ආයුර්වේදය තුළ බහුලව භාවිතා කරන තවත් එක් ඖෂධිය ශාකයක් ලෙස උගුරැස්සා ශාකය හඳුනා ගත හැකිය. එනම් උගුරැස්සා බොහෝ දෙනා අතර පලතුරක් ලෙස ජනප්‍රිය වුවද උගුරැස්සා වල ඖෂධීය වටිනාකම පිළිබඳව දේශීය වෛද්‍ය විද්‍යාව තුළ හා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ සඳහන් වේ. එමෙන් බුදුන් වහන්සේ එකල භික්ෂූන් වහන්සේලාට කැප යැයි දේශනා කළ අෂ්ඨ පාන වර්ගයන් අතරට උගුරැස්සා පානය ද ඇතුලත් වේ. එමෙන්ම ආයූර්වේද වෛද්‍ය ග්‍රන්ථයක් වන චරක සංහිතාව තුළ හා සුශ්‍රැත සංහිතාව තුළ ද උගුරැස්සවල ඖෂධීය භාවිතය පිළිබඳව සඳහන් වේ. ශ්‍රී ලංකාවේ පමණක් නොව උගුරැස්ස මැලේසියාව,ඉන්දියාව, මැඩගස්කරය යන විදේශීය රටවල ද හොඳින් වැඩේ. Flacourtiaceae කුලයට අයත් උගුරැස්ස ගෙඩි ආහාරයට ගැනීමෙන් බොහෝ රෝග සුව කර ගත හැකිය. ඊට හේතුව ඒවායෙහි ගුණයෙන් ඉහළ පෝෂ්‍ය පදාර්ථ රාශියක් අඩංගු වීමයි.
- විටමින් A,B,C
- ඇන්ටිඔක්සිඩන්ට්,
- ෆයිබර්
- රයිබෝප්ලේවින්
- යකඩ
- වැනි පෝෂ්‍ය පදාර්ථ ඒ අතර කිහිපයක් වේ.
එනම් උගුරැස්ස පලතුරක් ලෙස හෝ පානයක් ලෙස සකස් කර සතියකට කිහිප වතාවක් ආහාරයට ගන්නේ නම් ඉන් බොහෝ රෝග සුව කර ගත හැකිය.
උගුරැස්ස වල ඖෂධීය ගුණ

- හෘද රෝග සමනය කිරීමට
- ශරීරය පෘෂ්ටිමත් කර ගැනීමට
- සම පැහැය වර්ධනය කර ගැනීමට
- ආයුෂ වැඩි කර ගැනීමට
- ආහාර රුචිය වැඩීමට
- ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නංවා ගැනීමට
- මුත්‍ර රෝගයන්ට
- දියවැඩියාවට
- රුධිරය පිරිසිදු කිරීමට
- ශරීරය සිසිල් කිරීමට
- නිදන්ගත රෝග සමනය කිරීමට
- කොලෙස්ටරෝල් පාලනය කිරීමට මේ ආදී වූ රෝග සුවකර ගැනීම සඳහා උගුරැස්ස ශාකයේ කොළ ,පොතු, මල්, ගෙඩි ,ඖෂධ වශයෙන් යොදාගනු ලැබේ.
උගුරැස්ස ඖෂධීය ගුණ භාවිතයන්
අක්ෂි රෝග සමනය කරන ඔසුවක් වේ.ඇස් මත ඇතිවූ සීරීම් හා ඒ හේතුවෙන් ඇතිවන ඇස් ආශ්‍රිත ඉදමුම , ඇස් මතට ආලෝකය වැටෙන විට අපහසුවක් දැනීම, ඇසෙන් කබ,කදුළු ගැලීම,වැනි ඇස් ආශ්‍රිතව ඇතිවන ආබාධ සුව කිරීමට උගුරැස්ස කොළ ,අමු කහ සමඟ කොටා මලවා පොට්ටනියක් බැඳ හොඳින් ඇස්වටා තැවීම මගින් මෙම තත්ත්වයන් සුව කරගත හැකිය.
තුවාල සමනය කර ගැනීමට යෝග්‍යවේ.හෙළ වෙදකම තුළ තුවාල සුව කර ගැනීම සඳහා බොහෝ ඖෂධ වර්ග පවතින අතර ඉන් තවත් එක් ඖෂධයක් ලෙස උගුරැස්ස හැඳින්විය හැකිය. එනම් තුවාල ඇති වූ විට එම තුවාලය ඉක්මනින් සුව කරගැනීම සඳහා උගුරැස්ස කොළ මිටක් පමණ ගෙන තම්බා එම වතුරෙන් තුවාල සේදීම මගින් ඉක්මනින් සුව කරගත හැකිය.
ශරීරය සිසිල් කිරීමට උපකාරී වේ.බොහෝ දෙනෙකුට ශරීරය උෂ්ණාධික වීම හේතුවෙන් නොයෙක් රෝග තත්ත්වයන් ඇතිව තිබේ. එවැනි තත්ත්වයක් ඇති වූ විටක ශරීරය සිසිල් කර ගැනීම සඳහා උගුරැස්ස පොතු තැම්බූ ජලය පානය කිරීම යෝග්‍ය වේ.
කුඩා දරුවන්ට ඇතිවන කැස්ස සමනය කිරීමට උගුරැස්සා පැණිය ඈත අතීතයේ සිටම භාවිතා කර තිබේ. එනම් මේ සඳහා ඉදුණු උගුරැස්සා ගෙඩි කිහිපයක් ගෙන පිරිසිදු කර එයට වතුර පත 4 ක් දමා එය පත එකක් වන තුරු සිඳවා පදමට සීනි මිශ්‍ර කර නැවත පැණි පදමට සිඳ වීදුරු බෝතලයකට දමා අවශ්‍ය වූ විටක ඉන් හැන්දක් දරුවන්ට ලබා දීම මගින් කැස්ස සුව කර ගැනීමට හැකියාව ලැබේ. මෙය වෙළඳපොළෙන් මිලදී ගන්නේ නම් පරුෂ්යාදී පැණිය යන නමින් මිලදී ගත යුතුය.

අස්ථි බිඳුම් හා උළුක්කු සුව කිරීමට හේතුවේ.හදිසියේ ඇතිවන උලුක්කු සහ අස්ථි කැඩුම් බිඳුම් වෙදකමට උගුරැස්ස ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. මේ සඳහා උගුරැස්ස මුලේ පොතු, අමු කහ ,බැලතැන සමව ගෙන එයට ලුණු ස්වල්පයක් දමා හොඳින් කොටා මලවා පත්තුවක් ලෙස අස්ථි කැඩුණු බිඳුණු හෝ උලුක්කු වූ ස්ථානවල තබා බැඳීමෙන් ඉක්මන් සුවය ලබාගත හැකිය.
සර්ප විෂ නැසීමට යෝග්‍ය වේ.ඈත අතීතයේ සිටම සර්ප විෂ නැසීමට සර්ප දෂ්ට මුඛයේ උගුරැස්ස ශාකයේ කොළ හා පොතු කොටා ආලේප කිරීම සිදුකර තිබේ. එනම් ඉන් විෂ ඉවත්ව යාම සිදුවේ.
දියවැඩියාව පාලනය කරන ඖෂධයක් වේ.දියවැඩියාව පාලනය කිරීම සඳහා උගුරැස්සා පලතුරක් ලෙස ආහාරයට ගැනීම මෙන්ම කසායක් ලෙස සකස් කර පානය කිරීමෙන් ද දියවැඩියාව පාලනය කරගත හැකිය. එනම් උගුරැස්ස ගෙඩි කීපයක් ගෙන වතුර පත 08 ක් දමා පත එකට සිඳුවා පත භාගය බැගින් උදේ සවස පානය කිරීම මගින් දියවැඩියාව සමනය කර ගත හැකිය.
ආදී වශයෙන් මෙවැනි රෝග ගණනාවක් සුව කර ගැනීමට උගුරැස්ස පලතුරක් ලෙස පානයක් ලෙස හෝ ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය. නමුත් දියවැඩියාව වැනි නිදන්ගත රෝග පවතින විට මෙම ඖෂධ බාවිතා කිරීමට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසු වේ.