අද අපි අතර ඉන්නා බොහෝ දෙනෙක්ට තියෙන රෝගී තත්ත්වයක් තමයි අක්මාවේ තෙල් තැන්පත්වීම නැත්නම් ෆැටි ලිවර් කියන්නේ.ඇත්තටම තෙල් ආහාරයට ගන්නා අයට විතරද මේ තත්ත්වය ඇතිවෙන්නේ. නැහැ.නමුත් අද සමාජයේ බොහෝ අයගේ මතය වෙන්නේ ෆැටි ලිවර් තත්ත්වය ඇතිවෙන්නේ අධික ලෙස තෙල් ආහාරයට එකතු කරගැනීමෙන් කියලා. නමුත් තෙල්වලින් බොහෝ පරෙස්සම් වෙන අයටත් මේ රෝගය ඇතිවෙනවා. ඒ සඳහා අපි එතරම් නොහිතනා හේතු රාශියක්ම බලපානවා. විශේෂයෙන්ම අපේ වැරදි ආහාර රටාව වගේම වැරදී ජීවන රටාව. මේ තෙල් තැන්පත් වෙන්නේ අපේ ශරීරයේ තියෙන අක්මාව කියන ඉන්ද්‍රියේ. ඒ නිසා මුලින්ම අක්මාව පිළිබඳව දැන කියා ගනිමු.
කිලෝග්‍රෑම් 1.5 ක බරකින් යුක්ත මිනිස් ශරීරයේ ඇති දෙවන විශාලම ඉන්ද්‍රිය වන අක්මාව අපේ සිරුරේ පැවැත්ම වෙනුවෙන් අතිවිශාල කාර්යබාරයක් සිදු කරනු ලබනවා.ශරීරයේ ග්ලයිකොජන් කියන රසායනික ද්‍රව්‍ය ගබඩා කිරීම, ඒ රසායන ද්‍රව්‍ය වරින් වර ග්ලූකෝස් බවට පත් කරමින් ශරීරයට අවශ්‍ය ලෙසට රුධිරයට නිදහස් කිරීම, නිසි පරිදි සිදු කරන්නේ අක්මාව මගින්. විශේෂයෙන්ම ශරීරයට ඇතුළු වන සමහර සැර ඖෂධ වර්ගවල සැර ගතිය අඩුකර දීම ,ආහාර ජීර්ණයට අවශ්‍ය පිත නිපදවීම,ග්ලයිකොජන් නිෂ්පාදනය, කොලෙස්ටරෝල් නිෂ්පාදනය, ලේ කැටි ගැසීමට අවශ්‍ය රසායන නිෂ්පාදනය 500 ට අධික හෝර්මෝන වර්ග නිපදවීම විටමින් එක්රැස් කර තබා ගැනීම ආදී මිනිස් සිරුරේ ක්‍රියාදමයන් 500 කට අධික සංඛ්‍යාවකට අක්මාව දායක වෙනවා. සරලවම කිව්වොත් අක්මාව කියන්නේ විෂ පෙරනයක්. නමුත් අද අපේ වැරදි පුරුදු නිසාම බොහෝදෙනෙකුගේ අක්මාව ලෙඩ වෙලා. ඒ නිසා රෝග බොහොමයකට ගොදුරුවෙන්නට අපිට සිදු වෙලා.
ෆැටි ලිවර් ඇති වෙන්නේ කොහොමද

එදා වගේ නෙවෙයි අද අපි ආහාරයට ගන්නා සෑම දෙයකම වස විෂ අඩංගු වෙනවා. ඉතින් අපි ආහාරයට ගන්නා මේ ආහාර ආමාශයේ දී යම් කොටසක් ජිර්ණයට ලක්වෙලා ටික වේලාවකින් කුඩා බඩවැල කරනවා.ඉන්පසුව මේවා අංගුලිකාවලට ටිකෙන් ටික අවශෝෂණය කරගන්නවා.මේ අතරේ ආහාරවල අඩංගු විෂ කොටස් පවා තියෙනවා.මේ පෝෂ්‍ය කොටස් සහ විශ රුධිරයට එකතුවෙලා මුලින්ම අක්මාවට යනවා.අක්මාවෙන් අර විශ ටික ඉතිරි කරගෙන ඉරිති අත්‍යවශ්‍ය පෝෂක ටික රුධිරයට මුදා හරිනවා. රඳවා ගත් විෂ ටික සල්ෆර් අංශු සමඟ අක්මාවෙන් පිට කරනවා.මේවා අපේ බහිස්ශ්‍රාවීය පද්ධතිය මගින් පිට කරන්නට පුළුවන්.
නමුත් අක්මාව විෂ ටික රදවා ගෙන පසුව සිරුරෙන් බැහැර කළාට අක්මාව මේ කටයුතු කරන වේලාවක් තියෙනවා. ඒ තමයි රාත්‍රී කාලය. ඒ රෑ 11-2 අතර අපි තද නින්දේ සිටිද්දී. රාත්‍රියට වුණත් අපි අවදියෙන් ඉද්දි අක්මාව මේ විෂ බැහැර කරන්නේ නැහැ. අපි නිදාගන්නා කල්ම අක්මවා මේ විෂ රදවා ගෙන සිටිනවා.අපි හැමදාම වගේ අලුයම 2 ,3 වෙනකම් ඇහැරලා ඉන්නවා නම් අක්මාවට මේ විෂ බැහැර කරන්නට අවස්ථාවක් නැති නිසා ඒ විෂ එකතු විම වැඩිවෙනවා. ඉතින් ඒ විෂ ටිකෙන් ටික අක්මාවේ සෛලවලට හානි කරනවා. මේ හානිය වළක්වා ගන්නට යොදන ප්ලාස්ටර් එක තමයි ෆැටි ලිවර් කියන්නේ.ඒවා අපි කන ආහාරයව තියෙන විෂ නිසා අපේ සිරුරෙන්ම නිෂ්පාදනය වෙන ෆැටි එක. ඇතැම් විට අක්මාවට තමන්ගේ කාර්ය හරියට කර ගන්නට බැරි වුණාම ඒ විෂ රුධිරයටත් එකතු වෙන්නට පුළුවන්.
මේ තත්ත්වය හැරුණාම අක්මාවේ මේදය තැන්පත්වීම ඇතිවෙනවා. කොහොමවුණත් ඒ අවස්ථා දෙකේදීම අක්මාවේ තිබිය යුතු මේද ප්‍රමාණය ඉක්මවා මේදය තැන්පත් වීමයි සිදු වෙන්නේ. සමාන්‍යයෙන් අක්මාවේ බරින් 5% – ත් 10 %ත් අතර ප්‍රමාණයක් මේදය තැන්පත්වීම සාමාන්‍ය වුණත් ඊට වැඩි ප්‍රමාණයෙන් මේදය තැන්පත්වීම ෆැටි ලිවර් ලෙස හඳුනා ගනු ලබනවා.මේ අතුරින් වඩාත් හානිකර වෙන්නේ අක්මාවේ සෛලවලට හානිවන තත්ත්වයට එහි මේද තැන්පත්වීම.
ෆැටි ලිවර් ආකාර දෙකක් පවතිනවා. මධ්‍යසාර හේතුවෙන් ඇතිවන ෆැටි ලිවර් සහ මධ්‍යසාර නොවන ෆැටි ලිවර් වශයෙන්. වැඩිපුර මත්පැන් පානය අක්මාවේ මේදය ඉහළ යාමට විශේෂ හේතුවක්.
අක්මාවේ මේදය තැන්පත්වීමට බලපාන හේතු

- මත්පැන් භාවිතය
- ක්ෂය රෝග තත්ත්වය
- අධික ස්ථුලභාවය සහ අලස ජීවන රටාව. මේ නිසා ශරීරික ක්‍රියාකාරිත්වය අඩුවීමෙන් ශරීරයේ මේදය අක්මාව දෙසට ගමන් කරනු ලබනවා.
- දෙවනි ආකාරයේ දියවැඩියාව
- අධික ලෙස ප්‍රෝටීන් ආහාරයට ගැනීම
- අධික තෙල්, සීනි සහ පිටි සහිත කෘතීම ආහාර පරිභෝජනය
- ඇතැම් රෝග සඳහා භාවිතා කරන ඖෂධ
- උපත් පාලනය සඳහා භාවිතා කරන පෙති වර්ග නිතර භාවිතය
- අධික කුසගින්න
- නිතර නිතර කුසගිනි ඇතිවීම් වගේම ඒ කුසගින්න සඳහා ප්‍රමාණවත් පෝෂ්‍යදායි ආහාරයක් නොගැනීමත් නිසා ෆැටි ලිවර් තත්ත්වය ඇතිවෙන්නට පුළුවන්. ශරීරයේ ක්‍රියාකාරිත්වය සඳහා ඕන කරන මේද ශරීරයට නොලැබෙන විට වෙනත් ස්ථානවල තැන්පත්වෙලා තියෙන මේදය ද්‍රව බවට පත්වෙලා ඒ අවශ්‍යතා සඳහා යොදාගන්නවා. එවිට රුධිරයේ මේදය වැඩි වෙනවා. ඉන්පසු අක්මාව රුධිරයේ වැඩිපුර තියෙන මේද කොටස් තැන්පත් කරගනු ලබනවා.
- ශරීරයේ බර අඩු කර ගැනීමට කරන සැත්කම්
- වයස්ගතවීම
අක්මාවේ මේදය තැන්පත්වීමෙන් ඇතිවන රෝග ලක්ෂණ

- අක්මාව පිහිටා තියෙන්නේ උදරයේ දකුණු පැත්තේ නිසා දකුණු ප්‍රදේශයේ බඩ පුරවා දැමීම ඇතිවෙන්නට පුළුවන්. ඒ වගේම වේදනාකාරී ස්වභාවයක් ඇතිවෙන්නටත් පුළුවන්.
- ආහාර රුචිය අඩු වීම
- අධික තෙහෙට්ටුව
- අප්‍රාණික ගතිය
- නිරන්තර ඔක්කාරය
ෆැටි ලිවර් රෝගය නොසලකා හැරීම හෘද රෝග, දියවැඩියාව හා වකුගඩු රෝග සඳහා අත වැනීමක් බව මතක තබා ගත යුතුයි.ෆැටි ලිවර් රෝගය අද වන විට බහුල වශයෙන් ව්‍යාප්ත වී ඇති රෝගයක්. මෙය වළක්වා ගැනීමත් අප සතු කාර්යයක්.