අද බොහෝදෙනා වේල් දෙකකට හෝ තුනකට ප්‍රමාණවත් විදියට ආහාර පිළියෙල කර නැවත රත්කර ආහාරයට ගන්නට පුරුදු වෙලා. අද සැමදෙනෙක්ම පාහේ ගතකරන කාර්යබහුල ජීවන රටාව අපිව ඒ තත්ත්වයට පත්කර තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඇතැම්විටෙක රසවත් ආහාරයක් සකස් කළ විටක එයින් කොටසක් ඊළඟ දවසට රත්කර ආහාරයට ගන්නටත් අපි පුරුදු වෙලා ඉන්නවා.නමුත් සැබැවින්ම එය අපේ ශරීර සෞඛ්‍යයට එතරම් හිතකර නැහැ. මොකද එයින් ආහාරවල ඇති පෝෂක බොහොමයක් විනාශ වන්නට ඇති ඉඩකඩ වැඩි නිසා.
ආහාරය මගින් අපේ ශරීරයට ලැබිය යුතු පෝෂක විනාශ වීමෙන් පසු ඒ ආහාරය ගැනීමෙන් අපේ ශරීරයට කිසිදු ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ.ඒ වගේම තමයි මේ ආකාරයට නැවත රත්කර ආහාරයට ගැනීමට නුසුදුසු ආහාර වර්ගත් අපේ නොදැනුවත්භාවය නිසා නැවත රත්කර ආහාරයට ගන්නවා. අපි නොදන්නවා වුණාට පිසින ලද ආහාරයක් නැවත රත්කිරීමේදී අපේ ශරීරයට අහිතකර යම් යම් සංඝටක නිර්මාණය වෙන්නට ඉඩකඩ පවතිනවා. ඒ වගේම යම් යම් පිළිකාකාරක දේවල් පවා නිර්මාණය වෙන්නට මෙය මූලික වෙනවා.ඉතින් අද අපි ඔබට කියන්නට යන්නේ එසේ නැවත රත්කර ආහාරයට නොගත යුතු ආහාර මොනවාද යන්න පිළිබඳවයි.
පෝෂණවේදීන් සඳහන් කරන ආකාරයට ප්‍රෝටීන් බහුල ආහාර වර්ග නැවත රත්කර ආහාරයට ගැනීම කිසිසේත්ම සුදුසු වන්නේ නැහැ. වැඩිපුර ප්‍රෝටීන් අඩංගු ආහාරවල නට්‍රජන් වැඩිපුර අඩංගු වෙලා තියෙනවා. රත්වූ පසු මේ නට්‍රජන් ඔක්සිකරණයවෙලා පිළිකාකාරක දේ සෑදෙන්නට ඇති ඉඩකඩ වැඩියි.ඇතැම්විට ඇතැම් ආහාර වර්ග රත්කර නැවත ආහාරයට ගැනීම මරණය පවා ඇති කරන්නට හේතු වෙනවා.

- කුකුළු මස් ප්‍රෝටීන් බහුල ආහාරයක් වන කුකුළු මස් පිස ගැනීමෙන් පසුව නැවත රත්කර ආහාරයට කිසිසේත්ම සුදුසු වන්නේ නැහැ. මේ නිසා එහි අඩංගු ප්‍රෝටින් වර්ග සියල්ලම විනාශ වී යනවා.එය උදරාබාධ, අජීර්ණ තත්ත්වයන් හා ජීර්ණය සම්බන්ධ ගැටළු වගේම දිගුකාලීනව මෙසේ රත්කර ආහාරයට ගැනීම පිළිකා පවා ඇති කරන්නට හේතුවක් වෙනවා.
- බිත්තර තම්බන ලද හෝ බදින ලද හෝ වෙනත් ආකාරයකට පිසින ලද බිත්තර නැවත රත්කර ආහාරයට ගැනීම සුදුසු නැහැ.එමගින් එහි අඩංගු රසායනික අංශු සක්‍රීය වීමෙන් ඒවා ශරීරයට අහිතකර වන්නට හැකියි.ඒ නිසාවෙන් පාචනය, වගේම උදරාබාධ පවා ඇති වෙන්නට පුළුවන්.
- බීට් බීට්වල නයිට්‍රේට් අම්ලය බහුලව අඩංගු වෙනවා. පිසින ලද බීට් නැවත රත්කර ආහාරයට ගන්නා විට නයිට්‍රේට් අම්ල සක්‍රීය වීම නිසා ශරීරයට අහිතකර බලපෑම් ඇතිවන අතර ආහාර විෂවීම එහිදී ප්‍රධාන වෙනවා. ඒ නිසාවෙන් බීට් පිසූ විගසම ආහාරයට ගෙන අවසන් කළ යුතුයි.
- නිවිති නිවිති, තම්පලා, රාබු ආදී කොළ පාට එළවලු වගේම කැර්ට් ආදියත් මයික්රොවේව් අවන් එකක දමා රත්කර ආහාරයට ගැනීමෙන් පෝෂ්‍ය පදාර්ථ සියල්ලක්ම වගේ විනාශ වෙනවා. ඒ වගේම ඒ එළවලුවල නයිට්‍රේට් අඩංගු වෙන නිසා මේ ආහාර රත්කළ විට නයිට්‍රේට් විෂ ද්‍රව්‍ය බවට පත්වෙන්නට ඉඩ පවතිනවා. මේ ආකාරයට සැදෙන විෂ දේහයේ පිළිකා වර්ධනය වීමට හේතුවක් වෙනවා.යකඩ බහුලව අඩංගු වෙන නිවිති නැවත රත්කළ විට යකඩ ඔක්සිකරණයට ලක්වෙලා විනාශ වී යනවා. ඒ වගේම අපේ ශරීරයට අහිතකර මුක්ත ඛණ්ඩක ඇති වෙන්නත් පුළුවන්. මේ මුක්ත ඛන්ඩක පිළිකා ඇතිවෙන්නට හේතුවෙන අතර මද සරුබව සඳහාත් හේතුවක් වෙනවා.
- බත් වරක් පිසින ලද බත් නැවත තවත් වේලකදී රත්කර ආහාරයටගැනීම අපේ දේහයට ඇති කරන්නේ ඉතාම අහිතකර තත්ත්වයක්. ඒ නිසාවෙන් ආහාර විෂවීමක් වුණත් ඇති වෙන්නට පුළුවන්. මෙයට හේතුව වෙන්නේ ප්‍රතිරෝධී ලෙස කටයුතු කරන බැසිලස් ඒරුස් නම් බැක්ටීරියාව . රත් කරන විට මේ බැක්ටීරියාව විනාශ වුණත් ඒ බීජානු කොතරම් රත් කළත් විනාශ වෙන්නේ නැහැ. බත් රත් කරන විට මේ අහිතකර බීජානු ගුණනය වෙලා අහිතකර තත්වයන් ඇති කරනවා.
- අල අලවල පොටෑසියම්, විටමින් B6 හා විටමින් C බහුලව අඩංගු වෙනවා. පිසින ලද ආහාර නැවත රත්කර ආහාරයට ගැනීමේදී ඒවායේ විවිධ හානිකර බැක්ටීරියා ඇති වෙන්නට පුළුවන්. ඒවගේම මේ නිසා ආහාර විෂවීමක් වුණත් ඇති වන්නට පුළුවන්.

- හතු හතු කියන්නේ පිසූ විගස ආහාරයට ගත යුතු පසුව නැවත රත්කර නොගත යුතුම ආහාරයක්. හතුවල බහුලවම ප්‍රෝටීන් අඩංගු වන අතර ඛනිජ ලවණත් බොහොමයක් අන්තර්ගත වෙනවා. නැවත නැවත රත්කළ විට හතුවල අඩංගු ප්‍රෝටීන් ශරීරයට අහිතකර ආකාරයට පරිවර්තනය වීමට පටන් ගැනීම. මේ නිසා අහාර් ජීර්ණ පද්ධතියට පවා හානි සිදු වන්නට පුළුවන්. හතු රත්කළ විට නයිට්‍රජන් ඔක්සිකරණය වන අතර ශරීරයට අහිතකර මුක්ත ඛණ්ඩක ඇති වන්නත් පුළුවන්.
- තල් තෙල්, කැනෝලා, ඔලිව්තෙල් මේ තෙල්වල ඔමේගා 3 ඇතුළු මේද අම්ල වර්ග අන්තර්ගතවෙලා පවතිනවා. ඔමේගා 3 මේද අම්ලය අධික උෂ්ණත්වය හේතුවෙන් වෙනත් දේවලට කැඩී යන්නට පුළුවන්. ඒ වගේම සෙල්ෂියස් අංශක 40 ට වඩා වැඩි උෂ්ණත්වයකට රත් කළාම මේ ඔමේගා 3 අම්ලය විනාශ වී තෙල් මුඩු වී යනවා. මේ තෙල් භාවිතයෙන් සකස් කළ ආහාර නැවත නැවත රත්කර ආහාරයට ගැනීම සුදුසු වෙන්නේ නැහැ.
ඉතින් ඔබ කොතරම් කාර්යබහුල වුණත් තමන්ගේ වගේම තම ආදරණීයන්ට නීරෝගී සෞඛ්‍යයසම්පන්න ජීවිතයක් ලබාදීම උදෙසා මේ ආහාර නැවත නැවත රත්කර ආහාරයට ගැනීමෙන් වළකින්න. ඒ වගේම පිළියෙල කරන ආහාර පසුව ගැනීමට ශීතකරණයේ ගබඩ නොකර ඒ ආහාර එවෙලේම ගෙන අවසන් කළ යුතු බව මතකයේ තබා ගන්න.