අක්මාව ආරක්ෂා කරන ආහාර 10 ක්

health tips

අක්මාව ආශ්‍රිතව රෝග තත්ත්වයන් අපිට බහුලවම අසන්නට දකින්නට ලැබෙනවා. ඒ අතුරින් බහුලවම අසන්නට ලැබෙන තත්ත්වයක් තමයි ෆැටි ලිවර් නැත්නම් අක්මාවේ තෙල් තැන්පත්වීම කියන්නේ. ඒ නිසාම අපේ ශරීරයේ ඉතා වැදගත් ඉන්ද්‍රියක් වන අක්මාවේ නීරෝගී පැවැත්ම සම්බන්ධයෙන් අපිට වෙනදාට වඩා සැලකිල්ලක් දක්වන්නට සිදුවෙලා. ෆැටි ලිවර් තත්ත්වයෙන් පීඩා විදින අයෙක් වගේම ඒ තත්ත්වය ඇතිවීම වළක්වා ගන්නටත් අක්මාව රැක ගන්නටත් විශාල කාර්යබාරයක් ආහාර මගින් ඉටු කරනු ලබනවා. ඉතින් අද අපි ඔබට කියන්නට සූදානම් වෙන්නේ අක්මාව රැක ගන්නට අපි ගත යුතු ආහාර මොනවාද කියන කාරණාව පිළිබඳවයි.

Is it Healthy to Drink Green Tea Before Bedtime?

ග්‍රීන් ටී ග්‍රීන් ටී කියන්නේ අපේ ශරීරයට ඉතා ඉහළ සෞඛ්‍යමය ප්‍රතිලාභ ගෙනදෙන පානයක්.මෙහි අන්තර්ගත වෙන ශාකමය රසායනිකයන් අපේ අක්මාව ආරක්ෂා කරනු ලබනවා. ඒ වගේම අක්මාව තුළ මේදය තැන්පත්වීම  වළක්වනවා.ඒ යටතේ අක්මාවේ අහිතකර එන්සයිම ශ්‍රාවය වීම වළක්වා අක්මාව යථා තත්ත්වයට පත් කරනවා. ඒ නිසා ග්‍රීන් ටී අපේ අක්මාවේ තෙල් තැන්පත්වීමත් වළක්වා ගන්නට බෙහෙවින් උපකාරී වෙනවා.

මාළු ෆැටි ලිවර් තත්ත්වය ඇති අය වගේම නැති අයත් ආහාරයට අනිවාර්යයෙන්ම එකතු කරගත යුතු දෙයක් තමයි මාළු කියන්නේ. මාළුවල ඔමේගා 3 ෆැටි ඇසිඩ් අන්තර්ගත වෙනවා. මේ ඔමේගා 3 මේද අම්ල අපේ ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩිවීම අවම කරනු ලබනවා. ඒ වගේම අක්මාවේ තෙල් තැන්පත්වීමත් අවම කරනවා. ඒ හැරුණාම අපේ ශරීරයට ප්‍රෝටීන් බහුල වශයෙන් සැපයීමත් මාළු නිසා ලැබෙන තවත් ප්‍රතිලාභයක්. ඒ නිසා ඔබේ ආහාරයට මාළු නිතර එකතු කර ගන්නේ නම් එය අක්මාවේ ආරක්ෂාව සඳහාත් ඉතාම වැදගත්.

ධාන්‍ය වර්ග කවුපි, කඩල, මුං ඇට, ආදී ධාන්‍ය වර්ග වැඩි වශයෙන් ශරීරයට එකතු කර ගන්නේ නම් එයින් ශරීරයට ලැබෙන තන්තු ප්‍රමාණය වැඩි වෙනවා. තන්තු ප්‍රමාණය වැඩි වන විට  ශරීරයට අවශෝෂණය කරගන්නා කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු වෙනවා. එය අක්මාවේ මේදය තැන්පත්වීම අවම කරන්නට හේතුවෙනවා. ඒ හැරුණාම ධාන්‍ය  වර්ග ආහාරයට එකතු කර ගැනීමෙන් ශරීරයට කැල්සියම්, ඛනිජ ලවණ, ප්‍රෝටීන්, විටමින් ආදී පෝෂකත් අපේ ශරීරයට ලැබෙනවා. ඒ නිසා අක්මාව රැක ගන්නට ධාන්‍ය ආහාරයට ගැනීම ඉතාම වැදගත්.

රටකජු ආදී ඇට වර්ග අද බොහෝදෙනෙක් තේ එකක් පානය කරද්දි ෂෝටීස් වර්ග හෝ වෙනත් බිස්කට්ස් වගේ දෙයක් ආහාරයට ගන්නට පුරුදු වෙල ඉන්නවා. අක්මාව ආරක්ෂා කර ගන්නට, ෆැටි ලිවර් තත්ත්වයෙන් ආරක්ෂා වෙන්නට නම් මේ පුරුද්ද වහාම නතර කළ යුතු වෙනවා. ඒ වෙනුවට කජු, රට කජු, ආමන්ඩ් ආදී ඇට වර්ග ආහාරයට එකතු කර ගන්නට ඔබට පුළුවන්. මේ ඇට වර්ගවල විටමින් E බහුල වශයෙන් අන්තර්ගත වෙනවා වගේම එයින් ඔමේගා 3 මේද අම්ලත් අපේ ශරීරයට ලැබෙනවා. එය අක්මාවේ නීරෝගිභාවයට වගේම ශරීරයේ පැවැත්ම සඳහා අතිශයින්ම හිතකර වෙනවා. නමුත් මේ ඇට වර්ග ගත යුතු ප්‍රමාණය පිළිබඳව අවබෝධයකින් පසුවිම වඩාත් වැදගත්. ඒ නිසා දිනකට මෙවැනි ඇට වර්ගයක් ගත යුතු ප්‍රමාණය වන්නේ මේස හැදි 2 ක් තරම් ප්‍රමාණයක් පමණයි. 

අලි පේර ලොකු කුඩා බොහෝදෙනා ආහාරයට ගන්නට කැමති අලි පේර අක්මාවේ යහපත් සෞඛ්‍ය සඳහා විශාල මෙහෙයක් ඉටු කරනවා. මෙහි හිතකර මේද වගේම තන්තු බහුල වශයෙන් අන්තර්ගත වෙනවා. ඒ නිසා අලිපේර අක්මාවේ නීරෝගීභාවය සඳහා ගත යුතුම ආහාරයක් ලෙසට දක්වන්නට පුළුවන්.

සුදු ළූණු ආහාර රසකාරකාරයක් ලෙස බහුලවම භාවිතා කෙරෙන සුදු ළූණු අක්මාවේ මේද තැන්පත්වීම අඩු කරන්නට වගේම අක්මාවේ මේද දියකර හරින්නට ඉතා වැදගත්. ඒ නිසා සුදු ළූණු ආහාරයට එකතු කර ගැනීම අක්මාවේ මේදය දියකර හරින්නටත් අක්මාවේ නීරෝගී පැවැත්මටත් බෙහෙවින් බලපානවා.

ඔලිව් තෙල් ඔලිව් තෙල් අක්මාවේ ෆැටි ලිවර් තත්ත්වය පාලනය කර ගන්නට වගේම ඒ තත්ත්වය ඇතිවීමෙන් වැළකී සිටින්නටත් බෙහෙවින් උපකාරී වෙනවා. ඒ නිසා ආහාර පිසින විට ඔලිව් තෙල් භාවිතා කරන්නට පුළුවන්. ඒ වගේම සැලඩ් සකසා ගන්නා විටදී එයට ඔලිව් තෙල් ස්වල්පයක් එකතු කර ගන්නට පුළුවන්. එය ඔබේ අක්මාවේ සෞඛ්‍යට අතිශයින්ම වැදගත් වෙනවා.

තද කොළ පැහැ එළවලු  ආහාරයට ගනු ලබන එළවලු අතුරින් තද කොළ පැහැ එළවලු ශරීරයේ ඛනිජ හා විටමින් මට්ටම වැඩි කරගන්නට තන්තු බහුලව ලබා ගන්නට  උපකාරී වෙනවා. ඒ නිසා මෙවැනි එළවලු වැඩි වශයෙන් ආහාරයට එකතු කර ගන්නා විට ශරීරයට අවශෝෂණය කර ගන්නා කොලෙස්ටරෝල් මට්ටම අඩු කරමින් ශරීරය තුළ මේදය තැන්පත් කිරීම අඩු කරනු ලබනවා. අක්මාවට හිතකර රසායනික ලබාදෙමින් අක්මාව ආරක්ෂා කරනු ලබනවා.

කීකිරිදිය ඖෂධීය ගුණයෙන් ඉතා ඉහළ කීකිරිදිය අක්මාවේ රෝග සුව කරන්නට වගේම අක්මාව විවිධ ආපදාවලින් රැක ගන්නටත් බෙහෙවින් උදව් කරනවා. ඒ සඳහා පිටවක්කා ග්‍රෑම් 10 හා කීකිරිදිය ග්‍රෑම්  10 ක ප්‍රමාණයක් ගෙන එයට ගම්මිරිස් කුඩු ග්‍රෑම් 20 ක් මුසුකර අඹරා දිනකට දෙවරක් උදේ සවස මුදවපු කිරි වීදුරුවක් සමඟ පානය කිරීම ගුණදායකයි.

ඕලු සහල් කැඳ අක්මාවේ මේදය දියකර අක්මාවේ තෙල් තැන්පත්වීම වළකන අක්මාව රැකදෙන මේ ආහාර ඔබත් නිතර ඔබේ ආහාරවේලට එකතු කර ගන්නට වග බලා ගන්න.එය නීරෝගී ජීවිතයක් ගත කරන්නට ඔබට බෙහෙවින් උපකාරි වේවි.