දියවැඩියා රෝගීන් අදම වැළකිය යුතු ආහාර වර්ග 11 ක්

health tips

අද සමාජයේ බොහෝදෙනෙක් වයස් භේදයකින් තොරව පීඩා විදින දියවැඩියාව ඉතාම භයානක රෝගයක් බව ඔබ දන්නවා. බෝ නොවන රෝග බොහොමයක් අතරේ දියවැඩියා රෝගය ඉතා සුලභ රෝග තත්ත්වයක් විදියට අපට හඳුනා ගන්නට පුළුවන්. ඉතින් සෑම තත්ත්පර 22 ටම වරක් දියවැඩියා රෝගියෙක් සොයාගන්න ලැබෙන මේ ලෝකයේ ඔබත් එක් දියවැඩියා රෝගියෙක් කියලා දැනගත්තොත් ඇතිවන් පීඩනය සුළුපටු නැහැ කියලා ඔබ දන්නවා. ඉතින් දියවැඩියාව මුල් කාලීනව නිසි පරිදි හඳුනා ගැනීමත් නිසි පරිදි පාලනය කර ගැනීමත් සංකූලතාවලින් ආරක්ෂා වීමට ඉතාම වැදගත්. මොකද දියවැඩියාව නිසිලෙස පාලනය නොකළොත්  වකුගඩුවල ගැටළු, ග්ලූකෝමා තත්ත්වයන්, හෘදය ආශ්‍රිත රෝග ආදී හිසේ සිට දෙපතුළ දක්වාම සිරුරේ අවයවලට ඉතා දරුණු ගණයේ බලපෑම් ඇති වෙනවා.නමුත් ඖෂධවලින් පමණක් පාලනය කර ගන්නට නොහැකි මේ රෝගය පාලනයට අපේ ඇවතුම් පැවතුම් ආහාර රටාව ආදී සියල්ලම යහපත් ආකාරයට වෙනස් විය යුතු වෙනවා.ඉතින් දියවැඩියාව පාලනය කිරීම සඳහාත් ආහාර නිසි පරිදි පාලනය කිරීම අනිවාර්ය ඔබ ඔබ දන්නවා. ඉතින් මේ කියන්නට සූදානම් වන්නේ දියවැඩියා රෝගයෙන් පෙළෙන පුද්ගලයන් වැළකිය යුතුම ආහාර වර්ග කිහිපයක් පිළිබඳව.

මිනිස් ශරීරයේ ශක්තිය නිපදවන්නට අවශ්‍ය වන පෝෂ්‍ය පදාර්ථ වන්නේ කාබෝහයිඩ්රේට්, ප්‍රෝටීන් හා ලිපිඩ. මේ අතුරින් කාබෝහයිඩ්රේට් අපේ ශරීරට ඉතා දැඩි බලපෑමක් ඇති කරනවා. මොකද විශේෂයෙන්ම දියවැඩියා රෝගියෙක් වැඩි වශයෙන් කාබෝහයිඩ්රේට් ආහාරයට ගැනීම රුධිරයේ ග්ලූකෝස් මට්ටම් ඉහළ දමන්නට බලපාන නිසා. අධික ලෙස කාබෝහයිඩ්රේට් ශරීරයේ ඉහළ ගියොත් එය අපේ ස්නායු කෙරෙහිත් ඉතාමත් හානිදායක විදියට බලපෑම් ඇති කරනවා. හෘදරෝග ඇතිවීමේ අවදානමත් ඉහළ දමනවා. ඒ නිසා දියවැඩියාව විතරක් නෙවෙයි බෝ නොවන රෝග බොහොමයකට හේතුවන අධික පිෂ්ඨය පාලනයකින් යුතුව ලබා ගැනීම වැදගත් .

අධික පැණි රස බීම වර්ග 

මෙවැනි බීම වර්ගවල අධික වශයෙන් ග්ලූකෝස් අඩංගු වෙන නිසා මෙවැනි පානයන්වලින් වැළකීම දියවැඩියා රෝගය පාලනය කර ගන්නට උපකාරී වෙනවා.

  • මිලි ලීටර් 534  සෝඩා පානයක අඩංගු ග්ලූකෝස් ප්‍රමාණය 38g ක් .
  • අධික පැණි රසයෙන් යුක්ත ලෙමනේට්වල අඩංගු ග්ලූකෝස් ප්‍රමාණය 36 g ක් 

ඒ හැරුණාම මේ අධික පැණි රස බීමවල වැඩි වශයෙන් ෆ්රුක්ටෝස් අන්තර්ගත වෙනවා. වැඩි වශයෙන් ෆ්රුක්ටෝස් සිරුරට ලැබීම දියවැඩියාවට ඉතාම අහිතකරයි වගේම අධික තරබාරුවටත්, අක්මාව ආශ්‍රිත රෝගවලටත් හේතුවක්. ඒ නිසා දියවැඩියාවෙන් වැලකෙන්නට වගේම දියවැඩියාව වළක්වා ගන්නටත් මේ පැණි රස පානයන් ගැනීමෙන් වැළකිය යුතුයි.

ට්‍රාන්ස් මේදය අඩංගු ආහාර මේ ට්‍රාන්ස් මේදය ආහාරවලට එකතු කරන්නේ ආහාර කල්තබා ගැනීම සඳහා.අපි නිතරම ගන්නා මාගරින්, පීනට්, බටර් වගේ ආහාරවල  ට්‍රාන්ස් මේදය අඩංගු වෙනවා.  ඒ විතරක් නෙවෙයි බොහෝ බේකරි කෑමවලත් මේ ට්‍රාන්ස් මේදය අන්තර්ගත වෙනවා. නමුත් මේ ට්‍රාන්ස් මේදය ඍජුවම අපේ ශරීරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ අගයක් කරා ගෙන යන්නට උපකාරී නොවුණත් එයින් ඉන්සියුලින් හෝර්මෝනයට අහිතකර බලපෑම් එල්ල කරනු ලබනවා. ඒ නිසා ශරීරයට අවශ්‍ය කරන කොලෙස්ටරෝල් ප්‍රමාණයත් වැඩි කරමින් රුධිර ග්ලූකෝස් මට්ටමත් වැඩි කරනු ලබනවා. ඒ නිසා දියවැඩියා රෝගයෙන් වැළකීමට මේ ට්‍රාන්ස් මේදය අඩංගු ආහාර  වර්ගවලින් වැළකීම අත්‍යවශ්‍ය වෙනවා. ආහාරයක් මිලට ගැනීමේදී එහි ලේබලයේ අර්ධ ලෙස හයිඩ්රජනීකරණය කරන ලද ආහාර ලෙස සඳහන් කර තිබේ නම් ඒ ආහාර මේ ට්‍රාන්ස් මේදය අඩංගු ආහාර වන නිසා ඒවා මිලට ගැනීමෙන් වළකින්න.

  • සුදු බත්, සුදු පාන් සහ පැස්ටා 
  • පලතුරු රස ඇති යෝගට් සහ අධි ශීත යෝගට් 

සාමාන්‍ය යෝගට් දියවැඩියා රෝගීන්ට සුදුසු වුණත් පලතුරු රසයක් ඇති යෝගට් දියවැඩියා රෝගීන්ට සුදුසු ආහාරයක් නොවෙයි. මේ පලතුරු රස යෝගට් සැකසීමේදී භාවිතා කරන්නේ අඩු මේදය හෝ මේද රහිත  කිරි. ඒ වගේම මේ යෝගට්වලට අධික සීනි ප්‍රමාණයක් එකතු කරනවා. ඒ නිසා දියවැඩියා රෝගීන් එයින් වැළකී සිටිය යුතුයි.

පැණි රස ධාන්‍ය  

දියවැඩියා රෝගය සඳහා ධාන්‍ය වර්ග උදෑසන ආහාර ලෙස ලබා ගැනීම ඉතා හිතකර බව අපි දන්නවා. නමුත් කෘතීම ලෙස සකස් කරන ලද ධාන්‍ය  වර්ගවල ග්ලූකෝස් අගය ඉතා ඉහළයි. ඒ නිසා එය ඉතා ඉක්මනින් රුධිරයේ ග්ලූකොස් මට්ටම් වැඩි කරන්නට හේතු වෙනවා. ඒ නිසා උදෑසන ආහාරවේලට කාබෝහයිඩ්රේට් ග්ලූකොස් අඩංගු නැති පලතුරු වර්ග රතු බත් ආදිය එකතු කර ගැනීම ඉතා සුදුසුයි.

  • මී පැණි සහ වෙනත් සිරප් වර්ග 
  • වියළි පලතුරු 

වියළන ලද පලතුරුවල ජලය ඉවත් වී ඇති නිසා විටමින් ඛනිජ ලවණ පොටෑසියම් අයන ආදී පෝෂ්‍ය පදාර්ථ සාන්ද්‍රණය ඉතා ඉහළයි. ඒ වගේම මේ වියළි පලතුරුවල සීනි සාන්ද්‍රණයත් ඉහළයි. ඒ නිසා එවැනි ආහාරවලින් වැළකීම දියවැඩියා රෝගීන්ට ඉතා හිතකරයි.

  • සකසන ලද ක්ෂණික ආහාර වර්ග 
  • පලතුරු යුෂ 

මේ පලතුරු යුෂ සිරුරට ඉතා ඉහළ පෝෂ්‍ය පදාර්ථ ලබා දුන්නත් මේවායේ ඉහල සීනී සාන්ද්‍රණයක් වගේම ෆ්රුක්ටෝස් අන්තර්ගත වෙන්නට පුළුවන්. ඒ නිසා දියවැඩියා රෝගීන්ට අධික පැණි රස පලතුරු යුෂ එතරම් හිතකර වන්නේ නැහැ.

ෆ්රෙන්ච් රයිස් 

අර්තාපල්වලින් සකසන ලද ෆ්රෙන්ච් රයිස් රුධිර ග්ලූකෝස් මට්ටම වැඩි කරන්නට හේතුවෙනවා.එළකිරි හා මී කිරි අධි මාත්‍රාවෙන් ගැනීම, උක් හකුරුවලින් කළ ආහාර අහිතකරයි. ඒ වගේම මෝරන ලද අධික පැණි රසයෙන් යුක්ත තැඹිලිත් දියවැඩියා රෝගීන්ට හිතකර නැහැ. බීට් රූට්, වට්ටක්කා, කැරට්, බතල ආදී අධික සීනි අඩංගු ආහාර හා අධික සීනි සහිත පලතුරු ආදියත් දියවැඩියා රෝගියෙකු වැළකිය යුතු ආහාර ගණයටයි එකතු වෙන්නේ.ඉතින් මේ ආහාරවලින් වැළකීම තුළින් දියවැඩියා රෝගය ඉතා පහසුවෙන් පාලනය කරගන්නට අපිට පුළුවන්.