ආගමික චාරිත්‍රයක් ලෙසත් ඇතැම් ආගම් වල මේ උපවාස කිරීම අනුගමනය කෙරෙනවා.ඊට අමතරව,නිරාහාරව සිටීම බර අඩුකරගැනීමට බලාපොරොත්තු වන ඇතැම් අය අනුගමනය කරන ආහාර පාලන ක්‍රමයක්.මෙම ක්‍රමයේදි ආහාර පාන ගැනීම යම් කාල රාමුවකට පමණක් සීමාවෙයි. උදාහරණයක් ලෙස දවසේ පැය 8ක් පමණ ආහාර පාන ගැනීමට වෙන් කරගෙන ඉතිරි පැය 16ම නිරාහාරව ගත කිරීමට උත්සහ කළ හැකියි. අහිතකර ආහාර වෙනුවට එළවළු, පලතුරු, හිතකර මේද මාලු, පලා,ධාන්‍ය, ඇට වර්ග වැනි සෞඛ්‍යාරක්ෂිත ආහාර වර්ග තෝරාගැනීම ද මෙහිදි ඉතා වැදගත්.
අධ්‍යයන මඟින් පෙන්වාදෙන ආකාරයට අනුව ‘ෆාස්ටිං’ (fasting) එහෙමත් නැත්නම් නිරාහාරව සිටීම (උපවාස කිරීම) හරහා සිරුරට ලැබෙන ප්‍රතිලාභ මොනවාද කියලයි අද අප කතාකරන්නේ.

සමට හිතකර ප්‍රතිලාභ හිමිවෙයි නිරාහාරව සිටීමේදී සිරුරේ විෂහරණ ක්‍රියාවලිය වේගවත් වෙයි.අනවශ්‍ය ලෙස කැලරි ශරීරගත වීම වළකියි.එහි ප්‍රතිඵලයක් ලෙස සිරුරේ කොලෙස්ටරෝල් හා ට්‍රයිග්ලිසරයිඩ වැනි ලිපිඩ මට්ටම් අඩුවෙයි.එක්සිමා දද වැනි ප්‍රදාහක රෝග වලින් පෙළෙන අයට මෙම ක්‍රමයෙන් හොඳ ප්‍රතිඵල ලැබෙයි.එමෙන්ම සමේ පිළිකා වර්ධනය වීමේ අවදානම ද අඩු විය හැකියි.විශේෂයෙන්ම සිරුරට අහිතකර ක්ෂණික හා කෘතිම ආහාර පාන වර්ග ශරීරගත වීම අඩුවීම මීට බොහෝසෙයින්ම හේතුවෙයි. කුරුලෑ වැනි ගැටලු මතුවීම බොහෝදුරට පාලනය වෙයි.
ප්‍රදාහයට එරෙහිව ක්‍රියා කරයි.ප්‍රදාහය යනු සිරුරට වන අනතුරකදී හෝ ආසාදනයකදී සිරුරේ ස්වභවිකව ඇතිවන ප්‍රතික්‍රියාවක්.එම ස්ථානය ඉදිමීම, වේදනාව ඇතිවීම, රතුවීම ,උණුසුම් වීම වැනි ලක්ෂණ මතුකරන්නේ ප්‍රදාහය මඟිනි.එක් අතකට සිරුර ප්‍රකෘතිමත් වීමට සුවවීමට මෙම ක්‍රියාවලිය ඉතා වැදගත් වෙයි.කෙටිකාලීන ප්‍රදාහය අත්‍යවශ්‍ය වුවත් එම තත්වය දිගුකාලීනව පැවතීන (නිදන්ගත වීම) බරපතල රෝග ගණනාවකටම හේතුවිය හැකියි.
එක්සිමා වැනි දද රෝග වලට ද මූලික වන්නේ ප්‍රදාහයයි. ඊට අමතරව හෘද රෝග, සන්ධි හා අස්ථි රෝග (ආතරයිටිස් වැනි) හා පිළිකා වැනි රෝග වලට ද මේ තත්වය මූලික විය හැකියි.වරින් වර නිරාහාරව සිටීමේ (intermittent fasting) ක්‍රමය මාසයක් පමණ අනුගමනය කිරීමෙන් ප්‍රදාහය ආශ්‍රිත ලක්ෂණ පැහැදිලි ලෙස අඩුවී යාමක් නිරීක්ෂණය කළ හැකි බව ඇතැම් අධ්‍යයන මඟින් පෙන්වාදී තිබෙයි.
රුධිර සීනි මට්ටම් නියාමනයට සහය වෙයි රුධිර සීනි මට්ටම් නීරෝගී විමේදි සිරුරේ ඉන්සියුලින් ප්‍රතිරෝධය ද අඩුවෙයි.දියවැඩියා රෝගීන් ඇසුරෙන් කළ අධ්‍යයනයකදී කෙටි කාලීනව වරින් වර නිරාහාරව සිටීමෙන් එම රෝගීන්ගේ රුධිර සීනි මට්ටම් පහත බැසීමක් නිරීක්ෂණය කළ හැකි වූ බව පර්යේෂකයින් පෙන්වාදී තිබෙයි.දෛනිකව ලබාගන්නා කැලරි ප්‍රමාණය සීමා වීම ඉන්සියුලින් ප්‍රතිරෝධය අඩුවීම කෙරෙහි හිතකරව බලපායි.දවසක් හැර දවසක් නිරාහාරව සිටීම ද තවත් හොඳ උපවාස ක්‍රමයක්.
මොළයේ ක්‍රියාකාරීත්වය වැඩිකරයි නිරාහාරව සිටීමෙන් මොළයට හිතකර බලපෑම් කිහිපයක්ම ලැබෙන බව අධ්‍යයන පෙන්වාදෙයි.කෙසේවෙතත් මේවා තවමත් පර්යේෂණ මට්ටමේ පවතින ඒවා බවත් මතක් කළ යුතුයි.හානිකර ද්‍රව්‍ය අඩංගු ආහාර පාන පරිභෝජනය සීමා වීමත් සමඟ සිරුරේ නීරෝගි සෛල නිෂ්පාදනය ප්‍රවර්ධනය වෙයි.එම ස්නායු සෛල මඟින් ඔබේ මොළයේ ක්‍රියාකාරීත්වයන් වැඩිදියුණු කරවනු ලබයි.
වියපත් වීම පාලනය කරයි.ආහාර ගැනීම යම් පාලනයකට ලක්කළත් නීරෝගි ආහාර පාන පරිභෝජනය කරනතාක් සම හා සිරුර වියපත් වීම මන්දගාමී කරගත හැකියි. ඊට හේතුව ඒවායේ ඇති විටමින්, ඛනිජ ලවණ, ප්‍රෝටීන්,තන්තු ඇතුළු හිතකර පෝෂක අන්තර්ගතය නිසයි.සීනි හා මේද අධික ආහාර පාන සීමා වීම සමේ මෙන්ම සිරුරේ නීරෝගිබව වැඩිකරවයි.නිරාහාරව සිටීම ප්‍රදාහයට පරදන ක්‍රියාකාරීත්වයක් ඇතිකරන නිසා රෝගාබාධ මතුවීමේ අවදානම් අවම වෙයි. මින් සමට ද සිරුරට ද හොඳ රැකවරණයක් ලැබෙයි.
කීමෝතෙරපි (chemotherapy) වැනි ප්‍රතිකාර වලට සහය ලබාදෙයි මෙය පිළිකා වලට ප්‍රතිකාර කිරීමේදි භාවිත වන ක්‍රමයකි.නිරාහාරව සිටීම මඟින් පිළිකා වර්ධනය වීමේ අවදානම යම් දුරකට අඩුවන බව ඇතැම් අධ්‍යයන මඟින් පෙන්වාදෙයි.දිනක් හැර දිනක් නිරාහාරව සිටීම පිළිකා ගැටිති වැනි තත්වයන් වර්ධනය වීම අඩුකරවන බව ද ඇතැම් අධ්‍යයන පෙන්වාදී තිබෙයි.ආහාර පාන වලින් වස විස ද්‍රව්‍ය නැත්නම් හානිකර අංශු ශරීරයට ඇතුළු වීම පාලනය වෙන නිසා පිළිකා සෛල පැතිරීම ද වැළකී යයි.නිරාහාරව සිටීම කීමොතෙරපි ඖෂධ වල ප්‍රතිඵල සහගත බව වැඩිකරයි.

බර අඩුකරගැනීමට සහය වෙයි බොහෝ දෙනෙක් නිරාහාරව සිටීමෙන් බලාපොරොත්තු වන්නේ මේ දෙයයි. බර රාත්තල් කිහිපයකින් අඩුකරගැනීමට මේ ක්‍රමය ප්‍රයෝජනවත් විය හැකි බව අධ්‍යයන පෙන්වාදෙයි.මිනිස් වර්ධක හෝර්මෝන (HGH) මට්ටම් සිරුරේ වර්ධනය,පරිවෘත්තිය, පේශි හා අස්ථි වල නීරෝගිබව සහ ශරීර බර නියාමනයේදි මූලික වන දෙයකි.බර අඩුකරගැනීමට නම් මෙම හෝර්මෝන මට්ටම් කෙරෙහි අවධානය ලබාදිය යුතුවෙයි.නිරාහාරව සිටීමේදි එම මට්ටම් ඉහළ යයි.මෙය බර අඩුවීමට දායක වෙයි.ආහාරයට ගන්නා දේවල් වගේම ප්‍රමාණයන් ගැන ද සැලකිලිමත් වන්න.
රුධිර පීඩන මට්ටම් නීරෝගි කරයි ලෝකයේ සිදුවන මරණ වලට බහුලවම හේතුවන සාධකයක් ලෙස හෘද රෝග හඳුන්වයි.අධ්‍යයන මඟින් පෙන්වාදෙන ආකාරයට අනුව දිනක් හැර දිනක් නිරාහාරව සිටීමේ ක්‍රමය සති 8ක් පමණ අනුගමනය කිරීමෙන් පුද්ගලයාගේ සිරුරේ නරක කොලෙස්ටරෝල් මට්ටම් 25%කින් හා ට්‍රයිග්ලිසරයිඩ වැනි ලිපිඩ මට්ටම් 32%කින් පමණ අඩුකිරිමට සමත්වන බවයි.
මේද,සීනි හා ලුණු බහුල ආහාර පාන පරිභෝජනය සීමා වීම මෙම ආහාර පාලන ක්‍රමයෙන් ලැබෙන තවත් වාසියකි. එම නිසා හෘදයාබාධ,ආඝාතය (අංශබාගය),කිරීටක ධමනි රෝග වැනි හෘද ගැටලු අවදානම් ඉහළ යාම ද අවම වෙයි.මේදමය ද්‍රව්‍ය තැන්පත් වී රුධිර නාළ පටු වීම ද බොහෝ දුරට වැළැක්වෙයි.
.