කොලෙස්ටරෝල් පාලනය කරන උගුරැස්ස සතු ගුණ 21 ක්

health tips

Flacourtiaceae කුලයට අයත් උගුරැස්ස යනු රසවත් පලතුරක් පමණක් ම නොවේ. එනම් උගුරැස්ස යනු රෝග රැසකට ගුණදෙන ඖෂධයකි. උගුරැස්ස පිළිබඳව චරක සංහිතාව සුශ්‍රැත සංහිතාව වැනි ග්‍රන්ථවල ද සඳහන්ව තිබේ. එමෙන්ම බුදුන්වහන්සේ  භික්ෂූන්ට කැපයැයි දේශනා කළ අෂ්ට පාන වර්ග අතරට උගුරැස්සා පානයද  ඇතුලත්වේ. එනම් උගුරැස්සාවල ශරීරයට  හිතකර බොහෝ ඖෂධීය ගුණ අඩංගු වීම ඊට හේතුවයි. එනම් උගුරැස්ස පලතුරක් ලෙස ආහාරයට ගැනීමෙන් ශරීරගත බොහෝ රෝග සමනය කර ගත හැකිය. දේශීය වශයෙන් උගුරැස්ස බොහෝ ප්‍රදේශවලද විදේශීය වශයෙන් ඉන්දියාව, මැලේසියාව, මැඩගස්කරය.. ආදී රටවලද උගුරැස්ස දැකගත හැකිය. එනම් ලොකු, කුඩා සෑම දෙනෙකුම උගුරැස්ස ඉතා කැමැත්තෙන් ආහාරයට ගනී. එනම් ඉදුණු උගුරැස්ස මදක් අතෙන් තලා ආහාරයට ගැනීමෙන් එහි කහට රසය අඩු කර ගත හැකිය. උගුරැස්ස පලතුරක් ලෙස ආහාරයට ගැනීමට අමතරව උගුරැස්ස බීමක් , පානයක් ලෙස ද භාවිතා කළ හැකිය. 

එනම් උගුරැස්ස වල ශරීරයට හිතකර බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගුවේ. එනම් විටමින් ඒ, සී, බී,යකඩ, රයිබෝප්ලේවින්,   ෆයිබර්, ඇන්ටිඔක්සිඩන්ට්… ආදී බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් උගුරැස්ස වල අඩංගුවේ. මේ නිසා උගුරැස්ස ආහාරයට ගැනීම බොහෝ රෝග සමනය කිරීමට හේතුවේ. 

  • උගුරැස්ස වල ඖෂධීය ගුණ 
  • සම පැහැපත් කිරීමට 
  • ශරීරය පෘෂ්ටිමත් කිරීමට 
  • ශරීරය සිසිල් කිරීමට 
  • නිදන්ගත රෝග සමනය කිරීමට 
  • හෘද රෝග ඇතිවීම වැළැක්වීමට 
  • රුධිරය පිරිසිදු කිරීමට 
  • මුත්‍ර රෝගයන්ට 
  • කොලෙස්ටරෝල් පාලනය කිරීමට 
  • ආහාර රුචිය වර්ධනය කිරීමට 
  • ආයුෂ වැඩි කිරීමට 
  • දියවැඩියාව ඇතිවීම පාලනය කිරීමට 
  • ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට 

මේ ආදී වූ රෝග ගණනාවක් සුව කරගැනීමට උගුරැස්සා ගෙඩි මෙන්ම උගුරැස්ස ශාකයේ පොතු ,කොළ ,මල් …. ආදියද ඖෂධ සඳහා යොදා ගත හැකිය. එනම් උගුරැස්ස කොළ මැල්ලුමක් ලෙස සකස් කර ආහාරයට ගැනීම  අතීතයේ සිටම සිදුකර තිබේ. 

උගුරැස්ස ඖෂධීය ගුණ භාවිතය. 

දියවැඩියාව ඇතිවීම වැළැක්වීමට වර්තමානය වන විට නිදන්ගත රෝග අතර පළමු තැන ගන්නා දියවැඩියාව ඇතිවීම පාලනය කර ගැනීමට තවත් එක්ඖෂධයක් ලෙස උගුරැස්ස භාවිතා කළ හැකිය. එනම් උගුරැස්ස ගෙඩි ආහාරයට ගැනීම ට අමතරව කෂායක් ලෙස සකසා භාවිතා කිරීම ගුණදායකය. එනම් මේ සඳහා උගුරැස්ස ගෙඩි කීපයක් ගෙන වතුර පත 08 ක් දමා පත එකට සිඳුවා පත භාගය බැගින් උදේ සවස පානය කිරීමෙන් දියවැඩියාව ඇතිවීම වලක්වා ගත හැකිය. 

අස්ථි බිඳුම් හා උළුක්කු ඇති වූ විටක කැඩුම්,බිඳුම් වෙදකම තුළදී ප්‍රතිකාර කිරීමට යොදා ගන්නා තවත් එක් ඖෂධීය ශාකයක් ලෙස උගුරැස්ස ශාකය හඳුනාගත හැකිය. එනම් මේ සඳහා උගුරැස්ස මුලේ පොතු, අමු කහ ,බැලතැන සමව ගෙන එයට ලුණු ස්වල්පයක් දමා හොඳින් කොටා  මලවා පත්තුවක් ලෙස අස්ථි කැඩුණු බිඳුණු හෝ උලුක්කු වූ  ස්ථානවල තබා බැඳීම මගින් ඉක්මන් සුවය ළගා කර ගත හැකිය. 

තුවාල සමනය කිරීමට තුවාල සුව කර ගැනීම සඳහා උගුරැස්ස කොළ මිටක් පමණ ගෙන තම්බා එම ජලයෙන් තුවාල සේදීම මගින් ඉක්මනින් තුවාල සුව කර ගත හැකිය. 

ළදරුවන්ගේ කැස්ස සමනය කිරීමට කුඩා දරුවන්ට ඇතිවන කැස්ස සමනය කිරීමට උගුරැස්සා පැණිය භාවිතා කිරීම යෝග්‍ය වේ. එනම් පරුෂ්යාදී පැණිය දේශීය වෙළෙඳපොළ තුළින් ද මිලදී ගත හැකිය. අවැසි නම් මෙය නිවසේ දී වුවද සකස් කර ගත හැකිය. එනම් මේ සඳහා උගුරැස්සා ඉදුණු ගෙඩි ගෙන පිරිසිදු කර එයට වතුර පත  4 ක් දමා  පත එකක් වන තුරු සිඳවා පදමට සීනි මිශ්‍ර කර පැණි පදමට සිදුවා ගෙන වීදුරු බෝතලයකට දමා ගබඩා කර කැස්ස වැළඳුනු විටක ඉන් තේ හැන්ද බැගින් කීප වතාවක් දරුවාට ලබාදීම මගින් කැස්ස සුව කර ගත හැකිය. 

අක්ෂි රෝග සුව කිරීමට ඇස මත ඇතිවූ සීරීම් හා ඒ හේතුවෙන් ඇතිවන ඇස් ආශ්‍රිත ඉදමුම ,ඇසෙන් කදුළු ගැලීම, ඇස් මතට ආලෝකය වැටෙන විට අපහසුවක් දැනීම… ආදී තත්වයන් සුව කර ගැනීම සඳහා උගුරැස්ස ගහේ කොළ අමු කහ සමඟ කොටා මලවා පොට්ටනියක් බැඳ හොඳින් ඇස්වටා තැවීම මගින් එම අපහසුතා සුව කර ගත හැකිය. එනම් වඩාත් යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට මෙම ප්‍රතිකාරය තුන් වතාවක් පමණ කළ යුතුය. 

උෂ්ණාධික ශරීරය සිසිල් කරයි.ශරීරයේ උෂ්ණාධික බව වළක්වා ශරීරය සිසිල් කර ගැනීමට උගුරැස්ස ගෙඩි ආහාරයට ගැනීමට අමතරව උගුරැස්සා පොතු ඖෂධයක් ලෙස යොදාගත හැකිය. එනම් උගුරැස්සා පොතු තම්බා එම වතුර පානය කිරීම මගින් ශරීරගත දාහය සමනය කර ශරීරය සිසිල් කර ගත හැකිවේ. 

සර්ප විෂ නැසීමට ඈත අතීතයේ සිටම සර්ප විෂ නැසීමට සර්ප දෂ්ට මුඛයේ උගුරැස්ස ශාකයේ කොළ හා පොතු කොටා ආලේප කර තිබේ. මේ ආදී වූ රෝග ගණනාවකට උගුරැස්ස ගෙඩි,පොතු, කොළ භාවිතා කිරීම ගුණදායකය. නමුදු ඖෂධ සඳහා භාවිතා කිරීමට ප්‍රථමව වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසුවේ.