ෆැටි ලිවර් රෝගය වළකන සත්කාර 17 ක්

health tips

ඇතිවන මෙම තත්වය විශාල වශයෙන් සෞඛ්‍ය ගැටලු ඇතිකිරීමට හේතුවේ.වර්තමානයේ බොහෝ පිරිසක් මේ තත්වයට ගොදුරු වී තිබෙන බව හඳුනාගෙන ඇත. මේ හේතුවෙන් අක්මාව ප්‍රදාහයට ලක්වීම සිදුවෙයි.

අක්මාවේ මේද තැන්පත්වීමේ රෝග තත්වයේ රෝග ලක්ෂණ: ව්‍යාකූලත්වය,තෙහෙට්‍ටුව,අප්‍රාණිකත්වය, බර අඩුවීම හා යටිබඩ ප්‍රදේශයේ පීඩාකාරී බවක් දැනීම…නිසි ලෙස ප්‍රතිකාර නොගැනීමෙන් මෙය අක්මා හානිවීම හා සිරෝසිස් වැනි බරපතල තත්වයන් දක්වා උග්‍ර වීමට ඉඩ තිබෙයි. අක්මාවේ මේද තැන්පත්විමේ රෝග අවදානම ඉහළ දමන ප්‍රධාන සාධකයක් නම් අධිකව ආහාර පාන පරිභෝජනය කිරීමය.මත්පැන් අඅක්මාවේ මේද තැන්පත්වීමේ රෝගයට ආයුර්වේදයේ ප්‍රතිකාර

අක්මාවේ මේද තැන්පත්වීම හෙවත් ‘ෆැටි ලිවර් රෝගය’ (fatty liver disease) යනු අක්මාවේ සෛල තුළ අධික ලෙස මේද තැන්පත්වීමෙන් (අක්මාවේ ස්කන්ධයෙන් 10% ටත් වඩා) ඇතිවන ගැටලු තත්වයකි.මිනිස් සිරුරේ පිහිටා ඇති දෙවන විශාලතම අවයවය වන අක්මාවේධික භාවිතය ද තවත් හේතුවකි.දියවැඩියාව, ස්ථූලතාවය,මන්දපෝෂණය වැනි රෝග තත්වයන්, ඇස්ප්‍රින් වගේ ඇතැම් බෙහෙත් ඖෂධ භාවිතය, බර ඉක්මනින් අඩුවීයාම වගේ හේතු අක්මාවේ මේද තැන්පත්වීමේ රෝගයට බලපාන මධ්‍යසාර හේතුවෙන් නොවන හේතු සාධක වේ.

සෙම හා මේද දෝෂ කිපීම මත්පැන් හේතුවෙන් නොවන ෆැටි ලිවර් රෝගයේ මූලික වර්ධන අවධියේදි ඇතිවන තත්වයකි.පිත දොස් කිපීම සමඟ ප්‍රදාහය තත්වයන් හටගත හැකියි.ෆයිබ්‍රෝසිස් තත්වය ක්‍රමටෙන් සිරෝසිස් දක්වා උග්‍ර විය හැකිය.ආමාශ ක්‍රියාකාරීත්වයේ අසාමාන්‍යතා අඩුකිරීම,සෙම් හා මේද දෝෂ සමතුලිත කිරීම,රුධිර සංසරණ වාහිනි අවහිරතා දුරුකිරීම හරහා මේ රෝගයේ ලක්ෂණ පාලනය කිරීම සිදුකරයි.

මද්‍යසාරමය නොවන රෝගය අධික තරබාරුව, ඖෂධ භාවිතාවන්, දියවැඩියා රෝගය, මැඩිවියේ හෝ වයස්ගත අවධියක පසුවීම, අධි රුධිර පීඩනය, පරිවෘත්තිය ආශ්‍රිත ගැටලු, වේගයෙන් බර වැඩිවීම, රුධිරයේ අධි මේද මට්ටම , හෙපටයිටිස් සී වැනි වෛරස ආසාදන හෝ ජානමය රෝග ආදි සාධක බලපෑමින් අක්මාවේ මේද තැන්පත්වීම නිසා ඇතිවේ.

සාමාන්‍යයෙන් මෙම රෝගයේ රෝග ලක්ෂණ හඳුනාගැනීම අපහසුය. කෙසේවෙතත් ඇතැම් අයට  අජීර්ණය,ආහාර රුචිය වැඩිකම/අඩුකම, උදර වේදනා අපහසුතා, තෙහෙට්‍ටුව, ආහාර රුචිය නැතිවීම, පාචනය,අසනීප ගතියක් දැනීම, අමුතු අපහසුවක් ඇඟට දැනීම වගේ ලක්ෂණ අත්දකින්නට ලැබිය හැකිය. රෝගය වර්ධනය වෙත්ම රස සංවේදනා නැතිවීම,පපුවේ හා උදරයේ දැවිල්ල දැනීම,රාමතෙල් හැරීමත් සමඟ ඇඹුල් රසක් දැනීම,උදරය විශාලවීම හෝ බඩබුරුල් වීම (බඩ එලියේ යාම) ඇතිවිය හැක. නිරක්තිය (පාණ්ඩු හෙවත් ලේ අඩුකම), නාසයෙන් හා මුඛයෙන් රුධිරය වහනය වීම (රක්ත පිත්තය ) හා කාමල හෙවත් ඇස් හා සම කහවීමේ රෝගය (ජෝන්ඩිස්) වැනි අක්මාව ආශ්‍රිත සෞඛ්‍ය ගැටලු ආකාරයෙන් මෙම තත්වය පෙන්නුම් කිරීමට පටන්ගත හැක.

ආයුර්වේදයේ මේ තත්වයට සිදුකෙරෙන ප්‍රතිකාර ‘විරේචන’- විරේක කිරීම හරහා අධික පිත  බැහැර වීමට සලස්වයි. ඒ සමඟ සිරුරේ වාත,සෙම දොස් ද දුරුවී යනු ඇත.රෝග තත්වයට අනුව සුදුසු ඖෂධ නියම කිරිම සිදුවේ.රෝගියාගේ සිරුරේ සැහැල්ලුබව හා ආහාර රුචිය වැඩිවීම මේ හරහා ඇතිවේ.ජෝන්ඩිස් හා අක්මාවේ මේද තැන්පත්වීමේ රෝගයට ප්‍රතිකාර කෙරෙන ක්‍රමයකි.

‘වමන’- අධික පිත හා සෙම දෝෂ මුඛය හරහා වමනය ලෙස පිටකිරීමට සලස්වන ඖෂධ භාවිතයයි.සෙම ආශ්‍රිත රෝග දුරුකිරීමේදි ප්‍රධාන වශයෙන් මේ ප්‍රතිකාරය භාවිත කෙරේ.ආහාර අරුචිය,ඇදුම,පෙප්ටික් වණ, සයිනසයිටීස්  ලක්ෂණ ද සමනය කරයි.බර අඩුවීමට, සමස්ත කොලෙස්ටරෝල් හා ට්‍රයිග්ලිසරයිඩ මට්ටම් අඩුවීමට ප්‍රතිලාභ දෙයි.ස්ථූලතාව නිසා ඇති වූඋ අක්මාවේ මේද තැන්පත් වීමේ රෝග ලක්ෂණ පාලනයට සහය දෙයි.යූරියා මට්ටම්, ක්‍රියැටිනයින් රුධිරද්‍රව  මට්ටම් අඩුකීරීම හා අක්මාවේ ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීම සිදුකරයි.

අක්මාවේ මේද තැන්පත්වීමේ රෝගයට ප්‍රතිකාර කෙරෙන ආයුර්වේදීය ඖෂධ වර්ග

රසකිඳ- ආහාර ජීර්ණ හා රුධිර සංසරණ පද්ධති ක්‍රියාකාරීත්වයන් වැඩිදියුණු කරයි.සමස්ත සිරුරේම ශක්තිය වැඩිකරවයි.පටක අළුත්වැඩියාව ප්‍රවර්ධනය කරයි.සිරුරේ ප්‍රතිශක්තිය වඩවයි.මැලේරියා උණ,අර්ශස්,සමේ රෝග,ජෝන්ඩිස්, අතීසාරය, මලබද්ධය හා රක්තපාතය වැනි රෝග වලට හොඳ ප්‍රතිකාරයක් ලෙස භාවිත කෙරේ.සිරුරේ දෝෂ නසන ප්‍රබල ඖෂධයක් ලෙස ආයුර්වේදයේ සඳහන් වේ.මේවා කුඩු හෝ සාරය වශයෙන් ලබාගත හැකියි.

පිටවක්කා– මූත්‍රා, ආහාර ජීර්ණ හා ප්‍රජනන පද්ධති වල නීරෝගි බව වැඩිකරවයි.ජෝන්ඩිස්,මෞත්‍රලිංගික රෝග, ගොනෝරියා, අජීර්ණය, කොලයිටිස්, අතීසාරය, වණ,චර්ම රෝග,ටොන්සිලදාහය හා විදුරුමසින් ලේ ගැලීම වැනි ගැටලු වලට ප්‍රතිකාර කිරීමේදි යොදාගනියි.පෙති, කරල්, තැම්බූ වතුර, කුඩු හෝ ආලේපයක් ලෙස භාවිතයට ගත හැකියි.

ක‍ටුකරෝසන– විරේචක,පිතහරණය කරන ගුණ මෙන්ම ආමාශය සමනය කරන ගුණ ඇත.බහිස්‍රාවී,ස්නායු හා කාන්තා ප්‍රජනන සහ රුධිර සංසරණ පද්ධති නීරෝගිකරයි.චර්ම ගැටලු,ලෝහ විෂවීම්,පිත්තාධික උණ තත්වයන්,අංශබාගය , කුඩා අන්ත්‍රයෙන් ඇතිවන මලබද්ධය හා මැලේරියාවට ප්‍රතිකාර කිරීමට යොදාගන්නා ඖෂධයකි.අක්මා ආරක්ෂක ගුණ බහුල බැවින් ජෝන්ඩිස්, වෛරස හෙපටයිටිස් හා මත්පැන් හේතුවෙන් නොවන අක්මාවේ මේද තැන්පත්වීමේ රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කිරීමේදී ඵලදායිය.කුඩු, කරල්, සාරය, ඖෂධීය වතුර ලෙස සකසා භාවිත කළ හැකිය.

අරළු- ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය, ජීර්ණ , ශ්වසන හා බහිස්‍රාවී පද්ධති ක්‍රියාකාරීත්වයන් වැඩිදියුණු කරයි.විරේචක,තාරුණ්‍ය වැඩිදියුණු කරන,නාඩි ශක්තිමත් කරවන, ඖෂධීය කසට ගුණයෙන් යුක්තයි.දීර්ඝායු වඩවයි.මතකය, බුද්ධිය හා ආහාර ජීර්ණය වැඩිදියුණු කරයි.උදරය විශාල වීම,ජෝන්ඩිස්,ගැටිති වර්ධනය වීම්,රක්තපාතය,ඇදුම,බඩ කොරවීම,අර්ශස්,විදුරුමස් වණවීම, කැසිල්ල, පාචනය, ප්ලීහාවේ ගැටලු හා අංශබාගය වැනි තත්වයන්ට ප්‍රතිකාර කිරීමේදි යොදාගැනෙන ඖෂධයකි.මත්පැන් හේතුවෙන් නොවන ෆැටි ලිවර් රෝගයට ද ඵලදායි ප්‍රතිකාරයකි.ස්ථුලතාවයෙන් පෙළෙන්නන් හට චිකිත්සක ගුණ ලබාදෙයි.කුඩු, පේස්ට්, කසාය හෝ වතුරට මුසු කර පරිභෝජනය කල හැකියි.

තිප්පිලි- වේදනානාශක ගුණ ඇති අතර ශ්වසන, ආහාර ජීර්ණ හා ප්‍රජනන පද්ධති නීරෝගී වීමට ප්‍රතිලාභ දෙයි.කැස්ස, සෙම් රෝග, සයටිකා,අංශබාගය,ඇදුම,අපස්මාරය හා පණු රෝග දුරුවිමට ප්‍රතිකාර කෙරෙන ඖෂධයක් ද වේ.අක්මා ආරක්ෂක ගුණ බහුලය.  බොහෝ ආයුර්වේදීය ඖෂධිය ප්‍රතිකාර වල නොවරදින අමුද්‍රව්‍යක් ලෙස තිප්පිලි භාවිත වේ.මේවායේ අඩංගු පිපෙරීන් නම් ඇල්කලොයිඩ සංඝටක අක්මා සෛල අලුත්වැඩියාවට ලක්වීම ප්‍රවර්ධනය කරයි.අක්මාවේ සිරෝසිස් හා ෆැටි ලිවර් රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කරයි.තෙල්, තැම්බූ වතුර, කුඩු ආකාරයෙන් ලබාගත හැකිය.

‘වසගුඩුච්‍යාදී’ කසාය- අරළු,බුළු, නෙල්ලි,කොහොඹ, රසකිඳ සහ තවත් ඖෂධීය අමුද්‍රව්‍ය 8කින් සකසන කසායකි.නිරක්තිය හා ජෝන්ඩිස් හෙවත් ඇස් හා සම කහවීමේ තත්වයට ප්‍රතිකාර කෙරෙන ඖෂධයකි.

අක්මාවේ මේද තැන්පත්වීමේ රෝගයෙන් පෙළෙන පුද්ගලයින් සඳහා උපදෙස් කිහිපයක්

  • කරපිංචා,රතු බත්,මුං ඇට,දෙළුම්,වියලි පලතුරු , සුදුලූනු ,ප‍තෝල, කොත්තමල්ලි, කරවිල, ඉඟුරු,බටර්මිල්ක්,බාර්ලි,දොඩම්, මුද්දරස්පලම්, මුරුංගා හා ඖෂධීය කැඳ වර්ග පරිභෝජනයට එක්කරගන්න.
  • නැවුම් ලෙස සකසාගත් ආහාර පාන පරිභෝජනයට ගන්න.
  • වේලාවට ආහාර ගන්න.
  • අඩු මේද හා තන්තු බහුල ආහාර පාන රටාවක් අනුගමනය කරන්න.
  • දිනකට වතුර වීදුරු 8ක් වත් පානය කරන්න. මද උණුසුම් වතුර වඩාත් යෝග්‍යයයි.
  • නිතිපතා ව්‍යායාම කරන්න.
  • යෝගා වල යෙදෙන්න.
  • මල්ගෝවා,උඳු,මුදවපු කිරි,අර්තාපල්,අච්චාරු,කිරි,මස් නිෂ්පාදන,සම්පූර්ණ මේද සහිත කිරි, මාලු, බාස්මති බත්,කෘතිම රසකාරක,චොකලට්,ජෑම් හා අයිස් ක්‍රීම් වැනි ආහාර පරිභෝජනයෙන් වළකින්න.
  • සිසිල් බීම,බේකරි ආහාර, සැර හා මේද අධික ආහාර වර්ග වලින් වළකින්න.
  • ඇඹුල්, ලුණු අධික ආහාර පාන වලින් වළකින්න.පෙර සැකසූ හෝ කෘතිම/ක්ෂණික ආහාර පාන වලින් ඈත්වන්න.
  • දුම්බීමෙන් හා මත්පැන් වලින් වළකින්න.
  • අධිකව ආහාර ගැනීම හා දහවල් කාලයේ නිදාගැනීමෙන් වළකින්න.