අපේ පරිසරයේ හැදී වැඩෙන බොහෝ ශාකයන් ගැන අද බොහෝදෙනෙක් දැනුවත් නැහැ. විශේෂයෙන්ම ඇතැම් ශාකවල ඖෂධීය වටිනාකම පිළිබඳව නොදන්නාකම නිසාම ඒවා අපේ භාවිතයෙන් ඈත්ව යනවා. අත්තික්කා ,නැත්නම් උදුම්බරා එහෙමත් නැත්නම් දිබුල් කියන්නෙත් අපි හැමෝම වගේ දැක ඇති, නමුත් එහි ඖෂධීය වටිනාකම බොහෝදෙනෙක් නොදන්නා ශාකයක්. පැසුණු අත්තික්කා ගෙඩිවල කෝදුරුවෝ සිය වාසස්ථාන කරගෙන සිටිනවා. ඉතින් අප අද කතා කරමු ලෙඩ රෝග බොහොමයකටම ගුණදායක අත්තික්කා ශාකය සතු අපූරු ගුණ පිළිබඳව.
Ficus ශාක ගණයට අයත් වෙන මේ අත්තික්කා ශාකය බොහෝදුරට ගංගා ඉවුරු ආශ්‍රිතව දැක ගන්නට පුළුවන්. ගසක වට ප්‍රමාණය මීටර් 6- 10 අතර ප්‍රමාණයක් ගන්නවා.මීටර් 30 ක් තරම් උසට වැඩෙන මේ ගසේ පොත්ත රෝස පැහැයට හුරු දුඹුරු පැහැයකින් යුක්තයි.මෙහි ළපටි අතු සහ රිකිලි සුදු පැහැ ලා බූවක් සහිත වුණත් පසුව එහි බූව නැතිව යනවා. ශාකයේ ප්‍රධාන කඳේ සහ අතුවල ලොවි ගෙඩියක් තරම් විශාල කහ පැහැයට හුරු කොළ පැහැ අත්තික්කා ගෙඩි ඉදුණු පසුව රතු පැහැයක් ගන්නවා. මේ ගෙඩි හට ගන්නේ ශාකයේ කඳේ.
ඖෂධීය ගුණයෙන් යුක්ත මේ ශාකයේ අමු ගෙඩි වගේම ඉදුණු ගෙඩිත් ඖෂධ සඳහා භාවිතයට ගනු ලබනවා. ඒ හැරුණාම අත්තික්කා කොළ දීලීර නාශක සහ සෞඛ්‍යාරක්ෂිත මුඛ සෝදන ද්‍රව්‍ය නිෂ්පාදනයටත් භාවිතා වෙනවා. මේ ශාකයේ කිරි අර්ශස් ආදී රෝග සඳහා ප්‍රතිකාරවලදී භාවිතයට ගැනෙනවා. ඒ විතරක් නෙවෙයි මේ අත්තික්කා ශාකය වේදනා නාශකයක් ලෙසත් ඉහළ වැදගත්කමක් උසුලනු ලබනවා. ඒ අනුව අත්තික්කා ශාකයේ මුල්, පොතු, ගෙඩි කොළ පොතු ආදි සියල්ල ඖෂධ සඳහා භාවිතයට ගනු ලබනවා.
මේ අත්තික්කා විටමින් සහ ඛනිජ වලින් පොහොසත් ශාකයක්. වැඩි වශයෙන් විටමින් බී 6 සහ බී 5 අඩංගු වෙනවා. අත්තික්කා ගෙඩි තම්බා ගැනීමෙන් රසවත් ව්‍යංජනයක් පිළියෙල කර ගත හැකි අතර එය මැල්ලුමක් ලෙසත් ආහාරයට ගන්නටත් පුළුවන්. ඒ හැරුණාම තම්බා ගත් අත්තික්කා ගෙඩි පොල් සහ ලුණු මිරිසක් සමඟ ඉතා රසවත්ව සකසා ආහාරයට ගන්නත් පුළුවන්. ඒ හැරුණාම වෙනත් රටවල මේ පලතුර විශේෂ ආකාරවලට ආහාරයට ගනු ලබනවා. ඉදුණු පසුව වගේම වියළා ගෙනත් පලතුරක් ලෙස ආහාරයට ගන්නා අත්තික්කා ජෑම් නිෂ්පාදනයටත් භාවිතා කරනවා.
අත්තික්කා භාවිතයෙන් ලබාගත හැකි ප්‍රතිලාභ

- දියවැඩියා රෝගය සඳහා ඉතාම ගුණදායකයි.
- අමිල පිත්ත රෝගය සුව කරයි.
- නිතර වැළදෙන සෙම්ප්‍රතිෂ්‍යාව සඳහා ගුණදායකයි.
- ස්වසන පද්ධතියේ නීරෝගි බව සඳහා උපකාරී වෙයි.
- ලේ විෂවීමෙන් ඇතිවන රෝග දුරු කරයි.
- රුධිරය පිරිසිදු කරයි.
- ශරීරයේ ඉදිමුම් වේදනා සුවපත් කරයි.
- ආහාර ජීර්ණ පද්ධතියේ නිසි ක්‍රියාකාරිත්වය ඇති කරයි.
- හෘද රෝග දුරලයි.
- විදුරුමස් රෝග සුව කරයි.
- ගර්භාෂ රෝග සුවපත් කරයි.
- සමේ වර්ණය වැඩි කරයි.
- කුසගිනි ඇති කරයි.
- ලිංගික බෙලහීනතාවය සුව කරයි.
- පණු රෝග සුව කරයි.
- කැස්ස සඳහා ගුණදායකයි.
- තුවාල සුව කිරීමට භාවිතා කරයි.
- තෙහෙට්ටුව සඳහා සුවය සලසයි.
- මුත්‍රා රෝග සඳහා ගුණදායකයි.
- කැඩුම් බිඳුම් සඳහා භාවිතා කරයි.
- පිත් රෝග සමනය කරයි.
- පිපාසය නිවාලයි.
- පාචනය සුව කරයි.
- හිසරදය සමනය කරයි.
- මුඛ දුර්ගන්ධය සඳහා ගුණදෙයි.
- කාන්තාවන්ට වැළදෙන රක්ත ප්‍රදාහය සහ ශ්වේත ප්‍රදාහය යන රෝග සඳහා මෙහි සතු කෂාය ඉතා ගුණදායකයි.
- ඔසප් චක්‍රයේ අක්‍රමිකතා දුරලයි.
- අර්ශස් රෝගය සුවපත් කරයි.
- දේහයේ දාහය නසා ශරීරය සිසිල් කරයි.
අත්තික්කා ශාකයේ ඖෂධීය භාවිතයන්

- සමේ බිබිලි සහ ගැට සඳහා අත්තික්කා ගසේ පොතු ජලය මිශ්‍රකර ගලක අතුල්ලා ලබා ගන්නා තලපය සම මතුපිට තැවරීම මේ සඳහා විසඳුමයි.
- පිතෙන් හට ගන්නා පිපාසය සඳහා අත්තික්කා පොතු කෂාය හෝ අත්තික්කා කොළ තම්බා සාදා ගන්නා ඝනකම් සාරය මේ සඳහා ගුණදායකයි.
- ලිංගික බෙලහීනතාවය සඳහා අත්තික්කා කිරි තල තෙල් සමඟ මිශ්‍රකර ලිංගාලේපය මගින් මේ තත්ත්වය මගහරවා ගන්නට පුළුවන්.
- අමිල පිත්ත රෝගය, යෝනි මාර්ගයෙන් ලේ පිටවීම සහ ක්ෂණික ශුක්‍ර මෝචනය සඳහා තම්බාගත් අත්තික්කා ගෙඩි ආහාරයට ගැනීමෙන් මේ තත්ත්වයන් සුවකර ගන්නට පුළුවන්.ඉදුණු අත්තික්කා ගෙඩි අඹරා මිරිකා ගත් යුෂයට මී පැණි ස්වල්පයක් දමා පානය කිරීම සුදුසුයි.
- සම පැහැපත් කර ගැනීම සඳහා අත්තික්කා දළු අඹරා සමේ ආලේප කිරීම ඒ සඳහා කළ හැකියි. එය සමේ ලප කැලැල් පවා නැති කරන්නට දායක වෙනවා.
- අධිකව මුත්‍රා පිටවීමේ රෝගය සඳහා අත්තික්කා ඇට චූර්ණය මී පැණි සමඟ ආහාරයට ගැනීමෙන් මුත්‍රා අධිකව පිටවීම පාලනය කරන්නට දායක වෙනවා.ඕස්ට්‍රේලියානු ආදිවාසි ජනතාව පවා මේ ශාකය භාවිතයෙන් වසූරිය, කම්මුල්ගාය, මුත්‍රා සමඟ ලේ පිටවීම, ඔසප්වීම ආදී අකර්මණ්‍ය රුධිර වහනය ආදී රෝග සුවපත් කිරීම සඳහාත් භාවිතා කරනු ලබනවා.
සැලකිය යුතුයි.ගර්භණී කාන්තාවන් සහ මව්කිරි ලබාදෙන මව්වරුන් අත්තික්කා භාවිතා නොකළ යුතුයි. ඉතින් අත්තික්කා කියන්නේ රසවත් පලතුරක් ව්‍යංජනයක් විතරක් නෙවෙයි ලෙඩ රෝග බොහොමයකටම ගුණදෙන වටිනා ඖෂයක්.