අපි ගන්නා ආහාර නැවුම්ව ගන්නට ඕන වගේම ඒවායේ පෝෂණයට හානි නොවන ආකාරයට ගබඩා කර තබා ගැනීමත් හරිම වැදගත්. අද බොහෝ දෙනෙක් ආහාර නරක් නොවී කල්තබා ගැනීම සඳහා ශීතකරණය භාවිතා කරනවා. නමුත් ශීතකරණය තුල යම් ආහාරයක් කාලයක් තබා ගන්නට හැකියාව ලැබුණත් එමගින් ආහාරවල අඩංගු පෝෂණය බොහෝ දුරට විනාශ වෙලා යන්නට ඉඩකඩ වැඩියි. ඒ වගේම පැහැය සුවඳ පවා මේ නිසා වෙනස් වෙනවා. අපි බලමු ශීතකරණයේ ගබඩා කර තැබිය යුතු නොවන මේ ආහාර මොනවද කියලා.

අර්තාපල් අර්තාපල් ශීතකරණයේ ගබඩා කළොත් එය ඉතා ඉක්මනින් නරක් වෙන්නට පුළුවන්. ඒ විතරක් නෙමේ අර්තාපල්වලට ආවේණික රසයත් වෙනස් වෙනවා. අර්තාපල් අපිට කාමර උෂ්ණත්වයේ තබාගන්නට හැකි ආහාරයක් නිසා ශීතකරණය අවශ්‍ය වෙන්නේ නැහැ.
පිපිඤ්ඤා පිපිඤ්ඤා ජලය වැඩිපුර අඩංගු ආහාරයක් බව අපි දන්නවා. ඒ නිසාම ශීතකරණයේ ගබඩාකර තැබූවොත් මේ ආහාරය ඉතා ඉක්මනින් නරක් වෙලා හානියට පත් වෙනවා. ඒ නිසා ඔබට පිපිඤ්ඤා නැවුම්ව ආහාරයට එකතු කරගන්නට අවශ්‍ය නම් පිසීමට පෙර ශීතකරණයේ තබා ගන්නට පුලුවන්. එහෙම් නැතුව බොහෝ කල් තබා ගැනීමේ අරමුණින් ශීතකරණයේ ගබඩා කර තබා ගැනීම සුදුසු නැහැ.
කැරට් පිපිඤ්ඤා වගේම කැරට් කියලා කියන්නේ ස්වභාවික ජල සංයුතියක් අඩංගු වෙලා තියෙන ආහාරයක්. සීතල පරිසරයක ගබඩා කර තැබුවාම ඉතා ඉක්මනින් ඒවා නරක් වෙනවා. ඒ නිසා කැරට් ශීතකරණයේ ගබඩා නොකර කාමර උෂ්ණත්වයේ අසුරා තබා ගන්නට පුළුවන්..
කෙසෙල් කෙසෙල් ශීතකරණයේ ගබඩා කර තැබීම කොහෙත්ම සුදුසු දෙයක් නෙවෙයි. මේ අධික ශීතල නිසා කෙසෙල් ඉක්මනට කළු පැහැයක් ගන්නවා. ඒ නිසා කෙසෙල් වගේ පලතුරු කාමර උෂ්ණත්වයේ තිබීම තමයි වඩාත් සුදුසුයි.
ඇපල් ඇපල්වල නියම රසයට ගුණයට වගේම සුවඳටත් බාධා කරන දෙයක් තමයි ඇපල් ශීතකරණයේ ගබඩා කර තැබීම. අලෙවිසැල්වල වුනත් ඇපල් තියෙන්නෙ ශීතකරනවල නෙමෙයි. ඒ නිසා ඒවායේ නියම රස සුවඳ පවත්වා ගන්නට නම් ඇපල් කාමර උෂ්ණත්වයේ තිබෙන්නට අවශ්‍යයි. නිවසට ගෙනෙන වහාම ඇපල් වගේ දේවල් ඔබ ශීතකරණයේ දානව නම් එමගින් ඇපල්වල තියෙන රසය සුවඳ වගේම මතුපිට පෙනුමත් බොහෝදුරට විනාශ වෙන්නට පුළුවන්.
තක්කාලි වැඩි දෙනෙක් තක්කාලි නැවුම්ව තබා ගන්නට ශීතකරණයේ ගබඩා කරල තියෙනවා .ඒකට හේතුවෙලා තියෙන්නේ සැලඩ් සලාද ආදියට භාවිතා කරද්දි ඒවා නැවුම් බවකින් තිබිය යුතු නිසා. නමුත් ඒ සඳහා ඔබට තක්කාලි දින ගණන් ශීතකරණයේ තබන්නට ඕන වෙන්නේ නැහැ. නැවුම් තක්කාලි ඔබට අවශ්‍ය නම් ඒවා ආහාරයට එකතු කර ගන්නට කලින් ශීතකරණයේ ටික වෙලාවක් තබා ගන්න.
සෝයා සෝස් කාමර උෂ්ණත්වයේ තිබිය යුතු බොහෝ දේවල් අපි ශීතකරණයේ ගබඩා කරන්නට පුරුදු වෙලා ඉන්නවා. ඇතැම් විට ඒවාට කිසිම හේතුවක් ඇත්තෙත් නැහැ. ඒ වගේ දෙයක් තමයි සෝයා සෝස් කියන්නේ. එළියේ තබා ගන්නට හැකි සෝයා සෝස් ශීතකරණය ගබඩා කර තිබීමෙන් එහි අඩංගු බැක්ටීරියා ප්‍රතිකාරකවල තියෙන ක්‍රියාකාරීත්වය අඩු වෙනවා වගේම තමයි රසයත් අඩු වෙනවා.
ළූණු සුදු ලූනු, රතුලූනු, බී ලූනු ආදී ළූණු වර්ග බොහෝ කාලයක් ශීතකරණයේ ගබඩා කර තැබීමෙන් එහි පෝෂණ ගුණය අඩු වෙනවා වගේම ඒවා නරක් වන්නටත් හේතුවක් වෙනවා. ඒ නිසා ළූණු ගබඩා කර තැබිය යුත්තේ හොඳින් වාතාශ්‍රය ලැබෙන පරිසරයක මිස ශීතකරණයේ නොවෙයි.

මී පැණි මී පැණි කියන්නේ අපේ අතීත මුතුන් මිත්තන් මස් ආදි ආහාර කල් තබා ගැනීම සඳහා භාවිතා කරපු ගුණාත්මක ආහාරයක්. ඉතින් මී පැණි බෝතලයක අසුරා අවුරුදු ගණනාවක් වුණත් ලබා ගන්නට හැකියාව තියෙනවා. ඒ නිසා මී පැණි වගේ දේවල් ශීතකරණයේ ගබඩා කර තැබීම කිසිසේත්ම සුදුසු නැහැ.
පාන් පාන් ආදිය ශීතකරණය ගබඩා කර තැබීමෙන් එහි රසය ඉතා ඉක්මනින් අඩුවෙලා යනවා .ඒ නිසා පොලිතින් ඈග්වල අසුරා කාමර උෂ්ණත්වයේ තබා ගැනීම තමයි සුදුසු.
කෝපි අවට ඇති සුවඳ අවශෝෂණය කර ගන්නට හැකියාවක් කෝපි සතු වෙන නිසා කෝපි ශීතකරණය තුළ ගබඩා කර තැබූවත් අනිත් ඒවායේ සුවඳ කෝපි මගින් අවශෝෂණය කරගනු ලබනවා. ඒ විතරක් නෙවෙයි කෝපිවල රසයත් හීන වෙලා යනවා.
සහල් සහ වෙනත් ධාන්‍ය වර්ග පිසන ලද බත් ශීතකරණයේ තැබුවත් වියළි සහල් හෝ ධාන්‍ය වර්ග ශීතකරණය තැබීම සුදුසු වෙන්නේ නැහැ. මොකද වියළි සහල් ඇතුළු ධාන්‍ය වර්ග එළියේ හොඳින් ගබඩා කර තැබීමෙන් වසර ගණනාවක්ම තබා ගන්නට පුළුවන්. ඒවාට වේයන් ගුල්ලන්ගෙන් වන හානිය වළක්වා ගන්නට වෙනත් විවිධ පිළියම් ඔබට යොදා ගන්නට පුළුවන්. සහල් සහ ධාන්‍ය වර්ගත් කාමර උෂ්ණත්වයේ දී කිසිදු හානියකින් තොරව තියා ගන්නට හැකි නිසා ශීතකරණයේ තැබීම අනවශ්‍යයි.
ශීතකරණය අපිට ආහාර නැවුම්ව තබාගන්නට අත්‍යවශ්‍ය වුණාට කාමර උෂ්ණත්වය තබාගන්නට හැකි ආහාර පාන ශීතකරණයේ ගබඩා කර තැබීමෙන් එහි රසය සුවඳ වගේම පෝෂණ ගුණයත් අඩුවෙනවා. ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වෙමින් කටයුතු කරන්නට ගෘහණියන් වන ඔබ දැනුවත් විය යුතුයි.