ප්‍රමාණය ඉක්මවා භාවිතා කරොත් ජීවිතේ ක්ෂණිකව නැති වෙන ආහාර පාන 14 ක්

health tips

“සෑම දෙයකම විෂ අඩංගු වේ. විෂ අඩංගු නැති කිසිවක් ලොව නැත. ඔබ ගන්නා මාත්‍රාව අනුව එය විෂ වේද නැතිනම් ප්‍රතිලාභයක් වේද යන්න තීරණය වේ” යනුවෙන් වරක් සුප්‍රසිද්ධ රස විද්‍යාඥයෙකු වන පැරසෙල්සස් පවසා ඇත.

එය සත්‍යයකි. අප ලබාගනා ආහාර පාන වර්ග වල , අප පරිහරණය කරන ඇතැම් භාණ්ඩ වල භාවිතය ප්‍රමාණය ඉක්මවුවහොත් ඉන් අපේ සිරුරට මාරාන්තික ප්‍රතිඵල පවා ඇතිවිය හැකියි. අද අපි ඔබට කියන්න සූදානම් වෙන්නේ ඕනවට වඩා පරිභෝජනය කලෝතින් මරණය පවා සිදුවිය හැකි ආහාර පාන  සහ ද්‍රව්‍ය කිහිපයක් ගැන ඔබට කියන්නයි. 

(මෙම ගණනය කිරිම් සාමාන්‍ය බර රාත්තල් 180 ක් පමණ පුද්ගලයෙකු විසින් එක්වරකදි ලබාගන්නා මාත්‍රා වලින් සිදුවන බලපෑම වේ. )

  1. ජලය

දිනකට ජලය ලීටර් 2 ක් පමණ පානය කල යුතු බව ප්‍රසිද්ධ මතයයි. නමුත්, ඔබ එම ප්‍රමාණය මෙන් තෙගුණයක් දිනකට පානය කලහොත් ඔබේ වකුගඩු වලට එම විශාල ධාරිතාව දරාගත නොහැකිව පද්ධතියෙන් පිටතට වහනය වීම සිදුවිය හැකියි.එහි ප්‍රතිඵලයක් ලෙස අභ්‍යන්තරික අවයව වලට බාධා ඇතිවීම, මොලයේ ශෝථය (මොලය වටා තරලය එක් ‍රැස් වීම නිසා පීඩනයක් ඇතිවීම) සහ ශ්වසන පද්ධතිය අකර්මන්‍ය වීම සිදුවිය හැකියි. එබැවින්, ප්‍රමාණය ඉක්මවීම නිසා ජලය පවා විෂ වෙන්න පුලුවන්.

  1. කෝපි

කැෆේන් අවුන්ස බාගයක් යනු මාරාන්තික මාත්‍රාවක් යැයි පිලිගැනේ. එය මි.ලි. 250 කෝපි කෝප්ප 113 ක් තරම් ප්‍රමාණයකි. මෙහිදි කැෆේන් අධි මාත්‍රාවට වඩා භයානක විය හැක්කේ අධික ජල ධාරිතාවයි. කෝප්ප 113 ක ජලය ආසන්නව ලීටර් 30 ක් පමණ ප්‍රමාණයකි. කෝපි ඇට හෝ ක්ෂණික කෝපි පරිභෝජනය නොකරන කෙනෙකු හට නම් මේ ගැටලුව ඇතිවෙන්නේ නැහැ. ඒ වගේම කෝපි සෝඩා වලට හෝ ශක්තිජනක පාන වර්ග වලට මුසු කරමින් පානය කරන්න උත්සාහ නොකල යුතුයි.

  1. චොකලට්

චොකලට් වල තියෝබ්‍රෝමයින් ඉතා සුලු ප්‍රමාණයකින් අඩංගු වේ. මෙම ඇල්කලොයිඩ ද්‍රව්‍ය මධ්‍යම ස්නායු පද්ධතිය උත්තේජනය කරවන ප්‍රබල උත්තේජ කාරකයකි. නමුත්, ඔබ එක්වරක චොකලට් රාත්තල් 22 ක් පමණ ආහාරයට ගත්තොත් ඔබට පළමුව ඔක්කාරය මෙන් දැනිය හැකි අතර ඉන් අනතුරුව පාචනය ඇතිවේ. එහිදි අපස්මාර ගැස්ම තත්වයක් හටගත හැකි අතර අභ්‍යන්තරික රුධිර වහනය හෘදය අකර්මන්‍ය වී අවසානයේ මරණයට පත්වීම සිදුවේ.

  1. මද්‍යසාර

නීරෝගි පුද්ගලයෙකු හට මද්‍යසාර මාරාන්තික මාත්‍රාවක් වන්නේ 40% මද්‍යසාර අඩංගු නිෂ්පාදනයකින් ලීටර් 1.25 ක් පමණ පැයක් තුල එක්වරක පානය කලොත්ය (ආසන්න වශයෙන් මි.ලි.45 බැගින් ෂොට්ස් 27 වාරයක් පමණ වේ).

  1. සිගරට්

සෑම සිගර‍ට්ටුවකම ආසන්න වශයෙන් හානිකර නිකොටින් මිලිග්‍රෑම් 0.8 ක් පමණ අඩංගු වේ. ඒ අනුව සිගරට් 75 ක් වරකට පානය කලෝතින් මරණය පවා සිදුවිය හැකියි.

  1. කංසා (මරිජුආනා)

මාරාන්තික විය හැකි මාත්‍රාව වන්නේ මිනිත්තු 15 ක් තුල රාත්තල් 1500 ක් තරම් ප්‍රමාණයක් හෝ  රාත්තල් 48 ක් ප්‍රමාණයක් එක්වරක දුම්පානය කිරීමෙන්ය. 

  1. ඇපල් ඇට

ඇපල් ගෙඩි 18 ක් ආහාරයට ගැනීමෙන් ඔබ මියයන්නේ නැති වුවද එම ගෙඩි 18 ඇට පිටතට ගෙන කුඩු කර හෝ කටේ දමා සැපීම හා ගිලීම නිසා ඔබ මියයාමේ සම්භාවිතාව වැඩි බව කිව හැකියි. ඊට හේතුව නම් ඇපල් ඇට වල සයනයිඩ් අඩංගු වීමයි.

  1. චෙරි ඇට

ඇපල් වල පමණක් නොව ඇප්‍රිකොට් (කොට්ටං), පීච්, බිටර් ආමන්ඩ් වල මෙන්ම චෙරි ගෙඩි වල ඇති ඇට වල ද  සයනයිඩ් අඩංගු වේ. 

  1. කෙසෙල්

කෙසෙල් වල පොටෑසියම් අඩංගු වේ. ඒවා අධි මාත්‍රාවක් ශරීරගත වීම මරණය පවා ඇතිවීමට හේතුවක් විය හැකියි. නමුත්, ඒ සඳහා වරකට කෙසෙල් ගෙඩි 400 ක් පමණ ආහාරයට ගත යුතු වෙනවා. එය කිසිවෙකුට කල හැකි දැයි සැකසහිතයි!

  1. දොඩම්

දොඩම් අධි මාත්‍රාවකින් මියාම සිදුවන්නේ වරකදී දොඩම් ගෙඩි 11,000 ක් ආහාරයට ගත්තෝතින්ය.

  1. ලුණු

දිනකට පරිභෝජනය කිරීමට සුදුසු ලුණු ප්‍රමාණය අවුන්ස 0.1 ක් තරම් ප්‍රමාණයකි. ලුණු මාරාන්තික මාත්‍රාවක් වන්නේ අවුන්ස 9 ක් පමණ වරකට ආහාරයට ගැනිමෙනි (ආසන්න වශයෙන් තේ හැඳි 48 ක් පමණ). දැඩි පීඩාකාරි ස්වභාවයන් දිගින් දිගටම මතුවන අතර තරමක් දිගු කාලයක් තිස්සේ විඳවමින් මරණය සිදුවේ. 

  1. මිරිස් කුඩු

මිරිස් අධිමාත්‍රාවකින් මියායාම සිදුවන්නේ වරකට තේ හැඳි 130 ක් පමණ පරිභෝජනය කලවිටය. නමුත්, ඒවා සැර අධික බැවින් බොහෝ විට එය සිදුකල නොහැකි දෙයකි.

  1. සීනි

වරකට සීනි රාත්තල් 55 ක් පමණ (ආසන්න වශයෙන් තේ හැඳි 500 ක් පමණ) ආහාරයට ගැනීමෙන් මරණය සිදුවේ.

  1. දන්තාලේප

දත් මදිද්දී වැරදීමකින් වගේ දත්බෙහෙත් ගිලෙන්න පුළුවන්. කවුරුන් හෝ හිතාමතාම ටියුබ් 24 ක දන්තාලේප ගිල දැම්මොත් මරණය පවා සිදුවිය හැකියි.

ඔබ කැමතිම ආහාර පාන වර්ග වුණත් පමණ ඉක්මවා පරිභෝජනය කරන්න පුරුදු වෙන්න එපා! එය ඔබේ සෞඛ්‍යයට ඉතා හානිකර විය හැකියි.