සිරුරේ ඇතිවෙන දුගඳ නැති කරගැනීමට උපකාර වන ක්‍රම 7 ක්

health tips

සෑම පුද්ගලයෙකුගේම සිරුරෙන් යම් ස්වභාවික සුවඳක්  වහනය වෙනවා. නමුත්, දහදිය දැමීම නිසා ඇති වන බැක්ටීරියා ක්‍රියාකාරීත්වය නිසා මේ සුවඳ දුර්ගන්ධයක් බවට පත්වීම සිදුවෙනවා. ඔබේ දහදිය දුඟද ඔබටත් අන් අයටත් ගැටලුවක් නොවීමට මේ අත්බෙහෙත් වර්ග උත්සාහ කරබලන්න.

  1. විනාකිරි වලින් කකුල් සේදීම

 විනාකිරි වල ප්‍රබල ප්‍රති-බැක්ටීරියා ගුණයක් පවතින නිසා  විවිධ වර්ගයේ බැක්ටීරියා, දිලීර, සහා අනෙකුත් ක්ෂුද්‍රජීවින් වලට එරෙහි ක්‍රියාකරමින් දුඟද පාලනය කිරීමේ හැකියාව තිබෙනවා. ඒ එහි තිබෙන ඇසිටික් අම්ල නිසයි. කකුල් වල මතුවන් දහදිය නිසා දුඟද ඇති විය හැකියි. ඔබ ක්‍රීඩා කරන කෙනෙකුනම් ඔබේ කකුල් වල දුර්ගන්ධයක් ඇතිවීම පාලනය කිරීමට මේ ක්‍රමය භාවිතා කර බලන්න.

  • විනාකිරි 
  • ජලය
  • සුවඳ තෙල් බිංදු කිහිපයක් (Essential oil)

බේසමකට මේ සියල්ලම එක්කරගනිමින් මිනිත්තු 10-20 ක් පමණ ඔබේ කකුල් ජලයේ පොඟවාගන්න. දිනපතා මෙය සිදුකරමින් කකුල් සුගඳවත්ව තබාගන්න.

  1. කෝපි කුඩු ස්ක්‍රබ් එකක් ලෙස භාවිතා කිරීම

භාවිතා කල කෝපි වල දුඟද උරාගැනීමේ ගුණය තිබෙනවා. කෝපි වල ඇති අධික සුවඳ නිසා ඒවා භාවිතා කරමින් ඔබේ අත් වල ස්ක්‍රබ් කරගනිමින් ආහාරපිසීමේදී අතේ ගෑවෙන ලූණු, සුදුලූණු ,මස් සහා මාලු වල දුඟද ඉවත්කරගැනීමට පුලුවන්. සිරුරේ දුගඳ නැතිකිරීමට ස්නානය කරන විට ස්ක්‍රබ් එකක් ලෙස භාවිතා කරන්න. එමඟින් සමේ මැරුණු සෛල ඉවත්කරමින් සම පිරිසිදු කිරීමද සිදුකරනවා.

  • භාවිතා කල කෝපි කුඩු
  • පොල් තෙල් හෝ ඔලිව් තෙල් ස්වල්පයක්
  • සුවඳ තෙල් බිංදු කිහිපයක්

මේවා භාජනයකට දමා හොඳින් මිශ්‍ර කරගනිමින් ඔබේ සම ජලයෙන් තෙත් කරගැනීමෙන් පසුව මෘදුව ආලේප කරගන්න. මෘදුව සම්භාහනය කරමින් මරුණු සෛල ඉවත් කරගැනීම පහසු කරගන්න. සතියකට වරක් මේ ක්‍රමය භාවිතා කර හොඳ ප්‍රතිඵල ලබාගන්න.

  1. ලෙමන් යෙදූ ජලය Cleanser  එකක් ලෙස භාවිතා කිරීම

ලෙමන් වල විටමින් සී සහා සිට්‍රික් අම්ල බහුලව පවතියි. ඒවා තුල පවතින විෂබීජ නාශක ගුණය නිසා සිරුරේ අප්‍රසන්න දුඟඳ ඇති වීම නැතිකරනවා. ලෙමන් සහිත ජලය පානය කිරීම වගේම ලෙමන් සහිත ජලයෙන් සම පිරිසිදු කරගැනීමටද හැකියි. විශේෂයෙන්ම කිහිලි ප්‍රදේශවලට Cleanser එකක් ලෙස භාවිතා කිරීමෙන් දහදිය දුගඳ ඇතිවීම පාලනය කරගත හැකියි. ලෙමන් සාරය නිසා සමේ PH අගය වෙනස් වී සිරුරේ සුගන්ධවත් බව වැඩිකරනු ලබනවා. නමුත් ලෙමන් වල අඩංගු අම්ල හිරුකිරණට නිරාවරණය වීම හරහා තදබල ප්‍රතික්‍රියාවන් ඇති වීමට ඉඩ තිබෙනවා. එම නිසා මේ ක්‍රමය රාත්‍රී කාලයේදී හෝ ඔබ නිවස තුලම ‍රැඳි සිටින වේලාවන් වලදී පමණක් භාවිතා කරන්න මතක තබාගන්න.  

ලෙමන් Cleanser එක සකස් කරගැනීමට

  • ලෙමන් යුෂ
  • වතුර කෝප්ප 1 ක්

 මේ මිශ්‍රණය පානය කිරීම හෝ කපු පුළුන් බෝල පොඟවා මෘදුව සම පිරිසිදු කරගැනිම යන ක්‍රම දෙකම ඔබට උත්සාහ කරබලන්න පුලුවන්.

  1. මද්‍යසාර භාවිතයෙන් දුගඳ පාලනය කිරීමට ක්‍රමයක් (Alcohol Oder Neutralizer )

දුර්ගන්ධය ඇති කරන නරක බැක්ටීරියා සම්පූර්ණයෙන් විනාශකිරීමේ හැකියාව මද්‍යසාර වල පවතිනවා. හදිසියේ ඔබේ Deodorant එක අවසන් වුණු වෙලාවක මේ Rubbing alcohol ස්වල්පයක්  ඔබේ කිහිලි වල ආලේප කරගන්න පුලුවන්. නමුත්, අලුතින් රෝම කූප බෑම හෝ ඉවත්කරගැනීම සිදුකරගත් ස්ථාන වල මේවා තවරගන්න එපා. ඉන් ඔබේ සම මතුපිට දැවිල්ල හටගනිවි.

  1. පොල්තෙල් මුව සෝදන දියරයක් ලෙස

පොල් තෙල් වලත් බැක්ටීරියා විනාශ කිරීමේ හැකියාව පවතිනවා. ඒ නිසා ඔබේ මුඛ සෞඛ්‍යය හොඳින් පවත්වාගැනීමට් පොල් තෙල් උපකාර කරගත හැකියි. පොල් තෙල් වලට හැකියි  විදුරුමස් ආසාදන වළක්වන්නට, දත්මුල් ඉදිමීම පාලනය කරන්නට වගේම මුඛ දුර්ගන්ධය නැති කරදැමීමට.

පොල් තෙල් සෝදන දියරයක් සේ සකස් කරගෙන මිනිත්තු 5 ක් පමණ උගුර සහා කට කලතවා සෝදන්න (gargle). හැකිනම් මිනිත්තු 20 ක් පමණ එය කටේ පුරවා ‍රැඳිසිටීමට උත්සාහ කරන්න. ඉන්පසුව, තෙල් ඔබේ කටින් ඉවත් කර මද උණුසුම් ජලයෙන් හොඳින් සෝදා ගන්න.

  1. බේකිං සෝඩා වලින් Deodorant එකක්

 දුගඳ පාලනයට බොහෝ කර්මාන්ත වල භාවිත අමුද්‍රව්‍යයක් තමයි බේකිං සෝඩා කියන්නේ. දුර්ගන්ධය උරාගනිමින් එහි පැතිරීම පාලනය කිරීමේ විශේෂ ගුණයක් එහි ඇත. බේකිං සෝඩා එලෙසින්ම භාවිතා නොකලයුතු වනේ එමඟින් ඔබේ සම සංවේදී නිසා ඒ මත ප්‍රතික්‍රියා කරමින් හානි ඇතිකිරීමට ඉඩ ඇති බැවිනි. ඒ නිසා භාවිතයට පෙර වෙනත් යමක් සමඟ මිශ්‍ර කරමින් එහි සැර බාල කරගැනීම සිදුකල යුතුයි.

  • බේකිං සෝඩා කොටස් 1
  • කෝන් පිටි කොටස් 6

මේ දෙක හොඳින් මිශ්‍ර කරගනිමින් පවුඩර් එකක් ලෙස භාවිතා කල හැකියි.

Deodorant එකක් ලෙස භාවිතා කිරීමට

  • බේකිං සෝඩා කොටස් 1
  • පොල් තෙල් කොටස් 2

මේවා හොඳින් මිශ්‍ර කර ගෙන සම මත ආලේප කරගන්න. තෙල් රහිත Deodorant එකක් සඳහා මෙම තලපය තෙල් වෙනුවට වතුර සමඟ මිශ්‍ර කරගන්න. බේකිං සෝඩා මේස හැන්දකට ජලය ස්වල්පයක් එක් කරගන්න. කිහිලි යට ආලේප කරගත් මිශ්‍රණය හොඳින් වියළෙන තුරුම තබා ඇඳුම් ඇඳීමට සිදුකරන්න

  1. සුදුලූණු භාවිතාකරමින් දුඟඳ පාලනය කිරීම (garlic tonic)

සුදුලූණු වල ඉතා අප්‍රසන්න සහා සැර දුර්ගන්ධයක් තිබුණත් එහි ඇති විෂබීජ වලට එරෙහිව  සටන්කිරීමේ ගුණය නිසා ශරීරයේ දුඟඳ ඇති වීම පාලනය කරගැනිමට උපකාර කරගත හැකියි.

මෙම ක්‍රමය සඳහා

  • පොතු ඉවත් කරගත් සුදුලූණු බිකි 3 ක්
  • වතුර කෝප්ප 2 ක්

 ජලයට දමා ගත් සුදුලූණු ටික තත්පර 10-15 ක් පමණ තම්බාගන්න. මිශ්‍රණය සිසිල් වීමට තබා පෙරාගන්න. දැනි ඉතිරිව ඇති tonic දියරය ඔබේ සිරුරේ ගල්වා මිනිත්තු 30 ක්පමණ තිබෙන්නට හරින්න. ඉන්පසුව, එය හොඳින් සෝදාඉවත්කර ඔබේ සිරුර පිරුසිදු කරගන්න. දිනපතා මේ ක්‍රමය භාවිතා කරමින් හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට ඔබට හැකිවේවි.