ෆෝලික් අම්ලය ගැන කතාකරද්දී අපිට මතක් වෙන්නේ ගර්භනී මව්වරුන්. ගර්භනී මව්වරුන් හැරුණාම අපි හැමෝටම ෆෝලික් අම්ලය ඉතාම ප්‍රයෝජනවත් සංඝටකයක්. ෆාමසිවලින් අපිට මිලට ගන්නට හැකියාව ලැබෙන්නේ ෆෝලික් ඇසිඩ් එහෙමත් නැත්නම් ෆෝලික් අම්ලය වුණත් එය ඔබේ ශරීරයට ස්වභාවිකව ලැබෙන ආකාරය තමයි ෆෝලේට් කියන්නේ. ෆෝලික් ඇසිඩ් කියලා කියන්නේ විටමින් බී9 කෘතිම ආකාරයටයි. එහෙමත් නැත්නම් synthetic vitamin b9.
ඉතින් මේ ෆෝලේට් එහෙමත් නැත්නම් ෆෝලික් අම්ලය අපේ ශරීරයට අත්‍යවශ්‍යම සංඝටකයක්. ඒ නිසා එය අපි ලබාගත යුතු විශේෂ අවස්ථා කිහිපයක්ම තියෙනවා. ඒ පිළිබඳව අපි දැනුවත්ව සිටියොත් ෆෝලික් අම්ල ඌණතාවයක් ඇති නොවෙන්නට වග බලාගන්න පුළුවන්.

ෆෝලික් අම්ලය ජලයේ දියවන වර්ගයට අයත් වන විටමිනයක්. ස්වභාවික ආහාර පාන මඟින් අපිට ෆෝලේට් ස්වභාවිකවම ලබා ගන්නට හැකියාව තියෙනවා වගේම පිටතින් නිෂ්පාදනය කරන folic acid භාවිතා කිරීම මගිනුත් මේ ෆෝලේට් අවශ්‍යතාවය සපුරා ගන්නට පුළුවන්. මුලින්ම බලමු මෙහි කාර්යභාරයන් මොනවද කියලා.
ෆෝලික් ඇසිඩ්වල කාර්‍යයන්
රතු රුධිර රුධිරාණු සහ සුදු රුධිර සෛල සෑදීමට අවශ්‍ය වීම
ඇමයිනෝ අම්ල සංස්ලේෂණය සඳහා අවශ්‍ය වීම
හිමොග්ලොබින් නිෂ්පාදනය සඳහා වන යකඩ සංයුතියට අවශ්‍ය වීම
කළලයේ වර්ධනයට සහ දරුවාගේ ස්නායු පද්ධතියේ වර්ධනයට
පිළිකා සෑදීමේ අවදානම අඩු කිරීමට
හදවත් රෝගවලට ගොදුරු වීමේ අවදානම අඩු කිරීමට
ස්නායු පද්ධතියේ වර්ධනය සඳහා
අක්මාව නීරෝගීව තබා ගැනීමට
නීරක්තිය ඇතිවීමෙන් වළක්වන්නට
මොළයේ වර්ධනයට
ඇල්ෂයිමර් නම් ස්නායු රෝගයෙන් ආරක්ෂාවට
ගර්භණී කාන්තාවන්ට සහ කිරි දෙන මව්වරුන්ට
දෛනිකව ෆෝලික් අම්ලය මිලිග්‍රෑම් පහක ප්‍රමාණයක් අපිට අවශ්‍ය වෙනවා. නමුත් කිරි දෙන මවක් සහ ගර්භනී මවකට මේ ප්‍රමාණ අතිරේකව ලබා ගත යුතු බව වෛද්‍යවරුන් සඳහන් කරනවා . නමුත් අපේ ශරීරයට අවශ්‍ය කරන ෆෝලික් අම්ලය ආහාරපාන මඟින් ලබා ගන්නා එක තමයි වඩාත්ම සුදුසු. මේ විදිහට ෆෝලික් අම්ල පෙති අපි ලබාගත යුතු අවස්ථා ගැන දැනුවත් වෙමු.

ගර්භණීවීමේ අපේක්ෂාවෙන් සිටින මව්වරුන්
කාන්තාවක් ගැබ් ගැනීමට මාස දෙකකට පමණ පෙර සිටවත් මේ ෆෝලික් අම්ලය ලබා ගැනීම ආරම්භ කළ යුතුයි. නමුත් බොහෝ කාන්තාවන් තමන් ගැබ්ගෙන ඇති බව දැනුවත් නොමැති නිසා මුල්කාලීනව ෆෝලික් අම්ල ලබාගන්නේ නැහැ. නමුත් ඒ නොදැනුවත් බව නිසා ෆෝලික් අම්ලය නොගැනීම පළමු සති තුන හතර තුළ දරු කළලයට හානි සිදු වන්නට හේතුවක් වෙනවා. විශේෂයෙන්ම ගර්භණී සමයට පෙර සහ ගර්භනී කාලය තුළ ලබා ගන්නා ෆෝලික් අම්ලය දරුවාගේ ස්නායු දෝෂ මඟහරවා ගන්නට අතිශයින්ම වැදගත්.
ගර්භණි මව්වරුන්ට
සාමාන්‍ය වැඩිහිටියෙකුගේ දෛනික ෆෝලික් අම්ල අවශ්‍යතාවය මයික්‍රො ග්‍රෑම් 400 ක් පමණ වුණත් ගැබිනි මවකගේ එය මයික්‍රො ග්‍රෑම් 600ක් පමණ වෙනවා.ඒ නිසාවෙන් ආහාරවලින් පමණක් දෛනික ෆෝලික් අම්ල අවශ්‍යතාවය සපුරා ගන්නට නොහැකි නිසා ගැබිණි මවක් ෆෝලික් අම්ලය පෙති වශයෙන් දිනපතා ලබාගත යුතු වෙනවා.ගර්භනී මනී මව්වරුන් මේ ෆෝලික් අම්ලය ලබා ගැනීම නිසා දරුවන්ට ඇතිවිය හැකි ස්නායු ආබාධ මළ දරු උපත් ඇතිවීම අඩුකරගන්නට පුළුවන් ර්භණනි සමයේ දී ඔබට කොතරම් ප්‍රමාණයක ෆෝලික් අම්ල ලබාගත යුතුද යන්න ඔබේ වෛද්‍යවරයා විසින් තීරණය කළ යුත්තක්.
කිරි දෙන මව්වරුන්ට
ගර්භනී වීමට මාසයකට පෙර දී ආරම්භ කරන ෆෝලික් අම්ල මාත්‍රාව දරුවා ප්‍රසූත කිරීමෙන් පසුව දරුවාට කිරි ලබා දෙන කාලය තුළදීත් ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. මෙසේ කිරි දෙන මවක් ෆෝලික් අම්ලය නිසි පරිදි ලබා ගැනීම දරුවාට අවශ්‍ය තරම් ෆෝලික් අම්ලය ලැබෙන්නට හේතු වෙනවා.
ආර්තවහරණය වූ පසු
ඔසසප් වීම නැවතුණු පසු ශරීරයට දැනෙන දහදිය දැමීම, ශරීරයට දැනෙන උණුසුම සහ වෙනත් අපහසුතා මඟහරවා ගන්නටත් ඒ ගැටළු පාලනය කරගන්නත් මේ ෆෝලික් අම්ලයට හැකියාව තියෙනවා. නමුත් ඒවා වෛද්‍ය නිර්දේශ මත ලබා ගන්නට ඔබ කටයුතු කරන්න.
රක්තහීනතාවෙන් පෙළෙන රෝගීන්
ප්‍රමාණවත් තරම් ඔබේ ශරීරයට ෆෝලික් අම්ලය ලැබෙන්නේ නැත්නම් එය ඔබව රක්තහීනතාවයට ගොදුරු වෙන්නට මූලික හේතුවක්. ෆෝලික් අම්ලය ශරීරයේ සියලුම කොටස්වලට ඕන කරන රතු රුධිර සෛල නිපදවීමට සුවිශේෂී කාර්‍යබාරයක් සිදු කරනවා. ඒ නිසා නිසි පරිදි ශරීරයට අවශ්‍ය කරන ෆෝලික් අම්ල ප්‍රමාණය සපයා ගැනීම අත්‍යවශ්‍යයි. යම් විටෙක ගර්භණී මවක් ෆෝලික් අම්ලය ලබා නොගැනීමෙන් මව්වරුන් පවා බොහෝවිට රක්තහීනතාවයට ගොදුරු වෙන්නට පුළුවන්.
ජාන විකෘතිතා සහිත පුද්ගලයන්
බොහෝ විට ජාන විකෘතිතා ඇති වෙන්නේ මේ ෆෝලික් අම්ලය ෆෝලේට් බවට පරිවර්තනය කිරීමේ හැකියාවේ අඩුවීම මත. ඒ නිසා මෙවැනි පුද්ගලයන් වෛද්‍ය උපදෙස් අනුව ෆෝලික් අම්ලය අවශ්‍ය ප්‍රමාණයට ලබා ගන්නට කටයුතු කළ යුතුයි.
හදවත් රෝග සඳහා අවදානමක් ඇති පුද්ගලයන්
මානසික රෝග තත්ත්වයන් සඳහා
හදවත් රෝග ඇතිවීමේ අවදානම අඩු කරන්නට සහ මානසික ගැටලුවලට ඉක්මනින් සහනයක් ලබාගන්නට මේ ෆෝලික් අම්ලය අපිට උදව් වෙනවා. ඒ නිසා එවැනි රෝග තත්ත්වවලින් පෙළෙන අයෙක් නම් ඔබට ඔබේ වෛද්‍යවරයා විසින් මේ ෆෝලික් අම්ලය ගත යුතු බවට නිර්දේශ කරාවි.
දෛනිකව ෆෝලික් අම්ලය වැඩි මාත්‍රාවක් ගැනීමට සිදුවන අවස්ථාවන්
ඔබ පසුවන අවස්ථාවන් අනුව සහ ඔබේ රෝග තත්ත්වයන් අනුව ඔබේ වෛද්‍යවරයා දෛනිකව ඔබට ගත යුතු ෆෝලික් අම්ල ප්‍රමාණය නිර්දේශ කරනවා.ඒ හැරුණාම ෆෝලික් අම්ල වැඩි මාත්‍රාවක් ලබා ගන්නට හේතු වන අවස්ථා කිහිපයකුත් පවතිනවා.
ඔබට හෝ ඔබේ සහකරුට ස්නායක නාල දෝෂයක් තිබෙනවා නම්
ඔබට හෝ ඔබේ සහකරුට ස්නායුක නාල දෝෂය පිළිබඳ පවුලෙන් එන රෝග ඉතිහාසයක් තිබෙනවා නම්
ඔබ මීට පෙර ස්නායක නාල දෝෂයක් හේතුවෙන් ගැබ් ගෙන තියෙනවා නම්
ඔබ දියවැඩියා රෝගියෙක් නම්
ඔබ අපස්මාර නාශක ඖෂධ ලබා ගන්නා කාන්තාවක් නම්
ඔබේ වෛද්‍යවරයා ඔබට ෆෝලික් අම්ල වැඩි මාත්‍රාවක් දෛනිකව ගැනීමට නියම කරයි.
ඉතින් ෆෝලික් අම්ල ඌණතාවයක් නොමැති අවස්ථාවක නම් ආහාර මගින් අපිට ෆෝලේට් ලබා ගන්නට පුළුවන්. එසේ නොමැති වුණොත් ඉහත සඳහන් කළ යම් යම් අවස්ථාවලදී අපිට එය බාහිරින් අතිරේකයක් විදිහට ලබාගන්නත් සිදුවෙනවා.