වර්තමානය වන විට බොහෝ දෙනෙකු හෘද රෝගයෙන් පීඩා විඳිනු ලැබේ. එනම් හෘද රෝග ඇතිවීමට මූලික කොට හේතු වන්නේ අප ගනු ලබන ආහාර රටාව හා ගත කරන ජීවන රටාවයි. මේ නිසා හෘද රෝග ඇති වූ පුද්ගලයින් මෙන්ම හෘද රෝග ඇති වීම වළක්වා ගැනීමට කටයුතු කරන අප සෑම දෙනාම පාහේ නිවැරදි ආහාර රටාවකට හා නිවැරදි ජීවන රටාවකට පුරුදු පුහුණු විය යුතුය. එනම් හෘදය යනු මිනිස් සිරුරේ මූලික අවයව වන අතර ම හෘදය නීරෝගීව පවත්වා ගැනීමට පලමුව හෘදයට හිතකර ආහාර ගත යුතුය. එනම් ඉන් හෘද රෝග ඇතිවීම බොහෝ දුරට පාලනය කර ගත හැකිය.
එනම් හෘද රෝගීන් වැඩි වශයෙන් ආහාරයට ගත යුත්තේ පොටෑසියම් ,ඔමේගා ත්‍රී මේද අම්ල, ෆෝලේට්,ෆයිබර්, සෝඩියම් ආදී පෝෂ්‍ය පදාර්ථ අඩංගු ආහාර වර්ගයි.
හෘද රෝගීන්ට සුදුසු ආහාර

ඔමේගා ත්‍රී අඩංගු මාළු වර්ග ඔමේගා ත්‍රී මේදය අඩංගු මාළු වර්ග ආහාරයට ගැනීම හෘද රෝගීන්ට වඩාත් සුදුසු වේ. එනම් ලිනනන්, සැමන් වැනි මාළු වර්ග ආහාරයට ගැනීමෙන් හදවතේ ක්‍රියාකාරිත්වය වර්ධනය කරගත හැකිය. එමෙන්ම කොලෙස්ට්‍රෝල් පාලනය කිරීම හෘදයේ පේශි නිරෝගී කිරීම සඳහා ඔමේගා ත්‍රී මේදය අඩංගු මාළු වර්ග භාවිතය වඩාත් යෝග්‍ය වේ.
කොළ පැහැති එළවළු වර්ග සහ පළා වර්ග හෘද රෝග ඇතිවීමේ අවදානම අවම කර ගැනීම සඳහා කොළ පැහැති එළවළු වර්ග හා පළා වර්ග වැඩි වශයෙන් ආහාරයට එක් කරගත යුතුය. එනම් , පතෝල, වැටකොළු , බණ්ඩක්කා,බෝංචි ,රාබු වැනි එළවළු වර්ග නිවිති, මුගුණුවැන්න, සාරණ, තම්පලා, තිප්පිලි… ආදී පලාවර්ග. ආහාරයට එක් කරගත යුතුය. එනම් ඒවායේ අඩංගු විටමින් ,ඛනිජ ලවණ, ප්‍රෝටීන්, ප්‍රතිඔක්සිකාරක ආදී පෝෂ්‍ය පදාර්ථ මගින් රුධිර නාළ විස්තාරණය කර රුධිරය කැටි ගැසීම වළක්වා ක්‍රමවත්ව රුධිරය හෘදයට සැපයීම සිදු කරනු ලබයි. මේ නිසා හෘද රෝග ඇති වීම පාලනය වේ.
පළතුරු වර්ග හෘද රෝගය ඇතිවීම වලක්වාගැනීමට පලතුරු ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එනම් විශේෂයෙන්ම අලිගැටපේර, දෙළුම්, කොමඩු, ඇපල්, පෙයාස් ආදී තන්තු ,පොටෑසියම්, විටමින් සී, ඔමේගා ත්‍රි මේද අම්ල අඩංගු පලතුරු වර්ග ආහාරයට ගැනීම වඩාත් යෝග්‍ය වේ. මෙම පලතුරු ආහාරයට ගැනීමෙන් හෘද රෝග ඇති වීමට හේතු වන අධි රුධිර පීඩන, කොලොස්ට්‍රෝල් පාලනය කර හෘද රෝග ඇතිවීම වලක්වා ගත හැකිය.
ධාන්‍ය වර්ග හෘද රෝග ඇති වීම වළක්වා ගැනීමට ධාන්‍ය වර්ග ආහාරයට ගැනීම වඩාත් සුදුසු වේ. එනම් මුංඇට , ඕට්ස්, බාර්ලි,කව්පි,කඩල වැනි ධාන්‍ය වර්ග ඒ අතර ප්‍රධාන වේ. එනම් මෙම ධාන්‍ය වර්ග ආහාරයට ගැනීමෙන් එහි අඩංගු ඇමයිනෝ අම්ල හානි වූ පටක වර්ධනය කරනු ලැබේ. එමෙන්ම මේවායෙහි අඩංගු පොටෑසියම් වැනි පෝෂ්‍ය පදාර්ථ රුධිර නාල විස්තාරණය කර ක්‍රමවත්ව හෘදයට රුධිරය සැපයීම සිදු කරනු ලැබේ. මේ නිසා හෘද රෝගීන් ධාන්‍ය වර්ග ආහාරයට එකතු කර ගැනීම වඩාත් සුදුසු වේ.

නට්ස් වර්ග හෘද රෝග ඇති වීම වළක්වා ගැනීමට නට්ස් වර්ග ආහාරයට ගැනීම ද යෝග්‍ය වේ. එනම් ආමන්ඩ්,රටකජු, කජු.. ආදී නට්ස් ස්වර්ග ආහාරයට ගැනීමෙන් ඒවායෙහි අඩංගු ඔමේගා ත්‍රි මේද අම්ලය අධි රුධිර පීඩනය ඇතිවීම වළක්වා හෘදයට ක්‍රමවත්ව රුධිරය සැපයීම සිදු කරනු ලැබේ. මේ නිසා නට්ස් වර්ග ආහාරයට ගැනීමෙන් හෘද රෝග ඇති වීම පාලනය කරගත හැකිය.
බෙරි වර්ග හෘද රෝග අවදානමෙන් මිදීමට බෙරි වර්ග ආහාරයට ගැනීම යෝග්‍ය වේ. එනම් බ්ලැක්බෙරි, බ්ලූ බෙරි,ස්ට්‍රෝබෙරි ….වැනි බෙරි වර්ග ආහාරයට ගැනීමෙන් එහි අඩංගු විටමින් සී වැනි ප්‍රතිඔක්සිකාරක හෘද රෝග ඇති වීම වලක්වනු ලබයි. මේ නිසා හෘද රෝග නැවත ඇතිවීම වලක්වා ගැනීමට බෙරි වර්ග ආහාරයට එකතු කර ගැනීම ගුණදායකවේ.
කහ, සුදුළූනු, කුරුඳු ඈත අතීතයේ සිටම කහ ඖෂධයක් ලෙස නොයෙක් රෝග සමනය කිරීමට යොදා ගෙන තිබේ. එනම් කහ ආහාර පිසින විට යොදා ගැනීමෙන් හෘද රෝග ඇතිවීම වලක්වා ගත හැකිය. එනම් කහවල ඇති කර්කියුමින් සංයෝගය කොලෙස්ටරෝල් දිය කරන අතර ඉන් රුධිර නාල ඝන වීම වළක්වා හෘදයට ක්‍රමවත්ව රුධිරය සැපයීම සිදුකර ගත හැකිය. එනම් ඉන් හෘද රෝග ඇතිවීම පාලනය කර ගත හැකිය.

සුදුළුෑණු හෘද රෝග ඇති වීම වළක්වා ගැනීමට කුළුබඩුවක් ලෙස සුදුලූනු ආහාරයට එකතු කර ගැනීම වඩාත් යෝග්‍ය වේ. එනම් සුදුලූනුවල අඩංගු ඇලිසීන් මඟින් කොලොස්ටරෝල් පාලනය කර රුධිර නාල පිරිසිදු කරනු ලැබේ. මේ නිසා හෘද රෝග ඇතිවීම පාලනයවේ.
කුරුඳු කුරුදු ආහාර පිසින විට හෝ කුරුඳු තේ පානයක් ලෙස සකස් කර භාවිතා කිරීම මගින් හෘද රෝග ඇති වීම වළක්වා ගත හැකිය. එනම් කුරුඳු භාවිතා කිරීම මගින් අහිතකර කොලෙස්ට්‍රෝල් පාලනය කිරීම, රුධිර කැට ගැසීම වැලැක්වීම රුධිර නාල බිත්ති ශක්තිමත් කිරීම සිදු කරනු ලැබේ. එමෙන්ම අධි රුධිර පීඩනය ඇතිවීම වළක්වා හෘදයට රුධිරය ක්‍රමවත්ව සැපයීම සිදුකරනු ලැබේ. එනම් මේ හේතූන් නිසා හෘද රෝග ඇති වීමේ අවදානම අවම වේ. මේ ආදී ආහාර වර්ග භාවිතා කිරීම මගින් හෘද රෝග ඇතිවීම වළක්වා ගත හැකිය.