වාතය පිටවීම හැමෝමටම සිදු වෙන දෙයක්. එය බොහෝවිට අපි සාමාන්‍ය දෙයක් විදියට සලකනවා. නමුත් දවසකට සාමාන්‍යයෙන් පිටවිය යුතු වාත ගණනක් පවතිනවා.ඒ ප්‍රමාණය අභිබවා වාතය පිටවීම ශරීර සෞඛ්‍යයට එතරම් හිතකර නැහැ. නමුත් ඇතැම්විට බොහෝදෙනෙක් එය රෝගයක් විදියට සලකන්නේ නැහැ. නමුත් වාතය පිටවීම (Flatulence) යම් රෝගයක් හෝ වෙනත් රොගයක ලක්ෂණයක් වීමට පුළුවන්. කොහොමවුණත් බොහෝදෙනෙක් ඒ තත්ත්වය පිළිබඳව කතාබහ කරන්නේ ඉතාම අඩුවෙන්. නමුත් මේ තත්ත්ව නිසා බොහෝ දෙනෙක් පීඩාවට වගේම අපහසුතාවයටත් පත්වෙනවා. ඉතින් අද අපි කතා කරන්නේ මේ වාතය පිටවීම සම්බන්ධයෙන් පවතින ගැටළුකාරී තත්ත්වයන් පිළිබඳව.
වාතය පිටවීම මෙහිදී සිදුවන්නේ ජීර්ණ පද්ධතිය තුළ ඇති වාතය ගුද මාර්ගය මගින් පරිසරයට මුදාහැරීම. අපේ උදරයට වාතය එකතු වන ආකාර කිහිපයක් පවතිනවා.
වාතය ගිලීමෙන් මේ වාතය උදරය තුළට එකතු වන්නේ අප ආහාර ගන්නා විට හෝ ජලය ආදිය පානය කිරීමේදී. ආහාර ජලයට අමතරව අපි වාතය ගිලීම නිසා මෙය ජීර්ණ පද්ධතියේ එකතු වෙනවා. මෙහිදී ඔක්සිජන් වගේම නයිට්‍රජන් ආහාර ජීර්ණ මාර්ගය ඒකරාශී වෙනවා.
ගනු ලබන ඇතැම් ආහාර් වර්ග අප ගන්නා ඇතැම් ආහාරයන් හේතුවෙන් ආහාර ජීර්ණ පද්ධතිය තුළ හයිඩ්රජන්, මීතේන් හා කාබන්ඩයොක්සයිඩ් නිපදවීම සිදු කරන අතර මේ වාතය දුර්ගන්ධයකින් සමන්විත වෙනවා.
විශේෂයෙන්ම බෝංචි , ගෝවා වර්ග, රාබු, ඇපල්, පෙයාර්ස් , පීච්, පලතුරු බීම වැනි ආහාර ගැනීම වැඩිපුර වාතය ප්‍රමාණයක් බඩවැල්වලට එකතු කරනු ලබනවා. මේ ආහාර ජීර්ණයටත් වැඩි කාලයක් ගන්නා අතර විශේෂයෙන්ම පලතුරු බීමවල බොහෝවිට පෘක්ටෝස් හා සෝබයිට් අඩංගු වීම නිසා එයින් වැඩිපුර ගෑස් ප්‍රමාණයක් නිපදවනු ලබනවා.ඒ වගේම කිරි සහ කිරි නිෂ්පාදන ද මේ සඳහා හේතුවෙනවා. විශේෂයෙන්ම කිරිවල අඩංගු ලැක්ටෝස් සිරුරේ වාතය නිපදවන්නට තවත් එක් හේතුවක්.

කාබන්ඩයොක්සයිඩ් බහුල පැණි බීම කාබන්ඩයොක්සයිඩ් අඩංගු සෝඩා, ස්ප්‍රයිට් වගේ බොහෝ පැණි බීම වර්ග පානය කළ විට ආහාර මාර්ගයේ වාතය එකතු වෙනවා. පානය කළ විටම ගෑස් එකක් උගුරටත් එනවා. ඒ වගේම තමයි මේ බීම වර්ගවල පහසුවෙන් දිරවිය නොහැකි සීනි වර්ග අඩංගු වීම. මේ කාරණා නිසාත් ශරීරය තුළ වාතය නිපදවනවා.
බැක්ටීරියා මගින් නිපදවන වාතය (ගෑස් ) අප ගන්නා ආහාරවලින් ඇතැම් ආහාර කුඩා බඩවැල්වලදී ජීර්ණය වීමක් නොවී මහ බඩවැල් දක්වා ගෙන යනවා. එවිට මහබඩවැල් මගින් බැක්ටීරියාවන් විශාල ප්‍රමාණයක් මේ ආහාර දිරවීමට නිපදවනු ලබනවා.ඒ බැක්ටීරියාවන් විශාල ලෙස ගෑස් නිපදවනු ලබනවා. අපගේ මළපහවලත් 40% -50% ක්ම තියෙන්නේ මේ බැක්ටීරියාවන්.
වැඩිපුර වාතය ගිලින අවස්ථා
චුයින්ගම් හැපීමඇතැම් අය පුරුද්දට හපන මේ චුයින්ගම් නිසා වැඩිපුර වාතය අපට ගිලෙනවා. ඒ විතරක් නෙවෙයි චුයින්ගම්වලත් වාතය නිපදවීමට බලපාන සීනි වර්ග අඩංගු වෙනවා.
- දුම්පානය
- බීම බටවලින් උරා බීම
- ඉක්මනින් ආහාර ගිල දැමීම
ඉහත සඳහන් කරන ලද අවස්ථා හැරුණාම ඇතැම් රෝග තත්ත්වයන් නිසා වැඩි වශයෙන් වාතය පිටවෙනවා. සාමාන්‍යයෙන් පුරුෂයෙකුට දිනකට වාතය වාර 14-25 දක්වා පිට වෙන්නට පුළුවන්.කාන්තාවකට දිනකට වාර 7-12 වාරයක් වාතය පිටවීම සාමාන්‍ය දෙයක්. නමුත් ඊට වඩා වැඩි වාර ගණනක් දිගටම පිටවීම නම් අසාමාන්‍ය තත්ත්වයක්. එය වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතු රෝගී අවස්ථාවන් ලෙසටයි සලකනු ලබන්නේ. ඉහත සඳහන් කළ වාතය වැඩි වශයෙන් පිටවෙන්නට හැකි හේතු සාධක බලපාන්නේ නැති අවස්ථාවක අධික ලෙස වාතය පිටවේ නම් එය යම් රෝගී තත්ත්වයන් ඇති බවට පෙන්නුම් කරන රෝග ලක්ෂණයක් විය හැකියි.
අධික ලෙස වාතය පිටවීමෙන් අපිට ඉඟි කරන රෝග

- මලබද්ධය
- අමිල පිත්ත රෝගය
- ආහාර් ජීර්ණය වීමේ අපහසුතා
- ආහාර ජීර්ණ පද්ධතියේ පිළිකා
- මහබඩවැලේ නෙරීම් ඇතිවීම
- ඩිම්බකෝෂවල ජලය පිරී ඇතිවිට
- කාන්තාවන්ගේ ඔසප් විම සමඟ
මෙවැනි තත්ත්වයන්වලදී වෛද්‍යවරයෙකු හමුවීම ඉතා වැදගත්. රුධිර පරීක්ෂණයක් සිදු කිරීමෙන් ආහාර ජීර්ණ පද්ධතියේ ආසාදනයක් ඇත්දැයි පරීක්ෂා කර ප්‍රතිකාර ලබාදෙනවා. ඒ හැරුණාම අනෙකුත් රෝග තත්ත්වයන් පිළිබඳව පරීක්ෂණ කර ප්‍රතිකාර ලබාදෙනවා.
වාතය පිටවීම අධික විට අපට කළ හැකි දේ

මෙවැනි තත්ත්වයකදී වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට අමතරව තමා විසින්ම මේ තත්ත්වය පාලනය කිරීම සඳහා කටයුතු කරන්නට පුළුවන්.
- වැඩිපුර වාතය සහිත ආහාර වර්ග ගැනීමෙන් වැළකීම.
- පහසුවෙන් දිරවීමට හැකි දිරවීම පහසු කරන කෙඳි සහිත කෙසෙල් ආදී ආහාර ගැනීම.
- චුයින්ගම් භාවිතයෙන් හා දුම්පානයෙන් වැළකීම.
- සුදුසු ව්‍යායාම්වල නිරත වීම.
- දවසකට ගනු ලබන ආහාරවේල් 3 ට අමතරව ආහාරවේල් 6 ක් කුඩා ප්‍රමාණවලින් ගැනීම.
ඉතින් වාතය අධික ලෙස පිටවීම නිසා බොහෝඅය අපහසුතාවයන්ට පත්වෙනවා වගේම සමීපයේ සිටින අයත් අපහසුතාවයට පත්වෙනවා. එය බොහෝවිට මානසික වශයෙන් මහත් පීඩාගෙන දෙන කාරණයක්..ඒ නිසා එය සාමාන්‍ය තත්ත්වයක් නොවන නිසා එයින් වැළකීමට ආහාර හා චර්යා පුරුදු වෙනස් කරගෙන එයින් ප්‍රතිඵලයක් නොමැති නම් වෛද්‍යවරයෙක් හමුවීම අත්‍යවශ්‍යයි.