වැරදිලාවත් එකට අනුභව නොකළ යුතු ආහාර 13 ක්

health tips

අපි ආහාර ගන්නා විට වැඩි වශයෙන් අවධානය යොමු කරන්නේ එහි රසවත් බවට. විවිධ  ලෙඩ රෝගවලින් පෙළෙන අවස්ථාවක නම් රසයට වඩා ඒ රෝගයට ඒ ආහාරය හිතකර ද අහිතකර ද කියලා වගේම ගුණය ගැනත් ටිකක් විතර සැලකිලිමත් වෙනවා. නමුත් සාමාන්‍යයෙන්  අපි ආහාර ගනිද්දි රසය ගැන තමයි වැඩිපුර අවධානයක් යොමු කරන්නේ. ඒ නිසා සමහර අය කෑම දැක්කම කාගෙන කාගෙන යනවා . නමුත් අපි එකට අනුභව නොකළ යුතු ආහාර ආදිය ගැනීමෙන් අසාත්මිකතාවයන් ඇති වෙනවා. ආහාර ජීර්ණ පද්ධතිය ඇතුළු අපේ සිරුරේ ක්‍රියාවලින් විකෘති වෙනවා.ඇතැම් අවස්ථාවල එය ඔබව මරණය කර ගෙන ගන්නට වුණත් සමත් වෙන නිසා එසේ නොගත යුතු ආහාර පිළිබඳව දැන සිටීම හරිම වැදගත්. නීරෝගීව ජීවත් වෙන්නට කැමැති අපි හැමෝම වෙනුවෙන් අපි අද ඒ කරුණු කාරණා පිළිබඳව කතා කරමු.

  • මඤ්ඤොක්කා සහ ඉඟුරුබොහෝදෙනෙක් මේ ආහාර වර්ග දෙක එකට අනුභව නොකළ යුතු බව දැනුවත්. මඤ්ඤොක්කාවල ස්වභාවයෙන්ම සයනයිට් ලවණ සුළු වශයෙන් අඩංගු වෙනවා. සයනයිට් ලවණවලින් ශරීරයට ගැටළුවක් ඇති නොවුණත් ඉඟුරුවල ඇති ජින්ජරෝල් කියන සක්‍රීය සංයෝගයත් සමඟ  ප්‍රතික්‍රියා කිරීමෙන් හයිඩ්රජන් සයනයිට් කියන  විෂ වායුව මුදා හරිනවා. මේ වායුව කුඩා ප්‍රමාණවලින් නිකුත් කළත් වමනය,  සහ අජීර්ණය වගේම ඇතැම් අයට ක්ලාන්තය පවා ඇති වෙන්නට පුළුවන්. ඇතැම්විට මේ ආහාර මාරන්තික තත්ත්වයක් පවා ඇති කරන්නටත් පුළුවන්. ඒ නිසා මඤ්ඤොක්කා සමඟ ඉඟුරු රසකාරකයක් ලෙස යොදන ලද කුමන ආහාරයක්වත් නොගෙන සිටීම හරි වැදගත්.
  • හාල්මැස්සන් සහ තක්කාලි බොහෝදෙනෙක් කන්නට කැමති හාල්මැස්සන් බැදුම සකස් කිරීමේදී බොහෝදෙනෙක් තක්කාලි එකතු කරනවා. නමුත් තක්කාලි රත්වීමේදී පිටතට එන ඔක්සලික් අම්ලය හාල්මැස්සන්ගේ අඩංගු කැල්සියම්  සමඟ එකතු වී කැල්සියම් ඔක්සලේට් නිපදවෙනවා. මෙසේ කාලයක් තිස්සේ එකතු වෙන කැල්සියම් ඔක්සලේට්  වකුගඩු සහ මුත්‍රාශයේ ගල්  ඇතිවීමේ අවදානම ඉහළ දමනවා.
  • පාන් සහ වතුර වෙනත් ඕනෑම ආහාරයක් ගැනීමෙන් පසුව ජලය පානය කළත් පාන් ආහාරයට ගැනීමෙන් පසුව ජලය පානය කිරීම නම් එතරම් සුදුසු වෙන්නේ නැහැ. පිම්බී තියෙන පාන අපේ ආමාශයට යන්නේ තද වුණු ආකාරයකින්. ඒ නිසා පාන් ආහාරයට ගැනීමෙන් පසුව ජලය පානය කිරීමෙන් එයට ජලය උරා ගැනීමෙන් බඩ පිපීමක් සිදු වෙනවා. ජීර්ණ අපහසුතා ද එයින් ඇති වෙනවා. ඒ නිසා පාන් ආහාරයට ගැනීමෙන් පසුව තේ එකක් පානය කරන්නට පුරුදු වෙන්න.
  • අච්චාරු සහ කිරි ආහාර අපි හැමෝම කන්නට කැමති අච්චාරු ආහාරයට ගැනීමෙන් පසුව කිරි , මී කිරි , යෝගට් ආදී ආහාරයන් ගැනීම ඔබව අපහසුතාවයන්ට පත් කරන්නට හේතුවක් වෙනවා. අච්චාරුවල ඇති ආම්ලික බව නිසා එය කිරිවල ඇති ප්‍රෝටීන කැටි  ගස්වන්නට හේතු වෙනවා. එයින් අපේ  ආමාශගත  බැක්ටීරියාවලට කිරිවල ඇති ලැක්ටෝස් කියන සීනි වර්ගය ජීර්ණය කර  අවශෝෂණය කර ගැනීමේ හැකියාව  අඩපණ වෙනවා. එවිට මුළු ලැක්ටෝස් ප්‍රමාණයම වායු බවට පත් වෙන්නට ගන්නා නිසා  බඩ පිපීම, අධික ලෙස අධෝ වාතය පිටවීම ආදී බොහොමයක් ගැටළු ඇති වෙන්නට පුළුවන්. මේ තත්ත්වය වළක්වා ගන්නට අච්චාරු ආහාරයට ගෙන විනාඩි 30 කින් පසුව කිරි ආහාර ගන්නට මතක තබා  ගන්න.
  • ෆ්‍රයිඩ් රයිස් සහ අයිස් ක්‍රීම්  තෙල් අධික ආහාර ජීර්ණය වීම සඳහා ශරීරයට දැඩි වෙහෙසක් දරන්නට සිදු වෙන නිසා  ශරීරයේ ඇති ලේ වැඩි ප්‍රමාණයක්  ආමාශය අවට එක්රැස් වෙනවා. එය මොළයට ගමන් කරන රුධිරය ප්‍රමාණය අඩු නිසා ඒ වගේ අවස්ථාවක අයිස් ක්‍රීම් ගත්තොත්  උඩු තල්ල සිසිල් වීම වළක්වා ගන්නට තරම් රුධිර ගමනාගමනයක්  නැති නිසා  ස්නායුවල හිරිවැටීමක්  හට ගන්නවා. එය  අපිට දැනෙන්නේ තද හිසරදයක් ලෙසට. ඒ නිසා මේ පුරුද්දෙන් වැළකීමක් මේ අපහසුතාවයෙන් මිදෙන්නට උපකාරී වෙනවා.
  • මස් වර්ග සහ කහට තේ මස් වර්ගවල අඩංගු ඉතා ඉහළ යකඩ ප්‍රතිශතය අවශෝෂණයට කහට තේ බාධාවක් වෙනවා. තේවල අඩංගු ෆ්ලෙවනොයිඩ් කියන සංයෝගය සමඟ මස්වල ඇති යකඩ ලවණ සමඟ ප්‍රතික්‍රියා කර  ශරීරයට අවශෝෂණය අපහසු වෙනවා. ඒ යකඩ ලවණ මලපහ සමඟ පිටවීම එහිදී සිදු වෙනවා.
  • යෝගට් සහ පලතුරු මෙයින් පලතුරුවල ඇති සීනි පැසවීමකට ලක්කරලා ඇල්කොහොල් වර්ග මුදාහරිනු ලබනවා. මේ ඇල්කොහොල් අපි ගන්නා පලතුරුවල පෝෂණීය ගුණයන්  සියල්ල විනාශ කරන්නටත් යෝගට්වල හිතකර බැක්ටීරියා මර්දනයටත් සමත් වෙනවා. 
  • තක්කාලි සුප් සහ චීස් තක්කාලිවල අඩංගු වෙන අම්ල සහ චීස් අතර ඇතිවන ක්‍රියාකාරිත්වයෙන් ආහාර ජීර්ණය සඳහා අපහසුතා ඇති කරන්නට ඉඩකඩ පවතිනවා.
  • කිරි සහ කැවෙන්ඩිෂ් කෙසෙල් කිසි සහ කෙසෙල්වල ඇති ප්‍රෝටීන් ප්‍රමාණය සාපේක්ෂව ඉහළ නිසා එය ආහාර දිරවීමේ ක්‍රියාවලියට අපහසුතා ඇති කරනවා. ඒ නිසා එවැනි දෙයක් ආහාරයට ගන්නේ නම් කරදමුංගු ආදී දෙයක් ඊට එකතු කරන්නට වගබලා ගන්න.
  • නිවිති සහ කිරි නිවිතිවල  අඩංගු ඔක්සලේට් කිරි සමඟ ප්‍රතික්‍රියා කිරීමෙන් අපේ ශරීරයට විවිධ අපහසුතා ඇති කරනු ලබනවා. එබැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වීම වැදගත්.ඒ හැරුණාම 
  • කිරි ආහාර සමඟ චෙරි, කොමඩු, ඇඹුල් පලතුරු, මාළු, මස්, යෝගට් යීස්ට් අඩංගු පාන් ආහාරයට ගැනීම නුසුදුසුයි.
  • යෝගට් සමඟ චීස්, බිත්තර, මාළු, තේ , උණුසුම් පාන වර්ග නොගත යුතුයි.
  • රාබු සමඟ කෙසෙල්, මිදි සමඟ කිරි නොගත යුතුයි.
  • කොමඩු තනි පලතුරක් ලෙස ගත යුතුයි. කොමඩු සමඟ කිරි, බිත්තර, බැදපු ආහාර, ධාන්‍ය පිටි ආහාර නොගත යුතුයි.

ආහාර ගැනීමේදී එය අපේ ශරීරයට ප්‍රීතියක් සුවයක් ලැබෙන ආකාරයට ගන්නවා මිසක දිව පිනවීමෙන් පසුව විවිධ අපහසුතා ගෙන දෙන ලෙස නොගත යුතුයි. නොගැළපෙන ආහාර සහ ගැළපෙන ආහාර පිළිබඳව අපි දැනුවත් නම් අහිතකර නොවන අපහසුතා ගෙන නොදෙන ආකාරයට අපිට ඒ ආහාර අනුභවයට ගන්නට පුළුවන්. ඒ සඳහා ඔබට මේ  කරුණු කාරණා බෙහෙවින් වැදගත් වේවි.