උදේ කිරි විදුරුවක් බොනවට වඩා ඈනුමක් යැවීමෙන් අවුරුදු 100 වඩා නිරෝගීව ඉන්න ලැබෙන හේතු 5 ක්

health tips

අලාර්ම් ඔර්ලෝසුවක් මගින් උදෑසන අවදි වීමට සංඥා කෙරුණත්, එයින් ඔබේ සිරුර අවදි වන්නේ නැහැ. එය සිදුවන්නේ ඇඟමැලි කැඩීම සහ ඈනුම් යැවීම මගිනුයි. එය බොහෝ විට අපේ අවධානය යොමු වන්නේත් නැති පුරුද්දට මෙන් නිතැනින්ම කෙරෙන ක්‍රියාවක් වුනත් එයින් ඔබ අවදි කරවනවාට වඩා වෙනත් බොහෝ දේවල් කෙරෙනවා.ඒ නිසා ඇඟ මැලි කැඩීම /හිරි ඇරීම සහ ඈනුම් යැවීම යන ක්‍රියාවන් දෙකේ සුසංයෝජනයෙන් අපට ඇති වෙනත් ප්‍රයෝජන ගැනයි මේ ලිපියෙන් අපි ඔබට කියන්නේ.

  1. මාංශපේශී නැවත සංවිධානය කිරීම.

අප නිදන විට මාංශ පේශීන් වල ස්වභාවය වෙනස්වන අතර ගුරුත්වාකර්ෂණය විසින් සිරුරේ දියර පිට දිගේ එක තැනකට එකතු කිරීම සිදුවෙනවා. ඔබ ඇඟ මැලි කඩමින් ඇදෙන විට එම දියර නැවතත් නියමිත ස්ථානයට පැමිණෙන පරිදි ඒවා සම්බාහනය කෙරෙනවා. නමුත් අපේ ස්නායු සංවේදන එහි සීමාවට පැමිණි විට මාංශ පේශීන් ආරක්ෂා කිරීමට ඒවා අධිකව ඇදීමෙන් අපව වළක්වාලනවා. මීට අමතරව ඇදීමේදී මාංශ පේශීන් ඒවායේ විවේක ස්ථානයෙන් ඉහිල් වී නියමිත ස්ථානයට පැමිණ ක්‍රියාත්මක වීම අරඹනවා. මේ ක්‍රියාවලිය, ඇඳෙන් බැස ඔබට ක්‍රියාශීලී වීමට අවශ්‍ය චලනයන් ගණනය කර ගැනීමට උපකාරී වෙනවා.

  1. ආතතිය අවම කිරීම.

අප ඇදෙමින් ඇඟමැලි කැඩීම සහ ඈනුම් යැවීම එකම අවස්ථාවේ සිදු කරන විට රුධිර ප්‍රවාහය උත්තේජනය කෙරෙන නිසා නිතැනින්ම ආතතිය අවම වෙනවා. එසේ වන්නේ අපේ හෘද ස්පන්දන වේගය, ජීර්ණය සහ අන්තරාසර්ග ක්‍රියාවන්ට වග කියන අපේ ස්නායු පද්ධතියේ කොටස ඒ සමග එක්වරම ක්‍රියාත්මක වීම ඇරඹෙන නිසයි.

  1. සිරුරේ තද බව හා දරදඬු බව දුරුකර ගැනීමට .

නිදන විට එකම ඉරියව්වෙන් බොහෝ වේලා ගත කිරීම නිසා මෙලෙස සිරුරේ දරදඬු බවක් ඇති වෙනවා. අවදි වීමෙන් පසු ඇඟමැලි කඩන විට මාංශ පේෂි හා සන්ධි ක්‍රියාත්මක වෙනවා. එය සංකීර්ණ ක්‍රියාවක් නොවුණත් එම අවස්ථාවේදී එය විශාල චලන පරාසයක් පවත්වා ගැනීමට අපට උපකාරී වෙනවා. මෙය ඇඳෙන් බැස අවදිවීමට වේලාව බව එමගින් ඔබේ මොළයට සංඥා කෙරෙනවා.

  1. එමගින් ප්‍රබල සංඥා මාංශපේශීන් වෙත යැවීමට මොළයට උපකාරී වෙනවා.

මොළය සහ මාංශ පේශීන් අතර සම්බන්ධය ප්‍රතිස්ථාපනය කිරීමට ඇඟමැලි කැඩීම උපකාරී වෙනවා. එයින් අදහස් වන්නේ අප ඇදෙන විට මොලය විසින් මාංශපේශීන් වෙත ප්‍රබල සංඥා යවන බවයි. ඉන්පසු ලැබෙන පිළිතුර මගින් විවිධ ක්‍රියාවන් සිදු කිරීම සඳහා යැවිය යුතු සංඥාවන් කෙතරම් ප්‍රබල විය යුතුදැයි මොළයට දැනුම් දෙනවා.

5.ඈනුම් ඔබව අවදිව තබනවා.

ඈනුම් යැවීම මොළය සිසිල් කරන අතර එමගින් අපට අවදි වී සිටීමට උපකාර කෙරෙනවා. අලස අවස්ථාවක අවධානය වැඩි කරගෙන අපගේ කාර්යය දිගටම කරගෙන යාම සඳහාත් ඈනුම් යැවීම අප සිදු කරනවා.තවත් අතකින් ‘ඇදීම’ අපට මෘදුකාංග අලුත් කිරීමක් වශයෙනුත් දැකිය හැකියි. ඒ, එයින් අපගේ ස්නායු පද්ධතිය උත්තේජනය කෙරෙන නිසා සහ අපව දවස පුරා අවධිව සහ අවධානයෙන් පවත්වා ගැනීමට උපකාරී වන ක්‍රියාවන් වල වේගය වැඩි කිරීමත් සිදු වන නිසයි. ඊට අමතරව එයින් අපේ හෘද ස්පන්දනයත්,රුධිර සංසරණයත් ප්‍රබල ලෙස වැඩි කරනවා.