බාල මහළු සෑම දෙනාටම පාහේ ඇතිවන තවත් වේදනාකාරී රෝග තත්ත්වයක් ලෙස මුත්‍ර දැවිල්ල හඳුනාගත හැකිය. එනම් මෙය ඉතා පීඩාකාරී රෝගයක් වන අතර මෙමගින් මුත්‍ර මාර්ගයේ බාහිර වේදනාවක් සමඟ දැවිල්ලක් ඇතිවේ. මෙම රෝග තත්ත්වය ඇතිවීමට විවිධ හේතු බලපානු ලබයි. එනම් ඒ අතර

- ආහාර රටාව
- ජලය අවමව පානය කිරීම.
- මුත්‍රා මාර්ගයේ පුරස්ථි ග්‍රන්ථි ආසාදනයට ලක්වීම.
- අධික ලෙස ඖෂධ වර්ග භාවිතා කිරීම
- මුත්‍රා මාර්ගය ආශ්‍රිතව ආසාදන ඇතිවීම.
- මුත්‍රා මාර්ගයට විෂබීජ ඇතුළු වීම.
- මුත්‍රා මාර්ගය හා වකුගඩු ආශ්‍රිතව ගල් දියවීම.
- ගර්භනී කාන්තාවක් වීම
- ශරීර උෂ්ණත්වය වැඩි වීම.
- දේශගුණය වෙනස් වීම.
- මෙවැනි හේතූන් එකක් හෝ කිහිපයක් හේතුවෙන් මුත්‍ර දැවිල්ල ඇති විය හැකිය.
- මුත්‍ර දැවිල්ල ඇතිවන විට පූර්ව රෝග ලක්ෂණ කිහිපයක් හඳුනාගත හැකිය.
- නිතර මුත්‍ර පිට කිරීමේ අවශ්‍යතාවය ඇති වීම.
- මුත්‍ර මාර්ගය ආශ්‍රිතව දැවිල්ල ඇතිවීම.
- මුත්‍ර පාලනයකින් තොරව පිට කිරීමට සිදුවීම.
මෙම රෝග ලක්ෂණ පවතින්නේ නම් එය බොහෝ විට මුත්‍ර දැවිල්ල නිසා ඇතිවන රෝග ලක්ෂණ විය හැකිය.මුත්‍ර දැවිල්ල ඇති වීම වලක්වා ගැනීමට මෙන්ම ඇතිවූ මුත්‍ර දැවිල්ල සමනය කර ගැනීමට පලමුව ආහාර රටාව පාලනය කර ගත යුතුය. එනම් මිරිස්, පිටි සහ තෙල් සහිත ආහාර භාවිතය අවම කළ යුතුය. එමෙන්ම උෂ්ණ අධික ආහාර එනම් ඉස්සන්, දැල්ලන්, පොකිරිස්සන්, දෙල්, බිලිං,අච්චාරු… ආදී උෂ්ණ අධික ආහාර භාවිතා නොකළ යුතුය. එමෙන්ම අම්ල අධික ආහාර ලුණු දෙහි, තක්කාලි,අන්නාසි… ආදිය වැඩි වශයෙන් භාවිතා නොකළ යුතුය.
වැඩි වශයෙන් ජලය පානය කළ යුතුය.මුත්‍ර දැවිල්ල ඇතිවීම වලක්වා ගැනීමට වැඩි වශයෙන් ජලය පානය කිරීම සිදු කළ යුතුය. එනම් දිනකට වතුර ලීටර් 4 ක් පමණ අවම වශයෙන් පානය කළ යුතුය. එමෙන්ම කෘතිම බීම වර්ග, කෝපී වැනි පාන වර්ග භාවිතා නොකළ යුතුය.
එමෙන්ම ලිංගික ප්‍රදේශයේ සුවඳ විලවුන්, සබන් වර්ග,ආලේපන වර්ග භාවිතා කිරීමෙන් වැළකිය යුතුය. අවැසි නම් වෛද්‍ය උපදෙස් මත එවැනි නිශ්පාදන භාවිතා කළ හැකිය. එමෙන්ම මෙම රෝගය වැළඳීම වලක්වා ගැනීමට කපු ඇදුම්, ලිහිල් ඇඳුම් භාවිතා කිරීම වඩාත් සුදුසුවේ. ඊට අමතරව ආයුර්වේදය තුළ ද මේ සඳහා ස්භාවික ප්‍රතිකර්ම බොහොමයක් පවතී. එමෙන්ම නිවසේදී ද මේ සඳහා නොයෙකුත් ප්‍රතිකාර කල හැකිය.

කොළ කැඳ පානය කිරීම.මුගුණුවැන්න, ගොටුකොළ, හාතාවාරිය, එළබටු කොළ , මොණරකුඩුම්බිය,කරපිංචා, රණවරා, එරමුසු ආදී ඖෂධීය පලා වර්ග මගින් සකස් කර ගන්නා කැඳ වර්ග පානය කිරීම මගින් මුත්‍ර දැවිල්ල සමනය කර ගත හැකිය.
කොත්තමල්ලි කොත්තමල්ලි කබලේ බැද කුඩුකර උණුවතුරට දමා තේ මෙන් දිනපතා පානය කිරීම මගින් මුත්‍ර දැවිල්ල සමනය කර ගත හැකිය.
මුං ඇටමුං ඇට යනු පෝෂණ ගුණයෙන් මෙන්ම සිසිල් ගුණයෙන් අනූන ධාන්‍ය වර්ගයකි. එනම් මුත්‍ර දැවිල්ල සමනය කිරීමට මුං ඇට ආහාරයට ගැනීම ගුණදායකය. එනම් මුං ඇට තම්බා එම වතුර පානය කිරීම වඩාත් සුදුසු වන අතර ඊට අමතරව මුං ඇට කැඳ, මුං ඇට ව්‍යංජනයක් ලෙස සකස් කර ආහාරයට ගැනීම ගුණදායකය.එනම් ශරීර දාහය ඉන් සමනය වී ශරීරය සිසිල් කර ගත හැකිය.
- කටු අනෝදා ,කොමඩු,අලිපේර, පැපොල්, බෙලි වැනි පළතුරු නිතර ආහාරයට ගැනීම ගුණදායකය.
- පොල් පලා සහ අක්කාපාන සමව ගෙන තම්බා පානය කිරීම සුදුසුවේ.
- හීං බෝවිටියා කැඳ හෝ පළා මැල්ලුම
- ආහාරයට ගැනීම.
- තැඹිලි වතුර පානය කිරීම.
- තැඹිලි ගෙඩිය කපා ඊට කුරුඳු ,උළුහාල් කොටා මිශ්‍ර කර පානය කිරීම.
- එළවළු සුප් පානය කිරීම.
- බාර්ලි වතුර පානය කිරීම.
- සවි කැඳ සකස් කර පානය කිරීම.
- කස කසා ඇට පානය කිරීම.
- සියඹලා බීම සකස් කර භාවිතා කිරීම.
මේ ආදී වූ ප්‍රතිකාර නිවසේදීම සිදු කළ හැකිය. නමුත් නිදන්ගත රෝග ඇත්නම් මෙම ආහාර ගැනීමට ප්‍රථමව වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන්න. මෙම ප්‍රතිකාර වලින් සහනය සලසා ගත නොහැකි නම් වෛද්‍ය වරයෙකු මුණගැසී ප්‍රතිකාර ලබා ගැනීමට කටයුතු කරන්න.