ආතරයිටීස් පාලනය කරන ආහාර වර්ග 8 ක්

health tips

ආමවාතය හෙවත් ආතරයිටීස් රෝගය යනු වයස්ගත වීමත් සමඟ ඇතිවන රෝග තත්වයකි. බොහෝ විට  කාන්තාවන්ට මෙම රෝගී තත්ත්වය ඇතිවන අතර අධික තරබාරු කාන්තාවන්ට හා පිරිමි පුද්ගලයින්ටද මෙම රෝගී තත්ත්වය ඇතිවිය හැකිය. මෙම රෝගයෙන් වැඩි බලපෑමක් එල්ල වනුයේ අස්ථි හා කාටිලේජ වලටය. එනම් එසේ ඇතිවන බලපෑම මගින් සන්ධි ඉදමුමට ලක්වේ. මෙය ඉතා වේදනාකාරී රෝග තත්ත්වයක් වන අතර ඉන් ඇතිවන රෝග සංකූලතාවන්ද බොහෝ වේ.
ප්‍රධාන වශයෙන් ආතරයිටීස්  වර්ග දෙකක් හඳුනාගත හැකිය.

  • රූමැටොයිඩ් ආතරයිටීස් 
  • ඔස්ටියෝ ආතරයිටිස් 

මෙම ප්‍රභේද බොහෝ දෙනෙකුට පවතින රෝග තත්ත්වයන් ලෙස හඳුනාගත හැකිය. මීට අමතරව ආතරයිටිස් රෝග සියයක් පමණ හඳුනාගෙන තිබේ.ආතරයිටිස් රෝග ඇතිවීමට බලපාන හේතු රාශියක් හඳුනාගත හැකිය ඒ අතර

  • ව්‍යායාම්වල නිරත නොවීම 
  • ආහාර රටාව එනම්
  • ක්ෂණික ආහාරපාන හා යීස්ට් යොදා සකසන ලද ආහාර වැඩි වශයෙන් භාවිතා කිරීම
  • ගැඹුරු තෙලේ පිසූ ආහාර භාවිතය වැඩි වීම.
  • බර ආහාර මස් වර්ග බහුලව භාවිතා කිරීම.
  • ශීතකරණයේ තබා ගනිමින් නැවත නැවත රත් කර ආහාරයට ගැනීම
  • අධික මේදය අඩංගු ආහාර බහුලව භාවිතා කිරීම.ආදී හේතූන් ආතරයිටිස් රෝගය ඇතිවීමට ප්‍රබල වශයෙන් හේතු වේ.

ආතරයිටිස් රෝගය ඇති බවට හඳුනාගත හැකි රෝග ලක්ෂණද පවතී. එනම් ඒ අතර

  • සන්ධි ඉදමුමට ලක්වීම
  • අස්ථි ආශ්‍රිතව වේදනාවන් ඇති වීම.
  • සන්ධි ආශ්‍රිතව රතු පැහැයක් ගැනීම.
  • අස්ථි බරබවක් දැනීම.

මේ ආදී වූ රෝග ලක්ෂණ ආතරයිටීස් රෝගයෙන් පීඩා විඳින රෝගීන් තුලින් දැකගත හැකිය. මෙම රෝග සංකූලතා සමනය කර ගැනීමට ඖෂධ භාවිතා කිරීමට අමතරව විවිධ ආහාර වර්ග භාවිතා කළ හැකිය. එනම් ඒ අතර එළවළු, පලතුරු,කළුබඩු,ධාන්‍ය වර්ග බොහොමයක් පවතී.

ඉඟුරු ඈත අතීතයේ සිටම ඉදමුම් වේදනා සමනය කර ගැනීම සඳහා භාවිතා කළ ප්‍රත්‍යක්ෂ ඖෂධයක් ලෙස ඉඟුරු හැඳින්විය හැකිය. එනම් ආතරයිටිස් රෝගය නිසා ඇතිවන රෝග සංකූලතා සමනය කිරීමට මෙන්ම ආතරයිටිස් රෝගය ඇතිවීම වළක්වා ගැනීමට ඉඟුරු භාවිතය වඩාත් ගුණදායකය. එනම් ඉඟුරු භාවිතා කිරීමෙන් ඉඟුරු වල අඩංගු ජින්ජරෝල් නැමැති රසායනිකය සන්ධිගත ඉදමුම් සමනය කර ඒ නිසා ඇතිවූ රෝග සංකූලතා ද සමනය කර සහනය සලසනු ලැබේ. එනම් තේ පානය කරනවිට එයට ඉඟුරු කැබැල්ලක් එකතු කර පානය කළ හැකි නම් මෙම වාසි අත්කර ගත හැකිය.

සුදුළූණු කුළුබඩු අතර බොහෝ රෝග සමනය කිරීමට භාවිතයට ගන්නා කුළුබඩුවක් ලෙස සුදුලුනු හැඳින්විය හැකිය. එනම් සුදුලූනු ආහාරයට ගැනීම ආතරයිටීස් රෝගීන්ට ගුණදායකය. එනම් සුදුලූනුවල අඩංගු එලිසින් නැමති රසායනික සංයෝගය කාටිලේජ ගෙවී යාම වලක්වා ආතරයිටීස් රෝගය හේතුවෙන් ඇති වන රෝග සංකූලතා ද සමනය කරනු ලැබේ. මේ නිසා දිනකට සුදුළූනු බික් කිහිපයක් ආහාරයට ගත හැකිනම් ආතරයිටීස් රෝගීන්ට එම රෝගය නිසා ඇතිවන රෝග  සංකූලතා සමනය කර ගත හැකිය.

අත්තික්කා අට්ටික්කා හෙවත් අත්තික්කා ව්‍යංජනයක් ලෙස සකස් කර ආහාරයට ගැනීමෙන් ආතරයිටීස් රෝගයන් සමනය කරගත හැකිය. එනම් අට්ටිකාවල අඩංගු  කැල්සියම්,විටමින් k,මැග්නීසියම් ආදී පෝෂ්‍ය පදාර්ථ අස්ථිවල නීරෝගී භාවය සඳහා හේතු වන අතර අට්ටික්කා ආහාරයට ගැනීමෙන් මුත්‍රා හරහා කැලිසියම් වලට සිදුවන හානියද වලක්වා ගත හැකිය. මේ නිසා ආයුර්වේදය තුළ අට්ටික්කා ව්‍යංජනය ආතරයිටීස් රෝගීන්ට නිර්දේශ කරනු ලැබේ.

මල්ගෝවා ආතරයිටීස් රෝගීන් ආහාරයට ගත යුතු එළවළුවක් ලෙස මල් ගෝවා නම් කළ හැකිය. එනම් මල් ගෝවා ආහාරයට ගැනීමෙන් මල්ගොවා වල අඩංගු විටමින් ඩී පෝෂ්‍ය පදාර්තය අස්ථි හා කාටිලේජ වර්ධනය කිරීම සිදුකර කැල්සියම් ශරීරයට උරා ගැනීම පහසු කරවනු ලැබේ. එනම් ආතරයිටීස් ඇතිවීමට බලපාන ප්‍රධාන හේතුව වනුයේ අප ගනු ලබන ආහාර වල කැල්සියම් ශරීරයට අවශෝෂණය නොවී ශරීරයෙන් බැහැර වී යාමයි. එවැනි විටක මල්ගෝවා ආහාරයට එකතු කර ගන්නේ නම් ඉන් කැල්සියම් ශරීරයට අවශෝෂණය කරගෙන ආතරයිටීස් වැනි රෝග ඇති වීම වළක්වා ගත හැකිය.

නිවිති නිවිති යනු වැඩි කැල්සියම් ප්‍රමාණයක් හා යකඩ ප්‍රමාණයක් අඩංගු පලා වර්ගයකි.  එනම් නිවිති ආහාරයට ගැනීමෙන් ආතරයිටිස් රෝගය ඇතිවීම පාලනය කරගත හැකිය. එනම් නිවිති වල අඩංගු කැල්සියම් සහ යකඩ අස්ථි ශක්තිමත් කරයි. එමෙන්ම නිවිතිවල අඩංගු කෙම්ෆරෝල් ඉදමුම් සමනය කරනු ලබයි. මේ නිසා ආතරයිටීස් රෝගීන්  නිවිති ආහාරයට එක් කර ගන්නේ නම් එය ගුණදායකය.

ඔමේගා ත්‍රී මේදය අඩංගු මාළු වර්ග ආතරයිටීස් රෝගීන්ට ඔමේගා ත්‍රී මේදය අඩංගු ලිනන්, සැමන් වැනි කුඩා මාළු වර්ග භාවිතය යෝග්‍ය වේ. එනම් මෙම මාළු වර්ගවල අඩංගු විටමින් ඩී,හා ඔමේගා ත්‍රී මේද අම්ලය  අස්ථි හා කාටිලේජ වර්ධනය කර කැල්සියම් ශරීරයට උරා ගැනීම පහසු කරවනු ලැබේ. මේ නිසා ආතරයිටිස් රෝගීන් ඔමේගා ත්‍රී අඩංගු මාළු වර්ග භාවිතා කිරීම වඩාත් සුදුසුවේ.

කිරි ආහාර ආතරයිටීස් රෝගීන්ට හා ආතරයිටිස් රෝග ඇතිවීම වළක්වා ගැනීමට කිරි මගින් නිශ්පාදනය කරන ආහාර භාවිතය යෝග්‍යවේ. එනම් කිරි සහිත ආහාර වල අඩංගු කැල්සියම් අස්ථි ශක්තිමත් කර කාටිලේජ වර්ධනය කරයි. මේ නිසා මේදය හා ලුණු අඩංගු කිරි ආහාර අවම කර කිරි, යෝගට්, චීස් ,බටර් වැනි ආහාර භාවිතය ආතරයිටීස් රෝගීන්ට වඩාත් සුදුසු වේ.

ග්‍රීන් ටී-ග්‍රීන් ටී වර්තමානය වන විට වයස් භේදයකින් තොරව සෑම දෙනාම පාහේ භාවිතයට ගන්නා පානයක් ලෙස ග්‍රීන් ටී හැඳින්විය හැකිය. එනම් ග්‍රීන් ටී පානය කිරීමෙන් ආතරයිටීස් රෝග ඇතිවීම වළක්වාගත හැකිය. එනම් ග්‍රීන් ටී වල අඩංගු පොලිපිනෝල් හා ප්‍රතිඔක්සිකාරක කාටිලේජ වර්ධනය කිරීමට අස්ථි ශක්තිමත් කිරීමට ඉදමුම් සමනය කිරීමට හේතුවේ. මේ නිසා ආතරයිටීස් රෝගීන්ට පානයක් ලෙස ග්‍රීන් ටී පානය වඩාත් සුදුසුවේ.

මීට අමතරව විටමින් ඩී ,කේ, කැල්සියම්,යකඩ ,බීටා කැරොටීන්…. ආදී පෝෂ්‍ය පදාර්ථ අඩංගු එළවළු, පලතුරු, පලාවර්ග ධාන්‍ය වර්ග භාවිතා කිරීම ආතරයිටීස් රෝගීන්ට වඩාත් ගුණදායකවේ.