ෆිෂ් ඔයිල් ආහාර අතිරේකයක් ලෙස භාවිතයෙන් අත්විය හැකි හානි 5 ක්

health tips

අපේ ශරීරයේ නීරෝගී පැවැත්ම සඳහා ප්‍රධාන වශයෙන් අවශ්‍ය වන මේද කාණ්ඩයක් තමයි ඔමේගා 3 කියන්නේ.නමුත් මේ මේද අම්ලය අපේ ශරීරයෙන් නිෂ්පාදනය කරගන්නට හැකියාවක් නැහැ.ඒ නිසා මේ මේද අම්ලය අප ගනු ලබන දෛනික ආහාර මගින් හෝ ආහාරමය අතිරේකවලින් ලබා ගන්නට සිදු වෙනවා. විශේෂයෙන්ම බොහෝදෙනා ආහාර අතිරේකයක් විදියට භාවිතා කරන ෆිෂ් ඔයිල්වල ඔමේගා 3 ෆැටි ඇසිඩ් අන්තර්ගත වන අතර ඒ හැරුණාම විටමින් A සහ විටමින් D බහුලව අඩංගු වෙනවා. ඉතින් ඔමේගා 3 මේද අම්ලය අපේ ශරීරයට ලබාගැනීමේ අරමුණින් භාවිතා කරන ෆිෂ් ඔයිල් අපේ ශරීරයට ඇති කරන අහිතකර බලපෑම් සහ හිතකර බලපෑම් මොනවාද යන්න ඔබ දැනගත යුතුමයි. ඉතින් අද අපි ඔබ සමඟ කතා කරන්නට සූදානම් වෙන්නේ ෆිෂ් ඔයිල් භාවිතයේදී දැනුවත්ව සිටිය යුතුම කාරණාවන් කිහිපයක් පිළිබඳවයි.

මේ ෆිෂ් ඔයිල්වල අන්තර්ගත වන්නේ මාළුන්ගේ අන්තර්ගත වන තෙල් විශේෂයක්. එනම් ඔමේගා 3 ෆැටි ඇසිඩ් අන්තර්ගත වෙන සංඝටකයන්.නමුත් මේ ආහාරමය අතිරේකයන්ගෙන් තොරව සාඩින්, මෝරා,හුරුල්ලා,මැකරල් සැමන්, තලපත් ආදී මාළුන් මගින් වගේම ඇතැම් ශාකමය ආහාර මගින් ද මේ ෆිෂ් ඔයිල් ලබා ගන්නට හැකියාව පවතිනවා. ඒ සඳහා රට කජු, ආමන්ඩ්, වෝල් නට්ස්,චියා ඇට, ආදියෙත් ඔමේගා 3 ෆැටි ඇසිඩ් බහුල වශයෙන් අන්තර්ගත වෙනවා.

  • ඔමේගා 3 මේද අම්ලය ප්‍රධාන වශයෙන් වර්ග තුනකට බෙදෙනවා. ඒ DHA,EPA හා ALA .
  • DHA –  ඩොකෝසාහෙක්සොනොයිට් ඇසිඩ් 
  • මිනිසාගේ ශුක්‍රාණු නිෂ්පාදනය,ඇසේ දෘෂ්ටි විතානය නිර්මාණය කිරීමට මොළයේ කොටස් නිර්මාණයට මේ DHA අම්ලය වැදගත් වෙනවා.
  • EPA  ඒකෝසාපෙන්ටනොයිඩ් ඇසිඩ් 

මේ අම්ලය අපේ ශරීරයේ පැවැත්ම සඳහා නිසි පරිදි රුධිරය කැටි ගැසීමේ කාර්ය සිදු කිරීමට අවශ්‍ය සංඝටක නිර්මාණය කිරීමේදී වැදගත් වෙනවා. ඒ වගේම ශරීරයට යම් ආගන්තුක ද්‍රව්‍යයක් පැමිණීමෙන් ශරීරයේ සෛලවලට ඇතිවන හානිදායක තත්ත්වයන් ඇතිවන විට එය නවතා දැමීමට ඒ ආසාදන ඇති වූ ස්ථානය ඉදිමීමකට ලක් කිරීම,උෂ්ණත්වය ඉහළයාම, රතුවීම වැනි තත්ත්ව ඇති කිරීමේ හැකියාව පවතිනවා.

ෆිෂ් ඔයිල් භාවිතයෙන් ශරීරයට ලැබෙන වාසිදායක තත්ත්වයන් 

  • මධ්‍ය ස්නායු පද්ධතියේ මොළය, ෂුසුම්නාව දෘෂ්ටි ස්නායුව ආශ්‍රිත රෝග තත්ත්වයන් වළක්වයි.
  • පුරස්ථි ග්‍රන්ථි පිළිකා ඇතිවීම වළක්වයි.
  • දරු ප්‍රසූතියකින් පසුව ඇතිවන මානසික අවපීඩන තත්ත්වය අවම කිරීමට ඉතා සුදුසු බව සමීක්ෂණ වාර්තා පෙන්වා දී තියෙනවා.ගර්භනී අවස්ථාවවේදී ෆිෂ් ඔයිල් ලබා ගැනීම සඳහා මාළු භාවිතා කරන විට එය විශාල ප්‍රමාණයකින් ගැනීම සුදුසු නැහැ. ඒ නිසා සතියකට දෙවතාවක්  මුහුදු මාළු ලබා ගත යුතු බවටයි නිර්දේශ කර ඇත්තේ.
  • තරුණ පුද්ගලයන්ගේ හැසිරීමේ ගැටළු සමනය කරයි.
  • වැඩිහිටි පුද්ගලයන්ගේ මතකය අඩුවීම අවම කර හොඳ මතක ශක්තියක් පවත්වා ගෙනයාමට උපකාරී වෙයි. 
  • හදවතේ ක්‍රියාකාරිත්වය නිසි පරිදි පවත්වාගෙන යාමට උපකාරී වෙයි. හදවත් රෝග ඇතිවීමේ අවදානම පාලනය කරයි .
  • දිනකට අවශ්‍ය ප්‍රමාණයට DHA ලබා ගැනීමෙන් වයස්ගතවිම සමඟ ඇතිවන පෙනීමේ දුර්වලතා  අවම කරනු ලබයි.
  • ශරීරයේ බර පාලනය කරයි 
  • සන්ධිවල නීරෝගීභාවය ඇති කරයි 
  • සම පැහැපත් කරයි 
  • ඇසේ පටක වර්ධනය කරයි. ඇසේ පීඩනය හා ග්ලුකෝමා තත්ත්වයන් ඇතිවීම පාලනය කරයි 

ෆිෂ් ඔයිල් ආහාර අතිරේකයක් ලෙස භාවිතයෙන් අත්විය හැකි භයානක තත්ත්වයන් 

  • ෆිෂ් ඔයිල් සතු හානිදායක තත්ත්වයන් පිළිබඳව 2015 දී preston mason කියන පුද්ගලයා Academy and managed care pharmacy Nexus නමින් සඟරාවක දක්වා තියෙනවා.ඒ වගේම 2012 දී Dr Andrew Grey විසින් ද ෆිෂ් ඔයිල්වල හානිදායක තත්ත්වයන් පිළිබඳව හෙළිදරව් කර තියෙනවා.
  • අපේ ශරීරයේ ඔමේගා 3 ඔමේගා 6 සහ ඔමේගා 9 අතර පවතින සමතුලිතතාවය මේ ෆිෂ් ඔයිල් බාහිරව ලබා ගැනීම නිසා බිඳී යන්නට පුළුවන්. ඒ නිසා අපි ගන්නා ෆිෂ් ඔයිල් එක වගේම එහි ප්‍රමාණය පිළිබඳවත් වඩාත් සැලකිලිමත් විය යුතු වෙනවා.
  • ෆිෂ් ඔයිල් සතු ඔමේගා 3 අපේ රුධිරයේ ඝනත්වය අඩු කරන්නට සමත් වෙනවා. ඒ නිසා රුධිරයේ ගැටළු පවතින පුද්ගලයන් වෛද්‍ය උපදෙස්වලට අනුව එය ලබා ගැනීමයි වැදගත් වන්නේ.
  • ෆිෂ් ඔයිල් සඳහා මාළු ලබා ගන්නා ප්‍රභවයේ ගැටළු නිසා විශේෂයෙන්ම රසදිය ආදි අහිතකර බැර ලෝහ අඩංගු වීමෙන් එවැනි ෆිෂ් ඔයිල් අධිකව භාවිතා කරන්නෙකුට පිළිකා තත්ත්වයන් ඇතිවෙන්නට ඉඩකඩ පවතිනවා. ඒ වගේම ෆිෂ් ඔයිල් නිෂ්පාදනයේදී ඒවා ඔක්සිකරණයට ලක්වීමෙන් අපි ෆිෂ් ඔයිල් භාවිතයෙන් ලබා ගන්නට අපේක්ෂා කරන රසායනික සංයුතියක් තියෙන ඔමේගා 3 හෝ 6 අපිට ලබා ගන්නට හැකියාව ලැබෙන්නේ නැහැ.ඒ නිසා හෘදයාබාධ ඇතිවෙන්නට එය හේතු වෙන්නට පුළුවන්.
  • ෆිෂ් ඔයිල් සතු විටමින් A සහ D යන මේද ද්‍රාවී විටමින් දේහය තුළ එක්රැස් වීමක් සිදු වෙන අතර කාලයක් තිස්සේ මේ විටමින් A,D,K, ආදිය දේහයේ තැන්පත්වීමෙන් අහිතකර බලපෑම් ඇතිවෙනවා.ඒ වගේම මරණය පවා ළඟා කරදෙන්නට තරම් එහි බලපෑම තීව්‍ර වෙනවා.

ෆිෂ් ඔයිල් භාවිතා නොකළ යුතු පුද්ගලයන් 

ඇතැම් මාළු වර්ග භාවිතා කිරීමෙන් විවිධ ආසාත්මිකතා ඇතිවෙන පුද්ගලයන් ,රුධිරය කැටි ගැසීම අවම කිරීමට  ඖෂධ ලබා ගන්නා පුද්ගලයන් ,(ඔමේගා 3 මේද අම්ලයට රුධිර කැටි ගැසීම වැඩි කිරීමේ හැකියාවක් පවතිනවා.) මේ ෆිෂ් ඔයිල් භාවිතය එතරම් සුදුසු නොවන බවයි සඳහන් වෙන්නේ. වෙනත් ඖෂධ සමඟ භාවිතා කිරීමේදී යම් ප්‍රතික්‍රියා සිදුවීම නිසා උදරයේ වේදනාවන් ඇතිවිය හැකියි. ඒ වගේම ආහාර ජීර්ණය නිසි ලෙස සිදු නොවීම, බඩ එළිය යාම ආදී තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන්. 

ඉතින් මේ කරුණු කාරණාවලට අනුව වඩා වැදගත් වෙන්නේ සිරුරට අ වශ්‍ය ඔමේගා 3 මේද අම්ල ආහාර මගින් ලබා ගැනීම වඩාත් සුදුසු බවයි. නමුත් ආහාර අතිරේකයක් ලෙස ෆිෂ් ඔයිල් ලබා ගන්නට උනන්දුවක් ඇති අයෙක් නම් ඒ සඳහා නිසි වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍ය බව මතකයේ තබා ගන්න.