට පුළුවන් නම් එය අක්මාවේ fatty liver රෝග තත්ත්වය ඉතා ඉක්මනින් සුවපත් කර ගන්නටත් අක්මාවේ නිරෝගී බව බොහෝ කාලයක් ආරක්ෂා කරගන්නටත් හැකියාව ලැබෙනවා.
සැලකිලිමත් වෙන්න ඔබ වෙනත් රෝග තත්ත්වයන් සඳහා ඖෂධ ලබා ගන්නා පුද්ගලයෙක් නම් වෙනත් රෝගවලින් පීඩා විදින අයෙක් නම් මෙවැනි කැඳ වර්ග සහ මේ හෙළ ඔසු භාවිතයට ගන්නට කලින් අනිවාර්යෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගන්න .