විවාහ ජීවිතයට ඇතුළත් වුණාට පස්සේ හැම බිරිඳක්ම සැම සැමියෙක්ම බලාපොරොත්තු වෙන්නේ දරු පැටියෙක්. ඉතින් ඒ සිහිනය යථාර්තයක් කර ගන්නට නොහැකිව බොහෝදෙනා කනස්සල්ලට පත්වෙලා ඉන්නවා .මෙයට එක් මූලික හේතුව තමයි මදසරුභාවය කියන්නේ. අධික තෙල් හා සත්ත්ව ප්‍රෝටීන් අධික කාබෝහයිඩ්රේට් අඩංගු ආහාර, මදසරුභාවයට හේතුවන බව හාවර්ඩ් විශ්ව විද්‍යාලය මගින් සිදු කරන පර්යේෂණයකින් අනාවරණය කරගෙන තියෙනවා.ඉතින් මේ මදසරුභාවය ඇති වෙන්නට හේතු ගණනාවක්ම බලපාන නමුත් එය වෛද්‍ය ප්‍රතිකාර මගින් වගේම වෙනත් ආහාර පාන මගින් පවා යථා තත්ත්වයට පත්කරගන්නට හැකියාව පවතිනවා. කාන්තාවකගේ ඩිම්බ ශක්තිමත් කරන ඩිම්බ මේරීම ඉතා හොඳින් සිදු කරන්නට වගේම පුරුෂයන්ටත් ශුක්‍රාණුවල ගුණාත්මක බව වැඩි කරගන්නට අනුගමනය කළ හැකි ක්‍රමවේද අතුරින් අද අපි ඔබට කියන්න යන්නේ ඒ සඳහා භාවිතා කළ හැකි ස්වාභාවික පානයන් කිහිපයක් පිළිබඳව. මෙය කාන්තා පුරුෂ භේදයකින් තොරව භාවිතා කරන්නට හැකියාව ඔබට පවතිනවා.
මේ ස්මූති කාන්තා පුරුෂ දෙපාර්ශවයේම ප්‍රජනක පද්ධතිය නීරෝගීව පවත්වාගෙන යන්නට වගේම DNA සැකැස්මට ඉතා හොඳ පිටිවහලක් ලැබෙනවා. ඒ නිසාවෙන් කාන්තා පිරිමි භේදයකින් තොරව මේ පානයන් ඕනෑම අයෙකුට භාවිතා කරන්නට පුළුවන්.
1.අවශ්‍ය ද්‍රව්‍ය

- අලි ගැට පේර
- ආමන්ඩ් හෝ වෝල් නට්ස්
- දොඩම් හෝ ලෙමන් යුෂ
- ඇඹුල් රසට කැමති අයෙක්ට කිවි හෝ වෙරළු වැනි පලතුරක්
- කොමඩු
- ලපටි ගොටුකොළ
- කොත්තමල්ලි කොළ මිටක්
- මින්ට් කොළ කිහිපයක්
මේ ද්‍රව්‍යයන් සියල්ලේම ඇට ඉවත් කර කපා බ්ලෙන්ඩර් කර ගන්න.මෙහි දියර ගතිය වැඩි කර ගැනීමට දොඩම් හෝ ලෙමන් යුෂ භාවිතා කරන්නට පුළුවන්. මෙය දියර ගතිය අඩුවෙන් කෑමට ගත හැකි ආකාරයෙන් සකස් කර ගන්නටත් හැකියාව තියෙනවා.
2. අවශ්‍ය ද්‍රව්‍ය
- කෙසෙල්
- ස්ට්‍රෝබෙරි
- බෙරි වර්ගයක් (බ්ලූ බෙරි, රාස් බෙරි )
- වට්ටක්කා ඇට (මේවායේ පිට පොත්ත ඉවත් කර මදය ලබාගත යුතු වෙනවා.මේ වට්ටක්කා ඇටවල සින්ක් ඇතුළු වටිනා පෝෂකයන් බොහොමයක් අන්තර්ගත වෙනවා.)
- පොල් වතුර
- නිවිති දලු කිහිපයක්
- රස අනුව ලෙමන් හෝ දොඩම්
මේ සියල්ලම සෝදා පිරිසිදු කරගෙන හොඳින් බ්ලෙන්ඩර් කරගන්න. මෙය ඝනට දියර ගතියකින් වුණත් සකස් කර ගන්නට හැකියාව පවතිනවා. ඒ සඳහා පොල් වතුර භාවිතා කරන්න.
3. අවශ්‍ය ද්‍රව්‍ය
- ඇට ඉවත් කරගත් රට ඉදි ගෙඩි කිහිපයක්
- පෙයර්ස් ගෙඩියක්
- කෙසෙල් ගෙඩියක්
- කජු
- ෆ්රෙෂ් මිල්ක් හෝ එළකිරි හෝ යෝගට්
- කුරුඳු කුඩු තේ හැදි 1 ක්
- මේ සියල්ල හොඳින් බ්ලෙන්ඩර් කරගෙන මේ ස්මූති එක පිළියෙල කර ගන්නට හැකියාව පවතිනවා.
4. අවශ්‍ය ද්‍රව්‍ය

- දෙළුම් ඇට
- ස්ට්‍රෝබෙරි
- කෙසෙල්
- ලෙමන් යුෂ
- මේ සියල්ල සෝදා පිරිසිදු කරගෙන හොඳින් බ්ලෙන්ඩර් කරගෙන ස්මූති එක සකස් කරගන්නට පුළුවන්.
5. අවශ්‍ය ද්‍රව්‍ය
- පොල් වතුර
- මින්චි කොළ ස්වල්පයක්. මින්චි කොළ නොමැති නම් ඒ වෙනුවට වැල් පෙනෙල කොළ භාවිතා කරන්නට පුළුවන්.
- යෝගට්
- පිපිඤ්ඤා
- ලෙමන් යුෂ
- මේ සියල්ල පෙර ආකාරයෙන්ම සෝදා පිරිසිදු කරගෙන බ්ලෙන්ඩර් කරගෙන ස්මුති එක පිළියෙල කර ගන්නට පුළුවන්.මෙහිදී දියර බව හෝ උකු බව වැඩි හෝ අඩුකර ගන්නට රසය අනුව ලෙමන් යුෂ එකතු කරන්නට පුළුවන්.
සැලකිලිමත් විය යුතු කරුණු
- මේ පානයන් සඳහා අයිස් භාවිතා කිරීම සුදුසු නැහැ.සරුබව වැඩි කරගැනීම සඳහා ගන්නා නිසා එය කාමර උෂ්ණත්වයේ දී භාවිතා කළ යුතුයි. අනවශ්‍ය ලෙස ශරීරය සිසිල් කිරීමක් සිදු නොකළ යුතු අතර මෙහි අඩංගු ද්‍රව්‍ය ජීර්ණයත් සමඟයි සිරුරට අවශ්‍ය සිසිල් බව ලබා දෙනු ලබන්නේ.
- සීනි හෝ ලුණු යොදා ගැනීමෙන් වළකින්න. මේ ස්මූති සඳහා සීනි හා ලුණු එකතු නොකර පානය කරන්නට හැකි නම් එය වඩාත් ගුණදායක වෙනවා. ඒ නිසාවෙන් මෙහි ස්වාභාවික රසය සමඟ පානය කිරීම මගින් ඉතා සාර්ථක ප්‍රතිඵල ලබා ගන්නට හැකියාව ලැබෙනවා. සීනි හෝ ලුණු රහිතව පානය කරන්නට අපහසුම නම් ඉතා අවම ප්‍රමාණයකින් යොදා ගන්නට මතක තබා ගන්න.මේ ස්මූති කාන්තා පුරුෂ සැම දෙනෙක්ටම සරුබව වැඩිකර ගැනීම සඳහා භාවිතා කළ හැකි ස්වාභාවික පානයන් වෙනවා.
- පානය කිරීමට පෙර රැයක් පෙගෙන්නට තබා ලබාගත් කස කස ඇට තේ හැදි 2 ක් අනිවාර්යෙන්ම එකතු කරන්න.
- මේ ස්මූතිවලට කුඩාවට කපාගත් වියළි මිදි හෝ රට ඉදි , ආමන්ඩ්, කජු ආදීයත් එකතු කරන්නට හැකියාව පවතිනවා.
- මේ ස්මූති වර්ගවලින් එක් වර්ගයක් පමණක් භාවිතා කිරීම හෝ කිහිපයක් භාවිතා කරන්නත් පුළුවන්.
කාන්තාවක් විදියට ඔසප් චක්‍රයේ ක්‍රමවත්භාව ඇති කර කරගන්නට අවශ්‍ය නම් හෝ දරුවෙකු බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් මේ ස්මූති වර්ග භාවිතා කිරීම ඉතාම වැදගත්. දවසට මෙවැනි පානයක් ලබා ගන්නට කටයුතු කිරීම මගින් කාන්තාවකට වගේම පුරුෂයන්ටත් මදසරුභාවය කියන ගැටළුව මගහරවා ගන්නට පුළුවන්.