දත්වල පිටුපස තට්ටු තට්ටු බැදුණු කහ පාට දත් මැලියම් මිනිත්තු 10න් ඉවත් කරන ක්‍රම 12 ක්

health tips

මුඛ සෞඛ්‍ය ගැටළු ගැන කතකරද්දී බොහෝ අය මුහුණ දෙන ගැටලුවක් තමයි දත් වල මැලියම් බැඳී තිබීම කියන්නේ.අප ආහාර ගන්නා විට මුඛයේ ජීවත්වන බැක්ටීරියා එම සීනීමය හා පිෂ්ටමය ආහාර සමඟ මිශ්‍ර වී අම්ල නිපදවනවා.ඒවා තවදුරටත් ඛේටය (කෙළ) සමඟ මිශ්‍ර වී මැලියම් බැ‍ඳෙයි.මෙය දත් හා විදුරුමස් සීමාව ආශ්‍රිතව වර්ධනය වන ඇලෙන සුලු පටලයක් බඳුය.හොඳින් දත් නොමැදීමෙන්, කට පිරිසිදුව තබා නොගැනීමෙන් මෙම මැලියම් ඝනකම් තට්‍ටුවක් ලෙස වර්ධනය වේ.

දත් මැලියම් හොඳින් ඉවත් නොවීමෙන් විදුරුමස අවට ප්‍රදාහය (වේදනාකාරී ඉදිමුම) ඇතිවී විදුරුමස ආශ්‍රිතව විවිධ අපහසුතා වර්ධනය විය හැකියි.මේ තත්වය ජින්ජිවයිටීස් (දත් මුල් ඉදිමීම) නැතිනම් විදුරුමසින් ලේ ගැලීමට තුඬු දිය හැකියි.ජින්ජිවයිටීස් තත්වයට නිසි ලෙස ප්‍රතිකාර නොගතහොත් එම තත්වය පීරියෝඩොන්ටයිටිස් හෙවත් විදුරුමස් දියවී යාමේ රෝගය දක්වා දරුණු විය හැකියි. ඇතැම් දරුණු තත්වයන් වලදී දත් ගැලවීයාමට පවා ඉඩ තිබෙයි.

මුඛ සෞඛ්‍ය සනීපාරක්ෂාව ගැන නිසි සැළකිල්ලක් දැක්වීමෙන් මෙවැනි දන්ත ගැටළු වර්ධනය විම බොහෝ දුරට වළක්වාගත හැකියි.දත් වල මැලියම් ඉවත්කරගැනීම සඳහා අනුගමනය කළ හැකි සරල උපක්‍රම කිහිපයක් ගැනයි අද අපි ඔබට කියන්නේ.

  1. බේකිං සෝඩා බේකිං සෝඩා (සෝඩියම් බයිකාබනේට්) මඟින් ඔබේ මුඛයේ ඇති අම්ල උදාසීන කරවයි.මුඛ බැක්ටීරියා වර්ධනය වීම අඩු කරයි.දත් සුදු කරවයි.තෙත දත් බුරුසුවට බේකිං සෝඩා ස්වල්පයක් දමා දත් මැද උණුසුම් වතුරින් කට සෝදන්න.තවත් ක්‍රමයක් ලෙස ලුණු කොටස් 1කට බේකිං සෝඩා කොටස් 2ක් මිශ්‍ර කර, ඉන් ස්වල්පයක් තෙත දත් බුරුසුවේ ගල්වා දත් මදින්න.අනතුරුව උණුසුම් වතුරින් කට සෝදන්න.
  1. දිඹුල් (අත්තික්කා) දිඹුල් වල මුඛ බැක්ටීරියාවන්ට එරෙහිව ක්‍රියාකරන ගුණාංග බහුලයි.දිඹුල් ගෙඩියක් දත් සහ විදුරුමස් වල තැවරෙන සේ සෙමින් සපන්න.මෙහිදි කෙළ ස්‍රාවය ද ඉහළ යයි.කෙළ වල බැක්ටීරියානාශක ගුණ ඇති නිසා දත් පිරිසිදු වෙයි.
  1. දොඩම් පොතු දොඩම් වල විටමින් C බහුල නිසා දත් වල මැලියම් බැඳීම වැළැක්වෙයි.එමෙන්ම දත් සුදු කරයි.සිට්‍රික් අම්ල මඟින් ඝනකම් ලෙස බැඳී ඇති මැලියම් කොටස් බුරුල් කරවයි.දත් වල පොතු ඇතිල්ලීමට පෙර දොඩම් යුෂ ස්වල්පයක් දත් මත ගල්වන්න.මිනිත්තු 5ක් පමණ ගත වූ පසු පොත්තකින් දත් හා විදුරුමස අතර ප්‍රදේශය අතුල්ලන්න.පසුව කට හොඳින් සෝදන්න.
  1. සූර්යකාන්ත ඇට සූර්යකාන්ත ඇට සැපීමෙන් දත් මැලියම් ඉවත්කරගත හැකියි. ඒවායේ ඇති තෙල්  මඟින් දත් වල බැඳි ඇති බැක්ටීරියා හා ආහාර කොටස් ඉවත්කිරීම පහසුකරනවා.සූර්යකාන්ත ඇට අහුරක් කටට දමා පල්පයක් වන තුරු හොඳින් සපන්න.ගිලීමෙන් වළකින්න. දැන් තෙත දත් බුරුසුවක් ගෙන එම පල්පයෙන් දත් මැදගන්න.අවසානයේ වතුරින් කට සෝදන්න.
  1. තේ කලු තේ මඟින් විදුරුමස් රෝග සහ දත් කුහර ඇතිකරවන හානිකර බැක්ටීරියා විනාශ කිරීමට සහය දෙයි.තේ වල අඩංගු ෆ්ලෝරයිඩ් මඟින් මුව තුළ බැක්ටීරියා වර්ධනය වීම මැඩලයි. තේ බෑගයක් උණු වතුර කෝප්පයකට දමා මිනිත්තු 6ක් පමණ තම්බාගන්න. මෙහිදි ෆ්ලෝරයිඩ් හොඳින් වතුරට මුසුවෙයි. ඉවත්කිරීමට පෙර කෝප්පයට තේ බෑගයේ කහට අතින් මිරිකන්න.ආහාර ගැනීමට පෙර හා පසු මෙම තේ වතුරෙන් කට සෝදන්න.
  1. පේර දත් සහ විදුරුමස් වල මැලියම් ඉවත්කිරීමට පේර ගෙඩි සහ කොළ ප්‍රයෝජනවත්.පේර දළු කිහිපයක් කටට දමා පල්පයක් වන තුරු සපන්න.කෙළ ගසා කට හොඳින් සෝදන්න.මෙමඟින් දත් වල මැලියම් බැඳීම ද අඩුකරවනවා.
  1. පොල් තෙල් මුඛ සෞඛ්‍ය ‍රැකගැනීම සඳහා පොල් තෙල් ඉතා හොඳ ප්‍රතිකර්මයක්.දත් සහ විදුරුමස් වල මැලියම් බැඳීම අඩුකිරීමට මෙන්ම විදුරුමස් රෝග වැළැක්වීමට පොල් තෙල් ගුණදායි බව අධ්‍යයන මඟින් සොයාගෙන තිබෙනවා.නිතිපතා භාවිතයෙන් දත් මුල් ඉදිමීමේ රෝග ලක්ෂණ අඩුකරගැනීමේ හැකියාව ද පවතියි.මේ ක්‍රමය හඳුන්වන්නේ තෙල් ඉරීම (oil pulling) ලෙසයි.තෙල් මේස හැඳි 1ක් කටට දමා මිනිත්තු 15-20ක් පමණ දත් අතරින් සහ විදුරුමස් උඩින් තෙල් ගමන් කරන සේ කට කළතවන්න.කෙළ ගසා පසුව සාමාන්‍ය පරිදි දත් මදින්න.
  1. ඇපල් ඇපල් වල ඇති කෙඳි අන්තර්ගතය මඟින් දත් හොඳින් පිරිසිදු කරවනවා. කරස් ගා හැපෙන පලතුරක් නිසා දත් මැදීමකට සමාන පිරිසිදු කිරීමක් මේවයින් ලැබෙනවා.ඇපල් කැබලි දත් අතරින් ගමන් කරමින් මැලියම් හා ඉතිරි ආහාර කොටස් ඉවත්වීමට සලස්වනවා.ඇපල් වල ආම්ලිකබව මැලියම් ඇතිකරවන බැක්ටීරියා විනාශ කිරීමට ද දායක වෙයි.පිරිසිදු කළ පසු පොතු පිටින් ආහාරයට ගැනීම වඩාත් සුදුසුයි.
  1. කෝමාරිකා සෞඛ්‍ය ප්‍රතිලාභ ‍රැසක් ලබාදෙන කෝමාරිකා මඟින් දත් වල මැලියම් වගේම මුඛ දුර්ගන්ධය දුරුකරගත හැකියි. කෝමාරිකා පත්‍රයක් ගෙන මදය සූරා ඉවත්කරගන්න.එය දත් සහ විදුරුමසේ තවරා මිනිත්තු 10ක් පමණ තිබෙන්නට හරින්න.පසුව සීතල  වතුරින් කට සෝදන්න.හොඳ ප්‍රතිඵල සඳහා දිනකට දෙවරක් පමණ මෙය කරන්න.
  1. තල ඇට ස්වභාවික ස්ක්‍රබ් එකක් ලෙස ක්‍රියාකරමින් දත් සහ විදුරුමසේ ඇති මැලියම් ඉවත්කිරීමට තල ඇට උපකාරී වෙයි.දත් පිරිසිදු කිරීම,ඔපදැමීම ද සිදුකරයි.තල ඇට මේස හැඳි 1ක් පමණ කටට දමා සෙමින් සපන්න. ගිලීමෙන් වළකින්න.ඒවා පල්පයක් වූ පසු වියළි දත් බුරුසුවකින් දත් මැදගන්න.මැලියම් ඇතිවීම වළක්වාගැනීමට සතියකට දෙවරක් මේ ප්‍රතිකර්මය අනුගමනය කරන්න.
  1. විනාකිරි (white vinegar) විනාකිරි වල අඩංගු බැක්ටීරියානාශක ගුණාංග මඟින් දත් වල මැලියම් හටගැනීම බොහෝදුරට වළක්වයි.එමෙන්ම මැලියම් කොටස් ද ඉවත්කරවයි.ඇසිටික් අම්ල බහුල නිසා දත් එනමලය ශක්තිමත් කරවයි.වතුර කෝප්ප බාගයකට සුදු විනාකිරි තේ හැඳි 2ක් සහ ලුණු තේ හැඳි බාගයක් මිශ්‍ර කරන්න. දිනකට දෙවරක් මෙම වතුරෙන් කට සෝදන්න.
  1. නිසි ලෙස දත් මැදීමට පුරුදුවන්න දිනකට දෙවරක් දත් මැදීම ඔබේ මුඛ සෞඛ්‍ය ආරක්ෂා කරගැනීම සඳහා වැදගත් වන මූලික පියවරයි.මෘදු කෙඳි සහිත දත් බුරුසුවක් ‍තෝරාගන්න. එමෙන්ම ඔබ ‍තෝරාගන්නා දත් බෙහෙත් වර්ගය හොඳ තත්වයේ එකක් වීම ද වැදගත්.දත් මදින ආකාරය ගැන ද සැලකිලිමත් වන්න. අත තදකරමින් වැඩි පීඩනයක් යෙදීම නොකළ යුතුයි. දත් මතුපිට මෙන්ම දත් හා විදුරුමස අතරමැද කොටස්, හක්කේ දත්,