සිරුරේ ඇති අපිරිසිදු රුධිරය සතියක් යන්න කලින් පිරිසිදු කරන ආහාර 8 ක්

health tips

රුධිරය යනු මිනිස් ශරීරය තුළ පවතින විශේෂිත වූ දේහ තරලයකි. එනම්  මිනිසෙකුගේ  බරින් 8% ක් රුධිරය සඳහා වෙන් වන අතර  වැඩුණු සාමාන්‍ය පුද්ගලයෙකුගේ (බර 70kg ක පමණ) රුධිරය 5600ml පමණ පවතිනු ලැබේ.  රුධිරය මගින් ශරීරයට අවශ්‍ය බොහෝ කාර්යයන් ඉටු කරනු ලබයි. 

  • ආහාර වල පෝෂණ කොටස් ශරීරය පුරා  බෙදාහැරීම. 
  • ශරීරය පුරා ඔක්සිජන් සහ ජලය පරිවහනය කිරීම. 
  • ආසාදන වළක්වා ගැනීමට අවශ්‍ය ප්‍රතිදේහ සහ සුදු රුධිරාණු සිරුර පුරා පරිවහනය කර සිරුරට ආරක්ෂාව සැපයීම. 
  • ශරීරයේ පවතින විෂ ද්‍රව්‍ය වකුගඩු හරහා පිරිසිදු කිරීම.

මේ ආදී සුවිශේෂී කාර්යයන් ඉටු කරනු ලබන්නේ රුධිරය මගිනි. මේ නිසා ශරිරයට රුධිරය අත්‍යවශ්‍ය වේ. එමෙන්ම යම් යම් අවස්ථාවන්වල රුධිරය අපිරිසිදු වේ. බොහෝ විට රුධිරය අපිරිසිදු වන්නේ අප ගනු ලබන ආහාර නිසා හෝ ගත කරන ජීවන රටාව නිසාය.  ඊට අමතරව රුධිරය අපිරිසිදු වීමට තවත් බොහෝ හේතු බලපානු ලබයි. 

  • අපිරිසිදු වාතය 
  • මානසික ආතතිය 
  • පළිබෝධ නාශක හා රසායනික පොහොර යෙදූ ආහාර භාවිතා කිරීම. 
  • ජලය පානය අවම වීම 
  • මත්ද්‍රව්‍ය භාවිතය 
  • දුම්වැටි පානයට පුරුදුවීම මෙවැනි හේතුන් එකක් හෝ කිහිපයක් රුධිරය අපිරිසිදු වීම සඳහා බලපාන හේතු ලෙස හඳුනාගත හැකිය. 

මෙසේ රුධිරය අපිරිසිදු වූ විට විවිධ රෝග තත්ත්වයන් ඇති වන අතර ඖෂධ ලබා ගැනීම අනිවාර්යය වේ. ඖෂධ භාවිතය හැරුණු කොට අපිරිසිදු වූ රුධිරය පිරිසුදු කර ගැනීම සඳහා ගත හැකි ආහාර වර්ග බොහොමයක් පවතී. 

රුධිරය පිරිසිදු කරන ආහාර වර්ග 

ලෙමන් රුධිරයේ අඩංගු කාබනික සංයෝග ඉවත් කර රුධිරය පිරිසිදු කර ගැනීමට විටමින් C අඩංගු ලෙමන් ආහාරයට ගැනීම යෝග්‍ය වේ. මේ සඳහා වතුර වීදුරුවකට ලෙමන් යුෂ තේ හැඳි දෙකක් මිශ්‍රකර දිනපතා පානය කිරීම  යෝග්‍ය වේ. 

කිතුල් හකුරු කිතුල් හකුරු නිතර ආහාරයට ගැනීමෙන් රුධිර ගත හිමොග්ලොබින් නිෂ්පාදනය වැඩිකර ඔක්සිජන් ක්‍රමවත්ව ශරීරය පුරා පරිවහණය කළ හැකිය. එමගින් රුධිරයට විෂ ද්‍රව්‍ය එකතු වීම අවම වී රුධිරය පිරිසිදු කර ගත හැකිය.

හාතාවාරිය හාතාවාරිය ඖෂධයක් ලෙස භාවිතා කිරීමෙන් අපිරිසිදු වූ රුධිරය පිරිසුදු කර ගත හැකිය.  මේ සඳහා හාතාවාරිය කැඳ පානයක් ලෙස සකස් කර  භාවිතා කිරීමෙන් රුධිරයේ ආම්ලිකතාවය ඉවත් කර රුධිරය පිරිසුදු කර ගත හැකිය. එමෙන්ම ශරීරගත විෂ ඉවත් කර ගැනීමට ද හාතාවාරිය කැඳ සකස් කර පානය කිරීම යෝග්‍ය වේ. 

කොළ පැහැති පළා වර්ග පෝෂ්‍ය පදාර්ථ බොහෝ ප්‍රමාණයක් අඩංගු   කොළ පැහැති එළවළු ආහාරයට ගන්නේ නම් එමගින් අපිරිසිදු රුධිරය පිරිසිදු කර ගත හැකිය.

එනම් මුකුණුවැන්න, ගොටුකොළ , නිවිති,සලාද , කංකුං වැනි පලා වර්ග ආහාරයට ගැනීමෙන්  අක්මාවේ ක්‍රියාකාරිත්වය වැඩි කර  රුධිරයේ පවතින විෂ ඉවත් කර රුධිරය පිරිසිදු කර ගත හැකිය. මීට අමතරව රුධිරය පිරිසිදු කිරීමට හේතු වන එන්සයිම සංස්ලේෂණය හා ශ්‍රාවය කිරීමට අවශ්‍ය ඛනිජ ලවණ පලා වර්ගවල අඩංගු වන අතර එමගින් ද රුධිරය පිරිසිදු කර ගත හැකිය.

පිරිසිදු ජලය අපිරිසිදු රුධිරය පිරිසිදු කර ගැනීමට ජලය පානය කිරීම යෝග්‍ය වේ. එනම් ජලය පානය කිරීමෙන් වකුගඩු වලින් ශරීරයේ විෂ පිට කිරීම පහසු කරවනු ලැබේ. එමෙන්ම මුත්‍ර මගින් විෂ පිටවන අතර  මෙමගින් රුධිරය අපිරිසිදු වීම අවමවේ. එමෙන්ම අපිරිසිදු රුධිරය පිරිසිදු වේ. 

බීට්රූට් නයිට්‍රේට් අඩංගු ගුණදායක එළවළුවක් ලෙස . බීට්රූට් හැඳින්විය හැකිය. එනම් බීට්රූට් ආහාරයට ගැනීමෙන් අපිරිසිදු වූ රුධිරය පිරිසුදු කර ගත හැකිය.  බීට් රූට් වල අඩංගු ප්‍රතිඔක්සිකාරක, කැරට්නොයිඩ  රුධිරය පිරිසිදු කිරීමටත් අක්මාවේ ඔක්සිකරණ ප්‍රතික්‍රියා වල ප්‍රතිඵලයක් වන සෛල විනාශවීම වළක්වා ගැනීමට හා විෂ හරණය කර රුධිරයේ පවතින අහිතකර කාබනික සංයෝග බිඳහෙලන සංයෝග ශ්‍රාවය වීම වැඩි කිරීමටත් උපකාරී වේ. එනම් මේ නිසා අපිරිසිදු වූ රුධිරය පිරිසුදු කර ගැනීමට බීට් ආහාරයට ගැනීම යෝග්‍ය වේ.

බ්‍රොකලි බ්‍රොකලිවල බොහෝ පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගු වේ. එනම් ප්‍රතිඔක්සිකාරක , ග්ලුකෝසයිනෝලේට, විටමින් C ඔමේගා ත්‍රී මේද අම්ලය …. ආදී පෝෂ්‍ය පදාර්ථ බොහෝ ප්‍රමාණයක් බ්‍රොකලිවල අඩංගුවන අතර එම පෝෂ්‍ය පදාර්ථ සිරුරේ රුධිරය පිරිසිදු කර වකුගඩුවල සහ අක්මාවේ විෂ ඉවත් කිරීම සිදුකරනු ලැබේ. 

කහ රුධිරය පිරිසිදු කර ගැනීම සඳහා කහ භාවිතය යෝග්‍ය වේ. එනම් කහ වල අඩංගු curcumin ප්‍රතිඔක්සිකාරකය අහිතකර මුක්ත ඛණ්ඩ වලින් සෛලවලට සිදුවන හානිය වළක්වා අහිතකර ද්‍රව්‍ය රුධිරයට එකතු වීම වළක්වනු ලබයි. එමෙන්ම වකුගඩු හා අක්මාවේ ක්‍රියාකාරිත්වය වැඩි කිරීමට රතු රුධිරාණු නිෂ්පාදනය වැඩි කිරීමට රුධිරයේ විෂ බීජ ඉවත් කිරීමට  කහවල අඩංගු කර්කියුමින් වැඩි දායකත්වයක් සපයනු ලැබේ.මේ ආදී වූ ආහාර වැඩි වශයෙන් භාවිතා කරන්නේ නම් එමගින් අපිරිසිදු වූ රුධිරය පිරිසුදු කර ගත හැකිය.