දවස් 7 කට සැරයක් මහදුරු පානය කිරීමෙන් සුව කරගත් හැකි රෝග 20 ක්

health tips

අපේ ආහාර රසවත් කරගන්නට වගේම ගුණය වැඩිකර ගන්නටත් අපි බහුලවම භාවිතා කරන කුළුබඩු  අතුරෙන් එකක් තමයි මහදුරු කියන්නේ. කටට රසට උයා පිහා ගන්නට අපිට ඕන කරන මහදුරු අපේ මුළුතැන්ගෙයින්  ඉතා පහසුවෙන්ම සොයා ගන්නට පුළුවන්. ඉතින් වැඩි වියදමක් නැතිව මුළුතැන්ගෙයි තියෙන මේ කුළු බඩුව භාවිතයෙන් නීරෝගීව ජීවත් වෙන ආකාරය පිළිබඳවයි අද අපි ඔබ සමඟ කතා කරන්නේ.

මේ මහදුරුවල පෝෂක සංඝටක ලෙස ෆ්ලෙවනොයිඩ් වර්ගයේ ප්‍රබල ප්‍රතිඔක්සිකාරක කිහිපයක්ම අඩංගු වෙනවා. ඒ වගේම තන්තු බහුල කුළු බඩුවක් තමයි මේ මහදුරු. මේවායේ සුවඳ ඇති කරන්නේ  වාෂ්පශීලී තෙල්වලින්. මේවාද ප්‍රතිඔක්සිකාරක ගුණ සහිතයි. මේවායේ අඩංගු අත්‍යවශ්‍ය ඛනිජ අතර තඹ, යකඩ, කැල්සියම්, පොටෑසියම්, මැංගනීස්, සෙලිනියම්,  සින්ක් සහ මැග්නීසියම් ප්‍රමුඛ වෙනවා. ඒ වගේම විටමින් A, E, C, රයිබොලේවින්, තයමින් සහ නියැසීන් ද මහදුරුවල අන්තර්ගත වෙනවා.

මහදුරු පානයෙන් දේහයට ලැබෙන විස්මිත ප්‍රයෝජන 

  • සුවදායි  නින්දක් ලබාදෙනවා .නීරෝගීව සිටින්නට නම් ආහාර, ජලය, වාතය වගේම නින්දත් අපිට අත්‍යවශ්‍යම වෙනවා. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා දිනකට පැය 6-7 ක  අඛණ්ඩ නින්දක් ලබාගත යුතු බවටයි වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ. ස්වභාවිකව අපිට නින්දක් ලබා ගන්නට අපේ ශරීරයේ නිපදවෙන සංයෝගය තමයි මෙලටොනින්. මහදුරුවලින් මෙලටොනින් කියන රසායනික සංයෝගය නිෂ්පාදනය වැඩි කරන නිසා එවිට මොළයෙන් පණිවුඩයක් ලැබෙනවා නින්දට ඔබ සූදානම් කියලා. ස්වාභාවිකව නින්ද ඇතිකරන මේ මහදුරු රාත්‍රී  ආහාරයෙන් පසුව ඔබට පානය කරන්නට පුළුවන්. මහදුරු ටිකක් කබලේ බැද ජලය තමා හොඳින් තම්බා ගන්න .  පසුව තරමක් නිවුණු පසුව පානය කරන්න. මේ පානයට අවශ්‍ය නම් දෙහි බින්දු  කිහිපයක් වගේම මී පැණි ස්වල්පයකුත් එකතු කර ගන්න පුළුවන්.
  • පරිවෘත්තීය ක්‍රියා වේගවත් කරනවා.උදෑසන හිස්බඩට මහදුරු එකතු කළ ජලය වීදුරුවක් පානය කිරීම සිරුරේ පරිවෘත්තීය ක්‍රියාවලිය නිසිපරිදි සිදු වෙන්නට උපකාරී වෙනවා.
  • හුස්ම ගැනීමේ අපහසුතාවය සමනය කරනවා.හිස් කබලේ සෙම පිරීම නිසා ඇතිවන හුස්ම ගැනීමේ අපහසුව, හිසරදය, හිසේ බර ගතිය ආදී අපහසුතා මහදුරු පානයෙන් මගහරවා ගන්නට පුළුවන්.
  • රුධිර පීඩනය යහපත්ව පවත්වා ගන්නට උපකාරී වෙනවා.අධි රුධිර පීඩනය පාලනය කරමින් එය යහපත් මට්ටමක පවත්වා ගෙන යන්නට මහදුරු උදව් වෙන බව පර්යේෂණවලින් තහවුරු කරගෙන තියෙනවා. විශේෂයෙන්ම මහදුරුවලට අපේ කෙලවල ඇති නයිට්‍රේට්  අයන ප්‍රමාණය වැඩි කරන්නට හැකි බව පර්යේෂණ මගින් සොයාගෙන තියෙනවා. කෙලවල ජීවත් වෙන ඉතා කුඩා ක්ෂුද්‍ර  ජීවීන්  නයිට්‍රේට් අයන නිර්මාණය කරන අතර ඒවා මගින් අධි රුධිර පීඩනය අඩු කරනවා.ඒ නිසා මහදුරු රුධිර පීඩනය යහපත් කර හදවත නීරෝගී කරන්නට උදව් වෙනවා. 
  • පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරනවා.මහදුරුවල අන්තර්ගත ප්‍රතිඔක්සිකාරක ඇතුළු වටිනා සංඝටකවලට හැකියාව තියෙනවා පිළිකා  මාරයාගෙන් අපිව ආරක්ෂා කරන්නට. පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරන්නට මහදුරු සතු විස්මිත හැකියාව පිළිබඳව පර්යේෂණයන් ද සිදුකර තියෙනවා.
  • සිරුරේ විෂ ඉවත් කරනවා.මහදුරුවල අඩංගු වෙන විටමින් C මගින් ප්‍රතිශක්තිකරණය වැඩි කරනවා. ඒ වගේම ශරීරයේ එක්රැස් වෙන විවිධ විෂ ද්‍රව්‍ය හරණයටත් දායක වෙනවා. 
  • අස්ථි ශක්තිමත් කරනවා.මහදුරුවල අඩංගු මැග්නීසියම් ආදී ඛනිජ මගින් අස්ථි ශක්තිමත්  කරනවා.
  • අතරමැදි වේලාවල්වල කුසගිනි ඇතිවීම වළකනවා. දේහ  බර අඩුකර ගන්නට උනන්දු වෙන අයෙක්ට නම් මේ මාදුරු පානය ඉතා වැදගත්. මොකද මධ්යම රාත්‍රියේ හෝ වෙනත් වේලාවන්වල නිතර කුසගිනි ඇතිවීම දේහ බර අඩුකර ගන්නට බාධාවක් වෙන නිසා. නමුත් මහදුරු පානයෙන් නිතර ඇතිවන කුසගින්න පාලනය වෙනවා.
  • ආහාර ජීර්ණ පද්ධතියේ නිසි ක්‍රියාකාරිත්වය ඇති කරනවා.
  • මලබද්ධය දුරු කරනවා.
  • ආමාශගත දැවිල්ල ඇතුළු ආමාශගත ලෙඩ රෝග දුරු කරනවා.
  • දේහයේ අනවශ්‍ය මේදය දහනය කරනවා.
  • තරබාරුව අඩු කරනවා.
  • ශුක්‍රාණු නිෂ්පාදනය වැඩි කරනවා.
  • දියවැඩියාව පාලනය කරනවා.
  • රුධිරය පිරිසිදු කරනවා.
  • උදරයේ වාතය පිරීම සමනය කරනවා.
  • අක්මාවේ අනවශ්‍ය මේදය තැන්පත්වීම වළකනවා.
  • සිරුරේ දාහය නසා දේහය සිසිල් කරනවා.
  • සමේ ගැටළු නැතිකර සම පැහැපත් කරනවා.
  • අකලට වයස්ගත වීමේ  ලක්ෂණ පහළ වීම අවම කරනවා. 
  • විවිධ ආසාදන වළක්වනවා.

සැලකිය යුතුයි 

  • අධික ලෙස මහදුරු ආහාරයට ගැනීම විෂ සහිත විය හැකියි. එය ස්නායු පද්ධතියට බලපෑම් කළ හැකියි.
  • අධික ලෙස මහදුරු ආහාරයට ගැනීම ගර්භනී කාන්තාවන්ට අහිතකර විය හැකියි.

ඉතින් මහදුරු කුළු බඩුවක් විදියට අපි ආහාර පිසීමේදී භාවිතා  කිරීම හැරුණාම එය තේ පානයක් ලෙසටත් සකසා  ගෙන භාවිතයට ගත හැකි ඖෂධීය ගුණයෙන් ඉහළ පානයක්. නමුත් එය අධි මාත්‍රාවෙන් නොගැනීමට ඔබ වග බලා ගත යුතුයි. ඒ වගේම ඔබ යම් යම් රෝග තත්ත්වයන් සඳහා ඖෂධ ලබා  ගන්නා අයෙක් නම් ඒ පානය ගැනීමට පෙර වෛද්‍ය  උපදෙස් පිළිපදින්නත් අමතක කරන්නට එපා.