පුද්ගලයකුගේ සුන්දරත්වය ගැන කතා කරද්දි බොහෝ දෙනා මුහුණට ලබාදෙන අවධානය ශරීරයේ අනෙකුත් අංගවලට ලබා දෙන්නේ නැහැ . විශේෂයෙන්ම බොහෝදෙනෙක් තමන්ගේ දෙපාවලට ලබාදෙන්නේ අඩු සැලකිල්ලක්. පුද්ගලයකුගේ සුන්දරත්වය සඳහා බලපාන වගේම ඉහළ සනීපාරක්ෂාවක් ලැබිය යුතු ඉතාම වැදගත් අංගයක් වෙන පාද සම්බන්ධයෙන් කතා කරද්දි යටි පතුල් පැලීම නැත්තම් විලුඹ පැලීම කියලා කියන්නේ අද වෙනදි වැඩිහිටියන් වගේම යෞවනයන් බොහෝදෙනෙක් පීඩා විඳින ගැටලුවක්.

දරුණු වේදනාවන් සහ අපහසුතාවයන් ඇති කරන මේ තත්ත්වය කාන්තාවන්ට වගේම පුරුෂ පාර්ශවයටත් ඇතිවිය හැකි තත්ත්වයක්. නමුත් වැඩි වශයෙන් කාන්තා පාර්ශවය අතර මේ තත්ත්වය බහුලව දැක ගන්නට ලැබෙනවා. සමීක්ෂණයන්ට අනුව පෙන්වා දී ඇත්තේ යටි පතුල් පැලීමේ තත්ත්වය සාමාන්‍ය වැඩිහිටි පුද්ගලයන්ගෙන් 20% ට වඩා අධික ප්‍රමාණයකට ඇති බවයි.
යටි පතුල් පැලීමේ ආරම්භක අවධියේදී වේදනාවක් ගෙන නොදුන්නත් ඒ තත්ත්වය දිගින් දිගටම කාලයක් පවතින විට ලේ සැරව ගලන දරුණු තුවාල දක්වාම ඒවා දරුණු වෙනවා. ඇතැම් අයට කැසීමේ තත්ත්වයක් ද මේ සමඟ ඇතිවෙන්නට පුළුවන්. ඒ කැසීම සමඟ දද සහ වන ඇතිවීමේ හැකියාවත් තියෙනවා. ඉතින් ඒ නිසා පාද මේ තත්ත්වයෙන් ආරක්ෂා කර ගැනීමට අපි සැලකිලිමත් විය යුතුයි. අපි අද කතා කරමු යටි පතුල් පැලීමට බලපාන හේතු මොනවද කියලා.
යටි පතුල් පැලීමට බලපාන හේතු
අධික තරබාරුව
අපි හැමෝම දන්නවා අපේ ශරීරයේ බර දරා සිටින්නේ යටිපතුල්වලින් බව. ශරීරයේ බර අධික වීම විලුඹ දෙසට එල්ල කරන පීඩනය වැඩි වෙන්නට හේතුවක්. මේ තත්ත්වය නිසා යෙදෙන පීඩනයේදී විලුබ දෙපැත්තට විස්තාරණය වී වැඩි බර දරා ගන්නට බලකිරීමේ ප්‍රතිඵලයක් විදියට යටි පතුල් පැලී යන්නට පුළුවන්. ඒ නිසා තමන්ගේ උසට සරිලන බර පවත්වා ගෙනයාම සම්බන්ධයෙන් ඔබ නිරන්තරයෙන් සැලකිලිමත් විය යුතුයි. එය මේ අපහසුතාවයෙන් මිදෙන්නට විතරක් නෙවෙයි දියවැඩියාව, කොලෙස්ටරෝල්, පිළිකා ආදී බොහොමයක් රෝගවලටවලින් ආරක්ෂා වෙලා ඉන්නත් එය වැදගත් වෙනවා.

ආර්තවහරණය
ඔසප් චක්‍රය නැවතීම හෙවත් ආර්තවහරණය නිසා සමේ අපිචර්මය අසාමාන්‍ය ලෙස ඝනකමට ලක් වෙන්නට පුළුවන්. මෙය යටිපතුල්වල වගේම ශරීරයේ වෙනත් ස්ථානවලත් දකින්නට පුළුවන්. මෙහි ප්‍රතිඵලයක් විදිහට යටිපතුල් පැලීමට ලක්වෙනවා. මෙවැනි අවස්ථාවකදී වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත ප්‍රතිකාර ලබාගත යුතු වෙනවා.
බොහෝ වේලාවක් සිටගෙන සිටීම
ඔබ බොහෝ වේලාවක් සිටගෙන සිටිනවා නම් විශේෂයෙන්ම රළු මතුපිටක සිටගෙන සිටීමෙන් විලුඹ සහ යටිපතුල් සහ ප්‍රදේශය පැලීමට ලක් වෙන්න පුළුවන් .වැඩි වේලාවක් හිඳගෙන සිටීම වගේම වැඩි වේලාවක් සිටගෙන සිටීමත් අපේ ශරීරයට සුදුසු වෙන්නේ නැහැ. ඒ නිසා පැයකට වරක් හෝ ඔබේ ඉරියව් වෙනස් කර වාඩිවී පාදවලට විවේකයක් ලබා දෙන්න.
විටමින් ඌණතා
වැඩි දෙනෙක් නොදන්නවා වුණාට යටි පතුල් පැලීම සඳහා අපේ ශරීරයේ යම් යම් විටමින් ඌණතාවයන් ද බලපානවා. විශේෂයෙන්ම සමේ නිරෝගි බවට අත්‍යවශ්‍ය විටමින් සහ ඛනිජ ලවණ ඇතුළුව අනෙකුත් පෝෂක නිසි පරිදි ලැබෙන්නේ නැත්නම් ඉතා ඉක්මනින් සම රෝගී වෙන්නට වගේම ඝනකම් ස්වභාවයට පත් වෙන්නට හේතු වෙනවා. ඒ නිසා සෑම අවස්ථාවකම සමබල ආහාර වේලක් ඔබේ ශරීරයට ලබාදෙන්නට ඔබ කටයුතු කළ යුතුයි. ඒ වගේම ශරීරයට ප්‍රමාණවත් පරිදි ජලය පානයත් සම වියළි නොවී තබා ගන්නට හරිම වැදගත්. මොකද සම විජලනය වීමත් යටි පතුල් පැලීමට මූලික හේතුවක් වෙන නිසා.
නුසුදුසු පාවහන් පැළඳීම
පාවහන් තෝරාගැනීමේදී එහි අලංකාරය ගැන සිතනවාට වඩා පාදයට සුවපහසු බව සහ ආරක්ෂාව ලැබෙන ආකාරයෙන් පාවහන් තෝරා ගැනීම ඉතාම වැදගත්. විශේෂයෙන්ම පාදවල ප්‍රමාණයට නොගැළපෙන පාවහන් වගේම තුනී අඩියක් සහිත පාවහන් නිසා බොහෝවිට විළුඹ පැලීමේ තත්ත්වයන් ඇතිවෙන්නට පුළුවන්. ඒ වගේම විවෘත කොටසක් සහිත සපත්තු සහ සෙරෙප්පු භාවිතයත් විලුබ ප්‍රදේශයට දැඩි පීඩනයක් එල්ල කර විලුබ පැලීමේ තත්වයක් ඇතිකරන නිසා විලුබ ප්‍රදේශය ආවරණය වන ආකාරයෙන් සුවපහසු පාවහන් යුගලක් පැළඳීමට උත්සාහ ගන්න.
නිතරම උණු ජලයෙන් ස්නානය
නිරන්තරයෙන් උණු ජලය ස්නානය කිරීම ඔබේ සමට ඉතා අහිතකරයි. බොහෝ වේලාවක් උණු ජලයෙන් ස්නානය කරනවා නම් එයින් සමේ ඇති ස්වභාවික තෙල් ස්ථරයට හානි සිදුවීමෙන් සම මත රළු සහ වියළි බවක් ඇති වෙනවා. මේ සඳහා ඇතැම් සබන් වර්ග, body wash සහ ඩිචර්ඩන්ට් වර්ගත් හේතු වෙනවා. කොහොම නමුත් සමේ ඇති ආරක්ෂක ස්ථරයට හානි සිදුවීම නිසා සම ඉක්මනින් වියලීම සහ ඝනවීම යටිපතුල් පැලීමට ප්‍රධාන හේතුවක් .
ඇතැම් රෝග තත්ත්ව
යටිපතුල් පැලීයාම නොයෙක් රෝග තත්ත්වයන්වල ප්‍රතිඵලයක් ලෙසත් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබ දියවැඩියා රෝගයෙන් පෙළෙන අයෙක් නම්, තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත යම් ගැටලුවලින් පෙළෙන අයෙක් නම් හෝ සොරයිසිස් ආදී රෝගවලින් පෙළෙන අයෙක් නම් ඔබට මේ විළුඹ පැලීමේ තත්ත්වයන්ට මුහුණ දෙන්නට සිදු වෙනවා. ඒ නිසා විළුඹ පැලීමේ තත්ත්වයක් ඔබ අත්විඳිනවා නම් ඒ මෙවැනි රෝග තත්ත්වයන් නිසාවෙන් ද යන්න සොයාබැලීම ඔබගේ වගකීමක්.
ඒ විතරක් නෙවෙයි ඇතැම් අවස්ථාවල විවිධ සමේ රෝග තත්ත්වයන් (atopic dermatitis , juvenile , plantar dermatosis, palmoplantar keratoderma, psoriasis) හේතුවෙන් මේ වගේ යටි පතුල් පැලීයාමේ තත්ත්වයන් හඳුනා ගන්නට පුළුවන්.
දෙපා පිරිසිදුව තබා ගැනීම
අපේ ශරීරයේ පොළව සමඟ නිරන්තරයෙන්ම ස්පර්ශ වන අංගයක් වෙන්නෙ දෙපා. ඒ නිසාවෙන් යටිපතුල් ඉතා ඉක්මනින් විවිධ ආසාදනවලට ගොදුරු වීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා දිනපතාම දෙපා ඉතාමත් හොඳින් පිරිසුදු කර ගැනීම යටි පතුල් පැලීම වළක්වා ගන්නට ඉතා හොඳ පිළියමක්. නමුත් ඔබ ඔබේ දෙපා ගැන අවධානය ලබා නොදී ඒ පිළිබඳව සැලකිලිමත් නොවී සිටින අයෙක් නම් මේ ගැටලුවෙන් මිදෙන්නට ඔබට හැකියාවක් ලැබෙන එකක් නැහැ.

මේ සඳහා මද රස්නය සහිත උණු වතුරට සබන් ස්වල්පයක් එකතු කර සකස් කරගෙන එහි පාද ගිල්වා විනාඩි 20 ක් තබා ගන්න.පසුව පෙගුණු පාද ෆූට් ස්ක්‍රබර් එකක් ආධාරයෙන් ස්ක්‍රබ් කර ගන්න. මේ සඳහා ඉතා සිනිදු පාෂාණයක් වුණත් භාවිතා කරන්නට පුළුවන්. මෙයින් පාදයේ පවතින මැරුණු සෛල ඉවත් කිරීමක් සිදු වෙනවා.ඉන්පසුව හොඳ මොයිස්චරයිසර් ආලේපනයක් හෝ පිරිසිදු පොල්තෙල් ස්වල්පයක් ආලේප කරන්න.
දිගු වේලාවක් පාද ජලය තබා ගැනීම
දිලීර ආසාදන
වයස්ගතවීම
ගර්භණීභාවය
මෙහි සඳහන් කළ හේතු පිළිබඳව ඔබ සැලකිලිමත්මත් වුණොත්ත් ඔබේ දෙපා පැලීමට ලක්නොවී තබා ගන්නට ඔබට හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම දෙපාවල තෙතමනය ආරක්ෂා කර ගැනීමට දිනකට දෙවතාවක් මොයිස්චරයිසර් ක්‍රීම් එකක් ආලේප කිරීම, තද ඝනකම් සම ඉවත් කිරීම්ට පියුමික් ස්ටෝන් භාවිතා කිරීම ආදිය මගින් ඔබට ඔබේ දෙපා වඩාත් පිරිසුදුව සහ නිරෝගීව ලබා ගන්නට පුළුවන්. නමුත් කිසිම විටක තද ඝනකම් සහිත සම පිහිතල හෝ රේසර්වලින් ඉවත් කරන්නට උත්සාහ කරන්නට එපා