ඔබේ දරුවා නිරෝගී බුද්ධිම දරුවෙක් බවට පත් කරන්නට නම් දරුවන්ට පෝෂණ ගුණයෙන් ඉහළ සමබල ආහාර වේලක් ලබා දෙන්නට ඕන. දෙමව්පියන් විදිහට ඔබට තමන්ගේ දරුවන්ට ලබාදෙන සෑම ආහාරයක් ගැනම හොඳ දැනුවත් භාවයකින් තියෙන්නට ඕන. මොකද ළමා වයසේ ඔවුන්ට ලබා දෙන ආහාර පාන ඔවුන් වයසින් වැඩෙන විට ඔවුන්ගේ සෞඛ්‍ය සම්පන්න බවට එය දැඩිව බලපෑම් කරනවා. දරුවන්ට ගුණ ආහාරයක් කවා ගන්නට දෙමව්පියන්ට ගොඩක් අසීරු නිසාම දරුවන් වඩාත් කැමැති ආහාරපාන ඔවුන්ට ලබා දෙන්නට දෙමව්පියන් කටයුතු කරනවා.
විශේෂයෙන්ම දරුවන්ට ආදරේ නිසාම බොහෝ දෙමවුපියන් දරුවන් ආස කරන හැම කෑම බීමක්ම ඔවුන්ට අරන් දෙනවා. රසවත් ආහාර ගන්නට දරුවන් බොහෝ කැමති නමුත් දෙමව්පියන් විදිහට ද රුවන් ප්‍රිය කරන කෑම වෙනුවට ගුණයෙන් ඉහළ දරුවන්ට අහිතකර නොවන ආහාර තෝරා බේරාගෙන ලබාදීම තමයි වැදගත් වෙන්නේ. අද වෙද්දි වයස් භේදයකින් තොරව පිළිකා, දියවැඩියාව ආදී රෝගවලට දරුවන් බොහොමයක් ගොදුරු වෙලා ඉන්නේ මෙන්න මේ කාරණා පිළිබඳව දෙමව්පියන් තුළ ඇති දැනුවත් බව මද බව නිසාමයි.
අද අපි සිතුවා දරුවන්ට කවදාවත් ලබා දෙන්න හොඳ නැති ආහාර කිහිපයක් පිළිබඳව ඔබව දැනුවත් කරන්නට. මොකද කිසිම දෙමව්පියෙක් කැමති නැහැ තමන්ගෙ දරුවන් අනාගතයේදී රෝගී වෙනවා දකින්නට. ඉතින් අපි බලමු මේ ආහාර මොනවද කියලා.

වර්ණ ගන්වන ලද යෝගට් සෞඛ්‍යරක්ෂිතව ගුණයෙන් ඉහල අමුද්‍රව්‍ය භාවිතයෙන් හදන යෝගට් එකක් දරුවන්ට හිතකර වුණත් රාක්ක වල අසුරා තියෙන වර්ණ ගන්වන ලද යෝගට් දරුවන්ට හිතකර වෙන්නේ නැහැ. විශේෂයෙන්ම අද බොහෝ විට වෙළෙඳපොළේ පවතින යෝගට් පැණි රසයකින් යුක්තයි. හොඳ යෝගට් එකක රසය වෙන්නේ ඇඹුල් රසය. ඒ නිසා ඔබ මිලට ගන්නා යෝගට් එකක අඩංගු ද්‍රව්‍ය පිළිබඳව සැලකිලිමත් වෙන්න. මොකද බොහෝ සමාගම් කිරිපිටිවලින් පමණක් යෝගට් නිෂ්පාදනය කරන අවස්ථා තියෙනවා. ඒ හැරුණාම ජෙලටින් වගේම නොයෙකුත් රසායනික එයට එකතු කරනු ලබනවා. ඒ නිසා යෝගට් එකක් දරුවන්ට ලබා දීමේදී එහි අඩංගු ද්‍රව්‍ය පිළිබඳව සැලකිලිමත් වීම වැදගත්.
පළතුරු යුෂ දරුවන් වගේම වැඩිහිටි අපි කවුරුත් ආස රසයක් තමයි පැණි රස. මේ පලතුරු යුෂවල අධික සීනි සාන්ද්‍රනය නිසා ඒවා අධික පැණි රසකින් සමන්විතයි. ඒ විතරක් නෙවෙයි ඒවායේ වර්ණයත් දරුවන් ආකර්ෂණය කරගන්නට සමත් වෙනවා. නමුත් දරුවන්ට මේ පලතුරු යුෂ පානය එතරම් හිතකර වෙන්නේ නැහැ. විශේෂයෙන්ම එක් පලතුරු බීම වීදුරුවක සීනි හැඳි 5ත් 7ත් අතර ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා. කුඩා දරුවෙකුට නම් මේ ප්‍රමාණය ඉතාම වැඩියි. ඒ නිසා වෙළඳපොලේ පවතින පලතුරු යුෂ දෙනවට වඩා පලතුරු කපා දරුවන්ට ආහාරය පිණිස දෙන්නට පුළුවන්. එහෙමත් නැත්නම් නිවසේදී සෞඛ්‍ය ආරක්ෂිතව පලතුරු යුෂ සාදා දරුවාට ලබා දෙන්න පුළුවන්. නමුත් කිසිවිටෙකත් වෙළඳපොළේ ඇති පලතුරු දරුවන්ට ලබාදීම නම් කොහෙත්ම සුදුසු නැහැ.
මිල්ක් ශේක් සහ සෝඩා බීම වර්ග දරුවන්ට ලබා නොදිය යුතු ආහාරයක් තමයි මේ මිල්ක් ෂේක් කියන්නෙ. මෙයින් දරුවන්ට ඇතිවන බලපෑම් කොකා කෝලාවලින් අපේ ශරීරයට ඇතිවන බලපෑම හා සමානයි. නිතර නිතර ඔබ ඔබේ දරුවාට milkshake පානයට ලබා දෙනවා නම් ඒ දරුවාගේ තන්තුක වාහිනී පද්ධතියට එය විශාල බලපෑමක් වන්නට පුළුවන්.
coca cola, sprite, පැන්ටා ආදිය සෝඩා බීම වර්ග වෙළෙඳ පොළේ අද සුලභයි. ඒවායේ රසට පාටට දරුවන් ගොඩක් කැමතියි. නමුත් මේ බීම වර්ග දරුවන්ගේ ආහාර ජීර්ණ පද්ධතියට, අස්ථිවලට සහ දත්වලටත් ඉතාම අහිතකර විදිහට බලපානවා. මේ සෝඩා බීම වර්ග පානයෙන් බොහෝ වේලාවක් කුසගිනි ඇති නොවී තියෙන නිසා එය දරුවන්ට තවත් අහිතකරයි.
මැකරෝනි හා චීස් වර්ග මැකරෝනි,චීස් වර්ග වගේම කලින් සකස් කර ඇසුරුම් කරන ලද ආහාර ලොකු පොඩි අපි කාටවත් එතරම් හිතකර වෙන්නේ නැහැ. ඇසුරුම් කරන ලද මැකරෝනිවල තියෙන්නේ සෝඩියම් සහ පරීක්ෂණ ද්‍රව්‍ය විතරමයි .ඒ වගේම බොහෝ චීස් වර්ග නිෂ්පාදනය කරන්නේ නැවුම් එලකිරිවලින් නෙවෙයි. එනිසා මේ වගේ ආහාරවල කිසිම පෝෂණ ගුණයක් නැහැ. ලොකු පොඩි කාටත් මේ වගේ සකස් කරන ලද ආහාර නොගන්නා තරමට හොඳයි. විශේෂයෙ න්ම මේ ආහාර දරුවන්ගේ ආහාර ජීර්ණ පද්ධතියට අස්ථි වලට වගේම ඔවුන්ගේ වර්ධනයටත් විශාල බාධාවක් ඇති කරනවා.
ඒ වගේම ගැඹුරු තෙලේ බදින ලද බදින ලද මස්, මාළු, අල පෙති, පේස්ට්‍රි, පැටිස්, ඩෝනට් ආදී දේවල් ද දරුවන්ට හෝ වැඩිහිටියන්ට කෙසේ වත් ආහාරයට සුදුසු දේවල් නම් නෙවෙයි. අධික ලෙස මේද සහ කැලරි බහුල මේ ආහාර දරුවන්ගේ වර්ධනයට විශාල බාධාවක් ඇති කරනවා. ඒ වගේම දරුවන් ස්ථුල කරන්නත් මේ ආහාර වැඩි වශයෙන් බලපානවා.
ටින් මාලු මාළු දරුවන්ගේ වර්ධනයට අනිවාර්යෙන්ම ලබාදිය යුතු ආහාරයක්. නමුත් රසදිය අඩංගු කරන ලද ටින් මාළුවලින් නම් නැවුම් මාළු වලින් ලැබෙන පෝෂණය කොහොමවත් ලැබෙන්නේ නැහැ. මේ ටින් කරන ලද මාලු දරුවාගේ ස්නායු පද්ධතියට විශාල හානියක් කරන්නට හැකි නිසා එවැනි ආහාර දරුවන්ට ලබා දෙන්න එපා.

පැණි දරුවන් බොහෝ කැමති ආහාරයක් වුණත් පැණි කියන්නේ බොහෝ විට දරුවන්ට ආසාත්මිකතා පවා ඇති කරන්නට සමත් ආහාරයක්. විශේෂයෙන්ම අවුරුදු 2 ට වඩා අඩු දරුවන්ට පැණි කෙසේවත් ලබාගත දෙන්නට සුදුසු නැහැ. පැණිවල අධික ලෙස බැක්ටීරියා අඩංගු වෙනවා. ඒ වගේම ආහාර ජීර්ණ පද්ධතියටත් විශාල බලපෑමක් කරන්නට සමත් වෙනවා. ඕනෑම පැණි වර්ගයක බැක්ටීරියා වර්ග ජීවත් වෙන නිසා පොඩි දරුවන්ට පැණි ලබා දීමේදී හොඳින් සිතා බැලීම වැදගත්.
ධාන්‍ය වර්ග ධාන්‍ය වර්ග ලොකු පොඩි හැමෝටම හොඳ පෝෂණයක් ලබා දෙන ආහාරයක් විදිහට තමයි සඳහන් වෙන්නේ. කෝන්ෆ්ලේක්, serial වර්ග එකට එකතු කර සකස් කරන විවිධ කෑම වර්ග වෙළඳ දැන්වීම් වලින් දරුවන්ට ඉතාම සුදුසු බවට සඳහන් කරත් ඒවා දරුවන්ට එතරම් හිතකර වෙන්නේ නැහැ එයට එක් හේතුවක් තමයි මේ ආහාරවලට අධික ලෙස සීනි එකතු කර තිබීම. අනෙක් කාරණය වෙන්නේ ඉරිඟු, තිරිඟු, ඕට්ස් ආදී ඉහළ පෝෂණයක් තියෙන ධාන්‍ය වර්ග වර්ග මේ සඳහා එකතු කරත් එහිදී මෙහි ඇති කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය සම්පූර්ණයෙන් ඉවත් කිරීම. මේ ආහාර මගින් ශරීරයට එකතුවන සීනි ප්‍රමාණය වැඩි වෙනවා. ඒ නිසා මෙවැනි ධාන්‍ය අඩංගු යැයි සඳහන් වෙන නිෂ්පාදන දරුවන්ට ලබා දෙනවට වඩා නැවුම් ධාන්‍ය ඔබට නිවසේදී විවිධාකාරයෙන් රසවත් විදිහට පිළියෙල කළ දරුවන්ට ලබාදෙන්න.
මිදි ලොකු කුඩා අපි හැම හැමෝම කැමති පලතුරක් තමයි මිදි කියන්නේ. මේ මිදි නුසුදුසුයි කියන්නේ අවුරුදු 2 ට වඩා අඩු දරුවන්ට. මොකද ඔවුන්ගේ ආහාර ජීරණයට යම් බාධාවක් ඇති කරන නිසා . ඒ නිසා පොඩි දරුවන්ට මිදි වගේ පළතුරක් ලබා දෙනවට වඩා කෙසෙල් වගේ පළතුරක් ලබා දෙන්නට ඔබට පුළුවන්.
ඉතින් දෙමාපියන් විදිහට මේ ආහාර හැකිතාක් දරුවන්ගෙන් ඈත් කර ඒවා වෙනුවට ගුණාත්මක ආහාර දරුවන් ආස කරන විදිහට සෞඛ්‍ය ආරක්ෂිතව සකසා දෙන්නට පුළුවන් නම් එය දරුවාගේ යහපත් වර්ධනයට වගේම නිරෝගි බවටත් හේතු වෙනවා.