මිනිසාගේ නිරෝගීභාවය වෙනුවෙන් සහ යහපැවැත්ම වෙනුවෙන් සමබල ආහාර වේලක් ලබා ගත යුතු බව අපි හැමෝම දන්නවා. ඒ අතරින් ස්වභාදහමේ නිමැවුණු එක් අනර්ඝ ආහාරයක් වන මාළු ආහාරයට එකතු කර ගැනීම ශරීරයට කොතරම් ගුණදායක ද කියලත් අපි දන්නවා.මේ මත්ස්‍යයන් තුළ අපේ ශරීරයට අත්‍යවශ්‍ය වන ඔමේගා 3 මේද අම්ල අඩංගු වෙන නිසා සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් සඳහා මාළු අත්‍යවශ්‍ය වෙනවා. අත්‍යවශ්‍ය මේද අම්ලයක් වන ඔමේගා ත්‍රී අපේ ශරීරයෙන් නිෂ්පාදනය කරන්නට නොහැකි නිසා ඒවා අපේ ආහාරවලින් ලබාගත යුතු වෙනවා.
ඒ නිසා මේ මේද අම්ලය අප ගනු ලබන දෛනික ආහාර මගින් හෝ ආහාරමය අතිරේකවලින් ලබා ගන්නට සිදු වෙනවා. බොහෝදෙනා භාවිතා කරන ෆිෂ් ඔයිල්වල ඔමේගා 3 ෆැටි ඇසිඩ් හැරුණාම විටමින් A සහ විටමින් D බහුලව අඩංගු වෙනවා. ඉතින් ඔමේගා 3 මේද අම්ලය අපේ ශරීරයට ලබාගැනීමේ අරමුණින් භාවිතා කරන ෆිෂ් ඔයිල් අපේ ශරීරයට ඇති කරන අහිතකර බලපෑම් සහ හිතකර බලපෑම් මොනවාද යන්න ඔබ දැනගත යුතුමයි.

මේ ඔමේගා 3 ආහාර වේලෙන් පමණක් ප්‍රමාණවත් ලෙස සපුරා ගන්නට නොහැකි නිසා එය අතිරේකයක් වශයෙන් ලබා ගන්නට බොහෝ දෙනෙක් කටයුතු කරනවා. විශේෂයෙන්ම හොඳ ඔමේගා ත්‍රී ප්‍රමාණයක් දිනපතා ලබා ගන්නට නම් හොඳ මාළු ප්‍රමාණයක් දිනපතා පරිභෝජනය කිරීම කළ යුතුයි. නමුත් මාළුවල ඇති රසදිය ක්ලෝරඩේන් , ඩයොක්සිනන්. පීසීබි ආදී විෂ සහිත අපද්‍රව්‍ය එහි අඩංගු නිසා දිනපතාම මාළු අනුභව කිරීම නිර්දේශ කරන එක තරමක් අපහසුයි. මේ නිසා බොහෝඅය මාළු තෙල් ආහාර අතිරේකයක් වශයෙන් භාවිතයට පුරුදු වෙලා ඉන්නවා.
නමුත් මේ ආහාරමය අතිරේකයන්ගෙන් තොරව සාඩින්, මෝරා,හුරුල්ලා,මැකරල් සැමන්, තලපත් ආදී මාළුන් මගින් වගේම ඇතැම් ශාකමය ආහාර මගින් ද මේ ෆිෂ් ඔයිල් ලබා ගන්නට හැකියාව පවතිනවා. ඒ සඳහා රට කජු, ආමන්ඩ්, වෝල් නට්ස්,චියා ඇට, ආදියත් ආහාරයට එකතු කරගන්නට පුළුවන්..
ෆිෂ් ඔයිල්, මෝර තෙල්, මෝර ගුලි එහෙමත් නැත්නම් cod liver oil ලෙසත් හඳුන්වන මේ fish oil අද බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය ආහාරමය අතිරේකයක්. මාළු පටකවලින් ලබාගන්නා තෙල් හෝ මේදය භාවිතයෙන් තමයි මේවා නිෂ්පාදනය වෙන්නේ . කොහොමවුණත් ස්වභාවික මෝරතෙල් අතිරේකයක් වශයෙන් ගැනීම සෞඛ්‍යමය වාසි බොහොමයක් ලබා ගන්නට උදව් වෙනවා.
මෝර තෙල් භාවිතයෙන් ශරීරයට ලැබෙන ප්‍රතිලාභ
හෘදයාබාධ වැළඳීමේ අවදානම අඩු කරනවා .
ඔමේගා ත්‍රී මේද අම්ල මගින් ට්ර්යිග්ලිසරයිඩ් විශාල ප්‍රමාණයකින් අඩු කරන්නට දායක වෙනවා. ඒ වගේම අධි රුධිර පීඩනය ඇති පුද්ගලයන්ගේ රුධිර පීඩන මට්ටම අඩු කරන්නටත් දායක වෙනවා. ඒ විතරක් නෙවෙයි ඔමේගා 3 වලට හැකියාව තියෙනවා රුධිර පට්ටිකා එකට ගැටීම වළක්වා හානිදායක රුධිර කැටි ගැසීම් වලක්වා ගන්නවා . එසේම ශරීරයට හිතකර කොලෙස්ටරෝල් මට්ටම වැඩි කරන්නටත් දායක වෙන ඔමේගා ත්‍රී අඩංගු මෝරතෙල් හදවතේ ගැටළු ඇති වීමේ අවදානම බොහෝදුරට අඩු කරනවා. ඒ නිසා අනිකුත් තෙල්වලට වඩා මෝර තෙල් ශරීර සෞඛ්‍යයට ගුණදායකයි.

දියවැඩියාව ඇතිවීම පාලනය කරනවා.
මෝර තෙල්වල අඩංගු වන විටමින් ඒ වගේම එහි අඩංගු ඔමේගා 3 ශරීරයේ ඉන්සියුලින් මට්ටම හොඳින් පාලනය කරන්නට උදව් වෙනවා. එමඟින් පළමු වර්ගයේදී දියවැඩියාව ඇති වීමේ අවදානම විශාල වශයෙන් අඩු කරන්නට පුළුවන්.
ඇටමිදුලු ශක්තිමත් කරනවා.
ආතරයිටීස් ඔස්ටියෝපොරෝසිස් ආදී අස්ථි රෝග සම්බන්ධයෙන් පිළියම් කිරීම සඳහා භාවිතා කරන තෙල් වර්ගයක් විදිහට මේ ඔමේගා 3 හඳුන්වා දෙන්න පුළුවන්. මේ අස්ථි සම්බන්ධ රෝග තත්ත්වයන් බහුලවම වයස්ගත වීමත් එක්ක කාන්තාවන් අතර බහුලව දකින්නට ලැබෙනවා. විශේෂයෙන්ම වයස්ගත වීමත් එක්ක කාන්තාවන්ගේ ඇටමිදුළු ශක්තිමත් කරන්නට ඔමේගා 3 ඉතාම ගුණදායකයි. වෛද්‍යවරුන් නිර්දේශ කරන ආකාරයට ක්‍රීඩාවල නිරත වන පුද්ගලයන් සඳහාත් මේ මෝරතෙල් හිතකර ප්‍රතිලාභ ලබා දෙනවා.
පිළිකා මර්දනය කරනවා.
කාන්තාවන් භාවිතා කළ යුතු තෙල් වර්ගයක් විදියට මෝරතෙල් හඳුන්වන්නට හැකියාව තියනවා. මොකද මෝරතෙල් කාන්තාවන්ගේ වයස්ගත වීමත් එක්ක ඇතිවන අස්ථිවල ගැටලු සඳහා වගේම කාන්තාවන් බහුතරයකට ඇතිවන පියයුරු පිළිකා මර්දනය කිරීමේ හැකියාවකුත් මේ මෝර තෙල් සතු නිසා. මේ මගින් පියයුරු පිළිකා සෑදීමේ ප්‍රවණතාවය අඩු කරන අතර පුරස්ථි ග්‍රන්ථි පිළිකා ඇතිවීමත් වළක්වනවා. ඒ වගේම පියයුරු පිළිකා මර්දනය සඳහා දිගුකාලීන ප්‍රතිකර්මයක් ලෙසත් මෙය ඉතා වැදගත් බවයි සොයාගෙන ඇත්තේ.
ස්වසන රෝග අවම කරනවා.
ආසාත්මිකතා වගේම ස්වසන පද්ධතිය ආශ්‍රිත විවිධ රෝග අද වෙද්දි දරුවන් අතරත් බහුලවම දකින්නට ලැබෙනවා. මේ මෝර තෙල්වල ඔමේගා 3 වලට අමතරව විටමින් A, D, සහ E අන්තර්ගත වෙන නිසා එය විවිධ ආසාත්මිකතා සහ ඉදිමුම් ආදි ප්‍රදාහ තත්ත්වයන් වළක්වාලන්නට උදව් වෙනවා. ඒ වගේම ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝගවලට එරෙහිවත් ක්‍රියාත්මක වෙන්නට හැකියාව තියෙනවා.
ශරීරයේ බර අඩු කරනවා.
මානසික අවපීඩනය සහ කාංසාව මර්දනය කරනවා.
ඔමේගා 3 මේද අම්ල වර්ග තුනක් පවතිනවා ඒ DHA, EPA හා ALA . මේ තුනෙන් මානසික පීඩනයට එරෙහිව සටන් කිරීමට වැදගත් වෙන්නේ EPA ඒකෝසාපෙන්ටනොයිඩ් ඇසිඩ්. දිනපතා මෝර තෙල් භාවිතා කරන අයෙකුට මානසික අවපීඩනය ගොදුරුවීමේ අවදානම බොහෝ දුරට අඩු කර ගන්නට පුළුවන් . විශේෂයෙන්ම දරු ප්‍රසූතියෙන් පසුව ඇතිවන මානසික අවපීඩන තත්ත්වය අවම කර ගන්නට මේ ෆිෂ් ඔයිල් අපිට උදව් වෙනවා.
ඇස්වල පෙනීම වැඩි දියුණු කරනවා.
ප්‍රමාණවත් ලෙස ඔමේගා 3 ලබාගැනීම අක්ෂි පරිහානිය අවදානම අඩු කරන්නට උදව් වෙනවා. එය දෘෂ්ටි ආබාධ සහ අන්ධභාවය ඇති වීමේ අවදානම අඩුකර අක්ෂි සෞඛ්‍ය නිරෝගී කරනවා. ඇසේ පටක වර්ධනය කරනවා. ඒ විතරක්ම නෙවෙයි ඇසේ පීඩනය හා ග්ලුකෝමා තත්ත්වයන් ඇතිවීමත් පාලනය කරනවා.
ළදරුවන්ගේ මොළය වර්ධනය කරනවා.
ගර්භණි සමයේදී ප්‍රමාණවත් පරිදි ඔමේගා 3 ලබාගැනීමෙන් දරුවාට ඉහළ බුද්ධියක්, වඩා හොඳ සන්නිවේදනයක් සහ සමාජ කුසලතා වර්ධනයත් චර්යාත්මක ගැටලු ඇති වීමත් අඩු කරනවා. ඒ විතරක්ම නෙවෙයි ඔටිසම්, මස්තිෂ්ක ප්‍රදාහය ඇති වීමේ අවදානමත් අඩු කරනවා.
නමුත් ගර්භනී ඔබ ඔමේගා 3 ලබා ගැනීම සඳහා ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගන්න. ගර්භනී අවස්ථාවේදී ෆිෂ් ඔයිල් ලබා ගැනීම සඳහා මාළු භාවිතා කරන විට එය විශාල ප්‍රමාණයකින් ගැනීම සුදුසු නැහැ. ඒ නිසා සතියකට දෙවතාවක් මුහුදු මාළු ලබා ගත යුතු බවටයි නිර්දේශ කර ඇත්තේ.
අකලට වියපත් වීම වළක්වා තරුණ පෙනුම රැක ගන්නවා.
මෝර තෙල්වල අඩංගු වෙන ඔමේගා 3 වියපත් වීමේ ක්‍රියාවලිය ප්‍රමාද කරමින් සම සහ හිසකෙස් ආදියේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නංවන්නට උදව් වෙනවා.
ඔසප් වේදනාව අවම කරනවා.
ෆිෂ් ඔයිල්වල අඩංගු වෙන ඔමේගා 3 ඔසප් වේදනාව අවම කරන්නට උදව් වෙන බව වෛද්‍ය පර්යේෂණ මගින් සොයාගෙන තියෙනවා .ඔසප් වේදනාව දරුණු වීමේ දී ඒ වේදනාවන්ට ලබාදෙන ඖෂධවලටත් වඩා ඔමේග 3 අතිරේක වඩාත් ඵලදායී බවයි සඳහන් වෙන්නේ.
දියවැඩියාව හේතු කරගෙන ඇතිවන මානසික ව්‍යාකූලතාවය පාලනය කරනවා.
නිරෝගී සමක් ලබාදෙනවා.
සමේ තෙතමනය ආරක්ෂා කිරීමට, සමේ කුරුලෑ, ලප කැළැල් ඇති වීම අඩුවීමටත් උදව් වෙන මේ ඔමේගා 3 භාවිතයෙන් අකලට වියපත් වීම වළක්වා ගන්නට හැකියාව ලැබෙනවා
වැඩිහිටි පුද්ගලයන්ගේ මතකය අඩුවීම අවම කර හොඳ මතක ශක්තියක් පවත්වා ගෙනයාමට උපකාරී වෙනවා.
මධ්‍ය ස්නායු පද්ධතියේ මොළය, ෂුසුම්නාව දෘෂ්ටි ස්නායුව ආශ්‍රිත රෝග තත්ත්වයන් වළක්වනවා.
ෆිෂ් ඔයිල් අපේ ශරීරයට බෙහෙවින් හිතකර ප්‍රතිලාභ ලබාදුන්නත් එය නිසි මාත්‍රාවෙන් ලබා ගැනීමට කටයුතු කිරීම අනිවාර්‍යයි