ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත්ව පවත්වා ගැනීම නිරෝගී දිවියක් ගත කිරීමට බෙහෙවින් හේතු පාදක වේ. එනම්
- බොහොමයක් වසංගත රෝග
- වෛරස් රෝග
- පිළිකා රෝග
- සෙම්ප්‍රතිශ්‍යාව
- උණ
වැනි රෝග තත්ත්වයන් ඇති වීම වළක්වා ගැනීමට හා එම රෝගවලින් ආරක්ෂා වීමට වැඩි වශයෙන් දායකත්වය සපයනු ලබන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතියයි. එනම් අප ගනු ලබන කෘතිම ඖෂධවලට වඩා ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර ගැනීමට අප වැඩි වශයෙන් භාවිතා කළ යුත්තේ විටමින් ඒ, සී ප්‍රතිඔක්සිකාරක අඩංගු ආහාර පානයි.

පෙරුම්කායම් ඈත අතීතයේ සිටි මුතුන් මිත්තන් ගේ පටන් වර්තමානය දක්වා වසංගත රෝග පීඩාදියෙන් ආරක්ෂා වීමට වැඩි වශයෙන් භාවිතා කරනු ලබන්නේ පෙරුම්කායම් නැමැති ඖෂධයයි. නොයෙක් බෝවන රෝග වලින් ආරක්ෂා වීමට පෙරුම්කායම් කැබැල්ලක් අතෙහි ගැටගසා තැබීමත් එමෙන්ම කායම් හොද්ද වැනි ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා සකස් කරන ආහාර සඳහා ද පෙරුම්කායම් බහුලව යොදාගෙන තිබේ. එනම් පෙරුම්කායම් වල අඩංගු බැක්ටීරියා විනාශ කිරීමේ ගුණය සියලු රෝග නිවාරණය කර ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට හේතු පාදක වේ.
ඉඟුරු ඈත අතීතයේ සිට ම නොයෙක් වසංගත රෝග මෙන්ම උණ සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග තත්ත්වයන් ඇති විටක එම රෝග සමනය කිරීම සඳහා මෙන්ම එම රෝග නිසා ඇතිවන වේදනාවන් සමනය කිරීමට ඉඟුරු ඖෂධයක් ලෙස භාවිතා කර තිබේ. එනම් ඉඟුරු තේ පානයක් ලෙස සකස් කිරීමේදී හෝ ආහාර පිසීමේදී එක්කර ගැනීමෙන් එහි අඩංගු විස බීජ නාශක ගුණය බැක්ටීරියා වෛරස් විනාශ කර රෝග වලින් ආරක්ෂාව සපයනු ලැබේ.
සුදුලූනු නිවසේ පවතින කුළුබඩු අතර වැඩි ඖෂධීය ගුණයකින් යුතු කුළුබඩුවක් ලෙස සුදුලූනු හැඳින්විය හැකිය. එනම් සුදුලූනුවල ශරීරයට හිතකර බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගුවේ. මේ නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර ගැනීමට සුදුලූනු ආහාරයට ගැනීම ගුණදායකය. එනම් සුදුලූනු ආහාරයට ගැනීමෙන් එහි අඩංගු විටමින් බී,සී, මේදය, යකඩ, ප්‍රෝටීන් මගින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර ගත හැකිය. එනම් සුදුලූනු ආහාරයට ගැනීමෙන් දෛනික විටමින් සී ප්‍රමාණය 52% සම්පූර්ණ කර ගත හැකිය. එනම් සුදු ලූනු පුළුස්සා හෝ ආහාර පිසීමේදී එක්කර ගැනීම මේ සඳහා යෝග්‍ය වේ.

කොත්තමල්ලි.රෝග ගණනාවකට ඖෂධයක් ලෙස භාවිතා කළ හැකි කොත්තමල්ලි ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමටද බෙහෙවින් ඉවහල් වේ. එනම් කොත්තමල්ලි වල අඩංගු විටමින් සී ,බී ප්‍රතිඔක්සිකාරක සෙම්ප්‍රතිශ්‍යාව උණ වැනි රෝග තත්ත්වයන් සමනය කිරීමටද හේතුවේ. මේ සඳහා කොත්තමල්ලි මිටක් කබලේ බැද කුඩුකර උණුවතුරට දමා පානය කිරීම වඩාත් සුදුසු වේ. එනම් ඉන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරගත හැකිය.
කහ බොහෝ දෙනකු නොදන්නවා වුවද කහ භාවිතය ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට ඉවහල් වේ. එනම් කහ වල අඩංගු කර්කියුමින් හා විටමින් සී වෛරස් ආසාදන ඇතිවීම වළක්වා ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරනු ලබයි. එනම් ආහාර පිසින විට කහ එකතු කර ගැනීම මෙන්ම කිරි සකස් කරන විට කහ ස්වල්පයක් දමා පානය කිරීම මේ සඳහා යෝග්‍ය වේ.
දොඩම් සහ දෙහි ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වූ විට වැඩි වශයෙන් භාවිතා කරනු ලබන්නේ පැඟිරි කුලයට අයත් පලතුරු වර්ග වේ. එනම් පැඟිරි කුලයට අයත් පලතුරු වර්ග වල වැඩි වශයෙන් විටමින් සී ප්‍රමාණයක් අඩංගුවේ. එනම් එම විටමින් සී ප්‍රමාණය ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීමෙන් ඇති වන ලෙඩ රෝගවලින් ද ආරක්ෂාව සලසනු ලැබේ. මේ නිසා විටමින් සී අඩංගු දොඩම් ,දෙහි භාවිතය ගුණදායක වේ.

දෙළුම් පැඟිරි කුලයේ පළතුරු හැරුණු විට ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා වැඩි දායකත්වයක් සපයනු ලබන පලතුරක් ලෙස දෙළුම් හැදින්විය හැකිය. එනම් මරණාසන්න පුද්ගලයකුට දෙළුම් යුෂ ස්වල්පයක් ලබා දීමෙන් එම පුද්ගලයා තවත් අල්ප වේලාවක් ජීවත් කළ හැකි බව බොහෝ දෙනකු පිළිගනී. එනම් දෙළුම් වල ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට උපකාරි වන විටමින් සී ප්‍රතිඔක්සිකාරක බොහෝ ප්‍රමාණයක් අඩංගු වේ. මේ නිසා ශරීරගත වූ බැක්ටීරියා හා වෛරස් විනාශ කිරීමට දෙළුම් ආහාරයට ගැනීම ගුණදායකවේ. එනම් ඉන් දුර්වලවූ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර ගත හැකිවේ. මීට අමතරව , අන්නාසි, මිදි, ස්ට්‍රෝබෙරි, පෙයාස්, ආදී පළතුරු වර්ග ආහාරයට ගැනීම ගුණදායකවේ.
කැරට් විටමින් සී බහුලව අඩංගු එළවළුවක් ලෙස කැරට් හැඳින්විය හැකිය. එනම් කැරට් ආහාරයට ගැනීමෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර ගත හැකිය. එමෙන්ම උණ සෙම්ප්‍රතිශ්‍යාව ආදී රෝග වලින්ද ආරක්ෂා විය හැකිය.
- මීට අමතරව බණ්ඩක්කා, බෝංචි, බීට්, වැටකොළු, පතෝල ආදී කොළ පැහැති එළවළු
- මුකුණුවැන්න, ගොටුකොළ, කතුරුමුරුංගා, නිවිති,තම්පලා… ආදී පලාවර්ග
- මුං ඇට, කඩල,කවුපි, ඕට්ස්… නම් ධාන්‍ය වර්ග
- අල,බතල වර්ග ආහාරයට ගැනීමෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර ගත හැකිය.