ඕනෑම වෛරසයකට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කරන හෙළ ආහාර පාන 17 ක්

health tips

ඕනෑම වෛරසයකට ඔරොත්තු දීමේ හැකියාව ඇති කරන සිරුරේ ප්‍රතිශක්තිය වඩවන ආහාර සහ පුරුදු කිහිපයක් දැනගෙන සිටියොත් හොඳයි නේද. ඉතින් අපි අද ඒ කතා කරන්නට සූදානම් වන්නේ ඕනෑම වෛරසයකට ඔරොත්තුදීමේ හැකියාව අපේ ශරීරයේ ගොඩනගා ගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව.

ඕනෑම ලෙඩ රෝගයකදී අපි වෛද්‍ය විද්‍යාවෙන් ඒ සඳහා  පිළියම් ලබා ගන්නට තමයි පුරුදු වෙලා සිටින්නේ. නමුත් ඕනෑම රෝගයකට එරෙහිව සටන් කරන්නට අපේ ශරීරයේ ඇති ප්‍රතිශක්තිය මූලික වශයෙන් හේතු වෙනවා. මේ ප්‍රතිශක්තිය අපි ගන්නා ආහාර මගින් හා චර්යාත්මක පුරුදු මගින් වඩාත් ශක්තිමත් කරන්නට පුළුවන්. ඒ හැරුණාම බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව පුද්ගලයෙකුගේ ප්‍රතිශක්තිය වැඩි කරන්නට යම් රසායනික ද්‍රව්‍යයක් හෝ ඖෂධයක් නිපදවා නැහැ. මොකද යම්කිසි අයෙකුගේ ප්‍රතිශක්තිය කියන්නේ ඒ පුද්ගලයා ගනු ලබන ආහාර ඒ පුද්ගලයාගේ වටපිටාව මානසිකත්වය ආදී සංකීර්ණ කාණ්ඩ රැසකගේ ප්‍රතිඵලයක් නිසා එවැනි ඖෂධයක් නිෂ්පාදනය කරන්නට තියෙන හැකියාව ඉතා අවමයි. ඒ නිසාම තමයි හිපොක්‍රටීස් කියලා තියෙන්නේ Let Food be the Medicine .ඒ කියන්නේ පුද්ගලයෙකුගේ ඖෂධ විය යුත්තේ අපි ගනු ලබන  ආහාර. ඒ අනුව පුද්ගලයෙකුගේ ප්‍රතිශක්තිය වර්ධනය කර ගන්නට මූලිකම සාධකය ආහාර වන අතර ඒ හැරුණාම මානසික මට්ටම හා පුද්ගල ක්‍රියාකාරකම් ද එකසේ වැදගත් වෙනවා.

ප්‍රතිශක්තිය ඉහළ නංවා ගන්නට වඩාත් සුදුසු ආහාර 

  • කොළපාට එළවලු 
  • කහපාට එළවලු හා පලතුරු 
  • දම්පාට ගෙඩි වර්ග 
  • සුදු ලූණු 
  • ඉඟුරු
  • කුරුඳු
  • කරදමුංගු 
  • කරාබු නැටි 
  • කහ
  • කොත්තමල්ලි 
  • සියඹලා
  • මී පැණි 
  • ගොරකා

ප්‍රතිශක්තිය වඩවන විශේෂ ආහාර 

මේ ආහාර ගැන එදා පැරණි ගැමියන් හොඳින් දැන සිටියා. ඒ වගේම ආයුර්වේදය තුළත් මේ ප්‍රතිශක්තිය ඉහළ දමන ආහාර වට්ටෝරු පිළිබඳව සඳහන් වෙනවා. ඒ ඇසුරින් ප්‍රතිශක්තිය වැඩි කරන මේ විශේෂ ආහාර වර්ග කිහිපය ඔබට ඉතා වැදගත් වේවි.

පොළොස් ගැට -පොළොස් ගැටයක් තම්බා පොල් සමඟ ආහාරයට ගන්නට හැකි නම් එය ඉතාම වැදගත්. ඒ වගේම පොළොස් තම්බන ලද වතුර ස්වල්පයක් ගෙන එයට ලුණු සහ දෙහි යුශ ස්වල්පයක් එකතු කර සාමාන්‍ය පානයක් ලෙස ගැනීමත් ඉතාම සුදුසුයි.

මොනර කුඩුම්බිය -මේ ඔසු පැලෑටිය ව්‍යංජනයක් ලෙස වගේම කැඳ වශයෙනුත් සකස් කර ආහාරයට ගන්නට පුළුවන්.  ව්‍යංජනය සඳහා  ලපටි අවධියේ මේ මොනර කුඩුම්බි සම්පූර්ණ ශාකයම භාවිතා කරන්නට පුළුවන්.

බලු නකුට ශාකය -මේ ශාකය බොහෝවිට කැඳ සාදා පානය කරන්නට භාවිතා කරනු ලබනවා. ප්‍රතිශක්තිය වර්ධනය සඳහා වඩා වැදගත් ශාකයක් ලෙස මේ ශාකය හඳුන්වන්නට පුළුවන්.

කුරුම්බා සහ තැඹිලිවල කහකඩ -කුරුම්බා මද සහ කුරුම්බා වතුරත් අපේ ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කරන ඉහළ ගුණයෙන් යුක්ත ආහාරයන්. ඒ හැරුණාම බොහෝදෙනා කුරුම්බා මදය හා වතුර ආහාරයට ගත්තත් බොහෝඅයට අමතක වෙන ආහාරයට නොගන්නා ඉතා ඉහළ ප්‍රතිශක්තිය වැඩි  කිරීමේ ගුණයක් සහිත කොටසක් තමයි කහකඩ කියන්නේ. ඒ කියන්නේ නොමේරු පොල් කටුව. මෙය නිතරම ආහාරයට නොගත්තත් ඉදහිට හෝ මේ කහකඩ ආහාරයට ගන්නට මතක කරන්න එපා.

නිල් කටරොළු මල් මේ නිල් කටරොළු මල් පානයක් ලෙස සකසා ගැනීම වගේම ආහාරයට විවිධාකාරයෙන් එකතු කර ගන්නට හැකි ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කරන අපූරු ආහාරයක්.

චර්යාත්මක වෙනස්කම් 

  • සුවදායක නින්දක් ලබ ගැනීම 
  • හිරු එළිය 

හිරු එළියේ ඇති විටමින් ඩී ප්‍රතිශක්තිය සඳහා අත්‍යවශ්‍ය වෙනවා.

  • ව්‍යායාම 
  • ආහාරවේල් අතර කාල පරතරය 

නිතරම ආහාර ගන්නවාට වඩා එක් ආහාරවේලක් ගෙන පැය 6 ක් ඉක්ම ගිය පසු ආහාර ගැනීම සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීම සඳහා අතිශයින්ම වැදගත් කාරණාවක්.

C අඩු මට්ටමක පවත්වා ගෙන යාම රාත්‍රී හෝ උදේ ප්‍රවෘත්ති නොබැලීම හෝ පත්තර කියවීමෙන් වැළකීම මගින් මානසිකව ඇතිවන ආතතිය යම් මට්ටමකට අඩු කර ගන්නට ඔබට පුළුවන්.

  • නිරුවත් දෙපාවලින් පොළව මත ඇවිදීම 
  • භාවනා සහ යෝගී ව්‍යායාම්වල නිරත වීම 

මේ හැරුණාම අපේ ප්‍රතිශක්තිකරනය විනාශ කරන හා පහත හෙළන පාන් පිටිවලින් සැකසූ ආහාර හා කෘතීම ආහාරවලින් වැළකීමත් ඉතා වැදගත්. ඕනෑම වෛරසයකින් ලෙඩ රෝගයකින් ආරක්ෂා වෙන්නට හැකි ප්‍රධානම කාර්ණය වන්නේ තමන්ගේ ශරිරයේ ප්‍රතිශක්තිය ඉහළ දැමීම මිස ඖෂධම නොවෙයි.