සම මතුපිට ඇතිල්ලීම නිසා සම ඝනකම් වී සම මියයයි.මෙසේ කකුලේ දෙපැත්තේ හා යටි පතුල් වල කුඩා ප්‍රමාණවලින් ඉහළට මතුවී ඇති ඝනකම් සම හඳුන්වන්නේ corns හෙවත් ගල් තැළුම් ලෙසයි(අත් වල මතුවන තත්වය හඳුන්වන්නේ කරගැට ලෙසයි). නිතර සම ඇතිල්ලෙන ප්‍රදේශ වලයි මේවා වර්ධනය වන්නේ.
ගල් තැළුම් ආශ්‍රිත ඝනකම් සම වේදනාකාරි නොවුණත් ඊට යටින් මියගිය සමේ ආසාදනයක් ඇතිවෙන නිසා ආසාදිත පටක වලින් වේදනාව මතුකරයි.මෙම ගල් තැළුම් මත නිතර හෝ අධික පීඩනයක් එල්ලවීමෙන් ද ඒවායේ අපහසුතාවක් හා වේදනාවක් ඇතිවිය හැකියි.අධ්‍යයන වලින් පෙන්වාදෙන ආකාරයට අනුව පිරිමි අයට වඩා කාන්තාවන් හට මේවා ඇතිවීමේ ප්‍රවණතාව වැඩිය.මලල ක්‍රීඩකයින්,ඔත්පලව සිටින රෝගීන්,ඇවිදීමේ අපහසුතා ඇති රෝගීන්,දියවැඩියාව හා වයස්ගත පුද්ගලයින් ගල් තැලුම් ඇතිවීමේ අවදානම වැඩි අයයි.මේ තත්වය සමනය කරගැනීමට ප්‍රයෝජනවත් පිළියම් කිහිපයක් ගැනයි පහළින් දැක්වෙන්නේ.

පමිස් ගලක් භාවිතයෙන් මැරුණු සම ඉවත්කිරීම පළමුව ඔබේ කකුල් හෝ අත් උණුසුම් වතුරේ මිනිත්තු 10ක් පමණ පොඟවාගන්න.මින් තැළුම හෝ කරගැටය සහිත සම මෘදු මොළොක් වී ඉවත්කිරීමට පහසුවේ. ඉන් පසු පමිස් ගලක් ගෙන උණුසුම් වතුරේ තත්පර කිහිපයක් ඔබා,කකුලේ දෙපැත්ත ,යටි පතුල් කවාකාර චලනයකින් අතුල්ලන්න. මිනිත්තු කිහිපයක් මෙසේ කිරීමේදි මැරුණු සෛල තට්‍ටුව ඉවත්වී යයි.තදින් ඇතිල්ලීමෙන් වළකින්න.නැතිනම් සම තුවාල වී ලේ ගැලීම හෝ ආසාදනය වීමට ඉඩ ඇත.
ඇපල් සයිඩර් විනාකිරි සමේ ප්‍රදාහය, ආසාදන අඩුකිරීමට හොඳ පිළියමකි. මේවායේ බහුල මැලෙයික් අම්ල වල මැරුණු සම ඉවත්කිරීමට හැකියාව ඇත. ක්ෂුද්‍රජීවි වර්ධනය වීම පාලනය කරයි. පළමුව ඔබේ කකුල් උණුසුම් වතුරේ මිනිත්තු 10ක් පොඟවාගෙන ඉන්න.ඇපල් සයිඩර් විනාකිරි මේස හැඳි දෙකක් බඳුනකට දමා පුළුන් කැබැල්ලක් එහි පොඟවා මිනිත්තු 5ක් පමණ තැළුම් සහිත සම මත ආලේප කරන්න.දිනකට කිහිපවරක් සතියක් පමණ කිරීමෙන් හොඳ ප්‍රතිඵලයක් ලැබෙනු ඇත.
එඬරු තෙල් ගල් තැළුම් වලට ඵලදායිම පිළියමකි.එඬරු ඇට වලින් සාදන මෙම තෙල් වල බොහෝ ගුණ ඇත.සම මත ගැල්විමෙන් මැරුණු සම මත ලිහිසිකාරක ගුණයක් ඇතිකර ඝනකම් සම මෘදුකරයි.අත්ලට තෙල් ස්වල්පයක් ගෙන මදක් උණුසුම් කරන්න.තැළුම් ඇති තැන් වල ආලේප කර, හොඳින් සම්බාහනය කරන්න.දිනපතා රාත්‍රියේදී සති කිහිපයක් පුරා මෙය කරන්න.
ඇස්ප්‍රින් මෙම වේදනානාශක පෙති වේදනාව අඩුකරනවා පමණක් නොව ඒවා ඉවත්කිරීමද සිදුකරයි.ඇස්ප්‍රින් වල සැලිසිලික් අම්ල අඩංගු නිසා මැරුණු සෛල ඵලදායිව ඉටුකරයි.වයසත් සමඟ ඇතිවන සමේ ගැටලු වලට මෙම අම්ල ගුණදායකයි.සමට පහළින් ඇති ස්තර අළුත්වැඩියා වීම සඳහා අවශ්‍ය නව අපිච්ඡදක ස්තරයක් වර්ධනය වීම උත්තේජනය කරයි.පෙති 1-2ක් කුඩු කර වතුර සමඟ මිශ්‍ර කර පේස්ට් එකක් සාදාගන්න.තැළුම් මත ගල්වා මිනිත්තු 10ක් පමණ තබන්න.සීතල වතුරෙන් සම සෝදන්න.දිනකිහිපයක් පුරා මෙය කරන්න.සියුම් දැවිල්ල සාමාන්‍ය වුව ද අධික දැවිල්ලක් ඇතිවේ නම් භාවිතය නවතන්න.

බේකිං සෝඩා කොරල වැනි මියගිය සම ආශ්‍රිත සම ඝනකමට වර්ධනය වී ඇති කොටස් ඉවත්කිරීමට බේකිං සෝඩා පිළියමකි.සෝඩියම් බයිකාබනේට් වන මේවා මැරුණු සෛල ඉවත්කරන ස්වභාවික පිරිසිදුකාරකයකි.බේකිං සෝඩා මේස හැඳි 3ක් කුඩා වතුර බේසමකට මිශ්‍ර කර ඔබේ කකුල් එහි මිනිත්තු 10ක් පමණ පොඟවාගෙන ඉන්න.පසුව පමිස් ගලකින් සම අතුල්ලන්න.මේ සඳහා රබර් අත්වැස්මක් හෝ ස්පොන්ජ් එකක් යොදාගත හැකියි.දිනපතා කරන්න.
සුදුලූනු සමේ ගැටළු වලට සුදුලූනු පිළියමක් ලෙස භාවිත වන අවස්ථා ද ඇත.ඊට හේතුව ඒවායේ ප්‍රතිඔක්සිකාරක හා ප්‍රතිප්‍රදාහක මෙන්ම ප්‍රතිශක්ති ප්‍රවර්ධක ගුණ අඩංගු වීමයි.සමේ තුවාල සුවවීම නියාමනය කිරීමට ද සහය දෙයි.ගල් තැළුම් වල විශාලත්වය අඩු කර වේදනාව හා ප්‍රදාහය සමනය කරයි.සුදුලූනු බිකි 2ක් තබා පේස්ට් එකක් සාදාගන්න. සාමාන්‍ය පටක වල නොගෑවෙන සේ තැළුම් ඇති තැන් වල පමණක් ගල්වන්න.මිනිත්තු 10-15ක් තබාගෙන සිටිමින් සීතල වතුරෙන් සෝදාහරින්න.දින කිහිපයක් මෙය සිදුකරන්න.
ලූනු-සුදුලූනු වලට සමාන ප්‍රතිලාභ දෙන ලූනු මඟින් සම මත ඝනකම් ස්තරය මෘදුකර, එහි විශාලත්වය අඩුකරයි.ආසාදන ඇතිවීම අඩුකිරීමට සහය දෙයි.ලූනු ගෙඩියක් කැබලි ලෙස කපා,අඹරා පේස්ට් එකක් සාදාගන්න.සම මත ගල්වා මිනිත්තු 10ක් පමණ තබා සෝදා හරින්න.නැතිනම් ලූණු පෙති කපා මිනිත්තු කිහිපයක් ගල් තැළුම් මත අතුල්ලන්න.