මාසෙට දවස් 4ක් හිසේ ආලේප කිරීමෙන් තට්ටය පැදීම වළකන උළුහාල් සතු ගුණ 18ක්

health tips

තිත්ත හා කටුක රසයෙන් යුතු උළුහාල් යනු දේශීය කුළුබඩු වර්ග අතර ප්‍රධාන තැනක් හිමි කර ගත් කුළුබඩුවකි. එනම් මෙහි පවතින ඖෂධීය ගුණය ඉතා ඉහළය. 

  • එනම් Fabaceae  කුලයට අයත් උළුහාල්  ප්‍රභේද දෙකක් පවතී. 
  • වගා කරන උළුහාල් 
  • වල් උළුහාල් 

මෙම ප්‍රභේද අතුරින් වගා කරන උළුහාල් ආහාරය පිසීමට සහ ඖෂධ සඳහා යොදා ගන්නා අතර වල් උළුහාල් අශ්වයින්ට ආහාරයක් ලෙස ලබාදෙනු ලැබේ. එනම් කැලෑ ආශ්‍රිතව වල් උළුහාල් දැකගත හැකිය. 

එනම් උළුහාල් ඈත අතීතයේ සිටම ඖෂධ සකස් කරන විට භාවිතා කර තිබේ.  ආයුර්වේදයට අනුව උළුහාල් තිත්ත හා කටුක රසයෙන් ද ලඝු ගුණයෙන්ද උෂ්ණ වීර්යයෙන් ද යුක්ත බව සඳහන්වේ. උළුහාල් ආහාරයට ගැනීමෙන් බොහෝ රෝග සුව කර ගත හැකිය.එනම් උළුහාල් වල ශරීරයට හිතකර පෝෂ්‍ය පදාර්ථ රැසක් අඩංගු වේ.එනම් 

  • ප්‍රෝටීන්
  • විටමින්
  • මේදය 
  • නියැසීන්
  • ෆෝලික් අම්ලය
  • රයිබොප්ලෙවින්
  • කාබෝහයිඩ්‍රේට්
  • තයමින් 

වැනි පෝෂ්‍ය පදාර්ථ බොහෝ ප්‍රමාණයක් උළුහාල්වල අඩංගුවේ. මේ නිසා ආහාර පිසින විට උළුහාල් ස්වල්පයක් එක් කර ගැනීම වඩාත් සුදුසුවේ. ඊට අමතරව ඖෂධයක් ලෙස මෙන්ම පානයක් ලෙසද උළුහාල් භාවිතා කළ හැකිය. 

උළුහාල්වල ඖෂධීය භාවිතය 

චර්ම රෝග සුව කරගත හැකිය. සම මත ඇතිවන දහඩිය බිබිලි කැසීම අසාත්මිකතා පළු දැමීම් වැනි රෝග තත්ත්වයන් සුව කර ගැනීමට උළුහාල් ඖෂධයක් ලෙස යොදා ගත හැකිය. ශීත ගුණයෙන් යුතු උළුහාල් ආහාර පිසින විට එක් කර ගැනීම හෝ උළුහාල් තම්බා පානය කිරීම මේ සඳහා යෝග්‍ය වේ. 

හිසකෙස් වැඩීම වර්ධනය කරගත හැකිය.බොහෝ දෙනෙකුට පවතින හිසකෙස් කැඩීයාම, ගැලවී යාම සහ හිස්සොරි ඇතිවීම සමනය කරගැනීමට උළුහාල් ඖෂධයක් ලෙස යොදා ගත හැකිය. එනම් උළුහාල් ආහාර පිසින විට එක් කර ගැනීම මෙන්ම උළුහාල් තම්බා ඊට දෙහි යුෂ එක්කර හිසෙහි ගල්වා පැයක්  පමණ  හිස මත තබා සෝදා හැරීම මගින් හිසකෙස් වර්ධනය කර ගත හැකිය. 

සම පැහැපත් කර ගත හැකිය.උළුහාල් නිතර භාවිතා කිරීම සමට හිතකර වේ. එනම් උළු හාල් වල සමට හිතකර විටමින් බොහෝ ප්‍රමාණයක් අඩංගු වේ. මේ නිසා උළුහාල් තම්බා පානය කිරීම මෙන්ම උළුහාල් ආහාර පිසින විට නිතර එක් කර ගැනීමෙන් සමෙහි පැහැය වැඩි කර ගත හැකිය. එනම් මෙය බාහිර ආලේපනයක් ලෙසද යොදා ගත හැකිය. 

දියවැඩියාව පාලනය කරගත හැකිය.බොහෝ දෙනෙකුට ඇති නිදන්ගත රෝගයක් වන දියවැඩියාව පාලනය කර ගැනීම සඳහා ආහාර ගැනීමෙන් පසු උළුහාල් ඇට කීපයක් ආහාරයට ගැනීම මඟින් රුධිර ගත සීනි මට්ටම පාලනය කර ගත හැකිය. ඊට අමතරව රාත්‍රියේදී උළුහාල් ස්වල්පයක් වතුරට  දමා පෙඟෙන්නට තබා උදෑසන එම වතුර පෙරා පානය කිරීම යෝග්‍ය වේ. නමුත් උළුහාල් සමඟ දියවැඩියාවට කෘතිම ඖෂධ භාවිතා නොකිරීමට වගබලා ගත යුතුය.

පිළිකා මර්දනය කරගත හැකිය. වර්තමානය වන විට බෝ නොවන රෝගයක් වන පිළිකාව  බෝවන රෝග වලට වඩා  සීග්‍රයෙන් ව්‍යාප්තවී හමාරය. එනම් පිළිකාව ඇති වීම වළක්වා ගැනීමට කුළුබඩුවක් ලෙස උළුහාල් භාවිතා කිරීම සුදුසු බව කරන ලද පරීක්ෂණවලින් තහවුරු වී තිබේ. එනම් ආහාර මාර්ගය ආශ්‍රිතව ඇති වන පිළිකා මර්දනය කිරීමට උළුහාල් වඩාත් සුදුසු බව එහි දී සනාථ වී තිබේ. එනම් ආහාර පිසින විට උළුහාල් එක් කර ගැනීම හෝ උළුහාල් තම්බා පානය කිරීම මේ සඳහා යෝග්‍ය වේ.

මළබද්ධය සමනය කර ගත හැකිය ලොකු කුඩා සෑම දෙනාටම පාහේ ඇතිවන මල බද්ධය සමනය කිරීම සඳහා කුළුබඩුවක් ලෙස ආහාර පිසින විට උළුහාල් එක්කර ගැනීම යෝග්‍ය වේ. එනම් උළු හාල් වල අඩංගු තන්තු මගින් ආහාර හොඳින් ජීර්ණය කර මළ පහ පිට කිරීම පහසු කරවනු ලැබේ.

ශරීර බර පාලනය කරගත හැකිය.ශරීර බර වැඩි වීම බොහෝ රෝග වලට හේතුවක් වී තිබේ එනම් ශරීරයේ බර පාලනය කර ගැනීම සඳහා ඖෂධයක් ලෙස උළුහාල් භාවිතා කළ හැකිය. එනම් මේ සඳහා උළුහාල් තම්බා පානය කිරීම වඩාත් සුදුසු වේ. එනම් උළුහාල් වල අඩංගු තන්තු ශරීර පරිවෘත්තිය ක්‍රියාවලිය හොඳින් ක්‍රියාත්මක කර අහිතකර කොලෙස්ට්‍රෝල් පාලනය කර ශරීර බර අඩු කිරීම සිදු කරයි. 

මුඛ රෝග සුව කර ගත හැකිය.මුඛය ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්වයන් ඉතා පීඩාකාරී වේ. එනම් විදුරුමස් දියවීම, කට ගඳ ගැසීම ,උෂ්ණ බිබිළි හටගැනීම ආදී රෝග තත්ත්වයන් සුව කර ගැනීමට උළුහාල් ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. එනම් උළුහාල් තැම්බූ වතුරෙන් මුඛය තුන්වරක් පමණ සෝදා හැරීම වඩාත් සුදුසුවේ. මීට අමතරව 

  • අර්ශස් රෝග සඳහා
  • සෙම් රෝග සමනය කිරීම සඳහා
  • ඔසප් වේදනාවන් සුව කිරීම සඳහා
  • මුත්‍රා ගල් ඇතිවීම වැළැක්වීම සඳහා
  • ලිංගික බෙලහීනතාවය සඳහා
  • මව්කිරි වර්ධනය කිරීම සඳහා
  • ඇදුම, කැස්ස සුව කිරීම සඳහා
  • ගැස්ට්‍රයිටිස් රෝගය සඳහා
  • දද කුෂ්ඨ ආදී චර්ම රෝග සමනය සඳහා
  • උගුර ආශ්‍රිත වේදනාවන් සඳහා 

මේ ආදි වූ රෝග සුවකර ගැනීම සදහා උළුහාල් ඖෂධයක් ලෙස භාවිතා කිරීම යෝග්‍ය වේ.